හදවතේ ගැඹුරුම පත්ලෙන්, තම ආත්මයම වචන වලට පෙරලූ ගීතය මොකක්ද කියලා දවසක් මම ප්‍රදීපා ගෙන් ඇහුවා..
එකක් නොවෙයි, පිළිතුරු කීපයක්ම ලැබුණා.
ඉන් එකක් තමයි,
"සොයා දියව් මට සරණක්"
මම හිතන්නේ ප්‍රදීපා ඒ ගීයට හඬ එකතු කරල තියෙන්නෙ උගුරෙන් නෙමෙයි ඇට මිදුළු අතරින්...
එක් පැත්තකින්, තම ප්‍රථම ගී සමුච්චය වියරු දේශපාලන වාරණයකට ගොදුරු වෙච්ච තුරුණු ගායිකාවක් විදියට..
අනෙක් පැත්තෙන්, මහ මඟ අයිනේ, ටයර් සෑ මත පිලිස්සුණු තුරුණු සිරුරු වගේම ගංගා ඔස්සේ ගලා ගිය, කිඹුලන්ට ගොදුරුව කවන්ධයන් වූ තුරුණු සිරුර දකිමින් භීම සමයක, භීශකයන්ට එරෙහිව තම හඬ තියුණු කගපතක් කරගත් ඇය ගැන මට දැනුනෙ ආඩම්බරයකට වඩා ගෞරවයක්.
නමුත්, මේ ආදරයේ සහ ගෞරවයේ සටහන ඇයට නෙවෙයි.
දකුණටත් වඩා උතුර අත්දැකපු, පරම්පරා ගණනාවක තුරුණු ජීවිත බිලිගත් මහා ඛේදවාචකය, උතුරේ සහෝදර ජනතාවට මැනවින් සන්නිවේදනය කරන්නට වගේම ප්‍රමාද වූ ජාතික යුතුකමක් ඉටුකරන මේ දමිළ දූ පුතුන් වෙත උපහාර පුදන්නටයි මේ වචන පූජාව.
"පව්කාරයන්ට අත සෝදා ගන්නට ජෝර්දාන් නදියේ ජලය අවසර නොදේවා..!"
මගේ පපුව තුළ ද කැරලි ගසන ප්‍රාර්ථනාව එයයි...
@ඩලස් අලහප්පෙරුම