SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කොළඹට විශේෂ අවදානම

  • අනාවැකියේ පදනම: කැලණි ගඟේ අවිස්සාවේල්ල ජලමාපකයේ ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත.
  • උපදෙස: කොළඹ අවට පදිංචිකරුවන්, අධ්‍යාපන සහතික, වාහන ලේඛන වැනි අත්‍යවශ්‍ය සහ ඉවත් කරගත හැකි ලේඛන සහ වටිනා දේ ආරක්ෂිත ස්ථානයකට ඉවත් කරගැනීම සුදුසු බවට උපදෙස් දී ඇත.

 

 

2016 වසරේ කොළඹ ප්‍රදේශයට ඇතිවූ ගං වතුර තත්ත්වයට වඩා වැඩි ගං වතුර තත්ත්වයක් පවතින අයපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්  හෙට රාත්‍රියේදී ඇතිවී හැකි බව වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් ගුණසේකර පවසයි. 

 

කැලනි ගඟ අවිස්සෙල්ලේ පිහිටි ජලමාපකයේ ප්‍රමාණය සැලකිල්ලට ගනිමින්, හෙට රාත්‍රියේ හෝ ඒ ආසන්න කාලයේදී කොළඹට 2016 ගං වතුරට වඩා වැඩි ප්‍රමාණයක ගං වතුරක් ඇතිවනු ඇතැයි බලාපොරොත්තු වන බව අධ්‍යක්ෂ ජනරල්වරයා සඳහන් කරයි.

 

මේ හේතුවෙන්, කොළඹ පදිංචි අයගේ අධ්‍යාපන සහතික සහ වාහන ලේඛන වැනි අයින් කරගන්න පුළුවන් දේවල් ඉවත් කරගැනීම සුදුසු බවටත් ඔහු උපදෙස් දෙයි.

 

රටේ වෙනත් ප්‍රදේශවලින් ද ජල ගැල්ම පිළිබඳ තොරතුරු වාර්තා වන අතර, ඉගිනිමිටිය සහ තබ්බෝව යන වැව් දෙක මේ වන විටත් වාන් දමමින් පවතී.

 

මෙම වැව් වාන් දැමීම හේතුවෙන්, පුත්තලම-අනුරාධපුර මාර්ගය යට වී ඇති අතර, එම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති හෙයින් ළඟා වීමට නොහැකි ප්‍රදේශ හඳුනාගෙන තිබේ.

 

තවද, දැදුරුඔය ජලාශය වාන් දැමීම හේතුවෙන් බොහෝ දුරට හලාවත නගරය ජලයෙන් යට වීමටඉඩ ඇති බව ද ඔහු පැවසීය.

 

 

සැලකිලිමත්වන්න!!!

  • නිල දැනුම්දීම් අනුගමනය කරන්න: වාරි මාර්ග දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMCC), සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන නවතම අනතුරු ඇඟවීම් සහ උපදෙස් පිළිබඳව අවධානයෙන් සිටින්න.
  • ආරක්ෂිත පියවර: නිලධාරීන්ගේ උපදෙස් අනුව වහාම අවදානම් ප්‍රදේශවලින් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වීමට සූදානම් වන්න.
  • වටිනා දේ ආරක්ෂා කරන්න: ඉහත සඳහන් කළ පරිදි, ලේඛන සහ අනෙකුත් වටිනා භාණ්ඩ හැකි ඉක්මනින් ඉහළ සහ වියළි ස්ථානයක තබන්න.

නවතම ලිපි