SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ස්වීඩන් රාජ්‍යයේ සෙක්ස් තරඟාවලියක් පිලිබඳ කතාබහක් සමාජ මාධ්‍ය පමණක් නොව දෙස් විදෙස් මාධ්‍ය වලිනුත් ඊයෙ දවස පුරා ව්‍යාප්ත උනා.

නමුත් අවසානයෙ පිළිතුර උනේ එය ස්වීඩනයේ ජාතික ක්‍රීඩා මධ්‍යස්ථානය විසින් ගෙන ආ යෝජනාවක් බවත් පවත්නා රජය විසින් එය ප්‍රතික්ෂේප කරන ලද බවත් ය. මේ අතර ඊයේ ලංකාවේ LGBTQ ප්‍රජාව සහ එහි අනුගාමිකයින් එක්ව පවත්වන ලද අවස්ථාවන් පිළිබඳවද වීඩියෝ පට සංසරණය වනු අපි දැක්කෙමු.

 

මේ පිළිබඳ කතාබහේදී ලංකාවේ මූලිකවම හඳුනාගත හැකි පුද්ගලයෙක් වන ෆැකල්ටි ඔෆ් සෙක්ස් කර්තෘ චින්තන ධර්මදාස සමග Sri Lankan Leader වෙබ් අඩවිය පැවැත්වූ සාකච්ඡාවක් පහත පළකරන්නෙමු.

 

chintha 2

 

01.ස්වීඩනයේ සෙක්ස් ක්‍රීඩා තරඟයකට යෝජනාවක් ගෙනත් තියෙනවා ඒ රටේ ජාතික ක්‍රීඩා සම්මේලනයෙන්. මේක ප්‍රතික්ෂේප වෙනවා පවතින රජයෙන්. ඒ කියන්නෙ ආණ්ඩු පක්ෂය, විපක්ෂය, කොටින්ම දේශපාලන පක්ෂවලින්. මේක ඒ ආණ්ඩුවේ පසුගාමීත්වයක්ද?

මෙහෙමයි, ආණ්ඩුවක් පසුගාමී කියන්නේ, ආණ්ඩුවක්  නියෝජනය කරන්නෙ රටක ඉන්න ජනතාව. ඒ ජනතාවගේ කැමැත්ත අනුව තමයි ආණ්ඩු වැඩකරන්න උත්සාහ කරන්නේ. උන්ට ඡන්ද ඔින හින්ද. එහෙම උනාම ආණ්ඩුවක් පසුගාමී කියන එකේ තේරුම තමයි ඒ රටේ ඉන්න ජනතාවගේ පසුගාමීත්වයක් අපිට ආණ්ඩුව හරහා පේන්න පටන් ගන්නවා. ඔය සෙක්ස් කියන එක ලීගලයිස් කරොත් එහෙම , ඒ රටේ උනත් (මම දන්නෙ නැහැ මම ස්වීඩනයෙ ජීවත්වෙලා නැහැ) එහේ තියෙන පල්ලියෙන් ඒවයෙ තියෙන ආගමික බලපෑම්වලින් එන පීඩනය තවම දරාගන්න බෑ. එත‌කොට එහෙම උනාම ආණ්ඩුවක් පුළුවන් තරම් බලන්නෙ, දැන් මේ යෝජනාවම මුට්ටිය දමා බැලීමක් වෙන්නත් පුළුවන්. ඊට පස්සෙ ඔිව ගැන මතවාද හදල, කැම්පේන් කරල මිනිස්සුන්ගෙ අතරට ගිහිල්ලා, ඔිකට සපෝට් කරන කට්ටියගෙ පැත්තට මිනිස්සුන්ව උනන්දු කරවල, මේවිදිහට ආණ්ඩුවට අවාසිදායක නොවන තත්වයක්, මිනිස්සුන්ගෙන් පීඩනයක් ආණ්ඩුවට නොඑන තත්වයක් ස්වීඩනයට නිර්මාණය කරගන්න වෙනවා. ඒක ස්වීඩනයට කරගන්න පුළුවන්. හේතුව ලංකාවේ ඔය වගේ යෝජනාවක් ඉදිරිපත් වෙන්න පවා  තව අව්රුදු සියයකට එහාවත් යයි.

 

02.මේකට ස්වීඩන් පුරවැසියො සටන් කරන්න ඔින නේද?

 

ඒක පිටිපස්සෙ සටනක් තියෙන නිසා තමයි ඔය යෝජනාව එන්නෙ. ඒ කියන්නෙ යම්කිසි ප්‍රජාවක් ඉන්නවා මේක විශ්වාස කරන. මේක මෙසේ දියයුතුයි කියල. සහ අනිවාර්යයෙන්ම අළුත් ක්‍රීඩාවක් හඳුන්වල දෙනව කියන්නෙම විශේෂයෙන්ම සෙක්ස් වගේ ක්‍රීඩාවක් කියන්නෙ විශාල වෙළඳපොලක් විවෘත වෙනවා.

 

03.දැන් ඊයෙ ලංකාවෙ  තිබුන LGBTQ සැමරුමක්. ඒකෙදි මේ කාරණය ගැන සංවාදයක් ඇති උනේ නැද්ද?

 

මම ඇත්තටම ඒකට ගියේ නැහැ. මම හිතන්නෙ නැහැ LGBTQ එක ඇතුලෙ ස්වීඩනයෙ ප්‍රශ්නය ගැන සංවාදයක් ඇතිවෙයි කියල, මොකද ඒක වැරදි ප්‍රවෘත්තියක් විදිහටනේ ප්‍රචාරය වෙන්නෙ. LGBTQ කට්ටිය කැමතිවෙයි අනිවාර්යයෙන්ම ස්වීඩනයෙ හරි සිද්ධ වෙනවට.

LGBTQ කට්ටිය ඊයෙ පාරට බැස්සෙ ඒ ගොල්ලන්ට ඊට වඩා දැවැන්ත ප්‍රශ්නයක් තියෙනවනේ, ස්වීඩනයේ සෙක්ස් ක්‍රීඩාවක් කියල පිළිගන්නවද කියන කතාව යද්දි ලංකාවෙ තවම සමලිංගිකත්වය වරදක් නොවේය කියල පිලි අරගෙන නෑනේ. ඒ පනත එනව, ඒ ගොල්ලන්ට ඉස්සරහට ඒ ගොල්ලන්ගෙ ෆයිට් එකේ ප්‍රධාන තේමාව වෙලා ඇත්තෙ ඒකට කොහොමද සහයෝගය දීගන්නෙ කියල.

 

04.දැන් AI වගේ දේවල් ඇවිත් රැකියා වෙළඳපොල හැකිලිලා බොහෝ අයට රැකියා අහිමි වෙලා තියෙනවා. අපි දන්නවා ඔලිම්පික් වගේ තරඟාවලියක් තමන්ගේ රටේ පවත්වගන්න ලොකු ඉල්ලුමක් තියෙනව ඒකෙ සාමාජික රටවල. ඒක රටට ආර්ථික හයියක්. දැන් මේ වගේ තරඟයක් පටන් ගත්තොත් අළුත් ව්‍යාපාරික තරඟයක් ඇති වෙනවා. වෙළඳපොලක් ඇති වෙනවා. ආයෝජකයො එන්න ගන්නවා. ලංකාවට  මොකුත්ම නැතිව අමාරුවෙන් ඉන්න මේ වෙලාවෙ මේ වගේ එකකින් අවස්ථාවක් ගන්න පුළුවන්. ආයෝජකයො ගෙන්වන්න. ඒකට අදාළ නිෂ්පාදන කරන්න. ඉතිං ඉදිරියේදී මේ සටන ජය ගත්තොත්, ඒක කලින්ම ලංකාවත් බාරගත්තොත් ලංකාවට ආර්ථික වශයෙන් වාසිදායක තත්වයක් උදාවෙයි කියල හිතනවද?

 

(සිනාසෙයි) කවදාහරි කොමියුනිස්ට් රාජ්‍යයක් ඇතිවෙයි කියන හීනෙටත් වඩා දරුණු රොමැන්ටික් හීනයක් තමයි ඒක. ඒක කිසි දවසක වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි අපේ රටේ. ලෝකෙ අන්තිමටම ප්‍රගතිශීලී වෙනසක් සිද්ධවෙන රට විදිහට තමයි මම ලංකාව අඳුරගන්නෙ. මේ වෙද්දි නිකං විහිළුවක් කරාමත් මිනිස්සුන්ව අල්ලල හිරේ දාන රටක, සමලිංගිකත්වය වරදක් කියල පිලිගන්න රටක, කංස නීතිය නීතිගත කරගන්න බැරිව ඉන්න රටක සෙක්ස් ස්පෝර්ට් එකක් වෙන්න සහ ඒකෙන් ආර්ථිකයක් ගොඩනගා ගන්නවයි කියන එක... ඒක හොඳයි ස්ටෑන්ඩ් අප් කොමඩි එකකට. ඒක ගැන කතාකරල වැඩක් නැහැ. ඒක විහිළුවක්. ඒක විහිළුවක්. අපි ඉස්සෙල්ල තේරුම්ගන්න ඔින අපි ඉන්නෙ අපායෙයි කියල. අපායෙ ඉඳගෙන අපි දිව්‍යලෝක ගැන කරන්න පුළුවන් ෆේස්බුක් පෝස්ට් දාන එක විතරයි. අපිට ගනුදෙනු කරන්න වෙන්නෙ යම බල්ලො එක්ක තමයි. මම මේ කරන ෆයිට් එක වෙන්නෙ  ලෝකෙ අන්තිමටම පිටිපස්සෙන් යන රටේ කරන්න පුළුවන් ඇල්පෙනෙත්තක තරමෙ වෙනස මොකක්ද කියන එක.  

 

05.යම්කිසිම විදිහකින් මේ වගේ තරඟාවලියක් අනුමත වෙලා තරඟ පැවැත්වුවොත් ලංකාවෙන් මේ සඳහා සහභාගී වීමට සුදුසුම කෙනා  චින්තා නේද?

 

මම නරඹන්නෙක් විදිහට සහභාගී වෙන්න සුදුසුයි. මම ඇත්තටම සෙක්ස් ගැන උනන්දු සහ සෙක්ස් ගැන ලිවීම් කරාට මම සෙක්ස් ක්‍රීඩාවේ දක්ෂයෙක් නෙවෙයි. ඇඳ උඩදි මම එච්චර දක්ෂ මනුස්සයෙක් නෙවෙයි. ඒනිසා මම නරඹන්නෙක් විදිහට අනිවාර්යයෙන් ටිකට් එකක් අරගෙන හරි යනවා. ඒකටත් හොරෙන් යන්න වෙයි. මොකද ඒක උනත් ලංකාවේ සදාචාරයට ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා කව්රු හරි එක්කෙනෙක්  තරඟෙ බලන්න ගියා කියල. තරඟයට සහභාගි වෙන්නනම් ජීවිතේට හම්බවෙන්නෙ නැහැ. එකක් තමයි ලංකාවෙන් යන එකාට ගල් ගහල මරන්න ඉඩතියෙනවා, මේ තරඟෙට සහභාගී වුනා කියල. අනික් එක  ලංකාවෙ මිනිස්සු සෙක්ස්වලට දක්ෂයො නොවෙයිනෙ ඇත්තටම.

 

06.ඒ වගේ අවස්ථාවක සහයෝගය දෙන්න කව්රුවත්ම නැද්ද ඒ කියන්නෙ ලංකාවේ? පුද්ගලයෙක් ආයතනයක්වත්?

 

පුද්ගලයොයි ආයතනයි තිබුනට වැඩක් නැහැ. ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්නේ. ප්‍රජාතන්ත්‍රවාදීයි කියන්නෙ බහුතරයකගෙ උවමනාවට යන රටක්. ලංකාවෙ බහුතරය කියන්නෙ පසුගාමී- ගෝත්‍රික- ගැමි- ග්‍රාම්‍ය සෙක්ස් තියා සංස්කෘතිය කියන දේවත් අඳුරන්නෙ නැති පිරිසක්. ඒ අනුව තමයි ඒ බහුතරයෙ රාජ්‍යය හැදෙන්නෙ. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය කියල ඒ අය කියන්නෙ ඒකට. ඒක පිලිගන්න එපායැ අපි මේ රටේ ඉන්නවනම්.

chintha3

 

07.චින්ත කලකිරීමෙන්ද ඉන්නෙ?

 

කලකිරීමෙන් කියන්නෙ මම අන්ත කලකිරීමකින් ඉන්නෙ. හේතුව මම විශ්වාස කලාටත් වඩා අව්රුදු 50ක් විතර පිටිපස්සෙන් අපි යන්නෙ.

ඔිකේ අනික් එක සෙක්ස් ක්‍රීඩාවක් වගේ එන එකේ වැදගත්කම තමයි ඔය අපේ ගොඩක් කට්ටිය කියනවනේ ඉස්සර ඉන්දියාවේ තිබුන රති කෙළිය, ගිරග්ග සමජ්ජ වගේ කාම නාට්‍ය වගේ දේවල් ගැන. ඇත්තටම ඉන්දියාවෙ එහෙම තිබුන තමයි. අම්ඹපාලිල හිටිය, නගර සෝබිනියො හිටිය. එහෙම තියෙන එකේ මාර හොඳකමක් තියෙනවා. ඒ තමයි මිනිස්සුන්ගෙ ලිංගික ආතතිය ඒ විදිහට පිටවෙන්න නිරෝගී ක්‍රම නිර්මාණය වෙනව. එතකොට ඒව ගිහිල්ල ළමා අපචාර විදිහට, ගෑනුන්ට තඩිබාන ඒව විදිහට,  ස්ත්‍රී දූෂණ විදිහට යන්න තියෙන ඉඩකඩ අවම වෙනවා.  මම කියන්නෑ නැහැයි කියල. හැබැයි අවම වෙනව. ඉතිං නූතන ලෝකේ සෙක්ස් කියන එක ක්‍රීඩාවක් විදිහට පිලිගත්තොත් සහ ඒක ප්‍රචලිත උනොත් ඒකෙ තියෙන වැදගත්ම දේ තමයි අපි සෙක්ස් ගැන තියෙන මේ ඔිනවට වඩා බරතැබීම, මේක මාර දෙයක්, ආත්මය සම්බන්ධ දෙයක්, සදාචාරය සම්බන්ධ දෙයක් කියන බහුබුත ටික අයින්කරල මේක බත් කනව ඇවිදිනව නානව වගේ තත්වෙකට, ක්‍රිකට් මැච්චෙකක් බලනව වගේ තත්වයකට අපිට ගන්න පුළුවන්. ඒක මිනිස්සුන්ගෙ තියෙන සංස්කෘතික බර, විශේෂයෙන්ම ආගමේ බර පැත්තකින් තැබීමක් වෙනව.

 

@ සංවාද සටහන - සමාරා පරණවිතාන

නවතම ලිපි