SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කවර නිර්මාණය: Hiranya Malwatta

පොතේ මිල රුපියල් 750ක් පමණයි..

පිටු 160යි.. පරිච්ඡේද 15 උපග්‍රන්ථ පරිච්ඡේද 3යි..

සූචියකින්, දස් කපිටාල් මුල් ග්‍රන්ථය කියවීම සඳහා සැලැස්මකින්, විවෘත මෘදුකාංග මඟින් පොතේ ගණනය කිරීම් තහවුරු කර ගැනීම පිණිස QR කේතවලින් සමන්විතයි

 

සාමාන්‍යයෙන් පිටු 250 පන්නපු පොත් ගත්තාට ගොඩක් ලංකාවේ අය කියවන්න පටන් ගනේ නෑ ලොකු වැඩි නිසා..

කොහොමත් පොත් කියවන්න අමාරුයි.. තමන් කියවන්නේ සෑහෙන හෙමින් කියලා ගොඩාක් අයගේ අදහස වුණේ.. දස් කපිටාල් වෙළුම් තුනවත් කියවීම ඇදහිය නොහැකි විශාලත්වයක් වගේ අදහස් නේ තිබුණේ..

හැබැයි මේ පිටු 160ට ඇඩම් ස්මිත්ගේ කාලේ සිට මාක්ස්ට පෙර වටිනාකම පිළිබඳ ශ්‍රම න්‍යායයි, මාක්ස් කියපුවායි, පසුකාලීන ප්‍රධාන ප්‍රවර්ධක හා විවේචක ප්‍රවණතායි, නූතන තාක්ෂණික හා මූල්‍ය ලෝකයේ මාක්සියානු ආර්ථික අදහස් ස්ථානගත කළ හැකි තැනැයි ඔක්කොම විස්තරාත්මකව පැහැදිලි කරනවා..

 

දස් කැ පිටල් 2

(පොතේ පසුපිට)

 

"දේශපාලන ආර්ථිකය" හා වාම බයිලා..

 

|මාක්ස් දස් කපිටාල් ගෙනෙන්නේ දේශපාලන ආර්ථිකයට විචාරයක් යනුවෙනි.. මේ දේශපාලන ආර්ථිකය හෙවත් political economy යන වචනය අල්ලාගෙන විකාර දෙඩවීම ලංකාවේ වම්මුන් කිහිප දෙනකුගෙන් දක්නට ලැබුණි. එනම්, කලකට පෙර ජනක වීරසිංහ කියා තිබ්බේ මාක්ස්ට පෙර දේශපාලනය වෙනමත් ආර්ථිකය වෙනමත් තිබූ අතර මාක්ස් ඒ දෙක එකතු කොට නව විෂයයක් සාදා ඇත කියා ය. මෙය පැහැදිලි විකාරයකි. මාක්ස්ට පෙර සිටි රිකාඩෝගේ පොතේ නම ද principles of political economy ය. තවත් වම්මුන් කිහිප දෙනෙක් ම political economy යනු දෙකේ මිශ්‍රණයකි යන අදහසේ සිටිනු පෙනේ..

 

 

දස් කැ පිටල් 1

(පොතේ පෙර කවරය)

 

Political economy යනු ආර්ථික විද්‍යාව විෂයය ඇතිවීමට පෙර එනම් ඇල්ෆ්‍රඩ් මාෂල්ට පෙර තිබූ විෂයය ය. (අද මෙනමින් දේශපාලන හා ආර්ථික බහුශික්ෂක අධ්‍යයන ක්ෂේත්‍ර හැඳින්වීම මෑතකාලීන ව්‍යවහාරයකි)

ආර්ථික විද්‍යාවට පෙර වූ විෂයයට political economy කීවේ ඇයි දැයි සොයා බැලීමට නම් එහි නිරුක්තිය කරා යොමු විය යුතු ය.

Economy වචනය හැදෙන්නෙ ග්‍රීක oikos (ගෘහ) + nemein (කළමනාකරණය/පාලනය) යන යන වචන එකතු වීමෙනි..

ආරම්භයේ දී economy කීවේ ගෘහ පාලනයට ය.. (පාසල්වල ඉගැන්වෙන ගෘහ විද්‍යාව ආදිය වර්ධනය වන්නේ මේ විෂයයෙනි)

පසුව මේ ගෘහ පාලන අර්ථ ශාස්ත්‍ර අදහස් සමාජය වෙත එනම් නගර හා පාලන ඒකකවල ආර්ථික කළමණාකරණය වෙත ද ආදේශ විය.

Polity polis ආදී ග්‍රීක වචන ප්‍රජාව, නගරය, පාලන ඒකකය යන අදහස දක්වයි...

එහෙයින් ගෘහපාලනයේ සිට නගර හෝ පාලන ඒකක දක්වා විස්තීරණය කෙරුණු අර්ථශාස්ත්‍රය ක්‍රමයෙන්

ප්‍රජා ගෘහපාලනය/නගර-රාජ්‍ය ගෘහාපාලනය/දේශපාලන ඒකක ගෘහපාලනය යන තේරුමින් political economy යනුවෙන් ක්‍රමයෙන් හැඳින්වෙන්නට විය. මෙහි political එන්නෙ ප්‍රජා යන අර්ථයෙනි.

 

පසු කාලීනව ගෘහ විද්‍යාව අභිබවා රාජ්‍ය හා සමාජ ආර්ථික කරුණුවලට වැඩි අවධානය යොමුවෙමින් මෙය වෙන ම විෂයයක් බවට වර්ධනය විය. Economy යන්නෙහි තිබූ ගෘහපාලන අර්ථය ක්‍රමයෙන් ඒ වචනයෙන් ගැලවී ගියේ ය. පසුව සමාගම් හා ව්‍යාපාරවල ආර්ථිකය අධ්‍යයනය ද විශේෂ අංගයක් විය..

 

මේ ප්‍රජා ගෘහපාලන ආරම්භක අර්ථය ඇති දේශපාලන ආර්ථිකය යන ව්‍යවහාරය අත්හැර ඍජුව Economy පදයෙන් ආර්ථික විද්‍යාව හැඳින්වීම ඇල්ෆ්‍රඩ් මාෂල්ගේ පාඨ ග්‍රන්ථයේ සිට ආරම්භ වූ සම්ප්‍රදායකි. ඇල්ෆ්‍රඩ් මාෂල්ගෙන් පසු ඇති වූ විෂය ප්‍රවණතා ආර්ථික විද්‍යාව අර්ථයෙන් economics ලෙස හැඳින්වේ.. මාක්ස් political economy කීවේ අද විශ්වවිද්‍යාල පාඨමාලා නම් කරන අර්ථයෙන් නො වේ..

 

@Thamalu Maliththa Piyadigama fb

නවතම ලිපි