SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද මැයි 22  ලංකාවේ ජනරජ දිනයයි.

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් මිදී පූර්ණ ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූයේ 1972 මැයි 22 දින බවත් එය  ශ්‍රී ලංකාවේ ජනරජ දිනය බවත් සඳහන්. බොහෝ විචාරකයින් පවසන්නේ එය මෙරට ඉතිහාසයේ වැදගත් ම සන්ධිස්ථානයක් වු බවත්  වසර සියයකට අධික කාලයක් ශ්‍රී ලංකාවට අහිමිව තිබූ පූර්ණ නිදහස, ස්වෛරී භාවය සහ මාතෘභූමියේ පරමාධිකාරී බලය එමගින් නැවතත් මෙරටට හිමිවූ බවත් ය.

 

ජනරජ දිනය

 

ඒ අතර 2023 මැයි 22 දින ලංකාවේ තවත් දේශපාලන පක්ෂයක් ජනගත වන දිනය. ඒ රාජ්‍ය බලය  විප්ලවයකින් අත්පත් කරගත යුතුයැයි සිතූ දේශපාලනයකත්, පරිසරවාදී දේශපාලනයකත්,  තවත් විටෙක ජාතිවාදී යැයි හැඳින්වූ දේශපාලනයකත්, ජාතිකවාදි යැයි හඳුන්වාදුන් දේශපාලනයකත් සැරිසැරූ පාඨලී චම්පික රණවකට ස්ථීර වූ දේශපාලන පක්ෂයක් පවත්වාගෙන යෑමේ අවස්ථාව අහිමි විය. එමෙන්ම  ඔහුගේ වර්තමාන දේශපාලන ආස්ථානය කුමක්දැයි යමෙකු ප්‍රශ්න කළහොත් එය දන්නේ තවමත් ඔහුම පමණකි.

 

නිර්මාල් රංජිත් දේවසිරි පාඨලීගේ සමකාලීනයෙකු වන අතරම අතිත දේශපාලන භාවිතාවන්හිදී දෙපසක රැඳුනු දෙදෙ‌නෙකි. එහෙත් නිර්මාල් සතුව වර්තමානයේ පාඨලී පිළිබඳ කියැවීමක් සැකසෙමින් තිබෙන අයුරු දැකගත හැකිය. පහත පළවෙන්නේ නිර්මාල් දේවසිරිගේ ජනරජ ලිපියයි.

 

ජනරජ 1

මැයි 22 - ජනතාවගේ දිනය!!!

ජනතාව ව්‍යවස්ථාව උල්ලංඝනය කළ දිනය!!! (නිර්මාල් දේවසිරි)

 

උත්ප්‍රාසජනක ලෙස නලින් ද සිල්වා ලංකාවේ නිදහස් දිනය ලෙස සලකන්නේ පෙරවාරි 4 නොව, මැයි 22 යි. ඔහු එය දෙමළ ජනයා සිය ජාතික ඛේදවාචකයේ සංකේතාත්මක දිනය ලෙස සලකන මැයි 18 සමග ද සම්බන්ධ කරයි. අපි මැයි 18 පැත්තකින් තබමු. නලින් ද සිල්වා පෙබරවාරි 4ට වඩා මැයි 22ට කැමති වීම විරුද්ධාභාසයක් වන්නේ කෙසේ ද?

 

නලින්

 

මගේ දේශපාලන පරිකල්පනය පුබුදුවන ලද, ඈතකාලීනම සිදුවීමක් ලෙස මට මතක ඇත්තේ මා 4වන පංතියේ සිටිය දී අපගේ ගුරුවරයා පංතියෙන් ඇසූ ප්‍රශ්නයකි. ප්‍රශ්නය ඇසුවේ ජනරජ දිනය සමරන දිනවලය. එකල පෙබරවාරි 4 නිවාඩු දිනයක් නොවූ අතර නිවාඩු දිනය වූයේ මැයි 22යි. ගුරුවරයා ඇසූ ප්‍රශ්නය මෙයයි. “වැදගත් වන්නේ ඉඩමක් මිල දී ගැනීම ද? ඉඩම වඩා වැටක් ගසා ගැනීම ද?"

 

එක්සත් ජාතික පාක්ෂිකයෙක් වූ මගේ ගුරුවරයාට අනුව පෙබරවාරි 4 දා සිදුවූයේ ඉඩම මිලදී ගැනීම වන අතර මැයි 22 සිදු වූයේ හුදෙක් ඉඩම වඩා වැටක් ගසාගැනීම පමණි. මේ ප්‍රශ්නයේ තේරුම මට එදා හරියටම තේරුණාද මතක නැතත් මෙය මට හැමදාම මතක තිබුණි.

 

ඇත්ත වශයෙන්ම ජාතිකවාදී දෘෂ්ටිකෝණයකින් බැලුවහොත් වඩා වැදගත් විය යුත්තේ පෙබරවාරි 4යි. මක් නිසාද යත් රාජ්‍යයේ  ජාතික බව සාක්ෂාත් කෙරුනේ එදින බැවිනි. ඊට වෙනස්ව මැයි 22 දා අවධාරණය කෙරුණේ එහි ජනතාමය බවයි.

 

ජනරජ 2

 

1972 මැයි 22 දා ජනරජ ව්‍යවස්ථාව ස්ථාපිත කෙරුණේ ජනතාවගේ නාමයෙන් පැවැති ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමෙනි. ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය පාර්ලිමේන්තුවෙන් පිට රාජකීය විද්‍යාලයට අයත් නව රගහලේ රැස්වීම මගින් මෙය සංකේතවත් කෙරිණි. ඒ ක්‍රියාවලිය මගින් තහවුරු කෙරුණේ ජනතාවගේ පරමාධිපත්‍යය පිළිබද සංකල්පයයි. කොල්වින් ආර් ද සිල්වා ඉදිරිපත් කළ අදහසේ පදනම වූයේ නව ව්‍යවස්ථාව සදහා හැකියාව ලබාදුන්නේ පැරණි ව්‍යවස්ථාවේ විධිවිධාන මගින් නොව 1970 මැතිවරණය මගින් ප්‍රකාශයට පත් වූ ජනතාවගේ කැමැත්ත වෙතින් බවයි.

 

ඒ අනුව මැයි 22 සැලකිය යුත්තේ ජනතාවගේ දිනය ලෙසයි.