SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

පහත පලකෙරෙන ස්පාටකස් ලිපිය මගින්, පාකිස්තාන දේශපාලනයේ පෙරළිකාර චරිතයක් වූ ඉම්රාන් ඛාන්ගේ (Imran Khan) දේශපාලන නැගීම සහ

ඛේදනීය කඩා වැටීම ගැඹුරු දේශපාලන විද්‍යාත්මක විශ්ලේෂණයකට ලක් කරයි. මෙම විශ්ලේෂණය ඔස්සේ, දූෂණයට එරෙහි සටන ප්‍රධාන තේමාව කරගත් දේශපාලන ව්‍යාපාරයක් වන ජවිපෙ ප්‍රමුඛ මාලිමා ආණ්ඩුවට ද අත්විය හැකි අවදානම් පිළිබඳව දැඩි අනතුරු ඇඟවීමක් කරනු ලබයි.

 

ලිපිය අවධාරණය කරන්නේ, ඛාන් සහ ඔහුගේ PTI පක්ෂය 'නව පාකිස්තානයක්' ගොඩනැගීමට සහ 'දූෂිත ප්‍රභූත්වය' අතුගා දැමීමට පොරොන්දු වුවද, ඔවුන් අවධානය යොමු කළේ ආනුභවික දූෂණය (අල්ලස්, සොරකම්) වෙත පමණක් බවයි. එහෙත්, ව්‍යුහාත්මක දූෂණය (Structural Corruption) – එනම්, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ අරටුව වන මිලිටරි ව්‍යුහය, අනුග්‍රාහක ජාල සහ නව ලිබරල් ආර්ථික සීමාවන් (IMF) – බැරෑරුම් ලෙස විසුරුවා හැරීමට ඔවුන් අපොහොසත් විය.

 

මෙම ව්‍යුහාත්මක යථාර්ථය තුළ, 'උදාරවත් මිනිසා' (Noble Man) පිළිබඳ ෆැන්ටසිය පවත්වා ගත නොහැකි අතර, අවසානයේ ඛාන් ද එම පද්ධතියේම ගොදුරක් බවට පත් විය.

 

අවවාදය: ස්පාටකස් ලිපි පවසන ආකාරයට, වර්තමාන මාලිමා ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය ද ඉම්රාන් ඛාන්ගේ රටාවට සමීපව අනුරූප වේ. එමනිසා, ව්‍යුහාත්මක ගැටලු නොසලකා හරිමින්, දූෂණ විරෝධී සදාචාරාත්මක ජනතාවාදයක් මත පමණක් ගමන් කරන්නේ නම්, ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ පක්ෂයට අත් වූ ඉරණමට ලක්වීම වළක්වා ගැනීමට ඔවුන්ට ඇත්තේ මර්දනය පමණක්ම බව මෙම ලිපිය මගින් නිගමනය කරයි.

 

ඉම්රාන් ඛාන්ට සහ එම පක්ෂයට අත් වූ ඉරණම මාලිමා ආණ්ඩුවට ද අත්විය හැකිය - (ස්පාටකස් ලිපි)

 

ඉම්රාන් ඛාන් මරා දමා ඇති බවට ආරංචි පැතිර යයි. එය බොහෝ දුරට එසේ විය හැකිය.

 

ඉම්රාන් ඛාන් පාකිස්තානයේ "දූෂිත දේශපාලන ක්‍රමය" වෙනස් කිරීමට උත්සාහ කරන බව තමා විසින්ම ප්‍රකාශ කරමින් ඒ සඳහා ඉදිරිපත් වූයේ ඔහු ක්‍රිකට් ක්‍රීඩාව තුලින් ගොඩනගා ගත් අනන්‍යතාවය උපයෝගී කරගනිමිනි. ඔහු ක්‍රිකට් ක්‍රීඩාව තුල ජනප්‍රිය සමයේ පකිස්තානුවන් අතර ජනප්‍රිය ප්‍රකාශයක් වූයේ "ඉම්රාන් ඛාන්ට උඩින් කපුටෙකු හෝ පියාඹන්නේ නැත" යන්නයි.

 

ඉම්රාන් ක්‍රිකට් වලදී මෙන්ම ජනප්‍රියවාදී ලෙස දූෂණයට එරෙහිව සටන් කරන පරමාදර්ශී ප්‍රතිරූපයක් (ego ideal) වීමට දැඟලුවා මිස ධනවාදයට ආවේනික ගැඹුරු පද්ධතිය මූලික වශයෙන් නොවෙනස්ව තබන "දූෂණ විරෝධී ජනතාවාදී" සම්භාව්‍ය ජනප්‍රියවාදී තත්වය කුමක්ද යන්න පිළිබඳව ඔහුට අවබෝධයක් නොතිබුණි.

 

ඛාන් සහ පීටීඅයි පක්ෂය ඔවුන්ගේ මුළු අනන්‍යතාවයම ගොඩනඟා ගත්තේ පහත සඳහන් කරුණු වටාය:

* "නව පකිස්තානයක්" - එය පැරණි පක්ෂ (පීඑම්එල්-එන්, පීපීපී) සහ ඔවුන්ගේ අනුග්‍රාහක ජාල අතුගා දැමීමේ පොරොන්දුවකි.

* ශක්තිමත් දූෂණ විරෝධී අලංකාරෝක්ති වාචාලකම නඩත්තු කිරීම - ඔහු නිරන්තරයෙන් පැරණි නායකයින් රට “කොල්ල කෑ” සදාචාරාත්මකව කුණු වූ ප්‍රභූත්වය ලෙස රාමු කළ අතර, අවංක විකල්පය ලෙස තමා ඉදිරිපත් කළේය.

* විශේෂයෙන් නාගරික මධ්‍යම පාන්තික තරුණයින් ආකර්ෂණය කරගත් “පිරිසිදු ජනතාවට එදිරිව දූෂිත ප්‍රභූත්වය” පිළිබඳ ජනප්‍රියවාදී කතිකාවක් ගොඩනගැන ලදී.

ඔහුට අනුව ඔහු පැහැදිලිවම දූෂිත තත්වයක් පෙරළා දැමීමට උත්සාහ කළේය (නැතහොත් අවම වශයෙන් උත්සාහ කළ බව කියා සිටියේය).

 

ඉම්රාන් ඛාන් හැඳින්විය හැක්කේ "වෙනස" සහ දූෂණයට එරෙහි කතිකාව බලයට පත්වීම සඳහා යොදාගත් දක්ෂිණාංශික ජාතිකවාදී ජනතාවාදියෙකු ලෙසයි. නමුත් ඔහු ඇතුළු පක්ෂය යටින් පවතින අනුග්‍රහය/මිලිටරි ව්‍යුහය වැනි පකිස්තාන දේශපාලනයේ අරටුව බැරෑරුම් ලෙස විසුරුවා හැරීමට කටයුතු කළේ නැත (පකිස්තාන දේශපාලනයේ සුවිශේෂත්වය වනුයේ මිලිටරියයි. බැරෑරුම්ම සාධකය එයයි. මොන පක්ෂය බලයට පත් වුව ද එම ව්‍යුහය බලවත්ව පැවතුනි).

 

දූෂණ විරෝධී මෙහෙයුම් තෝරා බේරා ගනිමින්, විරුද්ධවාදීන් කෙරෙහි අවධානය යොමු කරමින්, "මැතිවරණයෙන් තේරී පත් වූවන්" සහ සාම්ප්‍රදායික ප්‍රභූන් තමන්ගේම පැත්තේ සිටීම හෝ පාලනය සඳහා ඔවුන් අවශ්‍ය වීම ඛාන් ඇතුළු පක්ෂය විසින් ඉවසා සිටින ලදී.

 

පසුව, ඔහුටම අල්-කදීර් භාරය / ඉඩම් නඩුව සහ ටොෂකානා තෑගි ඇතුළු දූෂණ චෝදනා එල්ල වූ අතර සිර දඬුවම් නියම කර ඇත (ඔහු පවසන්නේ නඩු දේශපාලනික වශයෙන් අභිප්‍රේරණය වූ ඒවා බවයි).

 

ප්‍රජාතන්ත්‍රවාදය තුල "ධනවාදී දූෂණ" වර්ග දෙකක් ප්‍රධාන වශයෙන් බෙදා වෙන් කර පෙන්විය හැකිය.

1. ආනුභවික දූෂණය:

අල්ලස්, සොරකම් කළ මුදල්, විදේශීය සමාගම්, රාජ්‍ය නිලතල අනිසි ලෙස භාවිතා කිරීම යනාදිය....

2. ව්‍යුහාත්මක (හෝ "ව්‍යුහාත්මක") දූෂණය

 

 

සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ලිබරල්-ධනවාදය විසින්ම දේශපාලනය පෞද්ගලික අවශ්‍යතා අතර කේවල් කිරීම, සංවිධානයට හෝ කර්මාන්ත වලට වාසියක් ලබා දෙන නීති හෝ රීති වලට සහාය දැක්වීමට අධිකාරියේ සිටින කෙනෙකුට, සාමාන්‍යයෙන් ආණ්ඩුවේ සාමාජිකයෙකුට ඒත්තු ගැන්වීමට උත්සාහ කිරීම, ව්‍යාපාරික ප්‍රජාවගේ අවශ්‍යතා වලට අනුගත වීමට සිදුවීම සහ ඒ හා බැඳී ඇති ව්‍යුහාත්මක වංචා, දූෂණ හැසිරවීමට සිදුවීම, මාධ්‍ය හැසිරවීම වැනි දේ දක්වා ඌනනය කරන ආකාරය ඉහත පළමු දූෂණ ආකාරයට එරෙහි වීමෙන් වෙනස් කල නොහැක.

 

 

ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන වශයෙන් වන දූෂණ මට්ටම් දෙක ඒ අකාරයෙන් ක්‍රියාත්මක වුව ද ලෝක ලෝක බැංකුව, මූල්‍ය අරමුදල, එක්සත්ජාතීන්, ඇතුළු අනෙකුත් ප්‍රධාන ධනේශ්වර කළමනාකරණ උපදේශක සංවිධාන සහ පුද්ගලයින් උපදසේ ලබා දෙනුයේ ඉහත සඳහන් කල පළමු මට්ටමට එරෙහි වීම පිලිබඳවය. දෙවන මට්ටම ඔවුනට කිසි ලෙසකින් අදාළ නැත.

 

ඒ අනුව කිසිවෙකු අල්ලස් නොගත්තද, පළමු මට්ටමේ දූෂණ ක්‍රියා කිසිවක් නොකළ ද දේශපාලනය තවමත් මෙම ගැඹුරු අර්ථයෙන් "දූෂිත"ය. ධනවාදයේ ස්වභාවය එයයි. පළමු මට්ටමේ දූෂණයට එරෙහිව සටන් කරන නමුත් දෙවන මට්ටමේ දූෂණය සම්පූර්ණයෙන්ම පිළිගන්නා "දුර්ලභ, අවංක ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනඥයෙකු" ධනවාදය තුල සිටිය නොහැක. ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ සමස්ත ක්‍රීඩාව සිදුවන අකාරය තුල එය අශක්‍ය වේ.

 

 

ඊයේ කරලියට පැමිණි සුනිල් හඳුන්නෙතිගේ සිද්ධිය උදාහරණයක් ලෙස සලකන්නේ නම්, හඳුන්නෙත්ති වංචාවකට හවුල් වූ බවට වන චෝදනාව මෙන්ම ඔහු එසේ නොකළ බවට ඔහුම කරන ප්‍රකාශය යන දෙකම එක විට සත්‍ය විය හැකිය. එය ඊට අමතරව එය පක්ෂය සඳහා හෝ ඔහුගේම අතට ලැබෙන මුදලක් ලැබෙන ක්‍රියාවක් උවද විය හැකිය. එසේ වූ කල සුපිරිසිදු, ජනතාවාදී, ස්වාධීන ප්‍රජාතන්ත්‍රවාදී චරිතය ලෙස අභිෂේක ලබනුයේ ජන මාධ්‍යවෙධියාය. ඔහුගේ කාර්ය වන්නේ එය හෙළිදරව් කිරීමයි.

 

 

ඒ අනුව "ජනතාව"ට එම සිද්ධිය පිළිබඳව දැනගන්නට ලැබෙන අතර සුපුරුදු ජන මාධ්‍ය මර්ධනය කරන, ප්‍රජාතන්තරේ උල්ලංඝනය කරන ආණ්ඩුවක් දැකගත හැකි වනු ඇත (ප්‍රජාතන්ත්‍රවාදය ආගම බවට පත්වූ සියලු දෙනා අපේක්ෂා කරන තත්වය). නමුත් සත්‍ය එයද? අපට අනුව සත්‍යයේ ස්ථානය වන්නේ යථෙහි ප්‍රතීඝතා (antagonism in the REAL) තුල නිමග්න වීමයි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය (ජන මාධ්‍ය එහි ප්‍රධාන භූමිකාවයි), එහි දේශපාලනය (ද්විපක්ෂ යාන්ත්‍රණය) ක්‍රියාත්මක වන්නේ යථාර්තය (reality) තුලය. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදී වීම යනු "දේශපාලනිකව නිවැරදි තීරණ" (political correctness) ගැනීමයි (විමුක්ති දේශපානය යනු දේශපාලනිකව වැරදි තීරණ ගනීමයි).

 

 

ඒ අනුව විමුක්ති දේශපාලනයේ යෙදෙන යමෙකු හඳුන්නෙති හොරා බව පැවසීම යනු ප්‍රජාතන්ත්‍රවාදී ද්විපක්ෂ යාන්ත්‍රණයේ ද්විපක්ෂ යාන්ත්‍රනය සමග එකඟතාවයකට පැමිණීමයි. එය ඉම්රාන් ඛාන්ට අදාලව පවසන්නේ නම් ඔහු නොදැනුවත්වම සහ ඔහු දැනුවත්වම එම යාන්ත්‍රනය තුල ඔහු සොරෙකු විය හැකිය.

 

 

ඛාන්ගේ ධර්ම යුද්ධය බොහෝ දුරට ආනුභවික දූෂණයට එරෙහිව විය ("සොරුන්", "පාතාලය" දේශපාලනඥයන්, ලන්ඩන් මහල් නිවාස ආදිය). නමුත් ඔහු එහෙත් ක්‍රියාත්මක වූයේ එකම මූලික ව්‍යුහය තුළය. එනම්, අනුග්‍රාහක ජාල සහ "තේරී පත් වූවන්" සහිත පාර්ලිමේන්තු දේශපාලනය නඩත්තු වීම නොවැලැක්විය හැකි විය. පකිස්තානයේ සුවිශේෂී තත්වය වූ ප්‍රධාන බල තැරැව්කරු ලෙස හමුදා සංස්ථාපිතය එසේම පැවතුනි. නව ලිබරල් ආර්ථික සීමාවන් (IMF, ආදිය) තුල ගමන් කිරීම අනීවර්යතාවයක් වී තිබුණි. තවත් ආකාරයකින් පවසන්නේ නම් මෝඩ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මෙන්ම ජවිපෙ අභ්‍යන්තරයේ ද ෆැන්ටසිය වන "උදාරවත් මිනිසා" කිසි දා හමු නොවේ. එබැවින් උදාර මිනිසුන් සොයා වෙහෙසෙන අයට පෙසප සමග අනන්‍ය වෙනින් දිගටම එම කාරයේ නිරත විය හැක.

 

 

ඉම්රාන් දූෂිත පුද්ගලයින්ට පහර දුන් බව සැබෑය. නමුත් දූෂණය ඇති කරන ක්‍රීඩාවේ පද්ධතිමය නීති රීති සැබවින්ම පරිවර්තනය කිරීමට ඔහුට නොහැකි විය. එය ඔහුගේ පුද්ගල ප්‍රශ්නයක් නිසා නොව ඔහු යනුම එම පද්ධතියේම නිෂ්පාදනයක් සහ පද්ධතිය තුල අනීවාර්යෙන්ම ඔහු ගොදුරුවන තත්වයයි.

 

 

දේශපාලනය "පිරිසිදු ජනතාව"ට එරෙහි "දූෂිත ප්‍රභූත්වය" (ඉතා සදාචාරාත්මක භාෂාව) ලෙස රාමු කර තිබුණි. එබැවින් ඉහළම මුහුණු වෙනස් කිරීම ප්‍රමාණවත් සේ සිතමින් සියලු ගැටලු "නරක ප්‍රභූන්" මත පටවමින් දොස් පවරනු ලැබීය.

 

මෙය ගැඹුරු ව්‍යුහාත්මක ගැටළු (පන්තිය, ධනවාදය, රාජ්‍ය යන්ත්‍රෝපකරණ, ගෝලීය ආර්ථිකය වැනි තත්වයන්) සරල කරයි.

 

එවිට දූෂණයට එරෙහි වීම එක්තරා ආකාරයක දෘෂ්ටිවාදී ෆැන්ටසියක් බවට පත්වේ. රැඩිකල් සහ සදාචාරාත්මක බවක් දැනේ. නමුත් යටින් පවතින පද්ධතිය මූලික වශයෙන් එලෙසම පවතී (වර්තමාන මාලිමා ආණ්ඩුව තුල පැහැදිලිවම සිදු වන්නේ මෙයයි).

 

අවසානයේ සිදු වූයේ ඛාන් ද ඊට ගොදුරු වීමයි.

 

"නව පකිස්තානයක්" යන පිරිසිදු ජනතාවට එරෙහි දූෂිත ප්‍රභූත්වය" පිළිබඳ ජනප්‍රියවාදය සහ ෆැන්ටසිය එසේ කඩා වැටුණි.

 

ඛාන්ගේ ජනතාවාදී රටාව ගොඩනැගුනේ මෙසේය: “අපි, අවංක ජනතාව / තරුණයින් / මධ්‍යම පන්තිය / දේශප්‍රේමීන්” ලෙස, “ඔවුන්, විදේශීය බලවතුන්ගේ සහාය ලබන දූෂිත ප්‍රභූත්වයට එරෙහිව බලමුළු ගැන්වීම සිදුවිය. මෙය සැබෑ කෝපය බලමුලු ගන්වන නමුත්, දේශපාලනය ව්‍යුහාත්මක වෙනස් කිරීමේ ව්‍යාපෘතියක් වෙනුවට සදාචාරාත්මක නාට්‍යයක් බවට පත් වීම ප්‍රජාතන්ත්‍රවාදී ධනවාදය තුල අනීවර්යතාවයකි.

 

 

ඛාන් පැරණි පාලක පක්ෂවලට සහ ඔවුන්ගේ සදාචාරාත්මක නීත්‍යානුකූලභාවයට අභියෝග කළ බව සැබෑය. එසේම පකිස්ථානයේ දේශපාලන දර්ශනය සොලවා දැමීය. නමුත්, ඔහු බොහෝ දුරට එය කළේ ජනප්‍රිය දූෂණ විරෝධී ෆැන්ටසියක් හරහාය. එනම් දූෂණය (නරක පුද්ගලයින්) පුද්ගලීකරණය කරන ලදී. ගැඹුරු ආර්ථික සහ ආයතනික ව්‍යුහය ස්පර්ශ කිරීමට බොහෝ දුරට ඔහු ඇතුළු පක්ෂයට නොහැකි විය (එය ප්‍රජාතන්ත්‍රවාදී ධනවාදය තුල අනීවර්යතාවයකි). අවසානයේ එකම මිලිටරි-අධිකරණ බල ක්‍රීඩා වලට පැටලී සිටියේය.

 

 

ඉම්රාන් ඛාන් පද්ධතිය පිරිසිදු කිරීමට කැමති අවංක දූෂණ විරෝධී වීරයා ලෙස පෙනී සිටි නමුත් ගැඹුරු මට්ටමකින් ඔහු ඒ ආකාරයටම අවදානමට ලක්වන බව ඔහු නොදුටුවේය. පද්ධතියේම ගොඩනඟන ලද දූෂණය පවතින අතරතුර “නරක මිනිසුන්ට” එරෙහිව සටන් කරන දූෂණ විරෝධී ජනතාවාදයේ අවසාන ඉරණමට ඉම්රාන් ඛාන් ගොදුරු විය.

 

ජවිපෙ ප්‍රමුඛ මාලිමාව බලයට පත්වූයේ කෙසේද, ඒ සඳහා බලපෑ සාධක මොනවාද, ඔවුන් ක්‍රියා කරමින් සිටිනුයේ කෙසේද වැනි කාරණා දීර්ගව විශ්ලේෂණය කරමින් අප බොහෝ ලිපි පල කර තිබේ. එම ලිපි වල පකිස්තානයට අදාලව මේ ලියා ඇති කරුණු ඉතා දීර්ගව සාකච්චා කර තිබේ. එබැවින් ඒවා නැවත නැවත ලිවිය යුතු නොවේ.

 

ඉම්රාන් ඛාන් ඇතුළු එම පක්ෂයේ ක්‍රියාකාරීත්වය ඉතා සමීප ලෙස අනුරූප වන්නේ වර්තමාන මාලිමා ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයටයි. එබැවින් මාලිමා ආණ්ඩුවට කාලාන්තරයක් බලය රැකගත හැකි එකම මග මර්දනය පමණි. එය අවබෝධකර නොගන්නේ නම් ඉම්රාන් ඛාන්ට සහ පක්ෂයට අත් වූ ඉරණමට ලක්වීම සඳහා ඔවුන් සූදානමින් සිටිය යුතුය.

 

 

@ ස්පාටකස් ලිපි

නවතම ලිපි