විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාගේ දේශපාලන නායකයා නොවේ.
මම ඔහුගේ පක්ෂයේ සාමාජිකයකුද නොවේ. එහෙත්, සාමාන්‍ය පුරවැසියකු වන මට ඒ මහතා වෙත ලබාදිමට සුළු පණිවිඩයක් තිබෙනවා. ඒක මෙතන ලියන්නම්.
සුළි කුණාටු ආපදාව රට ආක්‍රමණය කරමින් සිටින වෙලාවෙ වහාම ආපදා හදිසි අවස්ථාව ප්‍රකාශ කරන ලෙස සජිත් නොවැම්බර් 27 වෙනිදා ඉල්ලා සිටියා. එය ඒ වෙලාවෙ හැටියට විපක්ෂ නායක ලෙස කළ යුතුවම තිබු ඉල්ලීමක්. ආණ්ඩුව සජිත්ගෙ ඒ ඉල්ලීම පයිසෙකටවත් ගණන් ගත්තෙ නෑ.(ආණ්ඩුව හදිසි අවස්ථාව ප්‍රකාශ කළේ බොහොම ප්‍රමාද වෙලා 29 වෙනිද).
සුළි කුනාටුව මහ විනාශයක් කළාට පස්සෙ රට වෙනුවෙන් විදේශ ආධාර සමුළුවක් කැඳවන ලෙසත් ආණ්ඩුවට එය කිරිමට බැරිිනම් තමන් නායකත්වය දී කරල දෙන්නම් කියල සජිත් යෝජනා කළා. එයනම් සජිත් විසින් නොකළ යුතුව තිබූ යෝජනාවක්.
ජනාධිපති අනුර දිසානායක මහතා සජිත්ගෙ ඒ යෝජනාව කිච කරල නෝන්ඩි කරල දැම්ම.
මේ දවස් වල සජිත් දිගටම ආපදාවට පත් වු අය බලන්න යනවා.
ආණ්ඩුවෙ අය සජිත්ට හිනාවෙනව.
අනුර ඇතුළු ආණ්ඩුවෙ අය කෙතරම් හිනා වුනත් නෝන්ඩි කළත් මේ වෙලාවෙ සජිත්ට කරන්න වෙන වැදගත් වැඩක් තිබෙනව. එක් අතකින් එය විපක්ෂ නායකගෙ නෛතික වගකීමක්.
ඒ තමයි ආපදා කළමනාකරණ ජාතික සභාව විධිමත්ව පිහිටුවන්න කියල ආණ්ඩුවට බලකිරීම.
රටේ නීතියට අනුව රටේ ජාතික ආපදාවක් ප්‍රකාශ කරල තිබෙන වෙලාවක විපක්ෂනායකටත් තව මන්ත්‍රීවරු පස් දෙනෙක් සමග මේ සභාවෙ වාඩිවෙලා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය මෙහෙයවීමට සම්පුර්ණ නීතිමය අයිතියක් තිබෙනවා. අනුරගෙ ආණ්ඩුව රටේ විපක්ෂයට තිබෙන ඒ අයිතිය සම්පුර්ණයෙන්ම උල්ලංඝනය කරලා. ආණ්ඩුව ඒ දොර සම්පුර්ණයෙන්ම වහලා. නමුත් ආණ්ඩුව මේ කරල තිබෙන්නෙ මෝඩ වැඩක්.
2006 ජාතික ආපදා පණත සහ එමගින් පිහිට විය යුතු ජාතික ආපදා කළමනාකරණ සභාව ඔස්සේ ආපදා සහන වැඩපිළිවෙල කිරීමෙන් වැඩිම හය්යක් ලැබෙන්නෙ විපක්ෂයට නොවෙයි ආණ්ඩුවට. ඒ හය්ය එන්නෙ 2028න් පස්සෙ ලෝක බැංකුව , ආසියානු සංවර්ධන බැංකුව සහ බහු පාර්ශ්වික හා ද්වි පාර්ශ්වික ආධාර රටවල් සමග ආණු්ඩුව ගනුදෙනු කරන්නට යද්දි.
ඒ වගේම මේ වෙලාවෙ ජාතික ආපදා කළමණාකරන පනත බලවත් කරනවා කියන්නෙ දීර්ඝ කාලීනව රටට ඉතා හිතකර ලෙස බලපාන මානව සුරක්ෂිතතා ව්‍යුහයකට පදනම දමනවා කියන එකයි. (ඒ ගැන වෙනම ලියන්නම් )
ඉතින්, රට හැමතැනම රස්තියාදු වෙනවාට වඩා මේ වෙලාවෙ විපක්ෂනායක හැටියට සජිත් කරන්න ඕන වැඩේ මේකයි.
@කරු පරණවිතාන
(Karu Paranawithana fb page)

