SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ජූලි 19 වන දා සිට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

මෙම තරගාවලිය නැරඹීම සඳහා ප්‍රෙක්ෂකයන්ට නොමිලේ අවස්ථාව සළසා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන ඇති බව වාර්තා වේ.


ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නේපාලය, මැලේසියාව සහ තායිලන්තය තරග වඳින මෙම තරගාවලියේ මූලික තරග කාණ්ඩ දෙකකට බෙදා පැවත්වේ.එහිදී ඉන්දියාව, පාකිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නේපාලය ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින අතර බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, මැලේසියාව,සහ තායිලන්තය ‘බී’ කාණ්ඩයෙන් තරග වදිනු ඇත.

 

asian W match

තරගාවලියේ ආරම්භක තරගයේ දී ජූලි 19 වන දා එක්සත් අරාබි එමීර් රාජ්‍යය නේපාලය සමඟ පස්වරු 2 ට තරග වදින අතර ඉන්දියාව පාකිස්තානය සමඟ පස්වරු 7 ට තරග වදියි.ශ්‍රී ලංකාවේ පළමු තරගය පැවත්වෙන්නේ ජූලි 20 වන දා බංගලාදේශයට එරෙහිව බව නිකුත් කර ඇති තරඟ කාල සහටහනෙහි සඳහන්.

 

W cup
තරගාවලියේ අධ්‍යක්ෂවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න නම් කර ඇති අතර ඔහු මාධ්‍ය දැනුවත් කරමින් පැවසුවේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සහය ඇතිව මෙම තරඟාවලිය ඉතා ඉහළින් පැවැත්වීමට සැලසුම් කර ඇති බවය.

 

ජාත්‍යන්තර ක්‍රිකට් වේදිකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි ගමනව මෙම තරඟාවලියේ සාර්ථක ප්‍රතිඵලය උපකාරී වනු ඇති බව ද රවීන් වික්‍රමරත්න කියයි.

 

තරඟාවලියේ සියලුම තරඟ ජාත්‍යන්තර වේදිකා හරහා සජීවීව විකාශය කිරීමට කටයුුතු යොදා ඇති අතර ලංකාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජය පතන ප්‍රේක්ෂකයින්ට මහඟු අවස්ථාවක් උදා වී ඇත.

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි