SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 “ඉස්කෝලේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී මට කිසිම තෑග්ගක් තිබුනෙ නෑ.

මගේ මිතුරියො තෑගි ගනිද්දී මම වේදිකාවෙන් පහළට වෙලා ඔවුන්ට අත්පොලසන් දුන්නා. මම හිතනවා පාසලේදී දරුවන්ගේ අනාගතය ගැන නිගමන වලට එන එක වැරදියි කියලා”

ආශා ද වොස් කියන්නේ පාසල තුළ අතිශය දක්ෂ වුණු, කැපී පෙණුනු කීර්තිමත් ශිෂ්‍යාවක් නෙවෙයි. ඇය පාසල තුළ විෂය සමගාමී අභ්‍යාස වලදී ඉහළ සාමාර්ථ වාර්තා කරපු කෙනෙකුත් නෙවෙයි. සරලව කිව්වොත් ඇය පාසල තුළදී තුළදී අසාර්ථකයි. ඇයගේ කුඩා කාලයේදී කිසිදු විෂයකට ඇයව අභිප්‍රේරණයක් සහිත දරුවෙකු කරන්නට බැරි වුණා. නමුත් සාගරය ගැන ඉගෙනගන්නනම් ඇයට ඇයත් නොදන්න මොකක්දෝ උනන්දුවක් තිබුණා. දවසක් අහම්බෙන් ගෙදරට ගෙනාපු National Geographic සඟරාව කියවලා සාගරේ ගැන තමන් නොදන්නා බොහෝ රහස් ඇය ඉගෙනගත්තා.

ආශා

පසුකාලීනව ඇය සාගරය පිළිබඳව තමන්ට තිබුණු කුතුහලය වටිනාකමකට පෙරලා ගන්න අදහසින් සාගර සාගර විද්‍යාව විෂයක් විදිහට හදාරන්න තීරණය කරනවා. ඒ තීරණයේ දී ඇය කාන්තාවක් නිසා සහ සාගර විද්‍යාව කියන විෂය බහුතරයක් පිරිමින් විසින් හදාරන විෂයක් නිසා ඇයට එය සුදුසු ද කියලා බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්න කිරීම්වලට සහ බාධක වලට යටත් නොවෙන ආශා තමන්ගේ සාගර සිහිනය සැබෑ කර ගන්න ස්කොට්ලන්තයට යනවා. ඇය එහිදී හදාරන්නේ සාගර හා පරිසර විද්‍යාව පිළිබඳ උපාධියක්. එහිදී ඇයට විවිධ පර්යේෂණ කණ්ඩායම් සමඟ එකතුවෙලා වැඩ කරන්නට ලැබෙනවා. සාගරය ගැන නොදන්න බොහෝ දේ ගවේෂණය කරන්නට ලැබෙනවා.

තමන්ගේ දැවෙන ආශාවට වටිනාකමක් එකතු කිරීමේ ආශාගේ මෙහෙයුම් අවසානයේදී අවසන් වෙන්නේ ඇයව ආචාර්යවරියක් බවට පත්කරලා . පාසලේ විශේෂ සමගාමි කටයුතු වල දී අසාර්ථක වුණු ඇය අවසානයේදී සාගර විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් සහිත මෙරට එකම කාන්තාව සහ පුද්ගලයා විදිහට ලෝකය වෙනුවෙන් බලපෑම් සහගත ගමනක් අරඹනවා.

 

නිල් 1

අධ්‍යාපන කටයුතුවලින් පස්සේ  ‘Ocean well’ ව්‍යාපෘතිය ඇය ආරම්භ කරන්නේ මෙරට නිල් තල්මසුන් සුරැකීම කියන වගකීම්සහගත කාර්යය අරමුණු කරගෙන. ඒ ව්‍යාපෘතිය ලෝකය පුරා ඇයගේ නම රැගෙන යන්නට මූල බීජය බවට පත්වෙනවා. ඒ ඔස්සේ අන්තර්ජාතික වශයෙන් ඇයගේ කාර්යභාරය පිලිබඳව කතා කරන්නට පටන්ගන්නවා. BBC, CNN, Nat Geo වැනි නාලිකා හරහා ඇයව ලෝකයම උද්‍යෝගීමත් කාන්තාවක් ලෙස හඳුනාගන්නවා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි ඇය 2018 වසරෙදි ලොව බලවත්ම කාන්තාවන් සියය අතර 23 වන ස්ථානයේ තමන්ගේ නම රඳවන්නෙ.

පොඩි කාලෙ සාගරය ගැන අසීමිත කුතුහලයකින් National geographic සඟරාව කියවලා, ඉන් වසර ගණනාවකට පස්සේ ඒ සඟරාවටම අයත් රූපවාහිනි නාලිකව වන ‘Nat Geo’ හි සාගරය පිලිබඳ කතා කරන්නට ඇයට ලැබීම අහම්බයක්නම් නෙමෙයි. එය ඇයගේ සාගරය පිලිබඳ දැවෙන ආශාව සහ ඒ වෙනුවෙන් අඛණ්ඩව කැපවීමේ දීර්ඝ කාලීන ප්‍රතිඵලයක්.

 

 

නිල් 3

“මම ජලය එක්ක ආදරයෙන් බැඳුණා. විද්‍යාව සහ අභියෝග එක්ක විවාහ වුණා. ඒ ආදරය තමයි අද මාව මෙතනට ඔසවා තැබුවේ”

ඇය පසුගිය වසරේ සාගර වීරවරිය ලෙස නිර්දේශ වෙනවා. ඒ සමඟම තමන් ආස කරන දේ නොකර, ඒ වෙනුවෙන් සටන් නොකර ජීවිතය නීරස විදියට ගෙවන බහුතරයකට ඇය වැදගත් පාඩමක් කියාදෙනවා.

ආශාව තමයි ඔබව ජීවිතයේ බොහෝ ඉහලට ඔසවා තබන්න වඩාත්ම බලපෑම් සහගත කාරණාව වෙන්නෙ. හැබැයි ආශාව විතරක් ඒකට ප්‍රමණවත් නැහැ. අඛණ්ඩ විශ්වාසය, අතනොහැරීම, අභියෝගවලට මුහුණදීම වගේම අවසානය දක්වා තමන් ආස කරන දේ වෙනුවෙන් සටන් කිරීමත් තිබුණොත් තමයි ආශාව ඔබව ජීවිතයේ ඉහලම තැනකට අරගෙන යන්නේ. ඇත්තටම ආශා දිනන්නේ ආශාව නිසා. හැබැයි ආශාට විතරක් නෙමෙයි වෙන ඕනම කෙනෙක්ට ආශාව කියන දේ ජීවිතය දිනන හේතුව බවට පත් කරන්න පුළුවන්.

 

ආශා 2

ආශා මුහුද දකිද්දි පොඩි කාලෙ ඉඳලා අභිප්‍රේරණය වුණා. ඇයට මහපොලොවට වඩා මුහුද සමීප බව ඇය කුඩා කාලයේදීම තේරුම්ගත්තා. ඉතින් මුහුද ගැන තිබ්බ ඒ ආශාව, කුතුහලය පස්සෙ පිස්සුවෙන් වගේ කාලයක් දුවලා අවසානයේ ඇය වීරවරියක් බවට පත්වුණා. ඔබ මුහුදට ආස නැතිවෙන්න පුළුවන්. ඔබ ආස පොලොවට, අහසට හෝ අභ්‍යවකාශයට වෙන්න පුළුවන්. නැත්නම් ක්‍රීඩාවට, බිස්නස්වලට, කලාවට, දේශපාලනයට හෝ වෙනත් මොනයම් හරි දේකට පුළුවන්. ඒ මොකක් වුණත් ඔබ ආස දේ වෙනුවෙන් අඛණ්ඩව කැපවෙන්න. ඒ ආශාව දිගේ ඇවිදගෙන ඉදිරියට යන්න. ඔබේ නොහැකියාව සමග සටන් කරන්න. ඒ කිසිම වෙලාවක ආශාව යටපත් වෙන්න දෙන්න එපා. මොකද ඔබ දන්නෙ නෑ ආසාව ආශාව ලොව බලපෑම්සහගතම කාන්තාවන් අතරට රැගෙන ගියා වගේ ඔබව කොතනට ගිහින් ඇරලවයිද කියලා.

සටහන - ප්‍රමේෂ් වික්‍රමසිංහ

(ව්‍යාපාරික ජනමාධ්‍යවේදී/ ව්‍යාපාර සංවර්ධන පුහුණුකරු)

නවතම ලිපි