SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බොහෝ මාධ්‍ය ආයතන ලාභ උපයන ආයතන ලෙස දිනෙන් දින ගොඩනැංවෙන අතර,

කුඩා සම්පත් ප්‍රමාණයක් සහිතව ක්‍රියාත්මක වන බොහෝ එෆ් එම් නාලිකාද ලාභ ලබමින් තම ශ්‍රාවක පිරිස වැඩි කරගනිමින් තරගකාරී මාධ්‍ය රටාවකට අනුගත වෙද්දී රජයේ මාධ්‍ය ආයතන පමණක් පාඩු පිට පාඩු ලබමින් මහා භාණ්ඩාගාරයෙන් මාසිකව ලබාදෙන මුදලින් වැටුප් ලබමින් ජනතාවගේ බදු මුදලින් පෝෂනය වන බව අපි දනිමු.

වරින්වර බලයට පත්වන රජයන් හරහා තම තනතුරු හා වරප්‍රසාධ වැඩිකරගන්නවා විනා රජයේ මාධ්‍ය ආයතනවල බොහොමයක් දෙනාට තම වෘත්තීයමය ජීවිතයේ වටිනාකම් වර්ධනය කරගැනීමේ අවශ්‍යතාවයක් කිසි විටෙකත් පැන නොනගින්නේ වෘත්තීය සමිති හා දේශපාලන තට්ටු මාරු ක්‍රමය යටතේ ඔිනෑම සුදුසුකම් රහිත අයෙකුට පවා ඉහලට යෑමේ වරප්‍රසාධ්‍ය හිමිවන බැවිනි.

1990 ගණන්වල සිට මෙම රාජ්‍ය මාධ්‍ය ආයතනවලට පක්ෂ දේශපාලනය හා වෘත්තීය සමිති කඩාපාත්වීම නිසා වරින්වර අතිරික්ත සේවක බඳවාගැනීම් මෙන්ම වරින්වර කම්කරු වෘත්තියේ නියැලෙන්නා  පවා වෘත්තීයමය හැකියාවන්ගෙන් හා අදාළ සුදුසුකම්වලින් තොරව දේශපාලන බල පුළුවන්කාරකම් මත තනතුරුවලට පත්ව ඇත. මෙමගින් සිදුව ඇත්තේ  ආයතන අතර පවත්නා තරගකාරී මාධ්‍ය භාවිතාවන් සමග උරෙනුර ගැටීමට හැකියාවක් නොමැතිව ප්‍රේක්ෂක ප්‍රජාව අහිමි කරගැනීමත් ඒ නිසාම ආදායම් උපදවාගැනීමට කිසිදු අවස්ථාවක්ද නොලැබීමය.

රාජ්‍ය සේවකයින්ට මෙන් මාසික වැටුප මහජන බදු මුදලින් ලැබෙන නිසා මොවුන්ට මෙම ආයතන දියුණු කරගැනීමේ හැකියාවන් මෙන්ම උවමනාවන්ද නොමැති බව පෙනී යන්නකි. මෙම ආයතනවල බොහෝ පිරිසක් කිසිදු රාජකාරියකින් තොරව නිකරුනේ කාලය ගත කරන අතර මේ නිසාම විවිධ කල්ලි, සංවිධාන හා ගැටුම් සමග ආයතන කඩා වැටීම අනිවාර්යයක් වී ඇත. අදටත් මොවුන්ට ඉතිහාසයේ සිටි දක්ෂ ප්‍රතිභාපූර්ණ මිනිසුන්ගෙ ගුණ සුවඳ වර්ණනා කරනු හැරෙන්නට වර්තමානයේ නම් දැරූ දක්ෂයින් බිහිව ඇත්තේ අතලොස්සකි. ඔවුන්ටද නිදහසේ තම නිර්මාණ වැඩසටහන් කරගැනීමට ඉඩක් නොමැති වීමෙන් එවන් අයද පෞද්ගලික මාධ්‍ය ආයතන බලා සීග්‍රයෙන් ඉවත්ව යනු දැකිය හැකිය.

එවන් පසුබිමක් යටතේ රූපවාහිනී මහගෙදර සහ ගුවන් විදුලි මහගෙදර එක්ව ගොඩ එන්නට තීරණය කිරීම යහපත් දෙයකි. එහෙත් හරවත් මාධ්‍ය භාවිතාවක් අනුගමනය කරන අතරම වර්තමාන ලෝකය සමග අත්වැල් බැඳ ගැනීමට නම් එය අනෙකා කරගත යුත්තේ තරගකාරී මාධ්‍ය භාවිතාවන්ය. නොඑසේනම් ‘අපි රාජ්‍ය මාධ්‍යයන්, අපිට තරගයක් නෑ’ යනුවෙන් සිතුවහොත් යළිදු සිදුවන්නේ දැනට සිදු වෙමින් පවතින ගරා වැටීම පමණක්මය. මාසය අන්තිමට වැටුප ලැබේද නොලැබේද යන දෙගිඩියාවෙන් සිටිනවා මෙන්ම දේශපාලනඥයින් පසුපස ගොස් තම මාධ්‍ය ජීවිතයට ලංසු තැබීම පමණක්මය.

මේ ජාතික රූපවාහිනියත් ජාතික ගුවන්විදුලියත් එක්ව ගොඩනැගීමේ තවත් අවස්ථාවකි.

හරවත් මාධ්‍ය සංස්කෘතිකයක් රටට හඳුන්වා දීමේ අරමුණින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව අතර ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩපිළිවෙළට අදාළ අවබෝධතා ගිවිසුමට පසුගියදා  (07) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේදී අත්සන් තැබිණ.

ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ.

 මේ  වසර ආරම්භයේදී  අමාත්‍යවරයා  රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූ  අවස්ථාවේදී එම ආයතන  සියල්ල  එක්ව  වෙළෙඳපොළ ඇතුළු අනෙකුත් අභියෝග  ජය ගැනීම සඳහා කටයුතු කිරීමේ වැදගත් බව පෙන්වා දෙනු ලැබීය.

ඒ අනුව එක් එක් ආයතනයන්හි  අනන්‍යතාව  රැකගනිමින්  මම වැඩපිළිවෙල නිසි සැළැසුමක් අනුව ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත.

නව අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් විසින් සිදු කරනු ලැබීය.

අදාළ ගිවිසුම යටතේ ක්‍රියාත්මක පළමු වැඩසටහන  "නොමියෙන මිනිසුන්" නැමැති වැඩසටහනය.

 ප්‍රවීණ ගායක එච්.ආර්.ජෝතිපාල  මහතාගේ තිස් හතර වෙනි ගුණ සැමරුම වෙනුවෙන් මෙහි පළමු වැඩසටහන සකස් කර ඇත.

 

slbc 0

 

slbc 00

නවතම ලිපි