මේ සංකීර්ණ කතාවට සරළ මාතෘකාවක් සොයා ගන්නට නොහැක. කතාව කොහෙන් ආරම්භ කරනවාද
කියා අවබෝධයක්ද නැත. එහෙත් දින කීපයකට පෙර සූවස් ඇලේ විශාල නෞකාවක් සිරවී නැව් ගමනාගමනය නැවතුනු බව යන සිද්ධියෙන් කතාව ආරම්භ කරමු.
වසර දශකයකට පමණ පෙර සිදු වූ සිදුවීම් දෙකක් මෙසේ විය. මෙය සාමාන්‍ය මිනිසෙක් වූ ටැක්සි රියැදුරෙක්ට සම්බන්ද විය. කයිරෝ ගුවන් තොටුපලේ සිට හෝටලයට යන අතරේ ඔහු සමඟ ඊජිප්තුව ගැනතොරතුරු කතා කරමින් ගියෙමි. ඔහු මගෙන් ඇසුවේ, … “පිරමීඩ වල ඇති වැදගැම්ම කුමක්ද…. ඔබ කයිරෝ මහ පල්ලිය බලන්න යන්නේ නැත්තේ කුමක් නිසා ද ?...යන්නය.
මේ කතාව වන විට ගීසා පිරමීඩ ඈත ක්ෂිතිජයේ පෙනෙන්නට තිබිණ.
වාසනාවට මේ කියන මහ පල්ලිය තනා තිබුණු ආකාරය ඒ අවස්ථාවේ දැන සිටියෙමි. ඈත පිරමීඩයේ මුදුනේ පමණක් ගල් තහඩු පෙනෙන අතර, පහත ගල් තහඩු නොතිබිණ. එම ගල් තහඩුකිසියම් පලිඟු ස්වරූපයක් දරන “ඇලබැස්ටර්” යන්නෙන් තනා තිබිණ. පිරමීඩ වල පහත ගල්තහඩු ගලවා, ඔය කියන පල්ලි තැනූ බව ඔහු නොදන්නේ ද යයි ඇසුවෙමි. පුදුමයකට මෙන් එය ඔහු දනී. ඉතිරියද ගලවා තව පල්ලි තැනිය යුතු බව ඔහු කියා සිටියේය.
ඊජිප්තුවට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගයක් වූ සංචාරක ව්‍යාපාරයට බාධා පැමිණවීම කකුලට වෙඩිතියා ගන්නවා මෙන්ය යන්න ඔහු ගණන් ගන්නේ නැත. පිරමීඩ සහ නටබුන් හැර මේ මරු කතරේ වෙන මොනවා බලන්නද යන්න ඔහුට අදාළ නැත.
දෙවන සිදුවීම වූයේ, ඉතා දක්ෂ ඉංජිනේරුවෙක් සමඟ සේවයකිරීමට වාසනාව ලැබුණු අවස්ථාවේ විය. ඔහුගේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඇමරිකාවෙන් සහ නෝර්වේ වලින්ලබා ගෙන තිබිණ. අපි ඔහුට අෂ්රෆ් යයි කියමු. ඊජිප්තුවට යන විට දකින දැවැන්ත පිරමීඩ දකින ඕනෑම කෙනෙක්ට අනිවාර්යයෙන් ඇතිවන ප්‍රමාණ කල නොහැකි කුතුහලය නිසා දිගින්ද දිගටම අෂ්රෆ් ගෙන් ඒවා ගැන විස්තර ඇසුවෙමි.
කරන්නට තිබුණු සේවය ගැන අසනවාට වඩා වෙන වල්පල් ඇසීමෙන් හෙම්බත්වූ නිසාදෝ අෂ්රෆ් මෙසේ කීවේය. …
“මට මේ රටේ ජනාධිපති කම තියෙනවා නම්, මම මොකද කරන්නේ කියා උඹ දන්නවාද ?... මා, “නොදනිමි” යයි කීවෙමි. … “එසේ නම් මා මුලින්ම කරන්නේ ඊජිප්තුවේ ඇති සියළු පිරමීඩ සහ පැරණි නටබුන් විනාශ කිරීමය” ඔහු කීවේය.
ඔහු එසේ කියන්නට හේතුව ඇසු විට හේතු සේ දැක්වූයේ,...“ඒවා ඉස්ලාමයට විරුද්ධ වේ” යන්නය.
මෙසේ කීවේ කිසියම් ක්ෂේත්‍රයක පශ්චාත් උපාධි අධ්‍යයන දෙකක් ඇති කෙනෙක් බව මා ඔබට කිව යුතුය. ඒ කියූ දේ ගැන තීරණය කිරීම ඔබට භාර කරමි. කෙටියෙන් කිවහොත් ඥාණයේ සහ බුද්ධියේ වෙනස එය විය. බාහියන් බුදු පිළිම කැඩූ ඇෆ්ගන් තලේබානුවන් ඔබට සිහිවෙනු ඇත.
ලංකාවේද තලේබානුවන් සිටින බව සිහිපත් කරන්නට මෙය අවස්ථාවක් කරගනිමි.
මේ ආකාරයේ උදාහරණ බොහෝ කිව හැකි වුවද මේ තුන්වන අවස්ථාවෙන් එය සමාප්ත කරමි. එය සිදු වුනේ ඊජිප්තුවෙන් බැහැර එහෙත් තවත් මැද පෙරදිග රටක විය.මිතුරෙක්ගේ ඇරයුමෙන් ඔහුගේ නිවසේ දින කීපයක් සත්කාර ලබමින් සිටියෙමි. ඔහුගේ නිවස විශාල ‘විලා එකක්’ විය. එහි උඩ තට්ටුවේ සිටියේ ඔහු සමඟ එකට සේවය කල ඉහළ තලයේ නිළධාරියෙක් විය. ඔහු ඊජිප්තියානු ජාතිකයෙක් වූ අතර පඩිපෙලක් සේ වූ දරුවන් රැසක්සිටි කෙනෙක් විය.
වසර 3 ට 4 ට වඩා වැඩි සියළු ගැහැණු ළමයින්ට අබායා කළු කබාය පොරවා තිබිණ. එනමුදු ඔවුන් මිදුලේ සෙල්ලම් කල අතර, මගේ හිතවතාගේ වසර පහේ පුතාද ඔවුන්සමඟ සෙල්ලම් කළේය. දින කිහිපයකට පසු ඒ ඊජිප්තියානුවා ඔහුගේ ගැහැණු දරුවන්ට සෙල්ලම්කිරීම තහනම් කලේ, ඒ දරුවන් පිරිමිළමයි සමඟ සිටීම ඉස්ලාමික නොවේ යයි කියමිනි.
මේ උදාහරණ තුන මගින් ඔබට සාමාන්‍ය ඊජිප්තියානු ජාතිකයන් සිතන ආකාරයපැහැදිළි වේ යයි සිතමි. මේ ආකාරයේ මනසකින් හෙබි මිනිසුන් නිසා ජනගහණය වර්ධනය වීමේ සීඝ්‍රතාවය ඊජිප්තුවට දැරිය නොහැකි තරම් වේ.
විශේෂයෙන්ම දුගී රටකට එය දැරීම පහසු නැත. අවසාන ප්‍රතිඵලය වන්නේ මේ පීඩනය පුපුරායාමයි. එය වීමට හැකි හොඳම ස්ථානයක් වන්නේ සූවස් ඇළ බවට අනුමාන කල හැක. දැන් අපි මේකතාවේ පළමු ඡේදයට යමු.
සූවස් ඇලේ සිරවූ නෞකාව නිසා මුළු ලෝකයේම ඇස් සූවස් ඇළ දෙසට හැරුණි. නැවක් එහි සිරවීම නිසා ලෝක ආර්ථිකයට එය දැනුනි. අනාගතයේ සූවස් ඇලේ නෞකාවක් පුපුරවා හරින්නේ නැත්නම් එය පුදුම විය යුතු කරුණක් වෙනු ඇත. එය වෙනත් රටක බළල් අතකින්වෙන්නට ඉඩ බොහෝ දුරට ඇත.
ඊජිප්තුවේ සිටින අන්තවාදී ආගමිකයන් අතරේ ගෙනයන මේ සියුම් සමබරතාවය දිගටම පවත්වාගෙන යෑම එතරම් පහසු නැත. ඒ සමබරතාවය කැඩෙන අනෙක් දේ නම් කෙමෙන් අඩුවෙමින් යන නයිල් නදියේ ජල ප්‍රමාණය වේ.
නයිල් නදියේ ජලය අඩුවීම වීමට ප්‍රධාන හේතු දෙකකි. පළමුව ම පරිසරයේ වෙනස් වීමය. දෙවනුව ඉහළ නයිල් හී ඉතියෝපියාවේ ඇති කර තිබෙන බැම්ම නිසා එහි ගැබ්වෙන විශාල ජල පරිමාව වේ. ඒ පරිමාවට වඩා ගැටලුව වන්නේ බැම්ම ඉහළ ජලය පැතිර පවත්නා වර්ගඵලය නිසා ගැබ්වෙන ජලයේ වාෂ්පීකරණය වැඩි වීම වේ. එවිට පහතට ගලන නයිල් නදියේ ජල අඩුවීම වැළැක්වීමට කිසි සේත් නොහැකි වනු ඇත. ඊජිප්තුවද හරියට ගණිකාවක් වැනිය. එය දූෂණය කළවුන්ගේ ගණන නිමක් නැතිවිය. බ්‍රිතාන්‍යයන් ඊජිප්තුව යටත් කරගෙන සිටියුගයේ නයිල් නදියේ ජලය අඩුවීම ගැන කතිකාවතක් ආරම්භ විය. එකළ ඉහළ නයිල් රටක් වන සුඩානය සමඟ ඊජිප්තුව සම්මුතියකට එළඹුනේ, නයිල් නදියේ ජලය අවහිර නොකරන බවට විය.
නමුත් එකළ සිටි බ්‍රිතාන්‍යයන් මෙන්ම ඊජිප්තුවන්ද නදියේ විශාලතම ජල ධාරා ඉතියෝපියාවෙන් ගලන බවක් දැන සිටියේ නැත යයි අනුමාන කල හැක.මෙය තරමක් සවිස්තර කිරීම වටී යයි සිතේ.
ප්‍රධාන නයිල් නදිය උගැන්ඩාවෙන් එන, මහා පළල, එනම් සමහර තැන් වල එහා මෙහා නොපෙනෙන, එහෙත් කුඩා ජල ධාරාවක් එන සුදුනයිල් නදියෙන් සහ , දැවැන්ත ජලධාරාවක් ඉතියෝපියාවේ කඳුකරේ සිට එන පටු නිල් නයිල් නදියෙන් ඇති වේ. මේ නදීන් ද්විත්වය සුඩානයේ කාර්ටුම් නගරයේදී එකතු වේ.
ශක්තිමත් කෙනෙක් දුර්වලයෙක්ව තල්ලු කර දමනවා මෙන්, බලවත් නිල් නදියෙන් සුදු නදිය තල්ලුකරමින් මහා නයිල් නදිය එතනදී ආරම්භ වීම පෙනී යයි. මෙය සියැසින්ම දැක ගන්නට නම් චීනුන් විසින් කාර්ටුම් නගරයේ පාලම උඩට නැගිය යුතුය.
පහළ නයිල් නදියේ ජලය ආරම්භ වන ආකාරය මුල් කාලයේ අවබෝධ නොවන්නට ඇති හේතුවක් වන්නේ ඉතියෝපියානු කඳුකරය එතරම් වනගහනය ඇති හෙයින් මහ නදියට එකළ ජළය ලැබෙන ආකාරය සංකීර්ණ වූ හෙයින් වන්නට ඇත. එනම් එය අවබෝධ කරගන්නට දුෂ්කර වන්නට ඇත. එසේ නැතහොත් ඉතියෝපියානුවන් වනචාරීන් කියා සිතු නිසා ඒ සම්මුතියේ ඉතියෝපියානුවන් සඳහන්කර නොතිබුණා වුනු හෙයිණි. අවසාන අනුමානය වන්නේ, කොහේ ගියත් ගැටළු ඇති කරන බ්‍රිතාන්‍යයන් මේ ගැන දැනගෙනද නිහඬව සිටින්නට ඇත යයි සිතීමය.
එසේ හෙයින් ඊජිප්තුවට ජලය නිදහස් කිරීමේ ඒ සම්මුතියේ අංග වලට ඉතියෝපියානුවන් අදත් නැවෙන්නේ නැත. ඔවුන් GERD යයි කියන අප්‍රිකාවේ විශාලතම ජල විදුළි ව්‍යාපෘතිය ආරම්භ කළහ. දැනටමත් එය බොහෝදුරට සමාප්ත වී ඇත. රටට විශාල විදේශ විනිමයක් ලැබෙන එම අගනා ව්‍යාපෘතිය, කොහෙවත් ඇති ඊජිප්තුවක් නිසා නවත්වන්නේ යයි සිතිය නොහැක.
ඒ ගැන ඊජිප්තුවද දනී. එසේ හෙයින් එම ඉතියෝපියානු බැම්මට බෝම්බ දමාවිනාශ කල යුතු යයි කියන ලද සමහර ඊජිප්තියානු දේශපාලනඥයන්ද සිටී. නමුත් මෙහි ඇති අනෙක් නොපෙන පාර්ශවය වන්නේ ඊශ්‍රායලය සහ ඉතියෝපියාව අතර ඇති දීර්ඝ සංස්කෘතික බැම්ම වේ. එය වසර දහස් ගණනකට පෙර ඊශ්‍රායලයේ සිටිසොලමන් රජු තෙක් දුව යයි.
කෙටියෙන් කිවහොත් ඉතියෝපියාවේ රූමත් ශීබා රැජින ඊශ්‍රායලයේ ප්‍රඥාවන්ත සොලොමන් රජු හමුවෙන් ඇරඹුණු ප්‍රේමයේ ප්‍රතිඵලය සේ ඇයට ත්‍යාගයන් දෙකක් ලැබිණ. එකක් නම්, සොලොමන් රජුගේ මුද්දක් සහ ඇයට දාව ඔහුගෙන් ලැබුණු දරුවා විය. ඒ දරුවා ලොකු මහත්ව මෙනලික් සේ රජු වූ පසු තම දායාද සොයා සොලමන් රජු වෙත ගොස් මුද්ද ඉදිරිපත් කළේය. ඒ අනුව සොලොමන් රජුට ඔහුගේ දයාබර පුතුට දිය හැකි ඉහළම ත්‍යාගය සේ, දස පනත සඳහන් “මෝසෙස්ගේ ෆිටිකාව”මෙනලික් රජුට ලැබිණ.
ඊශ්‍රායලය සහ ඉතියෝපියාවේ සම්බන්ධය දැඩි වේ. ඊජිප්තුවේ පවතින මේ අස්ථාවර පාරිසරික සහ දේශපාලනික ගැටළු තත්වය වැළැක්විය හැකි එකම දෙය නම් ඊජිප්තුව නයිල් නදියෙන් යැපීමේ ප්‍රමාණය අවම කිරීම වේ. පැහැදිළිවම සිනායි කතර සහ රතු මුහුද අවට ඇති කාන්තාර වල පුනර්ජනන බල ශක්ති ප්‍රභව ඇතිකිරීම කර මුහුදු ජලය මිරිදිය බවට හැරවීම සහ බල ශක්ති නිෂ්පාදනය අවශ්‍ය වේ. මොළේ ඇති ඊජිප්තියානුවන් කීපදෙනෙක් පමණක් මේ ගැන සිතති.
ලංකාවේ තත්වය මෙයට සම්බන්ද නොකළහොත්, මා සැමවිටම කියන මැක්කාගේ කතාව අසම්පූර්ණ වේ. එසේ හෙයින් කියන්න ඇත්තේ ලංකාවේ බල ශක්තියද ඉහත සඳහන් කල කලාතුරකින් දැකිය හැකි පුනර්ජනන බලයට ලැදි ඊජිප්තියානුවන් සිතනවා මෙන් පුනර්ජනන බල ශක්තිය හරහා හැකි තරම් ගත යුතුය යන්නය. නමුත් ආගමෙන් අන්ධ වූවාක් මෙන් කොමිෂන් වලින් අන්ධවූ උන් ලංකාවේ සිටිනාතුරු එය නම් වන්නේ නැත.
නැවත කතාවට’; හරිත වර්ණයෙන් බොහෝ ප්‍රදේශ පිරුණු දැවැන්ත ඉතියෝපියාවට ඊජිප්තුව සමකල නොහැක. නයිල් නදිය නොමැති නම්, ඊජිප්තුවක්ද නැත. ගුවන් යානයකින් අහසෙන් ඊජිප්තුව දුටු කෙනෙක් එය අවබෝධ කරගන්නවා ඇත. නයිල් නදිය නිල පැහැ සර්පයෙක්මෙන් ගලාගෙන යන අතරේ, සර්ප හම සේ ඒ වටේ ඇති තුනී කොළ පැහැය ඔබ දකිනු ඇත.
මෙන්න මේ කොළ පැහැය පෙනෙන පෙදෙස් වල මිනිසුන් ජීවත් වේ. ඉන් එහාට පිහියකින් කේක් එකක් කැපුවා මෙන් ඒ කොළ පැහැය තද කහ පැහැයට හැරේ. එනම් ඉන් පෙන්වන්නේ නයිල් නදිය දෙපස ඇති මරු කතරයි.
ඉහත කියූ සියළු දත්ත ඉදිරියේ ඊජිප්තුවේ අනාගතය අපැහැදිළිය. අන්තවාදීන් විසින් සූවස් ඇලේ යන එක නැවක් පුපුරවා දැමූ විට ලෝකෙම ඇස් ඇරෙනු ඇත. මේ තත්වය මගින් වැඩිම ප්‍රයෝජනයක් ගන්නේ යකාගේ මොළ ඇති ඊශ්‍රායෙල් වරුන්වෙන්නට පුළුවන.
ඔවුන් අනිවාර්යයෙන්ම සූවස් ඇළ වෙනුවෙන් විකල්පයක් , එනම් තවත් ඇළක් රතු මුහුදට කපනු ඇත. නිල් නයිල් නදියේ ජලය අඩු වූ විට ඉහත කී දේවල් වේගවත් වීම වැළැක්වීමට සක්කරයාගේ පුතා වයිමාට වත් නොහැකි වනු ඇත.
ලලිත් කරුණාරත්න (අඩයාලම පිටුවෙන් උපුටා ගැණුනි.)