ගුරුවරුන්ගේ වර්ජනය ගැන නොයෙක් විවේචන ඇත. මෙය ලියන්නේ ඒ සියළු විවේචන සැලකිල්ලට ගත් පසුවයි.
ගුරුවරුන් වැඩ කරන්නේ නැති බව, මේක වසංගත කාලයක් නිසා මෙවැනි වර්ජන සුදුසු නැති වීම, ගුරුවරුන්ට මේ කාලවේ බස්ගාස්තු වැනි අමතර වියදම් නැති වීම නිසා පඩිය ප්‍රමාණයත්ය යන කරුණ වැනි මෙකී නොකී බෙහෝ විවේචන ඇත. ඒ අතර අභියෝගාත්මකම විවේචනය ගෙන එන්නේ එරන්ද ගිණිගේය. එනම් මේ යුගයේ ගුරු භුමිකාව එතරම් අදාළ නැති ය යන්නයි.
මේ සියලු විවේචනවලට අඩුවැඩි වශයෙන් සාධාරණ පදනමක් ඇත. ඒ සියල්ල සැලකිල්ලට ගත් කල මගේ අදහස මෙයයි.
අප ජීවත්වන වෙළදපොළ මත පදනම් වූ ධනවාදී සමාජය තුළ අති බහුතරයක් මිනිස්සුන්ට ජීවත් විය හැකි එකි එකම ක්‍රමය වන්නේ ශ්‍රමය විකුණා මුදල් උපයා ගැනීමෙනි. එය ප්‍රතික්ෂේප කොටස් දෙකක් සිටිති. එනම් යාචකයෝ හා මංකොල්ලකරුවෝය. ඒ දෙපිරිසම සමාජය පිළිගන්නේ නැත. එබැවින් ශ්‍රමය විකිණිය යුතුය. ශ්‍රමය විකුණන අය බලන්නේ ඒ සඳහා වැඩි මිලක් ලබාගැනීමටයි. ඒ සඳහා තමන්ට හැකි සෑම කෙවෙල් කිරීමේ ක්‍රමයක්ම භාවිත කෙරේ.
ගුරුවරු වැඩ කළත් නැතත්, ඔවුන් දෙවිවරු වුවත් නැතත්, ගුරුවරු වත්මන් සමාජයට අවශ්‍ය වුවත් නැතත්, රාජ්‍යය වරින් වර පුද්ගලයින් ගුරු වෘත්තිය සඳහා බදවා ගනු ලැබෙති. ඒ තාක් දුරට ඔවුනට තමන්ට අවශ්‍ය වැටුපක් ලබා ගැනීම සඳහා කේවෙල් කිරීමේ අයිතිය ඇත.
සාකච්ඡාවට භාජනය කෙරී ඇති මේසන් බාස්ලාද කෙවෙල් කරති. ඒ ඍජුව හා පුද්ගලිකව තම සේවය ලබාගන්නා පාර්ශවය සමගයි. ගුරුවරු වැනි ආයතනික මට්ටමකින් සේවයට බඳවාලෙන ඇති පිරිස්වලට පඩි වැඩිකරගැනීමට ඇති ක්‍රමය මෙයයි. ඊට අමතර හොඳ නරක පිළිබඳ ප්‍රශ්න නැත.
වසංගත කාලවල සමාජය වෙනස් විදිහට හැසිරිය යුතුනම් ආණ්ඩු බලය හොබවන අය ඒ සම්බන්ධව සමාජය සමඟ විශේෂ සම්මුතියකට එළඹිය යුතුය. එවැනි සම්මුතියකට ආණ්ඩුව එළඹ නැත. ඒ නිසා ආණ්ඩුව තමන්ට ඕනැ ඕනැ විදිහට යොදාගන්න වසංගත කතාවලට සවන්දීමට ආචාරධර්මීය පදනමක් ගුරුවරුන්ට ඇතැයි සිතිය නොහැක.
මුහුණු පොතෙන් උපුටාගැනීමකි.
කාලකන්ණි ගුරුවරයාගේ තිරය පිටුපස Link - https://youtube.com/c/manelrebera