SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර තරගය

ලකුණු 8කින් ජයගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 115ක් රැස්කළේය.

බංග්ලාදේශ කණ්ඩායම පන්දුවට පහරදෙන අවස්ථාවේ විටින් විට වර්ෂාවෙන් තරගයට බාධා ඇති වුණි.

ඒ අනුව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පන්වාර 19යක දී බංග්ලාදේශ කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 114කි.

ලකුණු 114ක ඉලක්කයක් හඹා යෑම ඇරඹු බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරුවන්ට නියමිත පන්දු ඕවර 19 අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 105ක් පමණි.

ඒ අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් විය.