SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉකුත් සියවස මුල් භාගයේ දී ෆොන්ටමාරා නම් වූ එම ප්‍රත්‍යන්ත ඉතාලි ගම්මානයෙහි වැසියන් අත් විඳි සූරාකෑම, රැවටීම හා ඔවුන්ගේ ජීවිත තුළින් ඉවත නොයන සේ කිඳා බැස ගත්තා වූ දුගී භාවය

මෙම විසි එක්වන සියවසට ආගන්තුක වූ සංසිද්ධියක් නොවේ; එම සූරාකෑම හා රැවටීම ඉතා සූක්ෂ්ම ලෙස, සුමට ක්‍රෑරත්වයකින් යුතුව වත්මනෙහි ද සිදුවෙමින් පවතී.වත්මන් රාජ්‍ය පාලකයෝ ද, අසාධාරණ හා කූට උපා මං මගින් අපරිමිත ධන සම්පත් භුක්ති විඳින්නෝ ද ඇතැම් ආගමික නායකයෝ ද මෙම කල්පිත ගම්මානයෙහි දිවි ගෙවූ ඇතැමුන්ගේ ප්‍රතිරූප ම නොවන්නෝ ද? වත්මන් ගොවි - කම්කරු ජනතාව හා එම ෆොන්ටමාරා වැසියන් අතර සමානතා බොහොමයකි.මොවුහු ද ෆොන්ටමාරා වැසියන් මෙන් රැවටෙති, යළි යළිත් රැවටෙති.- ෆොන්ටමාරා පසු සටහන - මාලිනි ගොවින්නගේ -

FONTAMARA 2

තරුණ කල අප ජීවිත විලාසිතාව වෙනස් කිරිමට බල පෑ පොත් අතර, ෆොන්ටමාරා ඉමහත් බලපෑමක් කළ පොතක් විය. එය නවකතාවකට එහා ගිය ජීවිතය සමඟ බද්ධ වූ කතාවකි. පොලොන්නරුවේ කවුඩුල්ලේ ගොවියන් විසින් අමුණක් හරස් කර ආරම්භ කළ ගොවි අරගලය ගැන හිරු පත්තරයට ලිපියක් ලියන්නට අතුල නන්දනත් සමඟ එහි ගිය පසු මතකයට ආවේ ෆොන්ටමාරාවේ ගොවියන්ගේ අරගලයයි. ඒ ගැන අපි මහත් ආස්වාදයකින් යුතුව සටහන් කළෙමු.

කාලය ගෙවි ගොසිනි. අතීත මතකයන් තුළ අප හැමෝම ගිලි යමින් පවතී. ඒ කතා තුළ උන් වීරයන් අපට සම්බන්ධ කළ මිනිසුන් එකා දෙන්නා දැන් අප අතහැර යමින් සිටී. මාලිනි අක්කා ෆොන්ටමාරා නැවත මුද්‍රණය කිරීමට යන බව පැවසුවේ රංජි අයියයි. එහි කවරය කරන්න පැවරුනේ මටයි. එය අහඹු සිහිනයකි. කවරයට තෝරාගත් චිත්‍රය ගැන මාලිනි අක්කා සිටියේ තෘප්තියෙනි. පොත මුද්‍රණය වූ පසු කිහිපවරක් ඈ කතා කළාය.

ජීවය නොසිඳුනු ඇගේ වචන තුළ තරුණ සටන්කාමිනියක ජීවත්ව සිටියාය. අරාජික කාලයකදී වුව අප පසු නොබා වැඩ කළ යුතු බව ඈ කීවාය. ඈ උපරිමයෙන් වැඩ කළාය. දැන් ඈ නික්ම ගොසිණි. ඒ අපට ළංවිය නොහැකි දුරකිනි.

ඒ තෘප්තිමත් යෞවනියට හිස නමා ආචාර කරමි.

මො.ල.සෙනෙවිරත්න

නවතම ලිපි