SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලෝක සහයෝගිතා සමුළුව යැයි කියාගත් සංවිධානයක් හරහා සහනාධාර ක්‍රමයක් යටතේ සොනාලිකා ට්‍රැක්ටර්, කැෆේ වර්ගයේ ට්‍රැක්ටර් සහ කුබෝටා වර්ගයේ ලක්ෂ 35ක පමණ වටිනාකමින් යුත් ගොයම් කපන යන්ත්‍ර

ලක්ෂ නවය හමාරක් වැනි  සහන මිලක් යටතේ ලබාදෙනවා යැයි පවසමින් ගොවීන්ගෙන් මුදල් එක්කරමින් අවසානයේ අදාළ ට්‍රැක්ටරය හෝ ලබාදුන් මුදල් ආපසු ගෙවීමක් නොකරමින් කූඨ ලෙස මුදල් ලඟ තබාගෙන ඇති වැලිකන්ද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් සම්බන්ධයෙන් අප වෙත කරුණු හෙළිදරව් වී ඇත.

 

WhatsApp Image 2024 01 22 at 13.36.55

 

වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක් වූ කේ.එච්.උදේනිකා දමයන්ති නම් වූ කාන්තාව විසින් ඉන්දියාවේ අබ්දුල් කලාම් පදනමට අනුබද්ධ යැයි කියා ඇති ලංකාවේ පිහිටුවා ඇති ලෝක සහයෝගීතා සමුළුව ලෙස දක්වන සංවිධානය හරහා හම්බන්තොට ගොවීන්ගෙන් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී මුදල් ලබාගෙන ඇති අතර එසේ එම ගොවීන් තිදෙනාගෙන් පමණක්  ලබාගෙන ඇති මුදල රුපියල් විසිහය ලක්ෂ පනස්දාහකි.

 

ඇය එම මුදල් හරහා අදාළ ට්‍රැක්ටර් ලබාදීම පිළිබඳව මුදල් ලැබීම ගැන දන්වා ඇත්තේ ලෝක සහයෝගීතා සමුළුවේ ප්‍රධානියෙකු යැයි සිතිය හැකි ආචාර්ය එස්.ආර්.එඩ්වඩ් නැමැත්තෙකුට ය.

 

WhatsApp Image 2024 01 25 at 13.27.26

ආචාර්ය කරුණාදරන්

අබ්දූල් කලාම් පදනමේ - ශ්‍රී ලංකා නියෝජිත

 

 

මේ වනවිට අදාළ ගොවීන් විසින් මේ පිළිබඳව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට සහ පැමිණිලි අංක SCIB278 මගින් පොලීසියට පැමිණිලි කර ඇති අතර අදාළ කාන්තාව වරින්වර නැවත මුදල් දෙනවා යැයි පොරොන්දු වෙමින් එවන ලද පණිවුඩ පටිගතකිරීම්ද අදාළ ගොවි මහතුන් විසින් අප වෙත ලබාදී ඇත.

 

WhatsApp Image 2024 01 20 at 13.36.02

කේ.එච්.උදේනිකා දමයන්ති

එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රීනී - වැලිකන්ද

 

ලිපි ශීර්ෂයක් හෝ ලියාපදිංචි සංවිධානයක් ලෙස පෙන්නුම් නොකරන මෙම සංවිධානය මගින් ලබාදී ඇති ලිපිය සහ මුදල් ගෙවූ බවට අදාළ ආයතනයෙන් ලදුපතක් ඉදිරිපත් කර නැත.

 

බිල

 

මෙවන් වංචනික සංවිධාන විසින් ගෙනයන කූඨ ව්‍යාපාර හරහා අසීරුවෙන් තම ජීවනෝපාය සරි කර ගන්නා ගොවීන් රැවටීමට ලක්විය හැකි නිසා ඒ පිළිබඳ දැනුවත් විය යුතුව ඇත.

 

එසේම මහජන නියෝජිතයින් ලෙස පෙනී සිටින මෙවැනි අයවලුන් විසින් කරනු ලබන වංචනික ක්‍රියා පිළිබඳව ජනතාව ද මීට වඩා දැනුවත් විය යුතුව ඇත.

 

(අදාළ පරීක්ෂන කටයුතු සම්බන්ධයෙන් ඉදිරියේදී වැඩි විස්තර හෙළිදරව් කරනු ලැබේ)

 

@සටහන - ඉවෝන් ප්‍රියංකා