SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කාලය මැනීමේ දී අපි භාවිතා කරන ඒකක ඒ ආකාරයෙන් යොදාගන්න හේතු තියෙනවා.

අවුරුද්දක් කියන්නේ ආසන්න වශයෙන් පෘතුවිය සූර්යයා වටා ගමන් කරන්න ගත වන කාලය. මාසයක් කියන්නේ ආසන්න වශයෙන් අපිට චන්ද්‍රයාගේ සම්පූර්ණ මුහුණතක් පෙනෙන්න ගතවන කාලය. දවසක් කියන්නේ ආසන්න වශයෙන් පෘතුවිය තමන්ගේ අක්ෂය වටා එක් වටයක් කරකැවීමට ගත වන කාලය.

නමුත් අපි සතියට දින හතක් කියන්නේ ඇයි? ඒකට විශේෂ හේතුවක් තියෙනවා ද? දවස් හයක් හෝ අටක් හෝ නොගෙන දවස් හතක් ම සතියට අරගත්තේ ඇයි? ඇරත් ලෝකයේ බොහෝ ශිෂ්ටාචාර වල සතිය මැනීමේ දී භාවිතා කළේ දවස් හතක්. මේ සතියට දවස් හත ආවේ කොහොම ද? අද අපි හොයලා බලමු ඒ ගැන.

 

week 2

 

අවුරුද්දක තියෙන දවස් 365 හරියට ම හතෙන් බෙදෙන්නේ නැහැ. දශම ගණන් දිගට දිගට ඇදීගෙන යනවා. මාසයක දින තිහත් අවුරුද්දේ මාස දොළහත් හතෙන් බෙදෙන්නේ නැහැ. මේ නිසා සතියට දින හත අවුරුදු මාස ඔස්සේ ගත් අංකයක් කියලා සිතන්න අපහසුයි.

හත යන ඉලක්කම ලෝකයේ දුරාතීතයේ පටන් මිනිසුන්ගේ සාහිත්‍යයන් තුල තිබුනා. අද අපිට ඒවා සාහිත්‍යයන් වුනාට ඒවා ඇත්ත කියලා හිතපු කාලයකුත් තිබුනා. බයිබලයේ තියෙනවා දවස් හතෙන් ලෝකය මැවීමේ සිද්ධියක්. ලෝකයේ පළමු ශිෂ්ටාචාරය වන මෙසපොතේමියාවේත් දවස් හතෙන් ලෝකය මැවීමේ සිදුවීමක් සඳහන් වෙනවා. මරණීය පාප හතක්, සත්ගුණවත් ගුණාංග හතක්, සමුරායිවරු හත් දෙනෙක්, චීන සාහිත්‍යයේ එන වාසනාවන්ත දෙවිවරු හත් දෙනෙක් සහ මර්කියුරි හත ව්‍යාපෘති යනා දී වශයෙන් හත මිනිසුන්ට විශේෂ වුනා.

 

week 5

 

මර්කියුරි හත ව්‍යාපෘතිය නාසා ආයතනයෙන් පටන් ගත්තේ මිනිසුන් යොදාගෙන කරනු ලබන පලමු අභ්‍යවකාශයානා අභ්‍යවකාශගත කිරීම උදෙසා. මේ ව්‍යාපෘතිය තුල යානා හතක් අභ්‍යවකාශගත කරනවා. හැම යානයක ම නම අවසන් වෙන්නේ හත ඉල්ලක්කමෙන්. මේ ව්‍යාපෘතියට පලමුව තෝරා ගත්තෙත් හත් දෙනෙක්. මර්කියුරි ව්‍යාපෘතියේ සාර්ථක ප්‍රථිපල නිසයි මිනිසුන්ට හඳ මත පා තබන්න හැකියාව ලැබුනේ. නාසා ආයතනය හඳ මත පා තබන්න ඇපලෝ ව්‍යාපෘති හතක් දියත් කරනවා.

 

week 4

ඈත අතීතයේ ඉඳන් ම මිනිස්සු කාලය මැන්නේ අහසේ තියෙන ග්‍රහවස්තූන්ගේ චලනයක් බලලා. මේ ජනයා හඳුනාගත් ග්‍රහවස්තු හතක් තිබුනා. හඳ, බුද, සිකුරු, අඟහරු, සෙනසුරු, බ්‍රහස්පති සහ සූර්යයා. මුල් කාලයේ මිනිස්සු හිතුවේ පෘතුවිය මධ්‍යයේ තියලා අනෙක් ග්‍රහවස්තු පෘතුවිය වටේ යනවා කියලයි. මේකට අපිට ඒ කාලයේ මිනිස්සුන්ට වරදක් කියන්නත් බැහැ. මොකද ඒ අය නිගමන වලට එලබුනේ තම තමන්ගේ දැනුම් තේරුමේ හැටියට දකින නිරීක්ෂණ මත. ඒකත් හරියට වසර දහස් ගණනකට පෙර මෙසපොතේමියාවේ මිනිස්සු තමන් දැනගෙන හිටපු ප්‍රදේශ බොහොමයක් යට වෙන්න ගංවතුර දාපු නිසා ලෝකය ම යට වුනු මහා ජල ගැල්මක් ඇති වුනා කිව්වා හා සමාන යි. මේ වගේ මිනිස්සු දැක්කා පෘතුවිය වටේ ග්‍රහවස්තු හතක් චලනය වෙනවා. මේ ග්‍රහවස්තු කාලය මැනීමට උචිතයි කියලා හිතාගෙන ඒවා භාවිතයට අරගත්තා.

 

week 3

 

ආසියාව, යුරෝපය සහ අප්‍රිකාව වගේ ප්‍රදේශවල පැතිරිලා තිබුනු ශිෂ්ටාචාරවල මිනිස්සු විශ්වාස කරා එක් එක් ග්‍රහවස්තුවකට හිමිකම් කියූ දෙවි කෙනෙක් සිටිනවා කියලා. ක්‍රි.පූ. තුන්වෙනි සියවසේ දී ග්‍රීක ජෝතීර්වේදීන් කිව්වා ග්‍රහවස්තු හතට අරක්ගත් දෙවිවරු හත් දෙනාට පෘතුවිය එක් වරකට පාලනය කරන්න පුලුවන් පැයක කාලයක ට විතරයි කියලා. මේ නිසා සෙනසුරු ග්‍රහයා පැයක් පාලනය කරලා ඊළඟ පැය සූර්යයා පාලනය කරනවා. ඊට පස්සේ සඳු පාලනය කරනවා. ඔහොම පැය විසි හතරක් ගිය තැන ඊළඟ දවස පටන් ගන්නේ කලින් දවසේ පටන් ගත්ත ග්‍රහ වස්තුවෙන් (සෙනසුරු ග්‍රහයාගෙන්) නෙමේ. නැවත සෙනසුරු ග්‍රහයා දවසේ මුල් පැයට පැමිණෙන්නේ අටවෙනි දිනයේ. මේකට තමා සතිය කිව්වේ !

ඒ වගේ ම හැම දවසක ම මුල් පැය පාලනය කරන ග්‍රහවස්තුවේ නමින් එම දිනය නම් කරා. සෙනසුරු පාලනය කල දින සෙනසුරාදා, හිරු (ඉර) පාලනය කල දින ඉරිදා සහ සඳු පාලනය කල දිනය සඳුදා යනා දී වශයෙන්. සමහර ග්‍රහවස්තු වල නම් වලට කාලයත් සමඟ ලතින් භාෂාවෙන් වදන් භාවිතා වුනා. ඒ අනුව යි වර්තමාන සතියේ ඉංග්‍රීසි නම් හැදුනේ.

යුරෝපයේ ක්‍රිස්තියානි ආගම පැතිරෙනවාත් එක්ක ඉරිදා දවස සබත් දවස කියලා ඔවුන් නම් කරා විතරක් නෙමේ වැඩ කරන පලමු දවස විදිහට සඳුදා තෝරාගත්තා.

 

week 6 නියැන්ඩර්තාල් මානවයා

නියැන්ඩර්තාල් මානවයා

ලෝකයේ සෑම ශිෂ්ටාචාරයක ම පාහේ සතියේ දින නම් කරන්න මේ ක්‍රමය භාවිතා කරලා තියෙනවා. එකිනෙකට මුණ නොගැසුනු ශිෂ්ටාචාර පවා. බොහෝ ශිෂ්ටාචාර සතියේ දින ග්‍රහවස්තූන්ට අදාළ දෙවිවරුන් භාවිතා කරලා නිමවාගත්තත් එයින් එපිට ට ගිහින් දින හතකින් සතියක් නිර්මාණය කල කොට්ඨාසයක් ඉන්නවා. ඒ තමා හෙබ්‍රෙව් ජනයා. අද දකින්න ලැබෙන ජුදෙව් වරුන්ගේ ආදිතමයෝ.

 

මානව පරිනාමය

මානව පරිණාමය

මොවුන් සතියට දින හත යොදාගත්තේ තමන්ගේ ආගමික ග්‍රන්ථ වූ ටෝරාවේ සඳහන් දින හතේ මැවීමක් ගැන සඳහන් වන නිසා. ඒ ක්‍රි.පූ. පස්වන සියවස වගේ කාලයක දී. ග්‍රීකවරු ග්‍රහවස්තු ඔස්සේ සතියේ දින හත හදන්නත් කලින්. මම කලිනුත් කිව්වා වගේ මේ දින හතේ මැවීම එන්නේ ලෝකයේ පලමු ශිෂ්ටාචාරයෙන්. අතිශය පැරණි සංකල්පයක් මේක. මොවුන් දින හත නම් කලේ පලමු දිනය, දෙවන දිනය හා තෙවන දිනය යනා දී වශයෙන්. හත්වන දිනය ඔවුන් නම් කාඅ සබත් දිනය කියලා. වර්තමාන සබත් වචනයේ මූලය එන්නේ ශබාට්ටූ යන මෙසපොතේමියානුවන්ගේ උත්සවයෙන්. ඒ උත්සවයෙන් ඔවුන් සැමරුවේ පූර්ණ චන්ද්‍රයා පෙනීම නිමිත්තෙන් !

 

නියැන්ඩර්තාල්

 

අපි අද මේ දකින චන්ද්‍රයා ම තමා ජේසුස්වහන්සේ බුදුන්වහන්සේ වගේ ම නියැන්ඩර්තාල් මානවයා හෝමෝ ඉරෙක්ටස් මානවයා පවා දැකලා තියෙන්නේ. දවස ගානේ පෙනිලා නැවතත් නොපෙනිලා යන මේ මහා වස්තුවේ හැඩය දවසින් දවස වෙනස් වෙලා නැවත මුල් පිහිටීමට එනවා කියලා වසර දහස් ගණනක ඉඳන් මිනිස්සු ඇස් දෙකෙන් ම දැක්කා. මේ නිසයි කාලය මැනීමේ පැරණිතම උපකරණය විදිහට චන්ද්‍රයා භාවිතා කළේ.

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි