SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Restorative Justice කියලා සංකල්පයක් තියෙනවා දියුණු රටවල අපරාධ නඩු සම්බන්ධයෙන්.

මේවා සුළු අපරාධ හා තරුණයන් හා යෞවනයන් විසින් කරන ලද අපරාධ වලට ආදාළ වෙන ක්‍රියාදාමයක්. සිදුවෙන්නේ අපරාධ නඩු විභාගය සිදුවන අතර Victim -offender ඍජුව හමුවී වරද කල කෙනාට හා වින්දිතයාට අදහස් හුවමාරු කරගැනීමට හැකි වීම තමයි මෙයින් සිද්ධ වෙන්නේ.

 

 

මේ ක්‍රියාදාමය අනිවාර්යයෙන්ම සුළු අපරාධ හා යෞවනයන් සම්බන්ධ වන අපරාධ සම්බන්ධයෙන් සිදුකරණ අධිකරණ පද්ධතිය ඇති රටවල් තමයි ජර්මනිය, ඔස්ට්‍රියාව හා ස්විස්ටර්ලන්තය හා නවසී ලන්තය. ප්‍රංශය හා එක්සත් රාජධානිය වගේම කැනඩාව එකසත ජනපදයේ ඇතැම් ප්‍රාන්ත මේ Restorative justuce කියන සංකල්පය ඉහත රටවල් තරම් නැති වුනත් යම්තාක් දුරකට භාවිතා කරනවා.

 

 

වරද කල කෙනාට වගකීම ගැනීම හා වින්දිතයාට තමන්ට ඇති වූ හැඟීම් ගැන අදහස් දැක්වීමට හැකි වීම. මෙය සුවපත් වීමක් න්‍යායෙන් සිද්ධ වුණත් වැරදි කරුවන්ට සම්පුර්ණ දඬුවම් නොමැතිව යම්තාක් අවම දඬුවමකට ලැබීමට හා නිවැරදි වී සමාජගත වීමට නැවත අවස්ථාවක් ලබා දීමේ අරමුණින් කරන දෙයක් හා වින්දිතයා ගේ විඳවීම මානසික සුවපත් කිරීම මෙන්ම අපරාධ කරුට සවන් දීමකුත් මෙයින් සිදුවෙනවා.

 

 

මෙය ලංකා නීතියේ තබා සමාජයේ වත් භාවිතා වෙන්නේ නැහැ. සමථ මණ්ඩල සංකල්පය නෙවෙයි මේ ක්‍රියාදාමය. ඒ ක්‍රියාදාමය තුල වෘත්තීය වෛද්‍යවරුන්, මනෝ වෛද්‍යවරුන්, හා දිගුකාලීන ව අධිකරණ සමාජ සේවකයන් චුදිතයා හා වින්දිතයා සමග රාජකාරිමය වශයෙන් බැඳෙනවා.

 

(ඇත්තටම මට ලැබුනේ පළමුව බන්ධනගාර සමාජ සේවක තනතුරක් පළමුව. පවුලේ අය මම ඒ රැකියාව භාරගන්නවට කැමති වුණේ නැහැ. මොකද රැකියාව ලැබුණු සිරගෙය ජර්මනියේ දරුණුම අපරාධ කරුවන් රඳවා තබන සිරගෙය නිසා. අද නම් පොඩ්ඩක් දුක් වෙනවා ඒ තනතුර භාර නොගැනීම ගැන)

 

 

ලංකාවේ බොහෝ අපරාධ කරුවන් ගැන ගැඹුරින් අධ්‍යනයේදී ලංකාවේ සමාජීය හා නෛතික වගේම ආර්ථික පරිසරය තමයි සුළු වැරදි කරන අපරාධ කාරයන් මහා අපරාධ කාරයන් හා පාතාල නායකයන් බවට පත් කරන්නේ..සමාජය පුරාම අපරාධ සාමාන්‍ය වෙන්නත් අපේ රටේ මේක හේතුවක්. මේ නිසා තමයි සමාජ විද්‍යාත්මක විසඳුමක් ඕන වෙන්නේ.

 

 

කොහොම නමුත් මට මේ සටහන ලියන්න හිතුණේ ඊයේ රාත්‍රීයේ වෛද්‍යවරිය ගැන ලියපු පෝස්ටුවට සමීප මිතුරියකගෙන් ලැබුණු සටහනක් නිසා. සටහනේ අභ්‍යන්තරය ගැන මම ලියන්න කැමති නැහැ. නින්ද නොඑන රාත්‍රියක් ඒ සටහන මට උරුම කරලා දුන්නා. ඒත් එක්කම මට ඒ සටහන එක්ක මතක් වුණේ මේ සංකල්පය. මේ වගේ බරපතල කාරණයකදී ,අපරාධයකදී මේ සංකල්පය බාවිතා කරන්න බැහැ. හැබැයි ඔය කියන දුෂකයාට මේ අවස්ථාව ලැබෙන්න සුදුසුකම් තිබෙන කෙනෙක්.

 

 

හඳුනා නොගැනීමට වින්දිතයා තීරණය කරන්නේ ඒ නිසා. වින්දිතයාට ඔහුට දඬුවම් දෙන්න බැහැ . වින්දිතයා හා චුදිතයා අතර හැඟීම් හුවමාරුව ගොඩාක් ගැඹුරුයි. මේ වගේ අවස්ථාවක නීතීය නිහඩවිම වැරදියි. නීතියේ ප්‍රතිපාදන නැති වීම ගැන දුකයි. ඒ නිසා Restorative justuce කියන දියුණු සංකල්ප වගේ දේවල් අපේ නීතියට හදුන්වලා දෙන්න ඕන.

 

 

ඒවාට යන්න හිතනන්වත් බැරි වෙන්න අපේ මාධ්‍ය හා සමාජ මාධ්‍ය සිද්ධියක් වෙච්ච ගමන් අධිකරණයේ කාර්‍ය භාරය භාරගෙන දඬුවම් දීලා අළුගෝසුවාගේ වැඩෙත් කරනවා. දිලීප පිරිස් මහත්මයත් නීතීය දන්නා කෙනෙක් වෙලත් උසාවියේ කලේ ඒක. හැදෙන්න තැන් බොහොමයි. අවසානයේ වැදගත් විදියට ජිවත්වෙච්ච මිනිස්සු අපරාධ කාරයෝ වෙලා හංවඩු ගැහෙනවා.

 

@Subhashini Wipfler

නවතම ලිපි