SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සාහිත්‍යකරණයට එලඹි ලේඛිකාවන්, ගත් කතුවරියන් නිහඬව ම සිය සාහිත්‍ය කටයුතු කරගෙන දිගු ගමන් ගිය අවස්ථා බොහෝ ය.

එහෙත් එබඳු දීර්ඝකාලීන තිර ගමන් ගිය ඇතැම් සාහිත්‍යවේදිනියන් වටා විටෙක විචාරකයින් ද, තව විටෙක ශාස්ත්‍රාලයීය උගතුන් ද පෙළ ගැසී සිටි අවස්ථා ඔවුන්ට ඔවුන්ගේ නාමය තහවුරු කර ගැනීමෙහිලා බෙහෙවින් ඉවහල් විය. සාහිත්‍යයේ මතු නොව අනෙක් බොහෝ ක්ෂේත්‍රයන්හි පවා තත්වය මෙයම වේ.. ඒ බොහෝ විට ඔවුන්ගේ සමාජ ආශ්‍රය,පෞද්ගලිකත්වය සහ පිළිගැනීම,ජනප්‍රියත්වය ආදී මෙකී නොකී ද්විතියික සාධක රැසක් හා බැඳී තිබෙන්නකි. ස්වාධීනව නිහඬව ම යම් ක්ෂේත්‍රයක නොකඩ ගමනක් යන දිරිය ගැහැනුන් හුදෙක් ඔවුන්ගේම හැකියාවන් මත හෝ දිගු කාලීන අභ්‍යාසයන් හරහා ඉබේම මතු වේ.එහෙත් ඔවුන්ගේ පැවැත්ම තීරණය වනුයේ ඔවුන්ට ලැබෙන සමාජ නිශ්චිත ඇගයුම් හෝ පිළිගැනීම් පවා ඉබේම හෝ අහම්බයකින් හෝ සමාජගත වූ විටෙකදී ය.

අපේ සාහිත්‍ය සමාජයේ හුදෙක් සිය නිර්මාණ භාවිතාව හෝ සාහිත්‍ය සම්ප්‍රදානය පමණකින් ම සෑහීමට පත්ව අනගි සාහිත්‍යමය ව්‍යායාමයක නිහඬව ම , නොකඩවාම නිරත වන සහ නිරත වූ සාහිත්‍යවේදිනියන් කීප දෙනෙකුගේ මතක නිරන්තරයෙන්ම මගේ සිතෙහි යම් කැලඹීමක් ඇති කර තිබිණ.ඔවුන්ගේ ඒ සම්ප්‍රදානය ප්‍රමාණවත් තරම් ඇගයීමට ලක් නොවූව ද ඔවුහූ සිය කාරිය අත් නොහළෝ ය..ඔවුන්ගේ දායකත්වය පිළිබඳ අමුතු අවධානයක් හෝ හුදෙක් තම නම සලකුණු කර ගැනීමේ වැදගත්කම පිළිබඳ පවා නොසිතූ මේ දෙන්නා තුන් දෙනා තමාට අභිමත සාහිත්‍ය කර්තව්‍යයෙහි දිගට ම ඇලී ගැලී සිටියහ; ඒ වෙනුවෙන් ම කැපව සිටියහ.

ඒ අතර චින්තා ලක්ෂ්මි සිංහාරච්චි ,සේපාලි මායාදුන්නේ සහ මාලිනී ගෝවින්නගේ මගේ හදවතෙහි යම් නිරන්තර කැලඹිල්ලක් ඇති කළ ලේඛිකාවන්,ගත් කතුවරියන් තිදෙනෙකි.ඔවුන්ගේ හඬ නැගුණේ ඔවුන් කළ නිර්මාණ හෝ පරිවර්තන කටයුතු හරහා පමණ ය.ඒ නිසාම ඔවුන්ගේ පරිධියට ඉහළින් බොහෝ දේ තරගකාරීව සිදු විය. බොහෝ ඇගයුම් සහ ජනප්‍රිය මතවාද , සංවාද ඇති විය. ඒ අතර බොහෝ ආකූලතා , විසමතා හෝ බොහෝ අවාසිසහගත තත්වයන්ට මුහුණ පෑමට මේ වැනි අයට නිරායාසයෙන් ම සිදු විය. මේ තිදෙනා අන් කවරකු හෝ සමග තරග නොවැදුණු අතර තමාගේම මාර්ගයක් සොයා පාදා ගනිමින් යම් තෘප්තකර සාහිත්‍ය කර්තව්‍යයක දිගින් දිගටම නිරතව සිටියහ.

මේ තිදෙනා අතරින් සාපේක්ෂව මාලිනී ගෝවින්නගේගේ සාහිත්‍ය ප්‍රයාණය තරමක් අනික් දෙදෙනා හා සමපාත නොවූවත් ඔවුන් තිදෙනාම තමා තෝරා ගත් මාර්ගයෙහි සුවිශේෂී කැපවීමක් සහ දායකත්වයක් සේම අනන්‍යතාවක් පළ කළ සාහිත්‍යවේදිනියන් තිදෙනෙකි.

මාලිනී 2

මේ තිදෙනා වෙනුවෙන් යම් සුවිශේෂී ඇගයීමක් ,කෘතවේදීත්වයක් පළ විය යුතුයැයි යන අතිශය අවංක හැඟීම මා හදෙහි නිදන්ගත වූයේ කවදා කෙසේදැයි මා නොදන්නා නමුත් ඉසව් ගණනාවක හැසිරෙන සීතා රංජනී හෙවත් සීතා අක්කා පිළිබඳ එවන් හැඟීමක් උච්ඡ වූ තැන් පටන්ම මේ තිදෙනා ද මගේ හදවතෙහි ගැඹුරු ම තැනින් මතු වූ ගැහැනුන් තිදෙනෙකු ම වූයෙන් කවදාක හෝ ඔවුන් පිළිබඳ එකී කෘතවේදීත්වය පළ විය යුතුයැයි තරයේ ම සිතට ගත්තෙමි..මේ අතර මොනිකා රුවන්පතිරණ ජ්‍යෙෂ්ඨ කිවිඳියන් ද වෙනත් මානයකින් මගේ ඒ කෘතවේදීත්වයට පාත්‍ර වූයෙන් ඒ පිළිබඳ වෙනත් කාර්‍යයක් හදෙහි සැලසුම් වී තිබිණ .

චින්තා ලක්ෂ්මී 1

ගැහැනු ගැහැනු නිසාම යටපත් වේනම් ගැහැනු අප අපවත් ඔවුනොවුන් පිළිබඳ මෙබඳු ආලෝචනයන්ට, සංවාදයන්ට එලඹිය යුතුය .ච්න්තා ලක්ෂ්මි පිළිබඳ මා එවක ඇය ජීවමානව සිටියදී ඉදිරිපත් කළ යම් සටහනක් නිසාදෝ ඇය සැමරෙන යමක් කරන්නැයි වරින් වර මගෙන් අතිශය සංවේදී ඉල්ලීම් කළ ඇගේ සහෘද පාඨකයෙක් විය.ඔහු එවක පවා චින්තා ලක්ෂ්මි ලේඛිකාවට වඩා වියපත් මහතෙකි. ඔහුගේ මේ ඉල්ලීම ද ම'හදෙහි දෝංකාර දෙයි. මගේ මේ හදෙහි උපන් හැඟීම් දිනෙක මා බෙදා ගත්තේ තරුරසී ප්‍රනාන්දු හෙවත් තරංගි නංගි සමග ය. ඕ මටත් වඩා හොඳින් මගේ හැඟීම් තේරුම් ගත්තාය..ඊට දිරි දුන්නාය..දිය පොහොර දැම්මාය.

සේපාලි 1

සේපාලි මායාදුන්නේ ඒ කෘතහස්ත ගත් කතුවරිය වෙනුවෙන් අපි අප දෙදෙනාගේ ම මේ හැඟුම් අද මෙසේ ඇගයුම් බුහුමන් සහ විමසුම් දක්වා ගෙන ඒමට වෙර දැරුවේ කලක පටන්‍ ය..අද එය අපේම ප්‍රවීණ සාහිත්‍යධරයින්ගේ ද පූර්ණ ආශිර්වාදය සහ සහෘද සහභාගිත්වය ද ඇතිව ලංකා ලේඛක සංවිධානය මගින් ම සංවිධානය වීම ඇයට නිසි ගෞරවයකි;; අපට ඉමහත් සතුටකි. ඒ එක්තරා සුවිශේෂී ම ඇගයුමකි..

විපුලි 2

ඔබ අප නොසිතූ මුත් මොවුන්ගේ ස්ත්‍රිත්වය සේම මොවුන්ගේ බුද්ධිමය ප්‍රයාණය පිළිබඳ බොහෝ අභියෝගාත්මක අත්දැකීම් හෝ ‍තතු අප අතින් මග හැරී තිබෙනු නිසැක ය....මා හදින් කැලඹෙණුයේ ද , මා තරු නංගි හා නිති බෙදා ගත්තේ ද ඒ මට දැනුණු සංවේදනා ම ය...

විපුලි නිරෝෂිනී හෙට්ටිආරච්චි

නවතම ලිපි