SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ බැංකු ගිණුම් ගැන අලුත්ම ලෝක බැංකු වාර්තාවකින්

පුදුම හිතෙන කතාවක් එළියට ඇවිත්. සංඛ්‍යාලේඛනවලට අනුව ලංකාවේ කාන්තාවන්ගෙන් 80.2%කටම බැංකු ගිණුම් තිබේ. මෙය දකුණු ආසියාවේ ඉතා ඉහළ අගයකි. නමුත් ප්‍රශ්නය ඇත්තේ එතැන නොවේ.

 

 

ගිණුම් තිබුණාට, ඒවායේ මාසිකව මුදල් ඉතිරි කරන්නේ කාන්තාවන්ගෙන් 10%ක් වැනි සුළු පිරිසක් පමණි.

 

 

ගිණුම් තිබිලත් ඇයි අපේ කාන්තාවෝ දුප්පත්? මේක හුදෙක් ආර්ථික ප්‍රශ්නයක්මද?

නැත්නම් ඊට එහා ගිය සමාජීය සහ මානසික ගැටලුවක්ද? මේ ඒ පිළිබඳ කෙරෙන ගැඹුරු විග්‍රහයකි.

 

 

1. "සමෘද්ධි සින්ඩ්‍රෝමය" සහ නල දත්ත ගිණුම් (Pipeline Accounts)

ලංකාවේ කාන්තාවන් අතර ගිණුම් හිමිකාරිත්වය 80%ක් තරම් ඉහළ යන්නේ කෙසේද? මෙයට ප්‍රධානම හේතුව රජයේ සුබසාධන ප්‍රතිපත්තියයි. සමෘද්ධි, අස්වැසුම වැනි ආධාර ලබාගැනීමට නම් කාන්තාවගේ නමින් ගිණුමක් තිබීම අනිවාර්ය කර තිබේ.

 

මේ නිසා බොහෝ කාන්තාවන් බැංකු ගිණුම් අරින්නේ "ධනය උපයන්න" (Wealth Creation) නෙවෙයි, "ආධාර ලබාගන්න" (Aid Reception). මේවා හරියට එක අතකින් සල්ලි වැටී අනිත් අතින් වියදම් වී යන "ට්‍රාන්සිට්" ගිණුම් වැනිය. බැංකු පොත තිබුණත්, එහි ඉතිරියක් නැත්තේ මේ "සමෘද්ධි සින්ඩ්‍රෝමය" නිසාය.

 

 

2. "භාරකාරිය" මිස "හිමිකාරිය" නොවීම

අපේ පවුල් සංස්ථාව ඇතුළේ කාන්තාවට දීලා තියෙන තැන මොකක්ද? මනෝවිශ්ලේෂණාත්මකව බැලුවොත්, පිරිමි මූලික සමාජයක මුදල් කියන්නේ "බලය" (Power) පිළිබඳ සංකේතයක්.

 

බොහෝ පවුල්වල සැමියා හම්බ කරන මුදල බිරිඳ අතට දෙනවා. හැබැයි ඇය කරන්නේ ඒ මුදල කළමනාකරණය කරන එක විතරයි (Manager). ඇයට ඒ මුදල තමන්ගේ නමින් ආයෝජනය කරන්න, ව්‍යාපාරයකට යොදවන්න සමාජය හෝ ඇගේ යටි සිත (Unconscious) ඉඩ දෙන්නේ නැහැ. ඇය හිතාගෙන ඉන්නේ තමන් පවුලේ "හිඟය පියවන්නා" (Deficit coverer) කියලයි. ඒ නිසා ඇය මුදල් ගබඩා කරන භාජනයක් මිස, මුදල් උපයන්නියක් බවට පත් වෙන්නේ නැහැ.

 

 

3. බැංකු ක්‍රමයේ "පිරිමි" නීති

 

වාර්තාවට අනුව ව්‍යාපාරයක් සඳහා ණය ගන්නේ කාන්තාවන්ගෙන් 9%ක් පමණි. බැංකුවකින් ණයක් ගන්න ගියාම බොහෝ විට ඉල්ලන්නේ ඉඩම් හෝ වාහන ඇපයට තියන්න කියලා. ලංකාවේ බහුතරයක් ඉඩම් අයිතිය තියෙන්නේ පිරිමින්ට.

 

 

ඉතින් කාන්තාවකට ව්‍යාපාරයක් පටන් ගන්න ඕන වුණත්, ඒකට පිරිමියෙක්ගේ (තාත්තාගේ හෝ සැමියාගේ) අත්සන නැතුව බැරි වෙනවා. මේ ක්‍රමය විසින්ම කාන්තාව ආර්ථික වශයෙන් ස්වාධීන වීම වළක්වනවා.

 

 

ඩිජිටල් ලෝකයේ අතරමං වීම

අතේ ස්මාර්ට් ෆෝන් එකක් තිබුණට, ලංකාවේ කාන්තාවන්ගෙන් කීයෙන් කී දෙනාද phone එකෙන් මුදල් ආයෝජනය කරන්නේ? බොහෝ දෙනෙක් තාක්ෂණය පාවිච්චි කරන්නේ සමාජ ජාලා (Social Media) වලට විතරයි. මුදල් පාලනය තාම සිද්ධ වෙන්නේ පරණ ක්‍රමයට.

 

 

විසඳුම කුමක්ද?

ලෝක බැංකු දත්ත අපට කියන්නේ එක දෙයයි. අපේ කාන්තාවන් බැංකු පද්ධතියට "ඇතුළත් කරලා" (Included) තිබුණට, එයාලව මූල්‍යමය වශයෙන් "බලගන්වලා" (Empowered) නැහැ.

 

 

බැංකු පොතක් අතට දීමෙන් පමණක් කාන්තාව දියුණු වෙන්නේ නැහැ. ඇයට පවුලේ වියදම් පියවන්නියකගෙන් ඔබ්බට ගිහින්, ආයෝජනය කරන්නියක් වෙන්න අවශ්‍ය මානසික සහ සමාජීය නිදහස ලබා දීමයි සැබෑ විසඳුම වන්නේ.

 

නවතම ලිපි