SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආර්ථිකයේ කඩා වැටීම හේතුවෙන් මෙරටේ විවිධ කර්මාන්ත දෙලක්ෂ හැට තුන් දහස් දෙසීයක්

පසුගිය වසර හතරක කාලයේදී (2019සිට 2022 දක්වා) වැසී ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ අලුත්ම වාර්තාවක් කියයි.

 

පසුගිය 2019 වසර ආරම්භ වනවිට ලංකාවේ ක්ෂුද්‍ර කුඩා සහ මධ්‍යම කර්මාන්තශාලා දහතුන් ලක්ෂ තුන්සීයක් පැවැති නමුත් 2022 අවසන් වනවිට එම සංඛ්‍යාව දස ලක්ෂ තිස් හත්දාස් එකසියක් දක්වා පහළ වැටී තිබූ බව එම සංඛ්‍යා ලේඛනවල දැක්වෙන බව  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසයි.

 

කම්හල් 2

මහාචාර්ය වසන්ත අතුකෝරළ

 

ඒ අතරින් කර්මාන්තශාලා දෙලක්ෂ හාරදහස් එකසීයක් ස්ථිර ලෙසද කර්මාන්තශාලා 59100ක් තාවකාලික ලෙසද වසා දමා ඇතැයි සඳහන් බව ඔහු කියයි.

 

|මෙසේ වසා දමා ඇති කර්මාන්ත අතර 254700ක් ක්ෂුද්‍ර කාණ්ඩයට අයත් ඒවා වෙයි. මීට අමතරව කුඩා කර්මාන්ත 7300ක්ද මධ්‍යම කර්මාන්ත 1100ක්ද වැසී ගොස් ඇත.

රට මෙවන් තත්වයකට පත්වී ඇති මොහොතක වත්මන් ජනාධිපතිවරයා දිනපතා සතිපතා කොහේ රටක හෝ මේ රට පුරා විවිධ සංචාරයන් සඳහා යොමු වී ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (13) සිට ලබන 24 වනදා දක්වා දින 11ක සංචාරයක් සඳහා විදේශගතවීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

හෙට දින ස්වීට්සර්ලන්තයේ ඩාවෝස් නුවර බලා පිටත්ව යාමට නියමිතව ඇත්තේ ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහාය.

ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගී වීම සඳහා ලබන 18 වැනිදා උගන්ඩාව බලා පිටත්ව යාමට නියමිතව ඇත.

ඔහු යළි මෙරටට පැමිණෙන්නේ ලබන 24 වැනිදාය.

මේ අතර අද පාර්ලිමේන්තුවේදී අනාවරණය වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විදෙස් සංචාර, වාහන සහ ඉන්ධන සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් මගින් රුපියල් ලක්ෂ 2000ක මුදල් වෙන් කරගෙන ඇති බවය.

 

මේ පිළිබඳව ජාජබ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු‌වේදී අදහස් දැක්වූයේ මෙසේය..

 

කම්හල් 3

 

 |නිරීක්ෂණ චාරිකා යනවා රෑට. මීටර් 20කට වඩා ඈත පේන්නේ නැහැ. රෑට නිරීක්ෂණ චාරිකා යනවා. මොන බොරුද මේ? විශාල අර්බුදයකට රට පත්වී ඇති මොහොතක, ජනතාවට විශාල බදු බරක් පටවලා, මහජනයාගේ ධනය නාස්ති කරනවා. මේ පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳව පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමක් කරන්න කියා මම ඉල්ලීමක් කරනවා. ජනාධිපතිවරයාගේ සංචාරකවලට, වාහන නඩත්තුවලට අයවැය ලේඛනයෙන් කොපමණ මුදලක් වෙන්කළාද? අතිරේක මිලියන 200ක් ඉල්ලන්නේ ඇයි? ඒ වියදම් මොනවාද? කියා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීම සඳහා මිලියන 1300ක මුදලක් වැය වෙන්නේ කොහොමද?”

යැයි ජාතික ජන බලවේගය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක අද පාර්ලිමේන්තුවේතී ප්‍රශ්න කර සිටියේ.

 

එහිදී ඔහු මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් දැක් වූ අදහස් පහතින් දැක්වේ,

 

“විශේෂයෙන් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පරිපූරක ඇස්තමේන්තුවක්. මූල්‍ය විනය පිළිබඳව, ආර්ථික අර්බුදයන් පිළිබඳ රීති ප්‍රශ්නයක් අහනවා. මේ සතියේ ඉදිරිපත් කර තිබෙන පරිපූරක ඇස්තමේන්තුවේ වෙන්කර තිබෙනවා රුපියල් මිලියන 1300ක් ඒ කියන්නේ ලක්ෂ දහතුන් දහසක් රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවට. ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන්. මෙම රුපියල් දහතුන් දහස වියදම් වූ ආකාරය මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියා මම ඉල්ලා සිටිනවා. ටෙලිකොම් ආයතනය විකිණීමේ කටයුත්තට බිලියන1.3ක් වැය කරනවා නම්, මූල්‍ය විනයක් තිබෙනවාද?

එම ඇස්තමේන්තුවේම ජනාධිපතිවරයාගේ අතිරේක වියදම් සඳහා ලක්ෂ 2000ක් (මිලියන 200ක්) වෙන්කොට තිබෙනවා. විදේශ සංචාර, ඉන්ධන හා වාහන නඩත්තුවට අදාළ ප්‍රතිපාදන හිඟය පියවීම සඳහා. මෙම වියදම් සඳහා අයවැයෙන් සෑම වසරකම විශාල මුදලක් වෙන්කරනවා. ජනාධිපතිවරයාගේ මෙම වැය ශීර්ෂය රටට බරක් බව එදා අපි පෙන්වා දුන්නා. නමුත් සිදුවී තිබෙන්නේ තවත් මිලියන 200ක්. (ලක්ෂ 2000ක්). මෙතන මූල්‍ය විනයක් තිබෙනවාද?

 

|මූල්‍ය විනය පළමුවෙන්ම රැකිය යුත්තේ ජනාධිපතිවරයා. එංගලන්තෙට හතර පාරක්, ජපානයට දෙපාරක්, දැන් ලංකාවෙ දීර්ඝම දවස් 12ක 13ක සංචාරයක්. මාස 14යි. සංචාර 14යි. මේ වගේ සංචාර ජනාධිපතිවරු ගිහින් තිබෙනවාද? මළ ගෙදරකට,මඟුල් උත්සවයකට, ලෝක නායකයන් නොඑන පරිසර සමුළුවකට ගිහින් කතා කරනවා. නැවතත් ගුවන් සංචාර සඳහා මිලියන 200ක් ඉල්ලනවා. මූල්‍ය විනය ගැන මේ පාර්ලිමේන්තුවේ කතා කරනවා. තවමත් පාසල් දරුවන්ට ආහාර වේලට අවශ්‍ය ඉතිරි මුදල් ටික තවම ලැබී නැහැ. පාසල් නිල ඇඳුම්වලට මුදල් තවමත් ලැබී නැහැ. ගුරුවරුන් ගමන් වියදම් තමන් දරාගෙන පේපර් මාකින් සඳහා යනවා. ඔවුන්ට දෙන සොච්චම් මුදල තවමත් ලබාදී නැහැ. දීමනාවෙත් කප්පාදුවක් සඳහා යෝජනාවක් කර තිබෙනවා.

 

නමුත් ජනාධිපතිවරයාට අයවැය ලේඛනයෙන් වෙන්කර තිබෙන විශාල මුදලට අමතරව, විදෙස් සංචාර, ඉන්ධන හා වාහන නඩත්තුවලට දසලක්ෂ 200ක් ඉල්ලනවා. මේ මහජනතාවගේ ධනය. එතුමාත් මේ පාර්ලිමේන්තුවත් මේ ගැන සිතිය යුතුයි. රට තිබෙන්නේ අගාධයක. ආර්ථිකය කඩා වැටිලා. හාල්, කිරි වීදුරුවට, ඩීසල් ටිකට, පාසල් උපකරණවලට, පොත්වලට, සෞඛ්‍ය උපකරණවලට වැට් ගහනවා. එහෙම එකතු කරගන්න ධනය ජනාධිපතිවරයා රට සවාරි යනවා. පිරිසිදු ව්‍යාපාරිකයන් බදු ගෙවන්න සූදානම්. ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට පාර්ලිමේන්තුවට කිලෝ මීටර් 15ක දුරකට එනවා නම්, පිටුපසින් ඇම්බියුලන්ස් එකක් එනවා. මේ ලෙඩ්ඩුද? හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විජේරාමේ සිට පාර්ලිමේන්තුවට එනවිට ඇම්බියුලන්ස් එකක් පස්සෙන් එනවා. සෞඛ්‍ය ඇමතිතුමා දන්නවා සමහර ඉස්පිරිතාලවලට ඇම්බියුලන්ස් එකක් නැහැ. මේව දකිනවා පාරේ යන ව්‍යාපාරිකයන්. ජනතාවට බදු පිළිබඳව විශාල බරක් දානවා. එහෙම ගන්න බදුවලට මොකක්ද වෙන්නේ කියල පාරේ යන අය දකිනවා. ඒනිසා මේ මූල්‍ය විනය ගැන කියන කතා, ආර්ථිකය කඩා වැටිලා කියල ජනතාවට කියන කතා සියල්ලම බොරු. තමුන්නාන්සේලාගේ සුඛ විහරණය වෙනුවෙන් මහජනතාවගේ ධනය වියදම් කරන්නේ.

 

|මම දැන ගන්න කැමතියි. නාමල් රාජපක්ෂ ආණ්ඩුවේ ගෙදරක ඉන්නේ කොහොමද? පුතත්, තාත්තත්, බාප්පත්, පොඩි බාප්පත්, මහප්පත් ආණ්ඩුවේ ගෙදරක. මැදමුලනේ වලව් තිබෙනවාලු. හැබැයි ජීවත් වෙන්නේ ආණ්ඩුවේ ගෙවල්වල. කොහොමද නාමල් රාජපක්ෂට ආණ්ඩුවේ ගෙදරක් දෙන්නේ? මහජනතාව මේ විරෝධය තිබෙන්නේ මේ බදු ගහලා ගන්න මුදල්වලට කරන නාස්තියට එරෙහිව.

 

නිරීක්ෂණ චාරිකා යනවා රෑට. මීටර් 20කට වඩා ඈත පේන්නේ නැහැ. රෑට නිරීක්ෂණ චාරිකා යනවා. මොන බොරුද මේ? විශාල අර්බුදයකට රට පත්වී ඇති මොහොතක, ජනතාවට විශාල බදු බරක් පටවලා, මහජනයාගේ ධනය නාස්ති කරනවා. මේ පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳව පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමක් කරන්න කියා මම ඉල්ලීමක් කරනවා. ජනාධිපතිවරයාගේ සංචාරකවලට, වාහන නඩත්තුවලට අයවැය ලේඛනයෙන් කොපමණ මුදලක් වෙන්කළාද? අතිරේක මිලියන 200ක් ඉල්ලන්නේ ඇයි? ඒ වියදම් මොනවාද? කියා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීම සඳහා මිලියන 1300ක මුදලක් වැය වෙන්නේ කොහොමද කියා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. හේතුව මුදල් බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට නිසා.”

 

නවතම ලිපි