SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

“වර්තමාන පරම්පරාව වනාහි තම දරුවන්ගේ සොහොන් කොත්වල පහන් දල්වන පරම්පරාවකි”  Pediatrician, Dr, Steve Ryan

තම දරුවන් නිතර නිතර රෝගවලට ගොදුරු වන වන බවත්, ඔවුන්ගේ කායික මානසික හැකියාවන් විශේෂයෙන්ම ඔරොත්තු දීමේ හැකියාවන් අසාමාන්‍ය ලෙස දුර්වල බවට වර්තමානයේ බොහෝ දෙමවුපියන් නිතර නිතර මැසිවිලි නගති. තමන් දරුවන්ව සිටි කාලයට සාපේක්ෂව අද දරුවන් බත්, මාළු, එලවළු, පළතුරු ආදි පෝෂණීය ආහාර පානාදිය ගැනීම සඳහා දැඩි මැළි කමක් දක්වන බවත් බොහෝ දෙමවුපියෝ දුක්මුසු ස්වරයෙන් පවසති. මෙසේ පවසන දෙමවුපියන්ම තම දරුවන් ඔවුන් වඩාත් කැමති,මුළුමනින්ම ආහාර සමාගම් සරණ ගිය බටහිර පන්නයේ ක්ෂණික කෘතීම ආහාරවලින් සන්තර්පනය කරනු ද පෙනේ. බොහෝ

 

"දෙමවුපියන් සිතන්නේ එකී බටහිර පන්නයේ ආහාරය තමන්ටත් තම දරුවන්ටත් වඩා වැදගත් සමාජ තත්ත්වයක්, ස්මාර්ට් ගතියක් මෙන්ම හොද පෝෂණයක් ද ලබා දෙන බවයි."



දෙමව්පියන්ගේ හිත් පහුරුගාන වෙළද දැන්වීම්



උදේ ඉදන් රෑ වෙනකල් දරුවන් සහ දෙමවුපියන්ගේ හිත් පහුරු ගාන වෙළෙඳ දැන්වීම්වලින් ද මෙම කාරණාව වඩ වඩාත් වසඟකාරි ලෙස තහවුරු කරනු ලබයි. එය එසේ නොවන බව දන්නා දැනුම් තේරුම් ඇති දෙමවුපියන් ද කළ හැක්කක් නොමැති බැවින් දරුවන්ගේ කැමැත්තට ඉඩ දී මියෙම්වා රැකෙම්වා යන න්‍යායය පිළිපදිමින් සිටින ආකාරයක් පෙනේ.

TV ads 1

"අනාගත දරු පරපුරේ නීරෝගීකම උදෙසා වගවිය යුතු විද්වතුන් සහ අදාල අංශ ද ප්‍රතිපත්ති සම්පාදකයින් ද වෙන දෙයක් වෙච්චදෙන් න්‍යායය පිළිපදිමින් තමන්ගේ වැඩක් බලා ගෙන සිටිනවාවත් දැයි විටෙක සිතේ."

සනීපාරක්ෂක පුරුදු තදින් පිළිපදින දරුවන් සමාජගතවීම අඩු සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කෙරෙන ආහාර පානාදිය කෙරෙහි වැඩි සැළකිල්ලක් දක්වන කොවිඩ් වසංගත රෝගය පැතිරෙමින් තිබෙන වත්මන් සංදර්භය තුළ අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ මහානුභාවය කෙරෙහි අන් පෙර නුවූ විරූ අවදානයක් යොමුවී තිබෙන කාල වකවානුවක මෙම ලිපියෙහි කරුණු කාරණා බෙහෙවින්ම වැදගත්වනු නොඅනුමානය.



ප්‍රතිශක්තිකරණය අඩු අපේ දරුවෝ


වර්මාතන දරුවන් පිළිබදව විමසිළිමත් වීමේදී පෙනී යන වැදගත් නිරීක්ෂණයක් වන්නේ ඇත්තෙන්ම මේ දරුවන් දැන් නිතර නිතර ලෙඩ රෝගවලට ගොදුරු වීමත් එම රෝගවලින් සුවය ලබන්නට වැඩි කාලයක් ගත වීමත් සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති බව ය.

 

"සරල උණ සෙම්ප්‍රතිෂ්‍යා රෝගයක්වත් දැන් ලෙහෙසියෙන් සුව නොවන තත්ත්වයක් දකින්නට ඇත. මෙවැනි රෝගයකින් සති කිහිපයක් පෙළෙන දරුවකු දෙතුන් වතාවක් වෛද්‍යවරයකු සහ /හෝ විශේෂඥ වෛද්‍යවරයකු වෙත ගෙන යාම දැන් සුලභ තත්ත්වයක්ව ඇත. මෙම දරුවන් සුවය ලබන විට ප්‍රතිජීවක ඖෂධ වට කිහිපයක් සහ ඖෂධ පෙති කරල් අහුරු ගණනක් ගිළ දමා හමාර බව ද පෙනී යයි."



සෙම්ප්‍රතිශ්‍යාව සුව වී සතියකයට දෙකකට පසු බොහෝ විට නැවත උණ ගැනෙන අතර, රුධිර සහ මූත්‍ර පරීක්ෂණ කිහිපයකට පසුව ලබා දෙනු ලබන ඖෂධ වට කිහිපයකට පසු සුවය ලබන මේ දරුවන් නැවත සති කිහිපයක් තිස්සේ අල්ලන කැස්සකින් පෙළෙන්නට පටන් ගනී. ඒ අතරට දනිස් අමාරුද, බඩේ අමාරුද, උගුරේ අමාරුද , ඔලුවේ අමාරු හතිය, ඇදුම ආදී රෝගාබාධවලින් ද අඩුවක් නොවේ. මෙසේ කාලය ගෙවන මේ දරුවෝ ලෙඩ රෝග නිසාම වසරකට සති ගණන් පාසැල් අධ්‍යාපනය අඩාල කර ගනිති.

 

"දරුවන්ගේ ලෙඩ දුක් නිසාවෙන්ම දෙමවුපියෝ ද තම වැඩ රාජකාරි අතපසු කර ගනිති. මේ දරුවෝ බොහෝ දෙනකු වසරක් තුළ දී ප්‍රතිජීවක ඖෂධ ඇතුළු අතුරු ආබාධ ද සහිත ඖෂධ පෙති, කරල්, සිරප් හුණ්ඩු ගණන් බොති."



සෞඛ්‍ය සම්පන්න කෑමක් බීමක් නොගෙන උදේ ඉදන් රෑ වෙනකල් බස් රථවලල මහමග, පාසැල්වල ටියුෂන් පංතිවල, දහම් පාසැල්වල අතිශයින්ම වෙහෙසකර දින සති අවුරුදු ගෙවා දමන මේ දරුවෝ ජීවිතයේ තුරුණු විය ද ඉක්මවා යන්නට මත්තෙන් බෙලහීනව සදාකාලික රෝගීහු බවට පත් වෙති.

unnamed 6

මීලඟ කොටස - වැරදි ආහාරවලින් වැලකීම සහ නිසි පෝෂණය පිළිබඳ අධ්‍යාපනය

 

ගැමුණු සාලිය පෙරේරා
මහජන සෞඛ්‍ය පරීක්ෂක
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව

නවතම ලිපි