මෙම ලිපිය මගින් ප්‍රවීන නාට්‍ය ශිල්පිනී නදීකා බණ්ඩාර 'දිට්වා' සුළි කුණාටු ආපදාව හමුවේ රජය සහ බලධාරීන්
දැක්වූ ක්‍රියාකලාපය මෙන්ම ඒ වටා ගොඩනැගී ඇති දේශපාලන කතිකාව දැඩි විවේචනයකට ලක් කරයි. ඉන්දීය එක්ස්ප්‍රස් පුවත්පතේ පළ වූ තාක්ෂණික කරුණු පදනම් කරගනිමින්, ආපදා පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් ජාත්‍යන්තර මට්ටමින් ලැබී තිබියදීත්, ඒවා ජනතාවට තේරුම් යන සන්නිවේදන බසින් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම නිසා සිදු වූ අනවශ්‍ය ජීවිත හානි පිළිබඳව ඇය මෙහිදී ප්‍රශ්න කරයි.
පද්ධතිමය දුර්වලතා සහ සන්නිවේදන අසමත්කම් තාක්ෂණික සාධකවලට මුවා වී සාධාරණීකරණය කිරීමට දරන උත්සාහයත්, විවේචනය හමුවේ බලධාරීන් දක්වන ප්‍රතිචාරයත් විවරණය කරන මෙම ලිපිය, අවසානයේ ආපදාවකට වඩා එය කළමනාකරණය කිරීමේදී සිදු වූ මානුෂීය සහ දේශපාලනික වගවීමේ බිඳවැටීම පිළිබඳ ගැඹුරු සංවාදයකට මග පාදයි.

කුණාටුව නොදැන සිටි ලක්මාලි හේමචන්ද්‍රට
නදීකා බණ්ඩාර විසිනි.
මෙම ලිපිය ලියන්නෙ ඉංදියන් එකස්ප්‍රස්හි (The Indian express ) 2025 දෙසැම්බර් 03 පළ වු අංජලි මරාර් විසින් රචනා කරන ලද WHY CYCLONE DITWAH CAUSED LARGE-SCALE DAMAGED IN SRILANKA ලිපිය පදනම් කරගෙනයි.ලක්මාලිට වඩා තාර්කිකව මේ ලිපියේ ආණ්ඩුව සහ ඉංදියානු IMD එක බේරා ගන්නා සුක්ෂම ලිපියක්. මොකද ලංකාවට තොරතුරු දුන්නද නැද්ද කියන එකට IMD එකත් ලෝකේට උත්තර දෙන්න ඕන. මිනිස් ජිවිත සිල්ලර වෙච්චි අපිට නම් ඕවා මොනවද ?

මෙම ලිපිය ලිවීමට මම දහස් වතාවක් කල්පනා කලෙමි. වෙනදා ලිපියක් ලියන්න මෙතරම් වධ වෙන්නෙ නැත.සිදුවීම් සම්බන්ධයෙන් පවතින ප්‍රධාන මතයට වෙනස් මතයක් දැරිම අද විරුද්ධ පක්ෂියෙක් ලෙස හංවඩු ගැසීමය.මීට පෙර ඒවා විකල්ප හෝ මධ්‍යස්ත මතය.අද එවැනි කිසිවකට ඉඩක් නැත.ආණ්ඩු මතයට වෙනස් මතයක් දරන සියලු දෙනාව විපක්ෂ කල්ලි සමාජිකයෙක් ලෙස හංවඩු ගසයි.මෙය මීට පෙර නොතිබු තත්වයකි.එයට හේතුව ලෙස මගේ නිරීක්ෂණය වන්නෙ එදා විකල්ප හෝ මධ්‍යස්ත මත දෑරු බෙහෝ අය ආණ්ඩු පාක්ෂික අධාරකරුවන් වීම හෝ නිහඩ වීමය.එයට හේතුව වන්නෙ විකල්ප හෝ මධ්‍යස්ත මතධාරින් බෙහෝමයක් ජාතික ජනබලවේගයට එකතු වීමය.
කුණාටුව නොදැන සිටි බවට ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිවරිය ඉතා අශික්ෂිත ලෙස පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරයි. කවුද කිව්වෙ ? ඇය අසයි. එවැනි අතාර්කික තැනකට ඇය අඳ වැටුණේ ඇයි? විශේෂයෙන් ලක්මාලි හේමචන්ද්‍ර වැනි අය අද ආණ්ඩුවේ නොසිටියා නම් ඇය සිටින තැන වන්නෙ අද මම මේ ප්‍රශ්නය නගන තැනයි.

කාලගුණය පිළිබද විශේෂයෙන් කලාපයේ දකුණු ආසියානු කලාපයේ කාලගුණය නිරීක්ෂණය කරන්නෙ ඉංදියාවේ පිහිටා ඇති කලාපීය කාලගුණ මධ්‍යස්ථානය විසින් බව ලක්මාලි නොදැන සිටින බව අපි විශ්වාස කළ යුතුද? අපි ලංකාව අමතක කරමු.ලංකාවේ රාජ්‍ය නිලධාරින් අමතක කරමු.අපේ ඇති තාක්ෂණික දුර්වලතා අමතක කරමු.කොටින්ම ලංකාවේ කාලගුණ අධ්‍යක්ෂක ජනරාල් විසින් අවපීඩන කලාපයක් නිර්මාණය වෙමින් පවතින බව ප්‍රකාශ කළ බවත් අමතක කරමු.
එහෙත් දකුණු ආසියානු කලාපය සදහා පිහිටුවා ඇති කලාපීය ආයතනය කලාපයේ කාලගුණ වෙනස්වීම් නිරීක්ෂණය කරන අතරම සුළිකුණාටු නිරීක්ෂණය ඔවුන්ගේ ප්‍රමුඛ කටයුත්තකි. එසේම සුළි කුණාටු ලෝකයේ අතිවිශාල පුලුල් විෂය කේෂ්ත්‍රයකි.එය එසේ වී ඇත්තෙ සුළි කණාටුවකට මිනිසුන් මරා දමන්නට හැකියාවක් ඇති නිසාය. IMD එක ඉංදියාවේ ඇති අති ප්‍රබලම ( ඉංදියානු කාලගුණ දෙපාර්තමේන්තුව) ආයතනයකි.එසේම කාලාපීය කාලගුණ නිරීක්ෂණ ආයතනය පිහිටා ඇත්තෙ ඉංදියාවේය.මෙය ඉතා දියුණු තාක්ෂණය හාවිතා කරමින් කලාපය පුරා අවශ්‍ය තොරතුරු දැනුවත් කිරිම් සිදු කරයි.
IMD අධ්‍යක්ෂක ජනරාල් විසින් දැක්වු අදහස් එම ලිපියට පාදක වී ඇත. මෙම ලිපිය අංජලි මරාර් ආරම්භ කරමින් කියා සිටින්නෙ ඉංදියානු සාගරයේ නිවර්තන සුළි කුණාටු ඉංදියාවට නුහුරු දෙයක් නොවන බවත් සුළි කුණාටු සමග ගනුදෙනු කිරීමටත් බලපෑම් අඩු කර ගැනීමටත් ඉංදියාවට පුලුල් යාන්ත්‍රණයක් ඇති බවයි. එහෙත් ලංකාවට ඉංදියාව හෝ අනික් කලාපයේ පිහිටි අනෙක් රටවල් වලට සාපේක්ෂව ඇත්තෙ මෘදු අත්දැකීම් බව ඇය කියනවා. එහෙත් 2000 වසරේ සිට සුළි කුණාටු 16ක් ලංකාවට පැමිණ ඇති බවත් ඒ නිසා අනතුරු සම්බන්ධයෙන් සුළි කුණාටු අනතුර අයත් වන බව ඇය පවසනවා. සමකයේ ආසන්නයේ කොරියෝලිස් බලය ක්‍රියාත්මක වෙන්නෙ අඩුවෙන්. කොරියෝලිස් බලය තමයි සුළි කුණාටුවක් හ්‍රමණය කරන්න ඕන ඉන්ධන සපයන්නෙ. ලංකාව උතුරු අක්ෂාංශ 5 ත් 10 ත් අතර පිහිටන නිසා ඉංදියාවට වඩා සමකයට ආසන්නව පිහිටන්නෙ. ඒ නිසා ලංකාවට කලාපයේ අනිත් රටවල් වලට වඩා සුළි කුණාටු වල බලපෑම අඩුයි කියලා ඉංදියන් කාලගුණ අධ්‍යක්ෂකවරයා පවසනවා.
තවදුරටත් IMD අධ්‍යක්ෂ mrutyunjay mohapatra පවසන්නෙ නිරිතදිග බෙංගාල බොක්කෙ අඩු පීඩන පද්ධතියකින් දිට්වා සුළි කුණාටුව මතු වු බවයි. උතුරු ඉංදියානු සාගර ද්‍රෝණියේ මේ අකාරයෙන් සුළි කුණාටුවක් වර්ධනය වීම් දුර්ලභ අවස්ථාවක් බවයි. එසේම අන්තර් නිවර්තන අහීසාරි කලාපය (එනම් සමකයට ආසන්න වලාකුලු සහ ගිගිරුම් වැසි සහිත ඊසාන දිග සහ නිරිත දිග වෙළඳ සුළං එක්වන) එම කාලය තුළ ක්‍රියාත්මක වු බව , ඒ සමගම සමක තරංග පද්ධතියක්, මෙම කලාපයේ වරින් වර සිදුවන වායු ගෝල කැළඹිම් යන ඒවාද ක්‍රියාත්මක වු බව. මෙම පද්ධති දෙකේ ක්‍රියාකාරිත්වය ද නොවැම්බර් 27 දිට්වා බිහිසුනු කුණාටුවක් වීමට ඉන්ධන සැපයු බව.
දැන් ඔහු ඉංදියන් එකස්ප්‍රස් පුවත්පතට කියන ඉතාම වැදගත් කාරණාව බලමු. IMD එක නොවැම්බර් 13ට පෙර අවපාතයක් ඇති වන බවට පුරෝකතනය කර තිබුණි. නොවැම්බර් 20 චක්‍ර උත්පාදයන ගැන අනතුරු ඇඟවු බවත් නොවැම්බර් 23 සිට පැය තුනකට, පැය හයකට වරක් සිදුවන වෙනස්වීම් යාවත්කාලීන කළ බවත් ඔහු පැවසු බව මේ ලිපියේ සඳහන් වෙනවා. එනම් එම තොරතුරු ලංකාව සමග බෙදා ගත් බවත් 26 වැනි දින මෙහි වර්ධනය පැහැදිලිව නිරීක්ෂණ වු අතර එම තොරතුරු ලංකාව සමග නිතිපතා බෙදා ගත් බවත් ඔහු පුවත්පතට තව දුරටත් පවසා තිබෙනවා.
හැබැයි එම ලිපියේ මෙවැනි කාරණයක් කියවෙනවා.
කෙටි දැනුම් දීමකින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මාරු කිරීමේ විස්තීර්ණ යාන්ත්‍රණයක් ලංකාව සතුව නැති බව. සුළි කුණාටුවේ චලනය පිළිබඳ පුර්ව අනතුරු ඇඟවීම් සහ පුර්ව දැනුම් දීම් තිබියදී වුවත් එයට කළ හැක්කෙ සීමිත ඉවත් කිරීමක් පමණි. මේ ඉංදියාව දන්නා තරමය. පුලුල් යාන්ත්‍රණයක් අපිට කවදවත් මොකටවත් තිබුණේ නැත. එහෙම යාන්ත්‍රණ හදා ගන්න මිනිස්සු ආණ්ඩු මාරු කරලා නම් තියෙනවා. හැබයි පුලුල් යාන්ත්‍රණ නොතිබුණාට අපේ මිනිස්සුනට තම තමන්ගෙ ප්‍රදේශයේ ආරක්ෂිත ප්‍රදේශ ගැන වැටහීමක් ඇත. රටේ ජනතාවට මේ ගැන පුලුල් ලෙස එහි අනතුර දැනුවත් කරා නම් සුළි කුණාටුව නිසා මිය ගිය මිනිස්සුන්ගෙන් අඩක්වත් තමන්ගේ ආරක්ෂිත ස්ථාන සොයා ගනු ඇත.
ඒකට පුලුල් යාන්ත්‍රණ වුවමනා නැත.මේ ඉංදියන් එකස්ප්‍රස් පුවත්පත ඉංදියානු කාලගුණ දෙපාර්තමේන්තුවත් ලංකාවේ ආණ්ඩුවත් බේරාගෙන ඇති ආකාරයි.සිදු වු මරණ වළක්වන්නට හෝ යාන්ත්‍රණයක් නැති නම් මරණ අඩු කර ගන්නට අනුගමනය කරපු දේශපාලන තීරණ කවරේද යන්න ප්‍රශ්න කිරීම ආණ්ඩු විරෝධි වන්නෙ කෙසේද යන්න මට තේරුම් ගත නොහැක. ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත මෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාව ඉවත් කිරීමට ලංකාවට විස්තීර්ණ යාන්ත්‍රණයක් නැති බවත් ඒ නිසා කිව්වා කියලත් මහ ලොකු දෙයක් වෙන්නෙ නෑ කියලා සාධාරණය කර ගැනීම ද අපත් කළ යුත්තෙ?
ඉංදියාව ලංකාවේ මිනිස්සුන්ගේ ජන ජිවිතය ගැන මොනවද දන්නෙ? අනෙක් අතට එහෙම මුග්ධ විදිහට හිතන්න පුලුවන් කාටද? කුණාටුවෙන් නොමැරුණු අපිට එහෙම මුග්ධ විදිහට හිතන්න පුලුවන්ද? අපි නිකන් ඉතිරි වෙච්ච මිනිස්සුන්ට බත් තම්බා තම්බා දීලා අධාර මලු විසි කරලා මැරිච්ච මිනිස්සු මැරුණේ කුණාටුව හින්දමයි කියලා අමතක කරන්න පුලුවන්ද? අඩුම තරමේ ජාතික ශෝක දිනයක් ? ශෝක දිනයක තේරුම අඩමින් ඉන්නවා කියන එක නෙමෙයි.

ඇ
න්ටිගනී නාට්‍යයේ ඇන්ටිගනි නාට්‍යයේ පොලිබස් රජුගේ අණ නොතකමින් යුද්දයෙන් මැරිච්ච සහෝදරයන්ට භූමි දානයක් ඉල්ලා සිටිනවා. ගෙවල් නැතිවෙලා නම්, ඉඩමත් නැතිවෙලා නම් කෝටියක් දෙනවා කියලා ඇහුනා. ඉඩමත් නැතිවෙලා ගෙවලුත් නැතිවෙලා මිනිස්සුත් නැතිවෙලා නම් කීයක් ද දෙන්නෙ? කාටද දෙන්නෙ? මේවා කියන්නෙ කාටද ?විපක්ෂයට සහ විපක්ෂයේ අධාරකරුවන්ට ,අලුත්ම වචන වලින් කියනවා නම් එක එක පක්ෂ වල ඩෝබිලට ඇහෙන්න.
සුළි කුණාටුවෙන් පස්සෙ නිලධාරින් මේ දිනවල ක්‍රියාත්මක වෙන ඊසාන දිග මෝසම් වැස්ස ගැන අනතුරු අඟවන්නෙ බරපතල , ඉවත් වෙන්න වචන භාවිතා කරමින් වගේම ඔවුන්ගේ වචන වලට මුහුණේ හැගීම් ප්‍රකාශනය කලින්ට වඩා තිව්ර වෙලා, මිනිස්සුට අනතුර ගැන දැනෙන අකාරයෙන් ඔවුන් සන්නිවේදනය කරනවා පේනවා. ඒ කියන්නෙ ඔවුන්ට ඒ අකාරයේ සන්නිවේනයක කලිනුත් යෙදෙන්න පුලුවන් කම තිබුණා. දැන් ඔවුන් ඒ වගේ සන්නිවේදනය කරන්නෙ විස්තීර්ණ පුලුල් යාන්ත්‍රණයක් තිබිලද?මත්ද්‍රව්‍ය උවදුර පාලනය කරන්න ඔවුන් භාවිතා කරපු ගොබ්බ සටන් පාඨය ‘ඉවත් වෙනු’ අවශ්‍ය වුයේ කුණාටුව ගැන තොරතුරු ඉංදියාව හරහා ලැබෙන කොට නෙමෙයිද? ඉවත් වෙනු වැනි ප්‍රකාශයක් කොයි තරම් වැදගත් වන්නෙද මෙවැනි අපදා තත්වයකදි.නමුත් ඔවුන් එය භාවිතා කර තිබුණේ එවැනි ප්‍රකාශයක් නොගැලපෙන කටයුත්තකටයි.
ඊඩිපස් නාට්‍යයේ රටට එන වංසගතයට හේතුව හොයනවා.එළියේ හේතු හොයමින් ගියපු ඊඩිපස්ට මුණ ගැහෙන්නෙ මොකද්ද? හේතුව ඔහුයි.හේතු හොයපු තමාම තමයි අවසානයේ වැරදිකරු කියලා ඔහු හොයා ගන්නවා. ඊඩිපස්ට හේතුව හම්බ වෙන්නෙ පිටතින් නෙමෙයි.අන්තිමට ඇතළතින්මයි. ඔහු තමන්ගේ ඇස් දෙක අන්ධ කර ගන්නෙ ඒකයි.ඊඩිපස් රාජ්‍ය භාර දීලා යනව. ඊඩිපස් වගේ ගැටලුව තිබුන තැන හොයා ගත්තොත් ඔවුන්ගෙ ඉරණමත් ඒකම හින්දා තමයි අතාර්කික විදිහට ලක්මාලිලා කෑ ගහන්නෙ. හැබයි ඊඩිපස් නිහතමානියි සහ ඔහු ආත්ම විමුක්තිය හොය ගන්නෙ අසාර්ථක වීමෙන්.
සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් දෙකෙන්ම යම් තරමකට හෝ තොරතුරු ජනතාවට ලැබුනු නමුත් දෙමළ භාෂාවෙන් තොරතුර ගියාද කියන එක අනිත් ප්‍රශ්නය. ඒ ගැනත් හිතලා බලන්න.
දිට්වා සුළි කුණාටුව ලුහු බැඳ ගියේ කලාපීය වශයෙන්. අපි තනිව නොවේ. මේකට නම දැම්මෙ යේමනය.සොකොට්‍රා කියන දුපතේ දිට්වා කියලා කලපුවක් තියෙනවා. අන්න ඒ කලපුවේ නමින් මේක නම් කරේ. සුළි කුණාටුවක් නම් කරන එකට පවා යාන්ත්‍රණයක් තියෙනවා.හැබයි අපිට මිනිස්සු බේරා ගන්න තමයි යාන්ත්‍රණයක් තමයි තිබ්බෙ නැත්තෙ.අනිත් එක ලංකාවේ වරින් වර රූපවාහිනි නාලිකා වල මේ සම්බන්ධ තොරතුරු විකාශනය වුනා.එහෙනම් නොතිබුනේ මොකක්ද්ද? විද්‍යාත්මක තොරතුරු සහ ඒවා සාමාන්‍ය පුරවැසියාට සන්නිවෙදනය කල යුතු භාෂාව නොසලකා ඇරලා තිබ්බා. සාමාන්‍ය වැසි සහ ගංවතුර ගැන කාලගුණ විද්‍ය නිවේනදන ලැබුනා වුනාට ඒවයේ හදිසි භාවයවත් නිශ්චිතභාවයවත් තිබුණේ නෑ. කොටින්ම මිනිස්සුන්ට බයක් ඇති කරේ නෑ.අධික වැසි අනතුර සහ සුළි සුළං අනතුර අතර වෙනස සන්නිවේදනයන් තුළ තිබුණේ නෑ. මොකද මිනිස්සු ආරක්ෂිත ස්ථාන හොයා ගන්නවාද දෛනික ජිවිත ඒ විදිහටම ගත කරනවාද කියන එක තීරණය වෙන්නෙ ඒකෙන්.ඒ නිසා තමයි සුළි කුණාටුව එනකොට සමහර මිනිස්සු ගෙදරට වෙලා නිදාගෙන හිටියේ. ඒ මිනිස්සු එහෙම නිදාගෙන හිටියේ මොකක් හරි බරපතල අනතුරක් තියෙනවා නම් අපිව දැනුවත් කරයි කියන විශ්වාසයෙන්.
මං දැක්කා නෙදර්ලන්තය මෙවැනි හදිසි අනතුරකදි ක්‍රියාත්මක වෙන්න ඕන ආකාරය දැනුවත් කරන පොත් පිංචක් සාමාන්‍ය පුරවැසියොන්ට ලබා දීලා තියෙනවා.දින තුනකට අවශ්‍ය බෑග් එකක් සකස් කරලා තියා ගන්න කියලා ඔවුන් පුරවැසියන්ට උපදෙස් දීලා තියෙනවා.රජයේ උදව් ලැබෙන තුරු පුරවැසියෙක් දවස් තුනක් ආරක්ෂා වෙන හැටි ඒ ටු ඉසෙඩ්, අදුම්, කෑම ථබෙහෙත් කොටින්ම විදුලිය බිද වැටෙන්න පුලුවන් දුරකතන සිග්නල් නැතිවෙන්න පුලුවන්.ඔවුන් පෙහොසත් රටක්.ස්වභාවික අනතුරු වලින් ආරක්ෂා වෙන්න ඔවුන් විශාල මුදලක් ආයෝජනය කරනවා. මොකද අපදා කියන එක ඕන වෙලාවක ඇති වෙන්න පුලුවන්. ඒ ලෑස්ති කරලා තියෙන බෑග් එක මාස හයකට වරක් අප්ඩේඩ් කරන්න පවා කියනවා.හදිසි අපදාවක් සිදු විය හැකි ඕනෑම තත්වයකදි පුරවැසියා රැකගන්න සිස්ටම් හදනවා පමනක් නෙවේ තනිව එකට සුදානම් වෙන්න ඔවුන්ව පුරුදු කරනවා.අපේ ආර්ථිකය අනුව අපිට ඒක අමාරුයි තමයි.හැබයි අපි හොයා ගන්න ඕන අපිට පුලුවන් දේ මොකද්ද? මේ ආණ්ඩුව විනාශ මුඛයට වැටෙන්නෙ ඔවුන්ගේ සතුරන්ගෙන් නෙවේ.ඔවුන්ගේ මිතුරන් අතිනි.
@ නදීකා බණ්ඩාර

