SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

John Locke, “Of the Extent of the Legislative Power”

 

මා මිත්‍ර මන්ත්‍රී ආචාර්ය චරිත හේරත් මහතා ඉදිරියේ මතුවන මැතිවරණ දේශපාලනය සම්බන්ධයෙන් වැදගත් නිරීක්ෂණයක් කර ඇත.

ඒ අනුව සෑම තීරණාත්මක මැතිවරණයකදීම බොහෝ සාධක අතරින් එක් සාධකයක් ඉස්මතුවන බවත් මෙවර ඉස්මතුව ඇත්තේ ආර්ථික සාධකය බවත්ය.

 

මීට පෙර පැවැත්වූ ජනාධිපතිවරණ වලදී වරෙක ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම, වරෙක ත්‍රස්තවාදය පරාජය කිරීම, වරෙක යහපාලනය තහවුරු කිරීම ප්‍රමුඛ වූවාසේම මෙවර ආර්ථික සාධකය අධිනිශ්චය වී ඇති බව ඒ මහතාගේ කල්පනාවය.

 

 

|ඒ අනුව ඔහු කියන්නේ පවතින ණය අර්බුදය මුලික කරගත් ආර්ථික අගාධයෙන් රට ගොඩ ගැනීම සඳහා බලය ඉල්ලන දේශපාලන නායකයන් අනුගමනය කරන පිළිවෙත මැතිවරණයේදී තීරණාත්මක විය හැකි බවය. මේ පිළිවෙත සකසා ගැනීමේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) යෝජනා කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සමග අප කවර ආකාරයෙන් ගනු දෙනු කරන්නේද යන්න මුලික සාධකය වන බව ඔහු පෙන්වා දෙයි.

 

 

ඒ අනුව අප ඉදිරියේ විකල්ප 3ක් ඇත.

1. IMF වැඩ සටහන මුළුමනින්ම බැහැර කිරීම.

2.IMF වැඩ සටහනට මුළුමණින්ම එකඟ වීම.

3. IMF වැඩ සටහන සමග තාවකාලිකව හා උපාය මාර්ගිකව පමණක් සම්බන්ධ වී අනතුරුව රටක් හැටියට අපේම වූ ස්වාධීන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමය.

 

ඔහු මෙන්ම මාද සිතන්නේ තෙවෙනි විකල්පය වඩා සුදුසු බවය.

 

නමුත් මේ මැතිවරණයේදී එකී ආර්ථික සාධකයටත් වඩා තවත් තීරණාත්මක දේශපාලන සාධකයක් ඉස්මතු වී තිබෙන බව මාගේ අදහසය.

 

 

|එය නම් පාලන බලය ඉල්ලා සිටින්නවුන් ඒ සඳහා කෙතරම් ආචාරධාර්මිකව සුදුස්සන්ද යන්නය. එය පැවැත්මේ යුක්ති යුක්ති භාවය හෙවත් legitimacy පිළිබඳ ප්‍රශ්නයකි. පාලන බලය ඉල්ලා සිටින අය ඒ සඳහා කෙතරම් සුදුසුද යන ප්‍රශ්නය එමගින් අසයි.

 

 

Legitimacy යන්නෙන් අදහස් වන්නේ නීත්‍යනුකූල භාවය පමණක් නොවේ. එමගින් ඔවුන් තෝරාගැනීම සඳහා කෙතරමි සුදුසුද, ආචාර ධාර්මිකද, සහේතුකද, දක්ෂද,විශ්වාසද, පිළිගතහැකිද යන කරුණුද අදහස් කෙරේ. බැරෑරම් සිංහල වචනයකින් කියන්නේ නම් මේ 'දේශපාලන ⁣ඖරසභාවය' (political legitimacy/ political authenticity ) පිළිබඳ ප්‍රශ්නයකි.

 

මේ ප්‍රශ්නය මීට පෙර ලංකා දේශපාලකයේ අද තරම් බැරෑරුම්ව කිසිදාක මතුවී නැත. මේ පළමුවන වතාවය.

රටේ මහජන සංවාදය අද දවසේ ඇත්ත වශයෙන්ම පවතින්නේ මේ ඖරසභාවය පිළිබඳ පිළිබඳ ප්‍රශ්නය කෙන්ද්‍රකරගනිමින්ය.

 

 

|එය කෙතරම් ප්‍රබලද යත් IMF සමග අප කෙසේ ගනු දෙනු කරන්නේද යන්න නොවැදගත් වන තරමට මේ ආචාරධාර්මික ප්‍රශ්නය මේ වසරේ පැවැත්වෙන මැතිවරණයේදී අධිනිශ්චය වීමට වැඩි ඉඩක් ඇති බව මාගේ හැඟීමය.

 

 

එහෙයින් චන්දය ඉල්ලන සියලු දෙනාටම රට පාලනය කිරීම සඳහා තමා සතු legitimacy ය තහවුරු කිරීමේ කොන්දේසියකට මුලින්ම යටත්වීමට සිදුවනු ඇත.

 

@Karu Paranavithana fb page

නවතම ලිපි