දෙමළ ජාතික සන්ධානය සමගි ජන බලවේගය එක්ක එකතු වෙලා වරද්දා ගත්තාවත්ද කියලා හිතෙනවා?
ඇත්තටම අපි ජනාධිපතිවරණය තිබ්බ අවස්ථාවේ ජනාධිපතිවරණයේදී පක්ෂයක් වශයෙන් තීන්දුවක් ගත්තා සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන්න. ඊට අමතරව අපිටයි සමගි ජන බලවේගයටයි වෙන කිසිම රිලේශන්ශිප් එකක් තිබුණේ නැහැ.
අපේ පක්ෂයට තනි වැඩපිළිවෙළක් තිබුණා. වෙනම න්‍යායක් තිබුණා. හැබැයි පොදු විපක්ෂයක් හැටියට කටයුතු කරද්දී විපක්ෂ නායකතුමයි එකතු වෙලා වැඩ කරනවා.
ඔබ දෙමළ දේශපාලන අනිත් නායකයන්ට වඩා බොහෝ විට මධ්‍යස්ථව කතා කරන පුද්ගලයෙක් හැටියට මම දකිනවා. මම කැමතියි දැනගන්න මේ ආණ්ඩුවේ තත්ත්වය සහ ආණ්ඩුව පිළිබඳව ඔබේ අදහස මොකක්ද කියලා?
නමුත් මේ ආණ්ඩුවේ දකින විශාලම අඩුපාඩුව තමා රටෙන්ම විපක්ෂයේ කියන ඔක්කොම ප්‍රතික්ෂේප වූ කණ්ඩායමක් කියලා තමයි ආණ්ඩුවෙ ඇටිටියුඩ් එක. මඩකළපුව දිස්ත්‍රික්කය ගත්තම අපි මඩකළපුව දින්නා./ඒම්ච් පරාදයි. ව්ර්ථීර්ථී නම් මඩකළපුවෙ අපේ හෑල්ලුවටම ලක්වුණා. අපි එහෙම ආණ්ඩුව හෑල්ලු කරන්නෙ නෑ. ආණ්ඩුවෙ තියන විශාලම අඩුපාඩුව තමයි හීනමානයක් තියෙනවා ඔවුන්ගෙ වැඩ ගැන.
මොන වගේ හීනමානයක්ද?
වැඩ ගැන දන්නෙ නෑ. අත්දැකීම් නෑ, ජාත්‍යන්තර සම්බන්ධතා නෑ, ඉන්න මන්ත්‍රිලාට හොඳ කැපෑසිටි එකක් නෑ. ඉන්න ඇමැතිලාටත් හීනමානයක් තියෙනවා. මේ ඔක්කොම අනුර කුමාර දිසානායක හින්දා තමයි ආවෙ කියලා.
ඔබ විශ්වාස කරනවද මේ ආණ්ඩුව අනුර කුමාර දිසානායක මත රැඳී තියෙන්නෙ කියලා ?
ඔව්. පැහැදිලිවම. අනුර දිසානායක ජනාධිපති මත තමයි ආණ්ඩුව පවතින්නෙ. අනුරට තියන ඔය දේ රනිල්ට නෑ.
ඒ කිව්වෙ?
පෞද්ගලික ප්‍රතිරූපයක් රනිල් වික්‍රමසිංහටත් තිබුණ නම් එයා ඉන්නවා. මහින්ද රාජපක්ෂ වේවා, ගෝඨාභය රාජපක්ෂ වේවා, අනුර කුමාර දිසානායක වේවා අනුර වටා වගේ කණ්ඩායමක් පෙළගැහුනෙ 2015 මෛත්‍රි වටා විතරයි. ඒ හීනමානය මේ ආණ්ඩුවට එන්නේ ඔතනින් තමයි.
අනුර දිසානායක ජනාධිපතිටත් ඔය කියන ආණ්ඩුවෙ අනිත් අයට තියන හීනමානෙ තියනවද?
අනුර දිසානායක ඇවිත් පරිණත දේශපාලනඥයෙක්. එන්.පී.පී කියලා ගත්තම අපිට දැනට වුණත් විපක්ෂයේ වුණත් අපිට යම් කාරණයක් කතා කරන්න පුළුවන් පුද්ගලයෙක් හැටියට සලකන්නෙ අනුර කුමාර දිසානායක. අපේ අදහස්වලට එතුමා ඇහුම්කන් දෙනවා. ඒවාට එකඟයි. ඒවා ඉටුකරයිද කියලා අපි බලන් ඉන්නවා.
ජනාධිපති අනුර යාපනේ ගියාම දමිළ ජාතිකයන්ගෙන් ඔහුට විශාල ප්‍රසාදයක් තිබ්බා. දමිළ දේශපාලනඥයෙක් හැටියට ඒක ඔබට දැණුනෙ කොහොමද ?
මෙහෙමයි. ජනාධිපතිවරණයේදි එතුමා සමහර පැතිවල ඡන්ද ආවෙ තුනට හතරට වගේ. අනුර එහෙ එක ආසනයක් වට්බ් ආවෙ නෑ. මහ මැතිවරණයෙදි තමයි ආවෙ ඡන්ද. මහින්ද රාජපක්ෂත් එදා උතුරට ගිහින් අම්මලා බදාගත්තා අපි දැක්කා. ඒ ෆොටෝ කිහිපයක් තියාගෙන ඒවා පාවිච්චි කරා.
අනුර කුමාරත් උතුරෙදි කළේ ෂෝ එකක් ද?
නෑ. මහින්ද රාජපක්ෂ එක්ක අනුර කුමාර කම්පෙයාර් කරලා බලද්දී වැඩි ජනප්‍රසාදයක් අනුර දිසානායකට තියෙනවා. ඒක අපි ඇත්ත කියන්න එපැයි. ජාජබටත් උතුරෙ හම්බ වුණු ඡන්ද අනුර කුමාරගෙ ප්‍රතිපත්තියට සහාය දෙන්න දුන්නු ඡන්දයක් මිස ඒ දිස්ත්‍රික්කවල ඉන්න මන්ත්‍රිවරුන්ට දුන්නු ඡන්ද නෙවේ. ඒක ඒගොල්ලො තේරුම් ගන්න ඕනෑ. ඒ මන්ත්‍රිවරුත් අද වෙනකම් අනන්‍යතාවක් හදාගෙන නෑ. සිග්නල් කණු වගේ හරියට. මේක ගොසිප් එකක් වෙන්නත් පුළුවන්. මට ආරංචියක් ආවා ජාජබ සමහර මන්ත්‍රිලා ඉල්ලා අස්වීමේ ලිපි පවා ඉල්ලා තියෙනවා කියලා.
ජනාධිපති ඉඩම් බලතල ගැන ඉඩම් පැවරීම ඇතුළු කාරණා ටිකකට පොරොන්දු දුන්නා. ඔබට විශ්වාසයක් තහවුරු වුණාද ජනාධිපති යමක් උතුරට කරයි කියලා?
ඉඩම් බලතල ඒ ඔක්කොම දහතුන් වන සංශෝධනය හරහා එන එකක්. අනුර කුමාර දිසානායකගේ මැතිවරණ ප්‍රතිපත්තියේ තියෙනවා පැහැදිලිව අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා. අපි හැමෝම අලුත් ව්‍යවස්ථාවක් එනවට එකඟයි. විධායකය අහෝසි කරන්න ඕනෑ. සියලු ජන කණ්ඩායම් වල තමන්ගේ දේශපාලන බලය හැමෝටම අයිති වන විදිහට තියෙන්න ඕන කියන එක තමයි අපේ ස්ථාවරය. නමුත් අද වෙනකොට අලුත් ව්‍යවස්ථාවක් ගැන අපිට ඇහෙන්නේ තුනයි. එකක් ජනාධිපති කිව්වා අවුරුදු තුනක් යනවා කියලා. නලින්ද ජයතිස්ස කැබිනට් ඇමැති කියනවා අපිට දැනට වැදගත් ආර්ථිකය විතරයි ව්‍යවස්ථා සංශෝධන පස්සේ බලමු කියලා. එතකොට තුන්වෙනි කාරණය බිමල් රත්නායක කියලා තියෙනවා අලුත් ව්‍යවස්ථාවට විපක්ෂ නායක කියන කෑල්ල වෙනුවට සජිත් ප්‍රේමදාස කියන කෑල්ල එක් කරනවා කියලා.
ඒ බිමල් රත්නායක කියපු කාරණය විහිළුවට කියපු එකක් නේද?
විහිළුවට කිව්වත් මේ අයට අලුත් ව්‍යවස්ථාවක් ගේන්න වුවමනාවක් නෑ. රටේ ජනතාව වෙනුවෙන් ඒ පොරොන්දු ඉටු කරන්න ඕන ආණ්ඩුව. ගොඩක් ප්‍රශ්න නිරාකරණය වෙන්නෙ ව්‍යවස්ථා සංශෝධනයකින්.
ජනාධිපති කිව්වනෙ හැමෝම එකතු වුණු සංස්කෘතික උළෙලක් ගැන?
එවැනි සංස්කෘතික උළෙලක් තියන එක තුවාලෙකට ප්ලාස්ටර් කෑල්ලක් අලවනවා වගේ දෙයක් විතරයි. ඒකෙන් රටේ ප්‍රශ්න විසඳන්න බෑනෙ.
ඔබ ඡන්දෙන් දිනුවෙ ඔබේ යම් යම් ජනතාවට වූ මැදිහත් වීම් මත වෙන්න පුළුවන්. නමුත් ටී. එන්. ඒ. සිටි ප්‍රබලයො සුමන්තිරන් ඇතුළු කණ්ඩායම ජනතාව විසින් පළමු වරට ප්‍රතික්ෂේප කරා. ඒක වුණේ මොන හේතූන් මතද?
ඒකට නිදහසට කාරණා කියනව නෙමෙයි. නමුත් මේ මැතිවරණ ක්‍රමය තුළ පොඩි ගැප් එකක් තියෙන්නේ. යාපන දිස්ත්‍රික්කයේ තව ඡන්ද හාරදාහක් තිබ්බනම් දෙවැනි ආසනය ගන්නවා. අපිට ඡන්ද 18,000ක් තිබ්බා නම් තුන්වැනි ආසනේ එනවා. ජාජබයි අපියි අතර තියෙන්නෙ ඡන්ද විසිදාහක ගැප් එකක්. හැබැයි අපි පිළිගන්නවා පැරදුනා කියලා. හේතුව මොඩරේට් පොලිටිකල්. සුමන්තිරන් වගේ මන්ත්‍රිවරයෙක් කවදාවත් ජාතිවාදය, ආගම්වාදය හෝ අන්තවාදය පෝෂණය නොකළ අය. යුද්ධය අවසන් වීම එක්ක අවුරුදු 17 ක කාලයක් මධ්‍යස්ථ අදහස් තිබ්බ අයට ඡන්ද දුන්නා. 2010-2015 මහින්ද රාජපක්ෂ කාලෙ මොකුත් කරන්න බෑ කිව්වා. හරි පිළිගමු. 2015 අලුත් ආණ්ඩුවක් ගෙනාවා දෙමළ ජනතා සහාය එක්ක. ඒකෙන් මොකුත් වුණෙත් නෑ. ගෝඨාභය මොකුත් කළෙත් නෑ. රනිලුත් එහෙමයි. ඔතන බරපතළම දේ මධ්‍යස්ථ මත තියන දේශපාලනය ප්‍රතික්ෂේප වෙනවා කියන එක.
ඔබ ඔය කාරණාව කිව්වත් ඔබ පිළිගන්නේ නැද්ද දෙමළ දේශපාලන නායකයනුත් ඔවුන්ගේ න්‍යාය පත්‍රයට වැඩ කරා කියලා. ඩයස්‌පෝරා සල්ලි වලින් ඔවුන් සැපවත් ජීවිත ගෙවමින් අහිංසක දමිළ ජනතාව දිගටම රැවැට්ටුවා කියලා ?
එහෙම කරන කණ්ඩායමකුත් ඉන්නවා. ඒක පැහැදිලියි. දකුණෙ විමල් වීරවංශලා ඉන්නවා වගේ උතුරෙත් විමල් වීරවංශලා ඉන්නවා. ඒ අපි නෙවේ. අපේ පක්ෂය පටන් ගත් දා සිට මධ්‍යස්ථ දේශපාලනයක් කරේ. අපේ පක්ෂයට කොහොම වුණත් නැවත ජනවරමක් දුන්නා.
ඔබ ඉතා තරුණ වයසෙන් දේශපාලනයට පිවිසි බුද්ධිමත් දේශපාලනඥයෙක්. හැබැයි දැන් තියෙන තත්ත්වයත් එක්ක ඔබේ ජනතාවටත් සේවය කරලා ජාතිවාදයට විරුද්ධයි කියන මේ ආණ්ඩුවට සහායක් ලබා දීලා දේශපාලනය ඉදිරියට කරගෙන යන්න අදහසක් නැද්ද ?
ජනාධිපතිගේ මංගල කතාවෙදීම කිව්වා මේක තනි පක්ෂයක ආණ්ඩුවක් නෙමේ ඔක්කොම එකට කරගෙන යන ආණ්ඩුවක් කියලා. ජනාධිපතිවරයා කියන එකයි බිමල් රත්නායක කියන එකයි වෙනස්.
එතකොට අගමැතිනි හරිනි?
අගමැතිනි කොන් කරලද කියලත් හිතෙනවා. ආණ්ඩුවට ඕනෑ වෙලාවට වොයිස් කට් එකක් දෙන්න එළියට යවන අගමැති කෙනෙක් බවට පත්කරලා. හරියට කිව්වොත් රබර් ස්ටෑම්ප් කරපු අගමැති කෙනෙක් කරලා කියලා මට නම් තේරෙන්නෙ. අද රට පාලනය කරන්නෙ අනුර කුමාර දිසානායකද බිමල් රත්නායකද කියන එක ප්‍රශ්නයක්.
ඔය තර්කය ගොඩනැඟුවෙ ටිල්වින් සිල්වාට නේද? රට කරන්නෙ අනුරද නැත්නම් ටිල්වින් ද කියලා ?
ටිල්වින් සිල්වාට වඩා බිමල් රත්නායක තමයි ඇට්ලීස්ට්.
ඔබ ඔය කියන්නෙ බිමල් රත්නායක අනුර කුමාර ජනාධිපතිට වඩා ඉහළින් ඉන්න දඟලනවා කියලද?
විධායකයට ව්‍යවස්ථාදායකය නැතුව ඉදිරියට යන්න බෑ.
රටේ රාජ්‍ය මුදල් පිළිබඳ තීරණය ගන්නේ ව්‍යවස්ථාදායකය. ඒ කියන්නේ පාර්ලිමේන්තුව. මං උදාහරණයක් විදිහට කියන්නම් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ නියෝජිතයන්ගේ සංඛ්‍යාව වැඩි කරලා දෙන්න කියලා පක්ෂ නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන් ජනාධිපති හමුවුණා පාර්ලිමේන්තුවේදී. ජනාධිපති සාධනීය පිළිතුරක් දෙන්න ඒකඟතාව පත්කරන්න ඉන්නකොටම සභානායක බිමල් රත්නායක කිව්වා නෑ, මට මේගොල්ලෝ කිව්වා මම ඒකාධිපතියෙක් කියලා. හින්දා ඒකාධිපතියෙක් හැසිරෙන්නේ කොහොමද කියලා මට පෙන්නන්න ඕන කියලා. ඒ උදාහරණයකින් කියන්නේ මොකක්ද? පහුගිය කාලවල ජනාධිපතිවරු එකඟතා ප්‍රකාශ කළාම ඔය විදිහට ඒකට පිටින් ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ මන්ත්‍රිවරයෙක් ඔහොම කියලා නෑ.
ජනාධිපති අනුර කුමාර දිසානායක ගැන ඔබට තියෙන මැනීම මොකක්ද?
අනුර කුමාර දිසානායක කියන්නේ මහින්ද රාජපක්ෂටත් වඩා දක්ෂ දේශපාලනඥයෙක්. එතුමා දන්නවා එතුමගෙ ආරම්භයේ සිටම එතුමා හරියට කාලෙට ගැළපෙන විදිහට එතුමා වෙනස් කරගෙන තියෙනවා. අය-වැය ගත්තොත් මේක සමාජවාදයට කිසිම ගැළපීමක් නැති අය-වැයක්. මම පාර්ලිමේන්තු අය-වැය කතාවෙත් කිව්වා අපි ඇත්තටම හිතුවා මේ අය-වැයේදී ගොඩක් අධ්‍යයනය කරන්න වෙයි කියලා. පහුගිය අය-වැය ලේඛන ගත්තාම මෙවර අංශක 180ක් කරකැවෙන්න වෙයි කියලා හිතුවෙ. ඒත් එහෙම වුණේ නැහැ.
රටේ පවතින තත්ත්වය අනුව ජනාධිපතිවරයාට ආරක්ෂාව සම්බන්ධව යම් ත්‍රෙට් එකක් තිබෙනවා කියලා ඔබට හැඟෙනවද? මොකද ඔබත් යුදමය වාතාවරණයක් තුළ යම් කාලෙක ජීවත් වූ පුද්ගලයෙක් නිසා ඒ අවදානම් ගැන යම් හැඟීමක් ඇති?
ජනාධිපතිතුමාගෙ ආරක්ෂාවට ත්‍රෙට් එකක් තියෙනවද කියන්න මට අදහසක් නෑ. ඒක ආරක්ෂක අංශ දැනුවත් දෙයක්. නමුත් පවතින තත්ත්වය තුළ මුළු සමාජයම අනාරක්ෂිත බවක් නම් දැනෙනවා. උසාවිවල විත්ති කූඩුවක් උඩ මනුස්සයෙක් මරන්න පුළුවන් තත්ත්වයක් නම් රටේ තියෙන්නෙ අපි කාටවත් ආරක්ෂාව නෑ. ඔය පාතාල සිද්ධීන් වෙන ආකාරය ගැන අපිට අදහසක් කියන්න අමාරුයි. මීට කලිනුත් ඔය පාතාල ක්‍රියාකාරකම් වුණා. නමුත් ප්‍රශ්නය තියෙන්නෙ මේ පාතාල ක්‍රියාකාරකම් මැඬලන්න ආණ්ඩුවට හැකියාව තියෙනවද කියලා. උදාහරණයක් විදිහට කොටහේන තරුණයෙක් ඝාතනය කළාම ඒ ඝාතකයන් දෙදෙනා පොලිසිය විසින් වෙඩි තියලා මැරුවා. හැබැයි මරන්න කලින් ඒ දෙන්නා හිටපු වීඩියෝ දැක්කම ඒගොල්ලන්ට පාන් කියාගන්න බැරුව හිටියෙ ගුටිකාලා. ඒ අය පොලිසියෙ වෙපන් අරන් පොලිසියට වෙඩි තියන්න ගියා කියන එක ගැන මටත් සැකයක් තියෙනවා. ජේවීපී ඉතිහාසය ජේවීපී ඉතිහාසයමයි ජාජබ කිව්වට. ඒ ජේවීපී කාඩර් එක තවම තියෙනවා.
අපි මාධ්‍යයෙන් අහන්නෙ දකින්නෙ දකුණු පාතාලය ගැන විතරයි ගොඩක්ම. උතුරෙ පාතාලයක් නැද්ද ?
මගේ පාර්ලිමේන්තු කතාවල තොරතුරු විශාල ප්‍රමාණයක් අනාවරණය කරලා තිබෙනවා. බුද්ධි අංශය එකතුවෙලා කරපු විශාල ක්‍රියාකාරකම් පිළිබඳ අනාවරණය කරලා තිබෙනවා. එතකොට ගණේමුල්ල සංජීවගේ ඝාතනය ගත්තොත් එයා බුද්ධි අංශ නිලධාරියෙක් කියලා මුලින් කිව්වා ඔහු ගැන. එතකොට උතුර – නැඟෙනහිර පහුගිය කාලෙ හමුදා බුද්ධි අංශ එක්ක එකතු වෙලා අසාද් මවුලානා (පිල්ලෙයාන්ගෙ හිටපු මාධ්‍ය ප්‍රකාශක) ක්‍රියාකාරකම්
කළා කියනවා. එයාට මිලිටරි ඉන්ටෙලිජන්ස් එකෙන් පඩි ගෙව්වා කියනවා. උතුරු- නැඟෙනහිර පාතාලෙ ඕනෑ නෑ ඔය අසාද් මව්ලානා කියන දේ ඇත්ත නම්. මේ අසාද් මව්ලානා කියන විදිහට ටිපොලි ප්ලැටූන් එකෙන් මිනීමැරුම් වුණා නම් ඒක තමයි උතුරු-නැඟෙනහිර පාතාලෙ. 2005 සිට 2015 දක්වා ඩිරෙක්ලි ගෝඨාභය රාජපක්ෂගේ කමාන්ඩ් එක යටතේ තිබ්බ කල්ලියක් තමයි ඔය ට්‍රිපොලි ප්ලැටූන් කියන්නෙ.
ජාතික ජන බලවේගය ආණ්ඩුවෙ අය-වැය නරක දේ කියන්න කලින් හොඳ දේවල් ටිකක් දැනගන්න කැමතියි ?
අය-වැය හරහා අපි දිගටම කිව්වා රඳවා ගැනීමේ බද්ද ගැන අපේ ස්ථාවරය කිව්වා. ඊළඟට මුලතිව්වල අර පාලම හදන්න යෝජනා කරා. අපි ජනාධිපතිගෙන් ඉල්ලීම කරා. ආබාධිත දීමනාව 10,000 කරා. ඒවා හොඳයි. නමුත් රට වැටුණු ආර්ථික අර්බුදයෙන් එළියට එන්න පිළියම් මොකුත් නෑ. ඒවගේම මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට ආණ්ඩුව තවම උදවු කරනවා. ඒක ලොකු ප්‍රශ්නයක්. සිලෝන් ටොබැකෝ ගත්තොත් ඒවගේම ලංකාවේ හැම නිෂ්පාදනයක්ම චොක්ලට්, සිගරට්, හාල්, කිරිපිටි, සීනි මොනවා වුණත් 100% කින් ගාණ වැඩි වෙලා. සිගරට් බද්ද විතරක් 60% කින් වැඩි වෙලා. මිල වැඩිවෙලා තියෙනවා 100% කින්. මේ වෙනකොට සිගරට් සමාගමට 40% ක අතිරේක ලාබයක් ලැබෙනවා අනිත් ආයතනවලට වඩා. සිගරට්වලින් පගා ගන්නවා කියලා එදා රාජිත සේනාරත්නත් කිව්වා. අපි හිතුවෙ අනිත් භාණ්ඩවලට වගේ සමානව සිගරට් වලටත් බද්ද ගහයි කියලා. ඒකෙන් රටට විශාල පාඩුවක් වෙනවා. සංඛ්‍යාව දැන් මතක නෑ.
බදු සම්බන්ධ මතය මොකක්ද ?
පහුගිය ආණ්ඩුවලින් රජයට අය විය යුතු බදුවලින් අහිමි වන ආදායම බිලියන 960ක්. අස්වැසුමට අවුරුද්දටම යන්නෙ බිලියන 230යි. අස්වැසුම වගේ හතර ගුණයක් බදු අපතෙ යනවා. අපි බලාපොරොත්තු වුණේ ආණ්ඩුව ආ ගමන් පොඩි මිනිහට බදු සහන දෙයි කියලා. ඒත් කෝටිපතින්ට ඒ සහන ටිකත් යන්නෙ. යූටියුබ් කරන කෙනාටත් 15%ක් ටැක්ස් ගහනවා. බදු ගන්න ඕනෑ අයට ගහන්නෙ නෑ. 2/3 ක බලයක් තියෙනවනෙ. වාහන ගන්න වෙන්නෙත් නෑ මනුස්සයෙක්ට ලේසියෙන්. මේක පැහැදිලිව කරන්නෙ ලීසිං සමාගම් රැකීමයි. ලීසිං සමාගම් රකින්න ඕනෑ කියන එක ගැන මන් දන්නවා.
කෙටියෙන් අය-වැය ගැන අදහස?
මේ අය-වැයෙන් පොඩි මිනිහා ආයෙ අන්දවපු එක කරේ.
ඇයි අය-වැය දෙවනවර කියැවීමේ ඡන්ද විමසීම වෙලාවෙ මඟහැරල ගියෙ?
අපි සජබට ජනාධිපතිවරණයට සහාය දුන්නට ඒ අයගෙ ප්‍රතිපත්තියෙ නෙවේ ඉන්නෙ. සජබෙ ප්‍රතිපත්තිය බලයට ඒම. අපේ ප්‍රතිපත්තිය ඊට වඩා වෙනස්. මිනිස්සුන්ගෙ අයිතීන් සපුරාගෙන ඔවුන්ට සේවය කළ හැකි ව්‍යවස්ථාවක් ගෙන ඒම අපේ අරමුණුවලින් එකක්. අලුත් ව්‍යවස්ථාවක් ගෙනාවෙ නැත්නම් අපි ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දෙනවා.
සංවාදය- අනුරාධා හේරත්
mawbima