SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

05 වන ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ (ජුලි 21) සමත් විය.

ඒ ගෝල් මාර්වල්ස් කණ්ඩායම කඩුලු 09 කින් පරාජය කරමිනි.

 

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහ තරගය නැරඹීම සඳහා 27,000 කට අධික ප්‍රේක්ෂකයින් පිරිසක් එක්ව ඇත.

 

මෙවර තරගාවලියේදී වැඩිම අවධානයක් හිමිවූ නවක ක්‍රීඩකයා වුයේ චමිදු වික්‍රමසිංහ යි.

21ක් හැවිරිදි වියේ පසුවන චමිදු වික්‍රමසිංහ LPL තරගාවලියේ දී තරග 8 කදී අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 186ක් ලබා ගත් අතර ඔහු කඩුලු 07ක්ද දවා ගැනීමට සමත් විය.

 

දඹුල්ල කණ්ඩායමේ නායක මොහොමඩ් නබි ද ඉකුත් දා පැවති මාධ්‍ය හමුවකදී චමිදු වික්‍රමසිංහ පිළිබඳ අදහස් දැක්විය.

 

"ඔහු ශ්‍රී ලාංකිකයෙක් කියලා කිව්වට පෙනුමෙන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙක් වගේ."

"ඔහු තරුණ ක්‍රීඩකයෙක් දක්ෂතා වලින් පිරුණු. ඔහු අවස්ථා දෙකකදී කණ්ඩායම වෙනුවෙන් හොද ලකුණු සංඛ්‍යාවක් ගෙනෙන්න කටයුතු කළා. ඔහු අනාගතයේ දී ශ්‍රී ලංකාවේ මීළඟ බලාපොරොත්තුව වෙයි." ඔහු පැවසීය.

 

තරගයේ පළමු ඉනිම අවසන් වීමෙන් පසු පැවති විවේක කාලයේදී ඩ්‍රෝන 500ක් යොදා ගනිමින් විශේෂ ඩ්‍රෝන සංදර්ශනයක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි