පිංතුරය, මාළිගාවිල ඇති අවලෝකිථේශ්වර ප්රතිමාව
බෝධිසත්ව වන්දනාව අනුරාධපුර යුගයේ ඉතාම ජනප්‍රිය ඇදහීමක් විය.
මහායානයට අනුව බෝසතානන් කෙනෙක් නිවනට යන්නේ සියලුම සතුන් සසරෙන් එගොඩ කිරීමෙන් පසුවය.
පිං පෙට්ටියට වහ වැටුණු, ඉඩම් නඩුවලට උසාවි බඩගාන, අටපිරිකර හුවමාරු භාන්ඩයක් කර ගත් හා සිමෙන්ති - ගඩොල් බුද්ධාගම කෙලින් කරනා සිංහල භික්ෂුව අතරේ ඔබට බෝධිසත්වයෙක් කිසිම දිනක දකින්නට නොලැබෙනු ඇත. ඌව පළාතේ දි ගමින් ගමට, ගෙයින් ගෙයට නෑ දෙවිවරුන් උපදින ආකාරයට බෝධිසත්වරුන් ද සිටිය හැකිය. මේ බොධිසත්වවරුන් හදුනා ගැනීමේ එකම ක්‍රමය ඔවුන් පරාර්ථයට කැපවීමයි. අනෙකාගේ සුභ සිද්ධිය වෙනුවෙන් තම දිවිය කැප කිරීමයි.
පිංතුරය, මාළිගාවිල ඇති අවලෝකිථේශ්වර ප්රතිමාව
අවාසනාවට අනුරාධපුර යුගයේ පටන් එන මහායාන සම්ප්‍රදායට අයත් වෙහෙර විහාර සියල්ලටම ඔප්පු ලියාගෙන පදිංචි වී සිටින්නේ සිංහල හීනයාන භික්ෂුවය. වර්තමාන අභයගිරියට, ජේතවනයට, මාළිඟාවිලට යන ඔබට මේ බව පහසුවෙන්ම අවබෝධ කර ගැනීමට පුළුවන. මෙය හරියට සූෆි මුස්ලිම්වරුන්ගේ පල්ලි වහාබ්වාදීන් බලෙන් අල්ලා ගැනීමට නොදෙවෙනිය.
|කැලණියෙන් මතු වූ “බෝධිසත්වයා” මෙන්ම දේශපාලන භික්ෂුව ද මේ තාක් පැවති හා දැන් පවතින කුජීත බංකොලොත් දේශපාලනයේ හවුල්කරුන් ය. ඔවුහු රටේ පාලකයන් සමඟ රටේ සම්පත් මෙන්ම රටේ නිෂ්පාදන ද “කළු හවුලට” ගසා කති. ඔවුන්ට යළි යළිත් බලය පැවරීමට නොයෙකුත් ‘දහම් ගැට” ගසති. ඔවුන් කැලණියෙන් මතු වූ බෝධිසත්වායාට බුරා පනින්නේ අන් කිසිවක් නිසා නොව, තමන්ගේ සිවුර හා පඬු හැලිය බේරා ගැනිමටය. විසාලා මහනුවරක් වූ රටකට දහසක් බෝධිසත්වයන් නොව සීයයක් බොධිසත්වයන් පහළ වන්නේ නම් කවර වාසනාවක් ද?
@ නන්දන වීරරත්න
11/01/2024