SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කලක් අගමැතිවරයකුව සිටි විජයානන්ද දහනායක මහතා අධ්‍යාපන ඇමැති කාලයේ සතියේ දින මන්ත්‍රී නිල නිවස්නය වූ ශ්‍රාවස්තියෙහි ගත කළ අතර සිකුරාදා සවස සිරිත් පරිදි ගාල්ලට ආයේය.

රිච්මන්ඩ් කන්ද පාරේ පිහිටි නිවෙසේ ඉස්තෝප්පු කාමරය ඔහුගේ නිවස්නය විය.


පාන්දර පහට පිබිදෙන දහා පිජාමා සරමක් හැඳ තුවායක් කරේ ලාගෙන මඟට බසී. අධ්‍යාපන ඇමතිවරයා හමුවීමට පැමිණ අහල පහළ රැස්ව සිටින පාසල් ගුරු මහත්වරු ‘අනේ මේ අපේ ඇමැතිතුමා නේදැයි’ විමතියෙන් ඇස් කරකවා බලති. නිහඬව නිවසෙන් පිටවෙන ඔහු අසල පිහිටි රිච්මන්ඩ් විද්‍යාල භූමියේ ඇති කරාමය ඇර මූණ කට සෝදා ගනී. හේ අසල ඇති ‘බෞද්ධයාගේ කඩේ’ යි හැඳින්වුණු වෙළෙඳසැලෙහි දොරට තට්ටු කරයි. ‘දහනායක’ යැයි සඳහන් කළ කඩදාසියක දැවටූ පත්තරයක් කඩේ කොළුවා දොරපළු නෑරම දොරට උඩින් ඇති හිඩැසෙන් එළියට දමයි. දහා එය රැගෙන රිච්මන්ඩ් විද්‍යාලය පාමුල මර්කරි විදුලි පහන යටට වී කියවන්නට පටන් ගනී.

 

 

Vijayananda




සේවයට කැපවූ තවත් සති අන්තයක් ඇරඹේ. ඇමැතිවරයා හමුවීමට පැමිණි ගුරුවරුන් ඇතුළු ඡන්දදායක දායිකා පිරිස් ඈතට වී බලා සිටිති. පත්තරය බලන අතරතුර අසල නිවැසි හෙට්ටිආරච්චි උණුසුම් කෝපි කෝප්පයක් රැගෙන විත් මර්කරි පහන් කණුව මුලදී දහාගේ අතට පිරිනමයි. හේ කෝපි තොලගාමින් පත්තරය කියවයි.

පොළොවට අඳුර වැටී අඩ පැයක් ගතවන විටද දහා මිනිසුන් අතරය. මුරකාවල් හෝ රැකවලුන් හෝ නැත. කනප්පු පොඩ්ඩක් ඉස්තෝප්පුවේ තබාගන්නා හෙතෙම යනෙන ලොකු කුඩා හැමදෙනාටම සවන් දෙයි. අවැසි තැනකට දුරකථන නියෝගයක් දෙයි. දම්පාට තීන්ත පිරවූ පෑනෙන් සියතින්ම ලිපි ලියාදෙයි. ගෙනෙන ලිපිවල ඉහළ කොනේ කිසියම් නියෝගයක් සටහන් කරයි. බොහෝ දිනවල පාතරාසය නොලබාම පැය ගණනක් එක දිගට වැඩ කරන්නට සිදු වෙයි. කහට උගුරක්, කිරි කෝප්පයක්, කැඳ බඳුනක් වරින් වර පවස නිවයි. ඔහුගේ අරමුණ වී ඇත්තේ පැවරී ඇති කටයුතු සම්භාරය නිම කිරීමය.

banis mama
ලක්දිව සිවු දෙස සිට පිහිට පතා ගාල්ලේ රිච්මන්ඩ් කන්ද පාරට ඇදී එන්නේ එහි දොරටු කාහටත් කොයි වෙලෙත් විවරව පවත්නා බව දන්නා හෙයිනි. තීරණ කඩිනම්ය. නියෝග පැහැදිලිය. පැමිණි බොහෝ දෙනා නික්ම යන්නේ පහන් සිතිනි. අරමුණ ඉටු වූ සංහිඳියාවෙනි. නවසිය පනස් හයේ සිට පනස් නවයේ සැප්තැම්බර් අග දක්වාම දහා ගේ සති අන්ත ගෙවුණේ එපරිද්දෙනි.

බණ්ඩාරනායක රජය පත් වනවිට පැවති සන්සුන් වාතාවරණය මද කලකින්ම වැඩ වර්ජන, උද්ඝෝෂණ ආදියෙන් ආකූල ව්‍යාකූල කෙරෙන පසුබිම සැකසෙමින් පැවතිණි. කොතලාවලගේ දරදඬු පාලන ශෛලියට වඩා බණ්ඩාරනායකගේ මෘදු පාලන ශෛලිය ප්‍රජාතාන්ත්‍රික පරිසරයක් නිර්මාණය කරන ලදි. එහෙත් සංවර්ධන කටයුතුවලට බාධා වන පරිද්දෙන් හා ජන ජීවිතය රිදුම් දෙන අන්දමින් තැන තැන වැඩ වර්ජන ඇරඹිණි. වාමාංශිකයන් විසින් අරඹන ලද වැඩ වර්ජන රැල්ළෙන් රටේ පරිපාලනය අඩාල වෙමින් පැවතිණි.

 

රජය ඇතුළත දක්ෂිණාංශික හා වාමාංශික බලවේග අතර නිරන්තර ගැටුම් පැන නැගිණි. රජයේ සමාජවාදී ක්‍රියා මාර්ග හා ධනවාදී කඳවුර අතර බල බෙදුම් මතු විණි. බණ්ඩාරනායක රජය සංස්කෘතික හා සමාජ ආර්ථික ක්ෂේත්‍රයෙහි ප්‍රගමනය අපේක්ෂාවෙන් විප්ලවීය පියවර රැසක් ක්‍රියාවට නංවන්නට විය.

 

banis mamam 1




දෙදහස් පන්සියයේ සම්බුද්ධ ජයන්තිය රජයේ පූර්ණ අනුග්‍රහය ඇතිව අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලද්දේ බෞද්ධ ජනකාය අමන්දානන්දයට පත් කරවමිනි. සිංහල භාෂාව රාජ්ය භාෂාව බවට පත් කැරිණි. බස් ජනසතු විය. ත්‍රිකුණාමලයේ යුද කඳවුර පවරා ගැණිනි. චීනය හා රුසියාව ආදී සමාජවාදී රටවල් සමඟ මුල්වරට රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්ට මුල පිරුණි. නම්බු නාම ප්‍රදානය අහෝසි විය. මැයි දිනය මුල්වරට දීප ව්‍යාප්ත රජයේ නිවාස දිනයක් බවට ප්‍රකාශයට පත්විය. වරාය ජනසතු කෙරිණි.


කෘෂිකර්ම හා ආහාර අමාත්‍ය පිලිප් ගුණවර්ධන විසින් කුඹුරු පනත ඉදිරිපත් කරනු ලබන විට බණ්ඩාරනායක රජයේ වාමාංශය හා දක්ෂිණාංශය අතර ගැටුම් තීරණාත්මක මට්ටමකට උත්සන්න වෙමින් තිබුණේය.

 

 

banis mama 3



බණ්ඩාරනායක රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වශයෙන් අදත් ජන සම්මානයට ලක්ව ඇත්තේ විජයානන්ද දහනායක අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාය.

 

ලක්දිව බොහෝ පාසල් දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙන බව දහා නිතර අත්විඳි දෙයකි. දශ ලක්ෂයක් දරුවෝ එකල්හි පාසල්වල වූහ. ඔවුන්ට බනිස් ගෙඩියක් හා කිරි වීදුරුවක් බැගින් දිය යුතු යැයි අධ්‍යාපන ඇමැතිවරයා යෝජනා කළ කල්හි ඔහු ‘දවල් හීන දකින්නකු ලෙස’ බොහෝ දෙනෙක් සාවඥ ලෙස බැල්මක් හෙළූහ. දිනකට බනිස් ගෙඩි දශ ලක්ෂයක්! කිරි වීදුරු දශ ලක්ෂයක්!

දහා පසුබට වූයේ නැත. ඔහු මේ කාරිය කිරීමට අමෙරිකාවේ කෙයාර් සංවිධානයට ආරාධනය කළේය. එකඟතාව පළ විණි. ලක්දිව හැම පාසල් දරුවකුටම බනිස් ගෙඩියක් හා කිරි වීදුරුවක් දීමට වැඩ පිළිවෙළක් දියත් විය.

 

පාසල් ළමෝ දහනායකට බනිස් මාමායි කියන්නට වූහ. ඇතැම් උත්සවයකදී ඔහු පිළිගන්නා ලද්දේ බනිස් දාමයක් මල් දමක් සේ ගෙළ පැළඳවීමෙනි.

 

 

banis mama 4



‘බනිස් මාමේ කොයිද නැන්දා’ යි ඇතැම් තැනෙකදී පාසල් දරු දැරියෝ අවිවාහක අධ්‍යාපන ඇමැතිවරයාගෙන් විචාළහ.

හේ එකල දරු දැරියන් අතර ජනප්‍රියම අමාත්‍යවරයා විය.

(රංජිත් අමරකීර්ති පලිහපිටිය විසින් රචිත විජයානන්ද දහනායක කෘතියෙනි. 1998 පළවූ මෙම කෘතිය ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ ප්‍රකාශනයකි.)

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි