SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

මෙම ලිපිය මගින් නීතීඥ ශිරාල් ලක්තිලක උත්සාහ කරන්නේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් මෑතකදී

ඉදිරිපත් කරන ලද "මාලිමා ආණ්ඩුව රැකගැනීමට පන්ති අරගලයක්" යන යෝජනාව දක්ෂිණාංශික ලිබරල් දෘෂ්ටිකෝණයකින් ප්‍රශ්න කිරීමටයි. කොළඹ මහ නගර සභාවේ අයවැය පරාජය වීමත් සමඟ නිර්මාල් ප්‍රමුඛ බුද්ධිමතුන් වික්ෂිප්ත වී ඇති බව පවසන ලේඛකයා, මාලිමාව මෙතෙක් ගොඩනැගූ "නිර්ප්‍රභූවාදය" වෙනුවට දැන් "පන්ති අරගලය" වැනි මාක්ස්වාදී සංකල්ප ණයට ගනිමින් පවතින අර්බුදය වසා ගැනීමට උත්සාහ කරන බව පෙන්වා දෙයි.

 

නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය තුළ විප්ලවීය ආණ්ඩු බිහි නොවන බවත්, ලිබරල් රාජ්‍ය රාමුවෙන් ඔබ්බට ගිය කිසිදු ප්‍රායෝගික වැඩපිළිවෙළක් වත්මන් රජය ඉදිරිපත් කර නොමැති බවත් පවසන ශිරාල්, නිර්මාල්ගේ මෙම ප්‍රවාදය දේශපාලනික ලොල්බව මත පදනම් වූ හාස්‍යජනක උත්සාහයක් ලෙස අර්ථකථනය කරයි.

 
 

 යුරේකා! නිර්මාල්ගේ අළුත්ම ප්‍රවාදය! 
 
වලක වැටීමෙන් මොලය පැදෙන බවට ජනවහරේ ඇති කියමනකි.

නිර්මාල් වලකට වැටී ඇති බවක් පෙනෙන්නේ මාලිමා නගරාධිපති බල්තාසාර් මැතිනියගේ කොළඹ මහ නගර සභාවේ අය-වැය පරාජයට පත්වීමත් සමගය.

ප්‍රතිපලයෙන් වික්ෂිප්ත වන මගේ මහාචාර්ය මිතුරා තමන් ගොඩනගන ප්‍රවාදයට ඇති නිශේදනිය කරුනු පවතිනේනේ වුවද තේරී පත්වු මාලිමා රජය පංති අරගලයකට අවතීර්න වෙමින් හෝ ආරක්ෂා කරගත යුතු බවය.
 
 
නිර්මාල්ගේ ප්‍රවාදය අප ලිහා ගන්නේ දක්ෂිනාංශික කෝනයකිනි. දකුනට පංතියක් අදාල වන්නේ නැත. එම නිසාම පංති අරගලය අදාල වන්නේ නැත.
 
අපට වැටහෙන අන්දමට නිර්මාල් ශුරීන් තම ප්‍රවාදය ගොඩනැගිමට උපයෝගී කරගෙන ඇත්තේ මාක්ස්- ලෙනින් වාදයෙන් නයට ගත් වචන වාමවාදී ගුරුකුලය විසින් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලකෙරෙන විවේචනයන් මගින් හැඩ කරගත් සංකල්පයකි.
පංතිය හා පංති අරගලය නිර්මාල් ගැට ගසන්නේ ඉහත කී වාමවාදී ගුරුකල සංකල්පයකටය.
 
නිර්මාල් මෙතෙක් භාවිතා කල නිර්ප්‍රභුවාදය, මෞලීය වෙනස් කම් සහ දැන් ගෙන එන පංති අරගලය දේශපාලනිකව තේරුම් ගත යුත්තේ මෙතැනනි.
 
වාමවාදීන් කියන්නේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය තුලින් බිහිවන්නෙ නියෝජන වංශාධිපතියන් ( elected Aristocrats) වන බවය.
එකී නියෝජන වංශාධිපති පාලනයන්ට ජනතාවගේ සමානතා අපේක්ෂාවන් සාධාරනත්වයේ නාමයෙන් ඉටු කල නොහැකි වන බවය.
 
එසේම වාම වාදී ගුරුකුලය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හා ලිබරල් රාජ්‍ය අතර පවතින සම්බන්දතාවය විරෝධාභාෂයක් (paradoxical) පවතින බවය.
එම නිසා ලිබරල් රාජ්‍ය යනු ප්‍රෝඩාවක් වන බවය.
 
මේ සියළු තර්ක පදනම් කරගනිමින් නිර්මාල් අපට පවසන්නේ තමන්ගේ තෝරා ගැනීම හරියට හරි බවය.
එනම් පෙර පැවති වංශාධිපති පාලනයට විකල්පව මාලිමාව තෝරාගත් බවය.
මාලිමාව නියෝජනය කරන්නේ නිර්ප්‍රභුන් බවය.
රටේ ජනතාව කියන්නේ ඉහත කී නිර්ප්‍රභුන් පමනක් බවය.
එකී නිර්ප්‍රභු පාලනය ලිබරල් රාජ්‍යයෙන් එපිටට ගොස් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අවශ්‍යතා සපුරමින් සිටින බවය.
එසේ කියමින් සමාජයට කියන්නේ අනුර කුමාර ජනාධිපතිවරයා ප්‍රමුඛ මාලිමා ආන්ඩුව රැක ගැනීම යුගයේ වගකීමක් වන බවය.
 
එවැනි පසුබිමක නිර්මාල්ගෙන් අපට අසන්නට ඇති පලමු ප්‍රශ්නය වන්නේ වර්ථමාන ආන්ඩුවේ ජනතාවාදීත්වය, ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාවය තහවුරු කිරීමට ලිබරල් රාජ්‍යයෙන් එපිටට ගොස් හදුන්වාදුන් එකදු හෝ ප්‍රායෝගික වැඩපිලිවලක් මේ දක්වා ඉදිරිපත් කොට තිබේද යන්නයි.
 
එසේම දෙවනුව අසන්නට වන්නේ වර්ථමාන ආන්ඩුව පෙර සිටි නියෝජිත වංශාධිපති පාලනයන්ගෙන් වෙනස් වන්නේ කුමන කරුනක් මතද යන්නයි.
 
සැබවින්ම ගත් කල ඉතිහාසඤයකු වන නිර්මාල් තමන්ගේ ප්‍රවාදය ගොඩනගන කල දෙවන ලෝක යුද්ධයෙන් පසුව ගෝලීය මට්ටමින් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී පර්යාය තුල වම හා දකුන ඇති කරගත් අවිඤ්ඤානික පාලන එකගතා සහ රාශ්ඨ පාලනය පිලිබද ඉතිහාසය පසෙකලා තිබෙන බව අපගේ හැගීම වන්නේය.
 
එම නිසා නිර්මාල් විශය මුලිකව මාලිමා ආන්ඩුවට පවතින දේශපාලනික ලොල්බව හේතුවෙන් එය රැකගැනීමට පංති අරගලයක් ඇරඹීමට කරනු ලබන ප්‍රවාදමය යෝජනාව හාස්‍ය ජනක වන්නේය.
 
නිර්මාල් අපට දිගින් දිගටම යෝජනා කරන්නේ මාලිමා ආන්ඩුව ශ්‍රී ලාංකික ඉතිහාසයේ ගොඩනැංවුනු සුවිශේෂී විප්ලවීය ආන්ඩුවක් වන බවය.
 
නමුත් ලෝක ඉතිහාසය තුලින් හෝ ලාංකීය ඉතිහාසය තුලින් විමර්ශනය කරන කල්හි දක්ෂිනාංශිකයකු වන මාහට පමනක් නොව සැබෑ වාමාංශිකයකුටද මාලිමා ආන්ඩුව තුල එවැනි සුවිශේෂීත්වයක් සොයා ගත නොහැකි වන්නේය.
 
දෙවන ලෝක යුද්ධයෙන් පසුව ගෝලිය උතුරේ රජයන් දකුන සහ වම ලෙස බෙදුනේ කේනිසියානු සුබසාධන අර්ථ ක්‍රමය පාදක කොට ගෙනය.
 
චීනය, කියුබාව උතුරු කොරියාව වැනි රටවල් අතලොස්සක් හැර ගොලීය දකුනේ රජයන් ගෙඩනැගුනේද මීට සමානවය.
කේනිසියානු මාදිලිය අනුගමන බටහිර රාජ්‍යන් වම හා දකුන අතර අලිඛිත සම්මුතියක් පැවත්වා ගත් අතර ඒ මගින්
1. ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර සාම්‍යයක් ගොඩනැගීමටද,
2. රජාතන්ත්‍රවාදී ලෙස ධනවාදය කලමනාකරනය කිරීමටද
3. ප්‍රගතිශීලී ලෙස කම්කරු නිති පද්දතියකට ශ්‍රමය, ප්‍රතිනිශ්පාදනය හා ප්‍රාග්ධන අභිලාෂයන් යටත් කිරීමටද
කටයුතු කර තිබුනි.
 
නිර්මාල්ට අනුව ගොඩනැගී ඇති මාලිමා රජය කේනිසියානු අර්ථයෙන් ගිනිය හැකි තන්ත්‍රයක් නොවේ.
එය විප්ලවීය කාර්යභාරයක් කරන්නට පිහිටුවනු ලැබු රජයකි.
 
නමුත් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය තුල විප්ලවීය රජයන් බිහිනොවන බව නිර්මාල්ට අමතකවී තිබේ.
එවැනි රජයක් රැක ගතයුත්තේ පංති අරගලයක් තුලින් නොව චන්දයක් තුලින් බවද නිර්මාල්ට අමතකවි ඇති සෙයක් පෙනේ.
චන්දයක් ලබා ගැනීම සදහා කේනිසියානු අර්ථයෙන් කෙසේ වෙතත් තමන් ජනතා වාදී ආන්ඩුවක් බවට සමාජයට තහවුරු කල යුතුව තිබේ.
 
ඒ අනුව අපට අසන්නට ඇති තුන්වන ප්‍රශ්නය වන්නේ පංති අරගලයක් කරමින් ජනතාවාදී මාලිමා ආන්ඩුව ආරක්ෂා කරගත යුතු වන්නේ මාලිමා ආන්ඩුව අඩුම තරමින් ඉහතින් සදහන් එකදු හෝ අලිඛිත ජනතාවාදී සම්මුතියක් ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටන නිසාද යන්නය?
 
 
 
ඒ අනුව ඇත්තටම පෙනෙන්නේ නිර්මාල්ගේ උත්සාහය හොල්මන් දැක බියවුවකු මිනිසකුගේ උත්සාහයට සමාන වන බවකි.
ඒ හිස් අවකාෂයට හඩනගා කුනුහරුප කීමකටය.
බස් එක නතර කිරීමට තරම් නිර්මාල්ගේ ප්‍රවාද ශක්තිමත් නැති බවය.
නමුත් මෙවැනි ප්‍රවාද ඉදිරිපත් කිරීමෙන් නිර්මාල්ට විනෝදයක් නම් ලබා ගත හැකි බව සැබෑය.
 
 
@Shiral Lakthilaka
 
 

නවතම ලිපි