සිය පැවත්ම උදෙසා මිනිසුන් ඔිනෑම ආකාරයක දුෂ්කර ක්‍රියාමාර්ග හෝ වෘත්තීන් තෝරා ගනිති. එය එක්කෝ තමා අරභයාය. එසේ නොමැතිනම් තමාදෙස දෑස් දල්වා බලාසිටින තම ආදරණීයයන් වෙනුවෙනි.
වන අඩවි ආරක්ෂකයෙක් යනු හැමවිටම තම ජීවිතය අනතුරකට ලක්කිරීමකට සුදානම්ව සිටිය යුතු චරිතයකි. එබැවින් එවන් වෘත්තීන් සඳහා තෝරා ගනු ලබන්නේ බොහෝ විට පිරිමි පාර්ශවයයි.
දැන් අප කතාකරන්නේ ඊට හාත්පසින්ම වෙනස්ව මේ වෘත්තියේ නියැලෙන ඉන්දීය කාන්තාවන් දෙදෙනෙක් ගැනය. එයද අසල්වැසි මිනිසකුගේ ඡායාවක් හෝ දකින්නට නොහැකි සැතපුම් ගණනකට මිනිස් වාසයක් නොමැති ගිනිගහන පරිසරයක වැලි කුනාටු නිතර පහර දෙන කාන්තාරයක් තුල වීම සුවිශේෂීය.
අනෙක් අතට ගැහැණුන් දෙදෙනෙක් සිටින්නේ කිසිදු ආරක්ෂාවක් නොමැති හුදකලා පරිසරයක් තුලය. එයද දිනකට ස්ත්‍රී දූෂණ 89 ක් වාර්තා කරන ඉන්දියාවේ, එයට වැඩිම පංගුවකින් සිය දායකත්වය දෙන රාජස්ථානයේය.
රාජස්ථාන් යනු ඉන්දියාවේ විශාලතම ප්‍රාන්තය වන අතර රටේ අඩුම සාක්ෂරතා අනුපාතය (සියයට 52.66) සඳහා කුප්‍රකටය. එය තවමත් ළමා විවාහ සහ නිරන්තරවම ස්ත්‍රී දූෂණ සදහා අපකීර්තියේ නාමය ඈදාගත් රාජ්‍යයකි. එහි ගැහැණු ළමයින් වැඩිවියට පත්වීමෙන් පසු පාසලෙන් ඉවත් වන අතර ග්‍රාමීය ප්‍රදේශවල ගැහැනු ළමයින්ට උසස් අධ්‍යාපනය සහ රැකියා අවස්ථා සඳහා ප්‍රවේශය ඉතා සුළුය. එවැනි පරිසරයක් තුළ, පුෂ්පා සහ පුෂ්තා යනු වියළි කතරක, ශුෂ්ක හා තමාට හෝ ආරක්ෂාව සපයාගත නොහැකි කලාපයේ වන ආරක්ෂකයින් ලෙස සේවය කරන තරුණියන් දෙදෙනෙකි. එකී රැකියාවට රාජස්ථානය පිරිමි බලකොටුවක් ලෙස සැලකේ.
සාක්ෂිකරුවෝ නැමති සිරස්තලය යටතේ ලෝක ජයාරූප හා ප්‍රවෘත්ති ආයතනයේ වෙබ් අඩවියට ඔවුන් දෙදෙනාව හදුන්වා දෙමින් එයට ලියන Deepti Asthana මෙසේ සටහන් කරයි.
“කිලෝමීටර 60 ක් පමණ එක දිගට කටු පදුරුවලින් ගහන, මිනිසුන්ට තබා සතා සිවුපාවටත් දුෂ්කර, රාජස්ථාන්හි සුදාසරි කාන්තාර ජාතික වනෝද්‍යානය ඉන්දියාවේ බරපතල තර්ජනයට ලක්ව ඇති පක්ෂි විශේෂවලින් එකක් වන Great Indian Bustardsලාගේ නිවහනයි. වනාරක්ෂක වෘත්තියේ නියැලෙන කාන්තාවන් දෙදෙනා වේගයෙන් අඩුවෙමින් පවතින කුරුල්ලන්ගේ සංඛ්‍යාව සටහන් කිරීම මෙන්ම ඉතිරිව සිටින අයගේ යහපැවැත්ම සහතික කිරීම සඳහා වගකිව යුතුය”.
විශාල කාන්තාර භූමියේ, දිග්ගැස්සුනු එකම ව්‍යුහය වූයේ ඉදහිට පැමිණෙන කාර්ය මණ්ඩලය නවතින පිලිසකර කල පැල්පතක් සහ වනජීවී දෙපාර්තමේන්තුවේ කඩා වැටෙන කාර්යාලයකි. මිනිසුන් එහි දුර්ලභ අතර කිරි සහ පරිප්පු වැනි මූලික ආහාර සොයා ගැනීම සඳහා වැලි සහිත මාර්ගවල කිලෝමීටර් 20 ක දුරක් ගමන් කිරීම අවශ්‍ය වේ.
අන්තරායන් මධ්‍යයේ වුවද, බටහිර රාජස්ථානයේ පාකිස්තාන දේශ සීමාවට ආසන්නව පිහිටි දුර බැහැර ප්‍රදේශයක, පශ්චාත් උපාධි ලබා ඇති මෙම කාන්තාවන් දෙදෙනා වන සංරක්‍ෂකයන් ලෙස සේවය කරමින් මට බලාපොරොත්තුවක් හා ආශ්වාදයක් ගෙන දුන්නාය. පුෂ්පා සහ පුෂ්තා යන දෙදෙනාටම සමාන මුල් නම් තිබුනද එකම වයසේ පසුවුනද ඔවුන්ගේ ජීවිත කතා සම්පූර්ණයෙන්ම වෙනස් ය.
පුෂ්පා ෂෙක්වතී (24), නගුවාර් දිස්ත්‍රික්කයේ කසුම්බි නම් කුඩා ගම්මානයේ සිය පුරුෂයා මියගිය වැන්දඹුවකි සහ එක් දරු මවකි. ඇයට නැවත විවාහ වීමක් තෝරා ගැනීම රාජස්ථානයේ සිතාගතවත් නොහැකි ය.
සමාජයේ ප්‍රමුඛ කොටසක් තවමත් සති පූජා චාරිත්‍රය උත්කර්ෂයට නංවයි. අතිශයින්ම සමාජීය පීඩනය සහ ඔවුන්ගේ පවුල්වලට සිදුවිය හැකි ප්‍රතිවිපාක කාන්තාවන්ට ඔවුන්ගේ ජීවිතයේ දෙවන වරටත් ආදරය හා විවාහ සතුට සොයා ගැනීම වළක්වයි. එබැවින් ඇය සිය දරුවා මවුපියන් ළග නවතා ජීවත්වීම අරභයා මෙහි පැමිණීමට සුදුසුකම් ලැබීය.
පුෂ්තා පවර් (25) යනු පොඛරන් අසල බල්ලාඩ් නම් කුඩා ගම්මානයේ ගොවියෙකුගේ දියණියකි. මා ඇයව මුණගැසෙන විට ඇය අලුත විවාහ වූ කාන්තාවකි. කෙසේ වෙතත්, ඇයගේ රැකියාවේ ස්වභාවය නිසා, ඇය නිතර නිතර බැලීමට පැමිණෙන සැමියා සමග ජීවත් වේ. ඇගේ දෙමව්පියන් දෙදෙනාම අධ්‍යාපනය නොලැබු නමුත්, පුෂ්තා සහ ඇගේ සහෝදර සහෝදරියන් සියල්ලන්ම පශ්චාත් උපාධි ලබා ඇත. ඒ ඔවුන්ගේ දෙමාපියන් අධ්‍යාපනය කෙරෙහි දැක්වූ අතිමහත් අවධාරණයට ස්තුති වන්නටය.
ඇගේ විවාහයෙන් පසු පුෂ්තාට ගබ්සා දෙකක් සිදුවී ඇත. පළමු ගබ්සාව සිදු වූයේ ඇය නිවාඩුවක් සඳහා නිවස බලා යමින් සිටියදී ය. ඇගේ දෙවැන්නා ඉපදුණු විගසම මියගිය ගැහැණු ළමයෙකි. නැවත පිළිසිඳ ගැනීමට හැකිවීමක් ගැන ඇය අවිනිශ්චිතය. පිරිමි උරුමක්කාරයෙකු සැපයීමට නොහැකි වීම නිසා කාන්තාවට ඇගේ ආසන්නතමයන් හෝ පවුලේ අය විසින් දඩුවම් කිරීම රාජස්ථානයේ සාමාන්‍ය දෙයකි. සිය පවුල එසේ නොවුවද අධික ශෝකය, කඩාවැටීම හා පරිතාපය මේ හුදෙකලාව තෝරාගැනීමට පුෂ්තා සුදුසුකම් ලැබීය. ඇය නිදන තැන බිත්තියේ දිදුලන ඇඳුමෙන් සැරසුණු කුඩා ගැහැණු ළමයි දෙපලකි. ඔවුන් අත රෝස මල් තිබේ.
උපාලි ජයසිංහගේ මුහුණුපොතෙන්.