SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අධ්‍යාපන අමාත්‍යාංශය මේ දිනවල විශේෂ වැඩකටයුත්තකට සැරසෙමින් සිටී.

2024 වසරේ පටන් 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු ශ්‍රේණිවල විෂයමාලා යාවත්කාලීන කරමින්,නව වැඩසටහනේ ඉදිරි පියවරක් ලෙස 8 වැනි ශ්‍රේණියේ සිට කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) විෂයය දරුවන්ට ඉගැන්වීම ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ සිදුව ඇති නව වර්ධනයන් සැලකිල්ලට ගෙන පාසල් අධ්‍යාපනය වෙනස් කිරීමට හා විෂයමාලාව නවීකරණය කිරීමට අධ්‍යාපන ක්ෂේත්‍රයේ අවධානය යොමුව තිබේ.

අධ්‍යාපන අමාත්‍යවරයා පවසන පරිදි එම විෂයය වෛකල්පිත විෂයක් ලෙස හෝ විෂයය මාලාවට ඇතුළත් කෙරෙන අතර තොරතුරු තාක්ෂණ විෂයයන් (ICT) සමඟම එම විෂයය හැදෑරීමට සිසුන්ට හැකිවනු ඇත. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනයක් සිදුවන මෙම ක්‍රියාදාමයන්ට පාදකවන අධ්‍යාපනයේ ඩිජිටල්කරණයට අදාළ ප්‍රතිපත්තිය සඳහා ඉදිරි දෙසතියක පමණ කාලය තුළ කැබිනට් අනුමැතිය ලැබීමට නියමිතය.

ඊට ගැළපෙන අයුරින් අවශ්‍ය මානව හා භෞතික සම්පත් යෙදවීම මෙන්ම කළමනාකරණයද සිදුවනු ඇත. ආසන්න දශකයක පමණ කාලසීමාව තුළ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳ විශේෂයෙන් තරුණ පරම්පරාව අතර උද්‍යෝගයක් මෙන්ම නැඹුරුවක් ද ඇතිවිය. එවැනි පසුබිමක පමාවී වුවද මෙවැනි පියවරක් කරා යොමුවීම අගය කළ හැකි කාරණයකි.

එෆෙක්ටිව් සොලියුෂන්ස් ප්‍රයිවට් ලිමිටඩ්හි ප්‍රධාන විධායක නිලධාරී කීර්ති කොඩිතුවක්කු මහතා කෘත්‍රිම බුද්ධිය ක්ෂේත්‍ර‍යෙන් හොඳම ප්‍රධාන විධායක නිලධාරියා (CEO) ලෙස පසුගියදා සම්මානයට ද පාත්‍ර වූ අතර , ඒ මහතා පාසල් විෂය මාලාවට ‘කෘත්‍රිම බුද්ධිය (AI) විෂයය ඇතුළත්වීම වැදගත්කම පිළිබඳ කරුණු දැක්වූයේ මෙසේය.

 

“මේ වෙද්දි අපි කාර්මික විප්ලව තුනක් පසුකරලා 4 වැනි විප්ලවය ළඟ ඉන්නෙ. මේකෙදි ඩිජිටල් භෞතික හා ජෛව ලෝක 3ම එකක් වෙනවා. 3 වැනි කාර්මික විප්ලවයෙදි අපි දැක්කා අන්තර්ජාලයේ බිහිවීම. දැන් අපි හැමෝටම වගේ FB පේජ් එකක් Google එකවුන්ට් එකක් තියෙනවා. ඒ කියන්නෙ ඩිජිටල් ලෝකයේ අනන්‍යතාවක් තියෙනවා

4 වැනි කාර්මික විප්ලවයේ ජය ගැනීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගනු ලැබූ මේ ප්‍රතිපත්තිමය තීරණ ඉතාමත් වැදගත්. තවත් අවුරුදු 10කින් වගේ ඒ ප්‍රතිඵල එනකොට දැන් අවුරුදු 12 – 13 වගේ වයස් කාණ්ඩවල ඉන්න දරුවෝ අවුරුදු 20 – 22 වගේ තරුණයො. වසර 2030 වගේ මේ ප්‍රතිඵල අපි දකිද්දී මේ විදිහට සූදානම් කිරීම ඉතාමත් හොඳයි. මේ වෙනකොට කෘත්‍රිම බුද්ධිය රෝග හඳුනාගැනීම වගේ නොයෙක් කාර්යයන් සඳහා භාවිත වෙනවා. අද අපි එය භාවිත කළත් ඉදිරියේදී අපි ඒ මත යැපෙන තත්ත්වයක් ඇතිවෙනවා. අද වුණත් විශේෂයෙන් තරුණ පරපුර තාක්ෂණය බොහෝ දුරට පාවිච්චි කරනවා. ගොඩක් අය අද පාරක් අහනවා වෙනුවට ගූගල් භාවිත කරනවා. ඉදිරියේදී මේ තත්ත්වය කෘත්‍රිම බුද්ධිය වගේ ක්ෂේත්‍ර එක්ක තවත් පුළුල් වෙනවා.”

 

මේ විෂයය ක්ෂේත්‍රය පාසල් විෂයය මාලාවට ඇතුළු කිරීම මඟින් එය හැදෑරීමට නැඹුරුවක් ද ඇතිවේ. එසේම ඔන්ලයින් අධ්‍යාපනය භාවිතයේදී දක්නට ලැබුණු සීමාකාරී හා දුෂ්කරතා මඟහරවා ගැනීම පිළිබඳ මෙහිදී අවධානය යොමුවීම වැදගත්ය. ඒ පිළිබඳ කීර්ති කොඩිතුවක්කු මහතා පළ කළේ මෙවැනි අදහසකි.

 

“තොරතුරු තාක්ෂණ විෂයය හඳුන්වාදීමේදීත් නොයෙක් බලපෑම් ඇති වුණා. සීමාකම් ජය ගත යුතු වුණා. ගුරුවරු පුහුණු කිරීම ව‍ගේ අවශ්‍යතා සපුරාලිය යුතු වුණා. මේ වනවිට ඩිජිටල් අධ්‍යාපනයට අදාළව DP එඩියුකේෂන්,
ලංකා O/L, ගුරු.lk වගේ නොයෙක් මාධ්‍ය පරිශීලනය කරන්න අවස්ථාව ලැබී තියෙනවා. දැනුම බෙදීයෑමේ විෂමතාව අවමකිරීම සඳහාත් එය ඉතාමත් වැදගත්. ICT මෙම විෂය හඳුන්වා දුන් අවස්ථාවෙ සම්පත් දායකයො හැටියට අපි ගුරු පුහුණුවීම් වගේ කටයුතුවලදී දායකත්වය දුන්නා. දැන් මේ අවස්ථාවෙන් අපට තියෙන ප්‍රායෝගික දැනුමත් සමඟම එවැනි කාර්යයන් සඳහා දායකවීමට අප ඉතාමත් කැමැත්තෙන් සිටිනවා. මේ ක්ෂේත්‍ර‍ෙය් සිටින ප්‍රවීණයන් ඊට එක්වෙයි කියන විශ්වාසය අපට තියෙනවා.”

 

ඒ වගේම කොඩිතුවක්කු මහතා පෙන්වා දෙන්නේ ග්‍රාමීය ප්‍රදේශවල සිසුන් වුවද පසුගාමී නොවිය යුතු බවයි. කොළඹට කිරි ගමට කැකිරි සංකල්පය මනසට කාවැදීම අවාසිදායකය. ගමට ඇති සම්පත් නගරයට නැති වීමටත් පුළුවන. එබැවින් සම්පත් හිඟය පිළිබඳව මැසිවිලි නොනඟමින් පෙරට යෑමේ ධෛර්යය තිබීම මෙහිදී වඩාත් වැදගත්ය.

හදවත් රෝග ඇතිවීමට ඇති අවදානම පිළිබඳ කල්තබා හඳුනා ගැනීම පිණිස කෘත්‍රිම බුද්ධිය යොදාගැනීම අමෙරිකාව, ජපානය වැනි රටවල පේටන්ට් බලපත්‍රද ලබා ඇති මේ වන විටත් ඩ්‍රෝනයක් හැසිරවීම සඳහා මොළයෙන් නිකුත් කරන සංඥා (EEG) යොදාගැනීම පිළිබඳ පර්යේෂණාත්මක අත්හදා බැලීම්වල නියැළෙමින් ඇති කීර්ති කොඩිතුවක්කු මහතා වැනි අය පසුගාමී නොවෙමින් එලෙස ඉදිරියට ආ සාර්ථක ව්‍යවසායකයන්ය. එවැනි ආදර්ශ අපේ ශිෂ්‍ය පරම්පරාව වඩාත් දිරිගන්වනු ඇත.

@රෂිකා හෙන්නායක

lankanewsweb.net

නවතම ලිපි