මේක ගැන කතා නොකර ඉන්න හැදුවට ගෑනු පිරිමි ඔක්කොම එකතු වෙලා අර ෆේස්බුක් එකේ
ගෑනු ළමයි කරපු විහිලුවක් අල්ලගෙන මානසික ලෙඩය, මෝල් අමාරුවය ගගා තමන්ගේ සදාචාරාත්මකව උසස් බව විදහා පෑම සහ ගැහැනු ගැන සියල්ල දත්ලා ගෙන් එන හතරබීරී විශ්ලේෂණයන් දැක්කම මේක ලියන්න හිතුනා.
ගැහැනුන්ට චර්‍යාව ගැන උගන්නන්න ලැජ්ජ බය ගැන උගන්නන්න කොටින්ම ජීවත් විය යුත්තේ කොහොමද උගන්නන්න සමාජයට අමුතු පහේ අමාරුවක් තියෙන බව නම් පැහැදිලිය. විහිලුවක් සීරියස් අරගෙන ඒක තමයි යතාර්තය කියල අරන් හැසිරීමත් සයිකෝටික් තත්වයක් කියල තමයි අන්තර්ජාලයෙ තියෙන්නෙ (Delusional disorder).
It's just a joke. ඇයි මේ මෙච්චර කලබල? ඔබ්ජෙක්ටිෆිකේශන් (වාස්තවීකරණය) කියන්නෙ පිරිමින්ගෙ කලාපයක්. ඒකට ගෑනු ඇතුල් වෙලා පිරිමි ඔබ්ජෙක්ටිෆයි කරන්න ගත්තම බලය ශිෆ්ට් වෙලා වගේ එකක් දැනෙනවද? ඔතන කොල්ලෙක් වෙනුවට ලස්සන කෙල්ලෙක් හිටියනම් හිනාව ලස්සනයි වගෙ අහිංසක කමෙන්ට් වලින් විහිළුව නතර වෙන්නෙ නැහැ කියන එක ආයෙත් මතක් කරන්න කැමතියි.
'යහමඟට අරන් කසාද බඳින්න බැරි වෙයිද?' වගෙ එකක් හොඳ හාස්‍ය රසයක් ගේන කතාවක් ගොඩක් ගැහැනුන්ට.
I can change him කියන අදහස ගැහැනුන්ගෙ විශ්වීය 'ඉන්සයිඩ් ජෝක්' එකක්.
කොහොමත් හාස්‍ය හැසිරවීමේ ප්‍රශ්න කළ නොහැකි බලයක් තියෙන්නේ පිරිමින්ට විතරයි කියලයි සමාජය හිතන්නෙ. පාරෙ යද්දි කොල්ලෙක් විසිල් එකක් ගැහුවොත් ඒක් 'විහිළුවක්'. කොච්චර ඔය වගේ 'විහිලු' හැටියට නම් වෙන එක් එක් ආකාරයේ හිංසනයන් ගණන් ගන්න එපා, 'බෝයිස් විල් බී බෝයිස්/කොල්ලොනෙ' කියලා අපිට පොඩි කාලෙ ඉදන් සමාජය කියනවද. හැබැයි කෙල්ලෙක් කොල්ලෙක්ට විසිල් එකක් ගැහුවොත් ඒක විහිළුවක් නෙමෙයි, ඒක මෝල් අමාරුව මානසික ලෙඩ... මේ වෙලා තියෙන්නෙත් එහෙම වැඩක්.
ගැහැනුන්ගේ හාස්‍ය ගැන කතා කරද්දි මට මතක් වෙන්නෙ නතාෂා එදිරිසූරියව. ඇයට ආපු කමෙන්ට් වල ලිංගික ප්‍රචණ්ඩත්වය මතකද?
අර සූට්කේස් එකේ හිස නැති ගැහැනු මළ සිරුරක් හම්බුන වෙලේ හැදුනු මීම්ස් මතකද?
මෙයාලගෙ තර්කනයට අනුව එව්වා සමාන්‍ය තත්වය ය. පිරිමින්ගේ මානසික රෝග ගැන මෝල් අමාරුව ගැන දිනපතා ලියන්න තරම් දේවල් වූවද එව්වා කමක් නැත.
ලංකාවෙ ඝාතනයට ලක් වෙන ගැහැනු තුනෙන් එකකගෙ ඝාතකයා සමීප සහකාරයෙක්. ගෘහය තුල සේවාස්ථාන තුල දේශපාලනය තුල ප්‍රවාහනය තුල සියලු සමාජ අවකාශයන් තුල ගැහැනු ලිංගික හා ලිංගික නොවන කායික මානසික වාචික හිංසන වලට දිනපතා ලක් වෙනවා. ඒ විතරක් නෙමෙයි ගැහැනුගේ ශ්‍රමය සූරාකමින් ආර්ථිකය මෙහෙම හරි අටවන් දුවනවා.. එහෙම රටේ තමයි ගෑනුන්ගෙ විහිලුවකට සමහරු මාර විදිහට කැළඹිලා ඉන්නෙ. සිදුවන ඕනෑම ඛේදවාචකයක් විහිලුවක් කරගන්න අපූරු හැකියාවක් තියන රටක, හාස්‍ය කියන එක coping mechanism (දරාගැනීමේ යාන්ත්‍රණය) එකක්ම වෙලා තියන රටක, කෙල්ලොන්ට විතරක් විහිලු කරන්න බැහැ!
පිස්සුනෙ. මේක gen z ලගෙ ලෝකය. මේ පේන්නෙ පැරණි ලෝකයේ සම්මතයන් මේ අලුත් පරම්පරාවලින් කඩන විදිහ. මේ හාස්‍යයට ලක් කරන්නෙ 'හික්මුණු/හික්මවනු ලැබූ ගැහැනිය' ගැන තියන යල් පැනපු අදහස්. මේ හාස්‍යයට ලක්කරන්නෙ ලංකාවේ විෂමලිංගික (heterosexual) සිංහල බෞද්ධ පිරිමි අධිපති ආඛ්‍යානය.
කවුරුත් ඒ ලස්සන අපරාධකාරයාව නිදහස් කරන්න විප්ලවය ගේන්නෙ නැහැ. ඔතන කෙල්ලෙක් හිටියනම් කමෙන්ට්ස් වල බලාගන්න තිබ්බ ලිංගික ප්‍රචණ්ඩත්වය ගේන්නෙ නැහැ. ලෝකය අලුත් වෙමින් යන්නෙ. සන්සුන් වෙන්න. අප්ඩේට් වෙන්න. ඔයාලා හැමෝම ලස්සනයි.
“Men are afraid that women will laugh at them. Women are afraid that men will kill them.”
- Margaret Atwood
"ගැහැනුන්ගේ සරදමට ලක් වෙතැයි පිරිමි බියෙන් පසුවෙති. පිරිමින් ඔවුන් මරා දමතැයි ගැහැනු බියෙන් පසුවෙති."
- මාගරට් ඇට්වුඩ්
(ආසම ලේඛිකාවක්. මේ තියෙන්නෙ ඇයගෙ සුප්‍රසිද්ධ 'හෑන්ඩ්මේඩ්ස් ටේල්' පොත ආශ්‍රිතව අන්තර්ජාලයේ තිබ්බ කාටුන් එකක්)
ශ්‍යාමා බස්නායක
@Shyama Basnayake fb පිටුවෙන්