SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සම සරසන තවත් එක් ක්‍රමයක් තමයි මෙහෙන්දි ගැල්වීම කියලා කියන්නේ. මෙහෙන්දි රටා නිර්මාණය වඩාත්ම ප්‍රචලිත වන්නේ ඉන්දියාව තුල වුනත්, අපේ ශ්‍රී ලංකාවේ ලංකාවේ යුවතියනුත් මෙහෙන්දි භාවිතා කරනවා.

 

මෙහෙන්දි මෝස්‌තර දැමීම ඉතාමත් සියුම් ලෙස, ඉවසීමෙන් කල යුත්තක්. එය සුවිශේෂී කලාවක් ලෙසත් හඳුන්වා දෙන්න පුළුවන්.

මෙහෙන්දි හඳුන්වන විවිධ නම් තමයි හෙනා, මරතොණ්‌ඩි කියන්නේ. හෙනා ශාකයේ කොළ කූඩු කර, එයට දෙහි යුෂ සහ ඉයුකැලිප්ටස් තෙල් එකතු කරලා තමයි මේ වර්ණකය සාදා ගන්නේ. ඔබට අවශ්‍ය නම් එයට කරාබු නැටි, වෙනත් වර්ණක මුසු කල හැකියි. හිස කෙස් වල හෙනා ගැල්වීමේදී බීට් රූට් යුෂ මුසු කරන්නෙත් ඒ නිසයි. එලෙස සාදා ගන්නා මෙහෙන්දි වර්ණකයෙන් සම මත සොඳුරු රටා මැවීමේ හැකියාව තිබෙනවා.

 

 

meh

 


මෙහෙන්දි ගැල්වීමේ අරමුණු

 


• ඉන්දියානු ලඳුන් විශේෂ උත්සව අවස්ථාවන්හිදී මෙහෙන්දි ආලේප කරන බව ඔබ අසා ඇති. සමට අපූරු සුන්දරත්වයක් එකතු කරන්න මේ මෙහෙන්දි           කලාවට හැකියාව තියෙනවා.
• ශරීරයේ ඇති උෂ්ණ ගතිය සමනය කර, ශරීරය සිසිල් කරන්නත් මෙහෙන්දි වලට පුළුවන්.
• මෙහෙන්දි කියන්නේ හොඳ විෂබීජ නාශකයක්. මෙහෙන්දි ගැල්වීමෙන් සමේ රෝග අඩු වී යනවා.
• මෙහෙන්දි, එහෙම නැත්තම් හෙනා හිසේ ගැල්වීමෙන් ඉස්සොරි සමනය කර ගන්න පුළුවන්.
මෙහෙන්දි ගල්වන ආකාරය
• සාමාන්‍යයෙන් මෙහෙන්දි රටා ඇඳ ගැනීම සඳහා භාවිතා කරන්නේ “කෝන්” නමැති කුඩා උපකරණයයි.
• මෙහෙන්දි ගැල්වීමට පෙර සම මත දෙහි යුෂ ස්වල්පයක් ආලේප කරන්න.
• මෙහෙන්දි රටාව ඇඳ ගත් පසු නොසෙල්වී පැයක පමණ කාලයක් සිටිය යුතුයි. ඔබේ චලනයන් නිසා ගැල්වූ මෙහෙන්දි රටාව විකෘති වී යා හැකියි.
• ගැල්වූ මෙහෙන්දි වේලී ගිය පසු ඉතිරි කූඩු වැනි දෙය ඉවත් කරන්න.
• ඉන් අනතුරුව සම මත දෙහි යුෂ හෝ පොල්තෙල් ගල්වන්න. එමඟින් ඇඳ ගත් රටාව කල් පවතින බව කියවෙනවා.
• මුලදී ඔබ ඇඳ ගත් රටාව පෙනෙන්නේ ලා තැඹිලි වර්ණයෙනුයි. නමුත් පැය 12ක් පමණ ගත වන විට මේ රටාව තද රතු/ දුඹුරු පැහැයට හැරෙනවා. එයට හේතුව වන්නේ ඔක්සිජන් වල බලපෑමයි.

 

 

mehendi 1

 



මෙහෙන්දි රටා රජ කරන විදේශීය උත්සව

 


• ඉන්දියාවේ විවාහ මංගල උත්සවයකදී මනාලියගේ දෑත් වල මෙහෙන්දි රටා මැවීම සුවිශේෂී චාරිත්‍රයක්. මීට අමතරව විවාහ උත්සවයට සහභාගී වන සෑම කාන්තාවක්ම පාහේ මේ මෙහෙන්දි රටා වලින් හැඩ වෙනවා.
• ඉන්දියාවේ පමණක් නොව පකිස්තානය, බංග්ලාදේශය, අරාබිය ආදී රටවල මනාලියන් අතරේත් මෙහෙන්දි රටා ඉතා ප්‍රචලිතයි.
• මීට අමතරව දැරියන් වැඩි වියට පත් වීම වෙනුවෙන් පවත්වන උත්සව, ආගමික සහ සාම්ප්‍රදායික උත්සව, විවාහ ගිවිස ගන්නා දිනය වෙනුවෙන් පවත්වන උත්සව ආදියේදීත් මෙහෙන්දි විලාසිතාවන් රජ කරනවා.

 


මෙහෙන්දි රටාව ඇඳ ගැනීම සඳහා භාවිතා කරන කෝන්

 

 

mehen

 

 

me

 

mehe

 



උපුටාගැනීම - Googhousekeeping.lk

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි