SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ සිදුව ඇති හදිසි වෙනස්කම් සහ සභාපති ශම්මි සිල්වා ඇතුළු

පාලක මණ්ඩලයේ ඉල්ලා අස්වීමත් සමඟ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) විශේෂ නියෝජිත පිරිසක් ලබන සතියේ මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

 

 

විමර්ශනයේ ප්‍රධාන අරමුණ

මෙම හදිසි සංචාරයේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ ක්‍රිකට් ආයතනයේ පාලනයට දේශපාලන බලපෑමක් (Political Interference) එල්ල වී ඇත්ද යන්න සොයා බැලීමයි. ශම්මි සිල්වා ප්‍රමුඛ කමිටුව ඉල්ලා අස්වීමට බලපෑ සැබෑ හේතුව සහ ඒ පිටුපස කිසියම් බාහිර බලපෑමක් පවතින්නේද යන්න පිළිබඳව ICC නියෝජිතයින් මෙහිදී දැඩි ලෙස නිරීක්ෂණය කරනු ඇත.

 

 ක්‍රිකට් තහනමක් ?

 ආරංචි මාර්ග පවසන්නේ, ක්‍රිකට් ආයතනයේ පරිපාලන තීරණ සඳහා රජය හෝ දේශපාලන අධිකාරිය මැදිහත් වී ඇති බවට තහවුරු වුවහොත්, ශ්‍රී ලංකාවට වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර තරඟ තහනමක් පැනවීමට ICC ය සූදානම් බවයි. මීට පෙරද මෙවැනිම හේතු මත ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය අත්හිටුවීමට ICC ය කටයුතු කර තිබුණි.

 

ජේ ශා සහ ශම්මි සිල්වාගේ සමීපත්වය

මෙම අර්බුදකාරී තත්ත්වය තවත් තීරණාත්මක වන්නේ ICC හි වත්මන් සභාපති ජේ ශා (Jay Shah)  සහ හිටපු සභාපති ශම්මි සිල්වා  අතර පවතින සමීප සබඳතාවය හේතුවෙනි. ජේ ශා  සිය හිතවතාට එල්ල වූ බලපෑම් සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක් ගනු ඇතැයි ක්‍රීඩා අභ්‍යන්තර ආරංචි මාර්ග සැක පළ කරයි.

 

කෙසේ වුවත් හිටපු සභාපතිවරයා තම ඉල්ලා අස්වීම ස්වකීය කැමැත්තෙන් සිදුවූවක් බවට හඟවනු ඇති බව ඔහුගේ සමීපතමයන්ගේ අදහස වී තිබේ.

 

නවතම ලිපි