එය කළු මුහදු වෙරළ තීරයේ මැයි මාසයයි. තදින් වැසි ඇද හැලෙන අතර කුඩා නගරය මුළුමනින්ම පාළුවට ගොස් ඇත.
එය දුෂ්කර ම කාලයකි, සෑම කෙනෙකුම ණය වී ඇත ජීවිත ගෙවෙන්නේ ණය මතිනි.
හදිසියේම ධනවත් සංචාරකයෙක් නගරයට පැමිණේ.
ඔහු නගරයේ තිබෙන තරමක් හොද හෝටලයකට ඇතුළු වී, පිළිගැනීමේ කවුන්ටරය මත යුරෝ 100 නෝට්ටුවක් තබා, තමන්ට සුදුසු කාමරයක් තෝරා ගැනීමට උඩුමහලේ කාමර පරීක්ෂා කිරීමට යයි.
වහා ක්‍රියාත්මක වන හෝටල් හිමිකරු එම යුරෝ 100 නෝට්ටුව ගෙන මස් කඩයට දුව ගොස් මෙතෙක් සැපයූ මස් සඳහා සිය ණය බේරයි.
මස් වෙළෙන්දා යුරෝ 100 නෝට්ටුව රැගෙන තමන්ට මස් සැපයූ ගොවිපලට දුව ගොස් එහි ණය පියවයි.
ගොවිපලේ අයිතිකරු යුරෝ 100 නෝට්ටුව රැගෙන දිව යන්නේ ඔහුට ඉන්ධන සපයන්නා වෙතයි.
ඉන්ධන සපයන්නා යුරෝ 100 නෝට්ටුව රැගෙන මෙතෙක් කලයක් තමන්ට නොමිලේ ලිංගික ශ්‍රමය ලබාදුන් කාන්තාවට තම ණය ගෙවයි.
ලිංගික ශ්‍රමය සැපයූ කාන්තාව නැවත දුවගෙන එන්නේ අර හෝටලයටයමය ඒ ඇයගේ ණය ගෙවීමයට, ඇය තම ගනුදෙනුකරුවන් එහි ගෙන එන විට කුලියට ගත් කාමර සඳහා සඳහා හෝටල් හිමිකරුට යුරෝ 100 ලබා දෙයි.
දැන් හෝටල් හිමිකරු එම යුරෝ 100 නෝට්ටුව නැවත සිය කවුන්ටරයේ තබාගෙන සිටියි.
ඒ අවස්තාවේ ම ධනවත් සංචාරකයා කාමර සියල්ල පරීක්‍ෂාකර නැවත කවුන්ටරයට පැමිණෙන්නේ තමන්ට සුදුසු කාමරයක් නොතිබුන බව පවසමිනි, ඔහු සිය යුරෝ100 නෝට්ටුව රැගෙන නගරයෙන් පිටව යයි.
දැන්, කිසිවෙකු කිසිවක් උපයා ගෙන නැත. එහෙත් ණය සියල්ලම පියවා අවසන්ය. ඔවුන් තවමත් තම අනාගතය දෙස පෙට්‍රල් පෝලිමට වී බොහෝ ශුභවාදීව බලා සිටින බව වාර්තා වේ.
(රනිල් වික්‍රමසිංගේ පහත ඡායාරූපය මේ කතාවට අදාල නැත)