SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජීවිතය කියන්නේ සතුටට. සතුටින් ජීවත් වෙන්න අපි නොකරන දෙයක් නැහැ. හැබැයි මොනවා කළත් හිතේ සතුටකුත් නැහැ. එහෙම නේද?  ඇයි ඒ?  අපි මොන දේ කළත් අපිට ජීවිතෙන් ඉවත් කරගත යුතු සමහර දෙවල් අමතක නොකර බැහැ කියලා තවම අපි ළඟම තියාගෙන ඉන්නවා. ඒක තමයි ප්‍රධානම හේතුව. ඉතින් අපි අද බලමු සතුට කියන දේ ඇත්තටම ජීවිතේට ළඟා කරගන්න අපි මොනවාද කරන්න ඕනේ දේවල් කියලා.

මුලින්ම අපිට ඕනේ මේ අනවශ්‍යය දේවල් දාන්න මොකක් හරි දෙයක්. අපි ඒකට කියමු  අනංමනං කසළ පෙට්ටිය" කියලා.

pic 11

 

              හරි, දැන් අපි මේ අනංමනං කසල පෙට්ටියට සේරම අනවශ්‍යය කුණු කන්දල් ටික පුරවන්න හදන්නේ. මොනවද අපි පුරවන්න හදන දේවල්?

 

1.  Past Mistakes - අතීත අතපසුවීම් 

 හැම මොහොතක්ම අතීතයට එකතු වෙනවා. ඒ මොහොතවල්වල අපි අතින් වැරදි, අතපසුවීම් සිදු වෙන්න පුළුවන්. ඒවා ආපහු හිතුවට කිසිම දෙයක් වෙනස් නොවෙන නිසා හිතලා තේරුමක් නැහැ. හැමදාම ඊයෙ වුණ දේවල් හිත හිත දුක් වෙමින් හිතේ තියෙන අන්තිම සතුටත් නැතිකර ගන්න කෙනෙක් නම් ඔබ.. මෙන්න තියෙනවා අපේ "අනංමනං කසළ පෙට්ටිය".. දෙපාරක් නොහිතා දාන්න ඔය අතීත කතා ටික සේරම මේකට. ... 

 

PIC 1

 

2. Being overly critical of yourself - ඕනෑවට වඩා තමන් දෙසම විවේචනාත්මකව බැලීම. 

මොකක් හරි දෙයක් වුණාම "මමයි වැරදි", "මම මහ ගොනෙක්" , " මගේ අර දේ අවුල්", "මට බෑනෙ මෙහෙම", " මම තමයි මේ සේරම දේවල්වලට මුල"... මෙන්න මෙහෙම තමන්ටම බැනගන්න එක හරිම වැරදි දෙයක්. එහෙම බැනගන්න එකටත් වඩා ඒ තුළින් මානසිකව වැටෙන එක නරක දෙයක්. මොකද අපිට අපි ගැන විවේචන තියෙන්න පුළුවන්. හැබැයි ඒක අවශ්‍යය ප්‍රමාණයටත් වඩා තිබුණම ඔබව අමාරුවේ වැටෙන්න පුළුවන්. කිසිම මොහොතක පමණට වඩා තමන්ව පහත් කරගන්න එපා. හැබැයි ඔබේ වැරදි සහ අඩුපාඩු හඳුනාගෙන සිටීම වැදගත්..

 

pic 2

 

3. Little Mistakes - පුංචි අතපසුවීම් 

 

"Overthinking"... මේක අද සමාජයේ බොහෝ අයට තියෙන දෙයක්. මහා ලොකුවට හිතන්න ඕනේ නැති වෙලාවලදිත් අපි පොඩි අතපසුවීමටත් දුක් වෙන වෙලාවල් තියෙනවා. “අයියෝ මට වැරදුණා දැන් එයාලා මම ගැන මොනවා හිතයිද දන්නේ නැහැ”, “මේ ඇඳුම හොඳද මන්දා”, “මම දැන් මෙහෙම කිව්වොත් මට මොනවා වෙයිද”? වගේ දේවල් අපිට හිතෙනවාසමහර වෙලාවට. අවස්ථානුකූලව බැලුවොත් මෙහෙම හිතෙන එක හරිම වැරදියි. මේ පුංචි පුංචි අතපසුවීමි නිසා අපි අනවශ්‍යය විදියට දුක් වීම ඇතුළේ අපිව ජීවිතේ ගව් ගාණක් ආපස්සට ඇතගෙන යන බව අපිට තේරෙන්නේ හුඟක් පහු වෙලා. ඒ නිසා පොඩි අතපසුවීමකදි අපි නිසා කරදරයට පත් වුණ කෙනාට “සමාවෙන්න” කිලා කියන්න දෙපාරක් නොහිතා අපිට පුළුවන් වෙන්න ඕනේ. එහෙම වුණොත් අපේ මනසට ඒක ලොකු සැහැල්ලුවක් වේවි.

 

PIC 3

 

4. Stress & Worry - පීඩනය සහ දුක් වීම

මම හිතන්නේ අපි හැම කෙනෙක්ටම තියෙන දෙයක් මේක. එදිනෙදා ජීවිතේ අපිට සිද්ධ වෙන දේවල් නිසා දුකටත්, පීඩනයටත් පත් වීම වේල තුනක් කෑම කනවා වගේ දෙයක් වෙලා. ඔබට යම් කෙනෙක් කරන දෙයක් හරි, ඔබේ අතින් යම් කෙනෙක්ට සිදුවෙන වරදකදි හරි දුක සහ පීඩනයට පත් නොවී ඉන්න පුළුවන් නම් හුඟක් වටිනවා. පළවෙනිම දේ අවබෝධය. ඔව්.. වැරදුණා, ඒත් ඒක හදන්න පුළුවන්. "සමාවෙන්න"කියලා ඔබේ වරද පිළිගන්න පුළුවන්. එහෙම නැතිනම් ඔබට වරදක් කළ පුද්ගලයාව හිතෙන් අයින් කරන්න පුළුවන්. "මිනිස්සු එහෙම තමයි" කියලා හිතලා දුක් සහ පීඩනයට තිත තියන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. 

මොකද මේ ලෝකෙ ප්‍රශ්න තියෙන්නේ ඔබට විතරක්ම නෙවෙයි. 

 PIC 4

 

5. Reliving the Past - අතීතකාමය / අතීතයේ ජීවත් වීම. 

අපි හුඟක් ජීවත් වෙන්නෙ අතීතයේ.. අපි හරි ආසයි අතීත කතා එක්ක ස්මරණය කරමින් දවස් ගෙවන්න. ඔය ආදර පළහිලව් නැති වුණ අය, තමන්ට තිබුණ හොඳම දේවල් අහිමි වුණ අයට එහෙම මේ තත්වය හරි සුලබව දකින්න පුළුවන් දෙයක්. අතීතය කියන්නේ අනාගතයට යන්න අපි මුහුණ දෙන Test එකක්. හැම මොහොතකම අපිව පරික්ෂාවට ලක්වෙනවා. අපිට පුළුවන් වෙන්න ඕනේ ඒකෙන් මිදෙන්න. යන්න දෙන්න ඔබේ අතීතයට.. "මම ඒකෙ හිරවෙලා, මට ඒ දේවල්වලින් මිදෙන්න බෑ"  කියලා හිතෙනවා නම්.. උපදේශන සේවාවක සහාය පතන්න. 

 

PIC 5

 

6. Anger & Grudges - කෝපය සහ අමනාපකම්

 

කාලයක් මටත් තිබුණ දෙයක්. කේන්ති යනවා. මිනිස්සු එක්ක තරහ වෙනවා. හැබැයි මේකට අපි ටිකක් උත්සාහවන්ත වුණොත් මේ දෙකම අපේ ජීවිතවලින් ඈත් කරන්න "අනංමනං කසළ පෙට්ටියට" දාලා සදහටම වහන්න පුළුවන්. කේන්තිය කියන්නේ දරුණු දෙයක්. ඔබට ජීවිතේ බොහෝ දේවල්  මේ කේන්තිය නිසා නැතිවෙන්න පුළුවන්. 

හිතමු මෙහෙම..  "මට තරඟයක් නෑ  කාත් එක්කවත්. මගේ තරඟකරු මමමයි. ඉතින් බාහිර සමාජයෙන් මට එන බලපෑම් සහ ගැටුම් එක්ක මම මොකටද තරඟ කරන්නේ? මගේ මානසික සුවය මට වැදගත්. ඒ නිසා මම මගේ කේන්තිය ට ටටා බායි කියනවා. "

බෞද්ධ දර්ශනයේ නම් "මෛත්‍රි භාවනාව" තමයි මේකට විසඳුම. හැබැයි තිබෙන අත්දැකීම් අනුව ආගම මොකක් වුණත් හැම ආගමික ස්ථානයකටම ගියාම හිතට දැනෙන නිරාමිස සුවය ගැන වචනයෙන් කියන්න බැරි තරම්.

 

PIC 6

 

7. Negative comments about your Body - ඔබේ ශරීරය ගැන ඔබට තිබෙන සෘණ අදහස්.

අනේ දෙයියනේ.. මේක නිසා හටගන්න පළවෙනිම දේ ඊර්ෂ්‍යාව. අපි අපිව සසඳන්න යාම. මෙතනදි තමයි අවබෝධය අවශ්‍යය වෙන්නේ. ඔබේ නමින්, ඔය රුවෙන් ඉන්නේ ඔබම විතරයි. ඔබටම ආවේණික රූපයක් ඔබට තිබෙනවා. ඔබ ඔබේ නහයට අකමැති ඇති, හමේ පාටට අකමැති ඇති.. ඒත් විශ්වාස කරන්න එහෙම කාලයක් පහුකරගෙන ඇවිත් තමන්ගේ ශාරීරික අඩුපාඩුකම් වැහෙන්න ජිවිතේ හදාගත්ත මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා . අපි මේ ගැන ඉදිරි ලිපියක කතා කරමු. 

 

PIC 7

 

8.  Abusive things said to or about you - ඔබ ගැන අනෙක් අය කියන නරක කතා.

මේක ගැන කියද්දි මට හිනා යනවා. මිනිස්සු ඇට නැති දිවෙන් කියන කතා ඒ අයටම ආපහු පාරා වළල්ලක් වෙන දවසක් එනවා. තව කෙනෙක්ගේ සතුට දියුණුව දකින්න බැරි මිනිස්සු තමන්ගේ ජීවිතේ අඩුපාඩු,දුක් වේදනාවන් වහගන්න අනෙක් කෙනාව රිද්දන එක දැන් කාලේ අලුත්ම ට්‍රෙන්ඩ් එකක් වෙලා..  ඉතින් එහෙම එකේ ඔබ මොකටද ඔබ ගැන කියන කතා ඇඟට ගන්නේ?? 

එක කනකින් අහලා අනෙක් කනෙන් පිට කරන්න. සරලයි... තමන්ට ඕනෙ විදියට ජීවිතේ ගෙවන්න. 

PIC 8

9. Toxic Relationships - නරක සම්බන්ධතා

ඔබව මානසිකව පීඩාවට පත් කරන,මානසිකව වට්ටන ප්‍රේම සබඳතාවක නම් ඔබ ඉන්නේ.. මම ඔබට යෝජනා කරනවා ඉන් මිදෙන්න කියලා. මිනිස්සු ආදරෙයි කියාගෙන පස්සෙන් ආවට ඒ බැඳීමට එකතු වුණාම ඔවුන්ගේ දාහක් කොන්දේසි එක්ක ඔබේ ඉදිරි ගමන සීමා වෙනවා. එහෙම වෙන්න නොදී ඔබට අයහපතක් වෙන,ඔබව කොටු කරන බැඳීම්වලට තිත තියන්න. 

දාන්න ඒකත් "අනංමනං කසළ පෙට්ටියට".

PIC 8

 

ඉතින්.. දැන් ඔබ දන්නවා මෙච්චර කල් ඔබේ ජීවිතේ සතුට, ඉදිරි ගමන වළක්වපු නරක දේවලිවත් කරන්නේ කොහොමද කියලා. වෙනස් වෙන්න ඔබ අද ගන්න තීරණ දුක් සහිත,ඔබට අවාසි, ඔබව පීඩාවට පත් කරන තීරණ වෙන්න පුළුවන්. 

ඒත්.... හෙට දවසේ ගමන සුබයි.. ජය නියතයි වෙන්න නම් අමාරු වුණත් ඒ වේදනාත්මක තීරණ ගන්න ඔබට සිද්ධ වෙනවා. 

 භාග්‍යා වීරකෝන්                                                                                                                                                                                      This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

නවතම ලිපි