SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එය වාස්තු විද්‍යාත්මක අරුමයකි. ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ ශුෂ්ක පරිසරයට අනුරූපවන ආකාරයටය.

ඉන්දියාවේ රාජස්ථාන්හි තාර් කාන්තාරයේ හදවතේ පිහිටි රාජ්කුමාරී රත්නාවතී පාසැල, එය දවස පුරා උෂ්නාධික පරිසරයක වායු සමනය යන්ත්‍ර නොමැතිවත් දරුවන්ට පහසුවෙන් පාඩම්වලට මුහුණ දිය හැකි ලෙස ඉදිකර තිබේ. කාන්තාරයේම කහ වැලි ගල් වලින් සාදන ඕවලාකාර හැඩයක් එයට ඇත. පාසල නිර්මාණය කර ඇත්තේ ඩයනා කෙලොග් ආයතනය විසිනි.

 

අපුරු පාසැල 2

ගයාන් මධ්‍යස්ථානය ලෙස හැඳින්වෙන පාසල් කොටස සම්පූර්ණයෙන්ම බාලාංශයේ සිට 10 වන පන්තිය දක්වා ගැහැණු ළමයින් 400 දෙනෙකුට නවාතැන් පහසුකම් සපයයි.

පාසල් සංකීර්ණයේ රෙදිපිළි කෞතුකාගාරයක් සහ කාර්ය සාධන ශාලාවක් මෙන්ම දේශිය දරුවන්ට ඔවුන්ගේ අත්කම් විකිණීම සඳහා ප්‍රදර්ශන භූමියක් ද ඇත. තවත් ගොඩනැගිල්ලක, මිය යන හස්ත කර්මාන්ත ආරක්ෂා කර ගැනීම සඳහා රෙදි විවීම සහ රෙදිපිළි වැනි සාම්ප්‍රදායික කලාවන් පිළිබඳව කාන්තාවන් පුහුණු කරත්.

 

අපුරු පාසැල 3

පාසල් නිල ඇඳුම පවා සකස් කර ඇත්තේ අති විශේෂ හා අලංකාරව ගැහැණු ළමයින්ගේ ප්‍රසාදය පිණිසය. ඒ අලංකාර නිල ඇදුමේ නිෂ්පාදනය පාසලේ කාර්යයකි. එය තාර් කාන්තාර ප්‍රදේශයේ ගැහැණු ළමයින් සඳහා පමණක් පාසල් අධ්‍යාපනය ලබා දෙන බව පවසයි.

නේවාසිකව ඉගැනීමට අකමැති දරුවන් සඳහා පාසැල විශේෂ බස් සේවයක් යොදා ඔවුහු සියගම්මානවලින් ගෙන එති.

මෙම ගොඩනැගිල්ල සැලසුම් කිරීමේ ප්‍රධාන අභිප්‍රාය වූයේ ගැහැනු ළමයින් පාසලට යැවීමට ප්‍රාදේශීය ප්‍රජාව දිරිමත් කිරීමයි.

 

අපුරු පාසැල 4

https://www.indiatimes.com/.../rajkumari-ratnavati-girls...

 

උපාලි ජයසිංහ

නවතම ලිපි