1977 එක්සත් ජාතික පක්ෂය හයෙන් පහක බලයක් සහිතව ජේ. ආර්. ජයවර්ධනගේ නායකත්වයෙන් රාජ්‍ය බලය ලබා ගන්නා අවස්ථාවේදී
ලංකාවේ තත්ත්වය වර්තමාන සමාජයට විශ්වාස කළ නොහැකි තරම් ශෝචනීය වේ.
1977 වන විට ලංකාවේ ජනතාවට බත් කෑම සීමා කොට තිබුණි. සතියට දවස් තුනක් පමණක් බත් ආහාර ලෙස ගත හැකිව තිබූ අතර එවකට වර්තමාන සමාජය විසින් ආහාරයට ගැනීමට අත්හරින ලද හබරල අල හා වෙනත් අල වර්ග කැළයේ වැවෙන කොළ මඩේ හැදෙන සතුන් ඉදිරි දින හතර තුළ ප්‍රධාන ආහාරය ලෙස ගැණුනි. වියළි කළාපයේ සමහරක් ගම්වල කූඩැල්ලන් හා දියබරියින් ආහාර ලෙස ගැණිනි. 77 ජේ. ආර්. ජයවර්ධන කනබොන රමණය කරන සමාජයක් යෝජනා කරනු ලැබුවේ කූඩැල්ලන් හා දියබරියින් ආහාරයට ගත් සමාජයකටය.
77 ට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එම පෙරමුණේ ආර්ථික දේශපාලන හා සමාජීය ව්‍යාපෘතිය තුළ සෑම දෙයටම රාජ්‍ය මැදිහත් වීමක් තිබූ අතර කොටින්ම විවාහ වීමට රජයේ අවසරය ලබාගත යුතු විය. නමුත් සීමාකම් පනවනු නොලැබුවේ ලිංගික කටයුතු හා වැසිකිළි යාමට පමණි. නමුත් මේ රටේ එවකට විසූ කිසිවෙකුට ලිංගික කටයුතු සිදුකිරීමට මානසික සහනයක්ද, ඒකාග්‍රතාවයක්ද, වැසිකිළි යාමට කුස පිරෙන්න ආහාරද නොතිබුණි. එම ආර්ථයෙන් ගත් කළ එවකට ජීවත්වූ ජනතාවගේ ජීවිත අනුර දිසානායක කියනවාක් මෙන්, ඒවා ජීවිතද අප්පා යැයි මට සිතේ.
ජනාධිපතිවරණය ජයගෙන ඔහු සහ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනගන්නට උත්සාහ කරන්නේ එවැනි සමාජයක්.
1977 දී ජනතාව හයෙන් පහක බලයක් එක්සත් ජාතික පක්ෂයට ලබාදෙනුයේ අදුරු ශෝචනීය කාළපරිච්ඡේදයෙන් රට හා ජනතාව මුදවන ලෙස ආයාචනා කරමිනි. 1977 ජූලි 22 වෙනිදා ජේ. ආර්. ජයවර්ධන මුහුණ දුන් ප්‍රධානතම අභියෝගය වනුයේ සත් වසරක් කුසගින්නේ සිටි සත්වසරක් විළි වසාගැනීමට ඇදුමක් නැතිව සිටි, හිසට වහළයක් නොමැති, දරුවන්ට අධ්‍යාපනය ලැබීමට පාසල් නැති, රමණයට ඇදක් නැති, බහිස්‍රාවියට වැසිකිළියක් නැති, අල තැම්බීමට මුට්ටියක් නැති, කිරි පිටි හැන්දකට සතියක් පෝළිමේ සිටිය යුතු, තමන් වැදු හා හැදු වැඩු දෙමාපියන්ට කැද උගුරක් බොන්නට හාල් සේරුවක් දුන් විට හිරේ විලංගුවේ වැටුණු ඊනියා දේශප්‍රේමී ජාතිකවාදී ආණ්ඩුව නිසා කරදරයේ වැටුණු ජනතාව ඉන් මුදවා ගැනීමයි. කාම්බෝජයේ පොල්පොට් පන්නයේ මහා සමූල ඝාතනයක් ආසන්නයේ සිටි ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිතය බේරා ගැනීමට ජේ. ආර්. ජයවර්ධන මුහුණ දුන් ප්‍රධානතම අභියෝගයයි. 77 දැවැන්ත ජයග්‍රහණයෙන් පසු රටේ ආර්ථිකයේ තිබූ සීමාකම ඉවත් කළ අතර සමාජයේ හා දේශපාලනයේ තිබූ දැඩි පාලනයද ඉවත් කළ හැරියේය. තනි මිනිසුන් හට තමන්ගේ ශක්තියෙන්, තමන්ගේ බුද්ධියෙන්, තමන්ගේ හැකියාවෙන් තම ජීවිතය ගොඩනගා ගැනීමේ අයිතිය ලබාදුණි. ජන ජීවිතයට රජයේ මැදිහත් වීම හැකිතාක් අවම කළ අතර රාජ්‍යය පරිපාලන උපකරණයක් බවට පත් කළේය. 1977 ආණ්ඩු වෙනසින් ලාංකික සමාජය ලැබූ ප්‍රධානතම දායාදය නම් තනි මිනිසාට තම ශක්තියෙන් නැගී සිටීමට ලැබුනු අවස්ථාවයි.77 න් පසු අද ලංකාව ලබා ඇති සියලුම ජයග්‍රහණ 1505 සිට 1977 දක්වා වසර පන්සියයක ජයග්‍රහණයන්ට වඩා විශාලය.
1977 ට පෙර තිබූ රෙජීමය විසින් ක්‍රියාත්මක කරන ලද අදූරදර්ශී අයුක්ති සහගත ක්‍රමයට පක්ෂපාතී වූ පුද්ගලයින් හා දේශපාලන කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් රට තුළ සිටි අතර ඔවුන් ජනතාවගේ මුදල් කොල්ල කමින් රජයේ දේපළ අයුතු පරිහරණය කරමින් බඩු භාණ්ඩ හිගය හා දැනුමේ සම්බාධක මත පදනම් වූ කළු කඩ පවත්වාගෙන යාමෙන් සුඛෝපභෝගී ජීවිත ගත කළ අයයි. ඔවුන් රජයේ ගුවන් විදුලිය හා රජයේ පුවත්පත් භාවිතා කරමින් ඔවුන්ගේ අවිද්‍යාත්මක ප්‍රචාරණ ව්‍යාපාරය පවත්වාගෙන ගිය අයයි. 1977 න් පසු ඉදිරි වසර කිහිපය තුල ලාංකාවේ ධනවත්ම හා බලවත්ම සමාජ ස්ථරය වූයේ මෙම වාමවාදී ඊනියා ජාතිකවාදී හා ප්‍රගතිශීලි සමාජ කොටසයි. ඔවුන් රටේ සියලුම වෘත්තීය සමිතිවල බලය අත්පත් කොටගෙන සිටි අතර එමගින් හයෙන් පහක බලයක් සහිත ජේ ආර් ජයවර්ධන ආණ්ඩුවට විශාල වශයෙන් බලපෑම් කරමින් රට අවුලෙන් අවුලට පත් කිරීමට උත්සහ කළේය. 77 න් පසු බිහිවූ නව ධනපති පන්තිය ගොඩනැගෙන තෙක් අන්තර් කාල සීමාව තුළ මෙම අයුක්ති සහගත ලෙස මුදල් ඉපයූ එම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රෙජීමයේ ධනපතියන් විසින් අතිවිශාල ලෙස මුදල් ආණ්ඩු විරෝධි ප්‍රචාරණයට යොදා ගනිමින් රාජ්‍ය පාලනය ඉතා අපහසු කටයුත්තක් බවට පත් කළේය. නමුත් 1980 ජූලි මාසයේදී කැදවන ලද ජාතික මට්ටමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය මර්ධනය කරමින් ඔවුන් රැකියා වලින් එළියට දමමින් ජේ. ආර්. ජයවර්ධන විසින් අයුක්ති සහගත දේශපාලන ව්‍යාපාරයේ අවසන් ඇණය ගසා දැමුවේය. ඉන්පසු බිහිවූ සමාජ ආර්ථික හා දේශපාලනික හැඩය වසර 47 ක් පුරා ලංකාවේ මූලෝපායික වශයෙන් ප්‍රධානතම වැඩපිළිවෙල බවට පත්ව අදත් වැජඹේ.
අවාසනාවකට මෙම ක්‍රමය පවත්වාගෙන යෑම වෙනුවට හෝ අඩුම තරමින් ප්‍රසිසංස්කරණය කිරීම වෙනුවට වෙනස් කිරීමේ පොරොන්දුව මත බලයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ විසින් තිස් අවුරුදු යුද්ධයකට පසුත් ශ්‍රී ලංකාව නොනැසි නොවැටී පවතින්නේ එම ශක්තිමත් අත්තිවාරම බිඳ දැමීය.
1977 බිහිවූ දේශපාලන නායකයින් අතර රනිල් වික්‍රමසිංහ පෙරගමන්කරුවෙකු වන්නේ 77 න් පසු බිහිවූ සමාජයේ විද්‍යාත්මක පසුබිම පිළිබදව මනා අවබෝධයක් තිබූ නායකයා නිසාය. ඔහු විසින් අධ්‍යාපන ක්ෂේත්‍රයට දායාද කරන ලද වෙනස්කම් අදද මේ රටේ පවතින ප්‍රගතිශීලි වෙනස්කම් වේ. නමුත් ඔහුගේ වර්තමාන මතය වන්නේ එම වෙනස්කම් අද යල්පැන ගොස් ඇති අතර නව වෙනස්කම් සදහා ඉඩකඩ සකසා ගත යුතු බවයි. එසේම කර්මාන්ත ක්ෂේත්‍රයේ ඔහු සිදුකරන ලද වෙනස්කම් අදද දේශපාලන නායකයෙකු කර්මාන්ත ක්ෂේත්‍රයේ සිදුකරන ලද විශාලතම වෙනස්කම් වේ. කොළපාට සමාජය යනු සැමදෙනාටම සහභාගී විය හැකි, සැමදෙනාටම අවස්ථාවක් ඇති, බුද්ධිය විශාලම ධනය ලෙස සලකනු ලබන, සතුට හා විනෝදය සංවර්ධනයේ ප්‍රධානම මිම්ම වන සමාජ ආර්ථික හා දේශපාලන ක්‍රමයකි. එම මොහොතේ පවතින හා පැවතිය යුතු දේශපාලන ආර්ථික හා සමාජ වෙනස්කම් සදහා ඉඩකඩ විවර කර දෙන ප්‍රගතිශීලී නව ලිබරල්වාදී ප්‍රතිපත්තිය conservative නායකත්වයක් රටට අත්‍යවශ්‍ය බව ඔහුගේ දේශපාලන හැසිරීමෙන් පෙන්නුම් කරයි.
මෙම ක්‍රමය ප්‍රතිසංස්කරණය කර ප්‍රගතිශීලී ලෙස ඉදිරියට පවත්වාගෙන යා හැක්කේ ඒ පිළිබඳ අවබෝධයක් ඇති අයෙකුට මිස එයට විරුද්ධ අයකුට නොවේ.
මෙම නිශ්චිත මොහොතේ ලංකාව මුහුණ දෙන දේශපාලන සමාජ ආර්ථික ගැටලු වලට විසඳුම් සිවිය යුත්තේ මෙම ක්‍රමය තුළින්ම පමණි.
එසේ නොවන්නේ නම් සිදුවන්නේ ගෝඨාභය සිදු කළාක් මෙන් රට මහා විනාශයකට ඇද දැමීමයි.
2024 මෙම ජනාධිපතිවරණය ඉතා තීරණාත්මකය.
ඒ ක්‍රමය බිඳවට්ටා විනාශ කොට පැරණි අගතිගාමී ප්‍රතිගාමී පෝලිං යුගයට යෑමට කසකවන නායකයින් පරාජය කොට ක්‍රමය හොඳින් ප්‍රතිසංවිධානය කොට ප්‍රගතිශීලී මෙහෙයවීමකට ගත හැකි නායකයකුට අඩුම තරමින් වසර කිහිපයක් බලය දිය යුතුය.
අපට නැවත පෝලිං යුගයකට යෑමට අවශ්‍ය නැත.
අපට අවශ්‍ය ඉදිරියට යාමටයි.
we are not going back.
@තුෂාර දේශප්‍රිය වන්නිආරච්චි