SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඊයේ (29) පැවති ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව

ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි ප්‍රකාශ කළේය.

 

koli sharma 1

 

 

විරාත් කෝලි 20යි 20 ජාත්‍යන්තර වරම් හිමි කරගත්තේ 2010 වසරේද ජුනි 12 සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති තරගයකදීය.

 

කෝලි 20යි 20 ජාත්‍යන්තර තරග 125කට මුහුණ දී ඇති අතර එම තරගවලදී රැස්කළ මුළු ලකුණු සංඛ්‍යාව 4,188කි.

එක් ශතකයක් සහ අර්ධ ශතක 38ක් ඊට ඇතුළත් ය. 

35 හැවිරිදි කෝලි විසින් 20යි 20 ජාත්‍යන්තර තරගයකදී රැස්කර ඇති වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස වාර්තා වෙන්නේ 122කි.

ඊයේ පැවති ලෝක කුසලාන 20යි 20 අවසන් මහා තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමටද විරාත් කෝලි සමත්විය.

 

koi 2

 

ඊයේ අවසන්වූ  20යි 20 ලෝක කුසලාන තරගාවලියේ මුල් තරගවලදී කෝලී අසාර්ථක වුවද අවසන් තරගයේදී ලකුණු 76ක් රැස් කරමින් අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වූයේ  ඉන්දීය ඉනිම ඔසවා තබමිනි.

 

මේ අතර ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා ඊයේ අවසන් තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී තමන් ද  20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව නිවේදනය කළේය.

 

koli shar 2

 

37 හැවිරිදි රෝහිත් ෂර්මා 20යි 20 ජාත්‍යන්තර වරම් හිමිකර ගත්තේ 2007 වසරේ සැප්තැම්බර් 19 වනදා එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති තරගයකදීය.

එතැන් සිටි මේ දක්වා ෂර්මා මුහුණ දුන් 20යි 20 ජාත්‍යන්තර තරග 159ට රැස්කළ ඇති මුළු ලකුණු ප්‍රමාණය 4,231කි.

ෂර්මා විසින් ශතක 05ක් රැස්කර  ඇති අතර අර්ධ ශතක 32ක් රැසක් කර තිබේ.

20යි 20 ජාත්‍යන්තර තරගයකදී ෂර්මා විසින් වාර්තා කර ඇති හොඳම ලකුණු ප්‍රමාණය වන්නේ 121කි.

 

 

nalan mendis

නවතම ලිපි