SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මාර්තු 08 වැනිදාට යෙදී ඇති ලෝක කාන්තා දිනය නිමිත්තෙන් ඇමෙරිකා එක්සත් ජනපදය මගින් වාර්ෂිකව පවත්වන

ජාත්‍යන්තර දිරිය කාන්තා සම්මාන (International Women of Courage Awards) ප්‍රදානය සඳහා 2021 වසර වෙනුවෙන් තෝරාගත් කාන්තාවන් අතරට ශ්‍රී ලංකාවේ රනීතා ඥානරාජා මහත්මියද නම් කර තිබිණි.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් 2007 ආරම්භ කෙරුණු මෙම සම්මානය මේ වන විට ලොව රටවල් 75 කට අධික සංඛ්‍යාවක සම්මානලාභීන් 155 ක පමණ පිරිසකට පිරිනමා තිබේ. මෙම සම්මානය පිරිනමන්නේ සාමය, යුක්තිය, මානව හිමිකම්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම උදෙසා පෙනී සිටින සුවිශේෂී ධෛර්යයක් හා නායකත්වයක් පෙන්නුම් කළ කාන්තාවන් සඳහාය.

මෙවර සම්මාන ප්‍රදානය සඳහා ශ්‍රී ලංකාවේ රනිතා ඥානරාජා ඇතුළු කාන්තාවන් 14 දෙනකු තෝරාගෙන තිබේ. බෙලාරුස්හි මාරියා කලෙස්නිකාවා, මියන්මාරයේ ෆියෝ ෆියෝ අවුන්, කැමරුන්හි මැක්සිමිලියන් සී. එන්ගෝ එම්බේ, චීනයේ වැන්ග් යූ, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජූලියන් ලුසෙන්ගේ, ගුවාතමාලාවේ එරිකා අයිෆන්, ඉරානයේ සොහෙරේ බයාත්, නේපාලයේ මුස්කාන් කහටුන්, සෝමාලියාවේ සහරා මොහොමඩ් අහමඩ්, ස්පාඤ්ඤයේ ඇලිෂියා වකාස් මොරෝ කන්‍යා සොහොයුරිය, තුර්කියේ කැනන් ගුලු, වෙනිසියුලාවේ ඇනා රොසරියෝ කොන්ටෙරාස්, සහ කොලොම්බියාවේ මයර්ලිස් අංගරිටා එම පිරිසය.

දිරිය 2

මේ හැර ඇෆ්ගනිස්ථානයේ ජන ජීවිතය නගා සිටුවීමට සඳහා කළ කැපවීම නිසා ඝාතනයට ලක්වූ ඇෆ්ගනිස්ථානයේ කාන්තා නායිකාවන් සහ ක්‍රියාකාරීන් 07 දෙනෙකු සඳහා ද මෙම සම්මානය පිරිනමා තිබේ.

ශ්‍රී ලංකාවේ රනිතා ඥානරාජා මෙම සම්මානය සඳහා තෝරාගෙන ඇත්තේ තර්ජන හා අභියෝග මධ්‍යයේ වුවද, රටේ ආන්තික හා අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිගින් දිගටම සටන් වදින සහ ආරක්ෂා කිරීමට නීතීඥවරියක ලෙස ඇය කරන ලද කැපවීම හා දායකත්වය හේතුවෙන් බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

බලහත්කාරයෙන් අතුරුදන්වීම්වලට ගොදුරු වූවන් සහ ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසර ගණනාවක් තිස්සේ කිසිදු චෝදනාවකින් තොරව රඳවාගෙන සිටින සිරකරුවන් වෙනුවෙන් පෙනී සිටීමට සහ ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සටන් කරන රනිතා නොමිලේ නීති ආධාර සහ ඒ ආශ්‍රිත සේවාවන් ලබා දීමට කටයුතු කරන අතර ගැටුමෙන් පුද්ගලිකව පීඩාවට පත් වූ වින්දිතයින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ට සාධාරණය ඉටු කිරීම සඳහා ලබා දී ඇති දායකත්වයද ඇගයීමට ලක්ව තිබේ.

 

නීතීඥවරියක වන රනිතා ඥානරාජා CHRD Sri lanka ආයතයේ ප්‍රධානියාය. ඇය සිය වෘත්තීමය දිවිය ආරම්භ කළේ 2006 හෝම් ෆො හියුමන් රයිට්ස් ආයතනයෙනි. මෙරට කාන්තාවන් හා ළමුන් මුහුණ දෙන හිංසනයට හා ලිංගික තාඩන පීඩනවලට එරෙහිව හඬක් නැගූ ඇය ජාතික මට්ටමේ කාන්තා ක්‍රියාකාරීන් අතර සන්ධානයක් ගොඩ නැඟීමට කටයුතු කළාය. ඔවුන් හා එක්ව ලිංගික හා ස්ත්‍රීපුරුෂ සමාජභාවය මත පදනම්ව සිදු කෙරුණු හිංසනයන් පිළිබඳව ලෝක ප්‍රජාව දැනුම්වත් කිරීමට කටයුතු කළාය. ළමා අපචාර හා ලිංගික හිංසනයට ලක්වූ කාන්තාවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියාය. මින් ඉහත මෙම සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලාංකික කාන්තාව වූයේ මරිනි ලිවේරාය. ඒ 2019 වසරේය.

ජාත්‍යන්තර දිරිය කාන්තා සම්මාන උළෙල පසුගිය මාර්තු 8 දින රාජ්‍ය ලේකම් ඇන්තනි ජේ. බ්ලින්කන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ ජනාධිපති ජෝ බයිඩන්ගේ බිරිඳ වන ආචාර්ය ජිල් බයිඩන් විසිනි.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

නවතම ලිපි