මහජන බලය පක්ෂය විසින් 2026 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට දැඩි විරෝධය පළ කරයි.
මෙම ප්‍රතිසංස්කරණ මගින් ඉතිහාසය, සෞන්දර්යය සහ ආගම යන විෂයන් අනිවාර්ය විෂයන් වෙනුවට තෝරාගත හැකි විෂයන් බවට පත් කිරීම පක්ෂයේ විවේචනයට ලක්ව ඇති ප්‍රධාන කරුණයි.
පක්ෂය අවධාරණය කරන්නේ, ශ්‍රී ලංකාවේ අනන්‍යතාව සහ බහුවිධ පැවැත්ම තහවුරු කිරීමට අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා ඉතිහාසය අනිවාර්ය විය යුතු බවත්, මෙම සංශෝධනය කිසියම් න්‍යාය පත්‍රයක කොටසක් විය හැකි බවත්ය. ප්‍රධාන ලේකම් දුමින්ද කෝරාළ කන්නන්ගර පවසන්නේ පෙර රජයන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකරන බවට පොරොන්දු වී බලයට පැමිණි වත්මන් රජය, එම විනාශකාරී ප්‍රතිපත්තිම ක්‍රියාත්මක කිරීම කනගාටුදායක බවයි.
සම්පූර්ණ නිවේදනය පහතින් පළවේ...
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
අධ්‍යාපන ප්‍රති සංස්කරණ මේ වන විට 2026 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට අධ්‍යපාන අමාත්යංශය තීරණය කර ඇත. අධ්‍යාපන ඇමතිවරිය හා අග්‍රාමාත්‍ය වරිය මේ වෙනවිට ප්‍රතිසංස්කරණ ගැන දැනුවත් කිරීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කරන අතර 2026 සිට පෙළපොත් වලට මෙම ප්‍රතිසංස්කරණ ඇතුලත් කර ඇති බවට ප්‍රකාශ කරයි. එලෙසම ගුරුවරු දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් වෙමින් පවතී.
අධ්‍යාපන ඇමතිවරියගේ ප්‍රතිසංස්කරණ තුල පාසල් කාලය විනාඩි 30 කින් දීර්ඝ කර කාලච්චේද හතකට දිනය බෙදා වෙන් කර ඇත. ඉතිහාසය ,සෞන්දර්යය හා ආගම විෂය අනිවාර්ය නොවන තෝරාගත හැකි විෂයන් ලෙස නම් කර ඇත. අගමැති වරිය ඉතිහාසය විෂය ඉවත් කලේ නැතැයි කිව්වද එය ප්‍රතිසංස්කරණ තුල සිදු වී ඇත.එනම් රටක අනිවාර්ය විය යුතු විෂයක් තෝරා ගැනීමට සංශෝධනය කිරීමෙනි. එය කිසිසේත්ම පිළිගත නොහැකි සංශෝධනයකි.
දිර්ඝකාලින සංස්කෘතික හා භාෂාමය (සිංහල- දමිළ )ඉතිහාසයක් මෙන්ම බෞද්ධ ඉතිහාසයක් ඇති රටක ශ්‍රී ලංකාවේ ඉතිහාසය ඉගැන්වීම තෝරා ගැනීමේ විෂයක් ලෙස නම් කිරීම සාධාරණ තීරණයක් නොවන බැවින් මහජනබලය පක්ෂය, අගමැතිවරිය මෙන්ම අධ්‍යාපන ඇමතිවරිය විසින් ගෙන ආ ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ වන අතර එම තීරණය කිසියම් න්‍යාය පත්‍රයක කොටසක් බවට විශ්වාශ කරමු. ඉතිහාසය නිවැරදිව ඉගැන්වීමෙන් තොරව ලංකාව වැනි බහුවිධ රටක පැවැත්ම හා අනන්‍යබව ගැටළු කාරී වේ.
අධ්‍යාපන ඇමතිවරිය මේ සංශෝධන මිට පෙර අධ්‍යාපන ඇමතිවරුන් විසින් කල ප්‍රතිසංස්කරණ ලෙස විත්ති වාචකයක් ජනගත කරමින් සිටි. එම රජයන් දුෂිත හා රටේ සංවර්ධනය ට නොගැලපෙන හා විනාශයන් කරා ගෙන ගිය පක්ෂ ලෙස සලකමින් ජනතාව විසින් අධ්‍යාපන ඇමතිවරිය ගේ ආණ්ඩුවක් පත් කරගත්තේ ඒ කී රජයන් ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නොවන බව මහජන බලය පක්ෂය ගරු අධ්‍යාපන ඇමති වරියට මතක් කර සිටි.
මහජන බලය පක්ෂයේ ස්ථාවරය වනුයේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය තුල ඉතිහාසය ඉගැන්වීම අ:පො:ස සාමාන්‍ය පෙළ දක්වා අනිවාර්ය විෂයක් වීම හා උසස්පෙළ විෂයන් සඳහා තෝරාගැනීමේ විෂයක් ලෙස ඉගැන්වීම අනිවාර්ය විය යුතු බවයි. ඊට අමතරව නිවැරදි ඉතිහාසය ලේඛණගත කිරීම මෙන්ම ඉතිහාසය සම්බන්ධ දේශපාලන නැමියාවකින් තොර ඉතිහාසඥයන් බිහි කිරීම මහජන බලය පක්ෂයේ ප්‍රතිපත්තියයි.
ප්‍රධාන ලේකම්
දුමින්ද කෝරාළ කන්නන්ගර
මහජන බලය පක්ෂය.
13.11.2025


