SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

නව ආණ්ඩුව යටතේ ජනමාධ්‍ය නිදහස යනු 'සත්‍යය පලකළොත් CID යන්න' යන්නද?

ජනතා අපේක්ෂාවන් සමග බලයට ආ ආණ්ඩුවක්, ඔවුන්ගේම අඥාන ප්‍රතිපත්ති හෙළිදරව් කරන ජනමාධ්‍යවේදීන් හඹා යෑමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අවභාවිතා කිරීමේ අවලස්සනම දේශපාලන විගඩම මෙයයි.

 

 

‘ග්‍රාම නිලධාරි සහතිකය මදි, පොලිස් වාර්තා ගන්න මහජන කමිටු ප්‍රධානීගේ අනුමැතියත් ඕනෑ’ වැනි වර්තමාන පරිපාලන අවුල්සහගත තත්ත්වයන් වාර්තා කිරීම වෙනුවෙන් පුවත්පතක කර්තෘවරයෙකුට CID කැඳවීම් යැවීම තුලින් මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ (කේ. සංජීව සඳහන් කරන 'බූරු ඇමතියා') අඥාන ප්‍රතිපත්තිය පැහැදිලිව පෙනේ. සත්‍යය අසත්‍යයක් ලෙස හංවඩු ගසා, මාධ්‍යයට එරෙහිව චණ්ඩිකම් පෙන්වා, පාලනය කිරීමට ඔවුන් සූදානම් වන බව පෙනේ. මෙහිදී සත්‍ය පුවතක් පලකර තිබියදීත්, පුවතේ නිරවද්‍යතාව සොයා බැලීම වෙනුවට, තමන්ගේ බැචාලා ආරක්ෂා කරගැනීමට පොලිස්පතිවරයා හරහා නිලධාරීන්ට සෘජු නියෝග දීම, වත්මන් ආණ්ඩුව ජනතාවට පොරොන්දු වූ පාලනයේ පිරිසිදු බව කෙරෙහි විශාල ප්‍රශ්නාර්ථයක් එල්ල කරයි.

 

‘ඇන ගන්නා ආණ්ඩුවේ අඥාන ප්‍රතිපත්තිය’ පැමිණිල්ල කළ පුද්ගලයා කවුදැයි හෙළි නොකිරීම මෙන්ම, හැම පරිපාලන අසාර්ථකත්වයක්ම ආවරණය කරගැනීමට CID යොදවන අතර, පාස්කු, තාජුඩීන් හෝ ලසන්ත වැනි වැදගත් විභාග නොවිසඳී පවතී. කේ. සංජීව පෙන්වා දෙන පරිදි, ඇත්තටම ආණ්ඩුවට අවශ්‍ය වී ඇත්තේ ටිල්වින් සිල්වා මහතා යටතේ ඉරාණයේ SAVAK එක වැනි වෙනම විප්ලවකාරී පොලීසියක් නිර්මාණය කරගැනීමද?

 

 

වත්මන් ආණ්ඩුව මාධ්‍ය මර්දනය කරන්නට ගොස් ඇන ගන්නා ආකාරය පිළිබඳK. සංජීවගේ Facebook සටහන පහතින්...

 

 journalism

 

ආණ්ඩුවට දැන් තියෙන්නේ ටිල්වින් යටතේ ජවිපේ ආරක්ෂාවට වෙනම පොලීසියක් දාගන්න එක...! – (කේ.සංජීව)

 

ඇත්ත ප්‍රවෘත්තියක් පළකළාම කතෘට සීඅයිඩී එන්න කියලා. කවුද පැමිණිල්ල කළේ කියලත් නෑ. අනිවාර්යයෙන් අර බූරු ඇමතියා තමයි ඔය පැමිණිල්ල කරන්න ඇත්තේ.

 

කොහොමවුණත් අරුණ පුවත්පතේ කර්තෘ මහින්ද ඉලේපෙරුම අද උදේ 10.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිං නෑ. ඒක හොඳ දෙයක්. එහෙම තමයි මේ මෝඩයන්ගේ මෝඩ වැඩවලට ප්‍රතිචාර දක්වන්න ඕනෑ.

 

ගෙන්නුවත් ඉතිං ජනමාධ්‍යවේදීන් මූලාශ්‍ර හෙළිකරන්න බැඳිලා නෑ. පළකරපු පුවත ඇත්තක් ද කියලා ඒකේ තිබෙන තොරතුරුවලට අනුව සොයලා බැලුවානම් හරි..

 

‘ග්‍රාම නිලධාරි සහතිකය මදි, පොලිස් වාර්තා ගන්න මහජන කමිටු ප්‍රධානීගේ අනුමැතියත් ඕනෑ' කියන එක තමයි අරුණ පුවත්පත පහුගිය19 වෙනිදා පළකරලා තිබ්බ වාර්තාව. මහජන ආරක්ෂක ගොනා කියනවා මේක අසත්‍යක් කියලා. මේක අසත්‍යක් වෙන්නේ කොහොමද? මේක ඇත්ත. මේක අද වෙන දෙයක්.

 

ඒ නිසා ආණ්ඩුවට තියෙන්නේ ඇත්ත කියන එකා සීඅයිඩී ගෙන්වන්න නෙවෙයි මොකද්ද මේ වෙන්නේ කියලා හොයලා බලලා නිසි පියවර ගන්න එක. හැබැයි එහෙම වෙන්නේ නෑ. දිගින් දිගටම වෙන්නේ සීඅයිඩිය අවභාවිතා කරන එක.

 

ආණ්ඩුවටම හරියන පොලිස්පති කෙනෙකුත් දැන් ඉන්නවා මිනිහා කෙළින්ම සීඅයිඩියට කියනවා ජනමාධ්‍යවේදීන් අත්අඩංගුට ගන්න කියලා. ඒ තමන්ගේ බැචාලා ආරක්ෂා කරගන්න.

 

සීඅයිඩීය මහින්ද ඉලේපෙරුම මහත්තයාට එන්න කියලා එවපු ලිපියේ පැමිණිල්ල කරපු කෙනා ගැන නෑ. අපි ආණ්ඩුවට කියන්නේ පුළුවන්නම් පැමිණිල්ල කරපු එකා කවුද කියන එකත් බය නැතුව මීඩියාවලට කියන්න. ඒකට කොන්දක් තියාගන්න.

 

අනික හැම ලබ්බටම සීඅයිඩියට දුවන්න එපා ඒකට පාස්කු ගැන හොයන්න තියෙනවා. තාජුඩීන් ගැන හොයන්න තියෙනවා. ලසන්ත ගැන හොයන්න තියෙනවා.

 

ඕනෑ නම් අර ඉරාණේ SAVAK එක වගේ ජවිපේ ආරක්ෂාවට වෙනම විප්ලවකාරී පොලීසියක් දාගන්න ටිල්වින් යටතේ..!

 

 

නවතම ලිපි