SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද අහම්බෙකින් මගේ මිත්‍රයෙක් පහත ටික් ටොක් වීඩියෝව ශෙයා කරල තිබුන.

ඒක එවල එයා කියල තිබුන ගොඩක් අපේ  අය මේ වාරීස් ඩිරීව දන්නෙ නැහැ කියල. ඒත් මම ඇයගෙ ජීවිත කතාව පොතෙන් වගේම සිනමා පටයෙනුත් නරඹල තිබුන නිසාම එය පලකරන්නට හිතුව.

ඒ ටික් ටොක් වීඩියෝවෙ ඇය මෙහෙම කියනව,

“මම මගේ අම්මට ආදරෙයි.

මම මාගේ පවුලටත් ආදරෙයි.

ඒ වගේම මම මුළු අප‍්‍රිකාවට ම ආදරෙයි.

ඒත අවුරුදු තුන්දහසක් මුළුල්ලේ තවමත් අපේ පවුලේ අය විශ්වාස කරන්නේ චර්මඡේදනය නොකළ දියණිය අපිරිසිදු කෙනෙක් කියල යි.

ඉතිං ඒක අපේ කකුල් දෙක අතර පවතින අවයවයක් හින්ද එය අපිරිසිදු යි.

ඒ හින්ද, එය ඉවත් කර දැමිය යුතුයි, එයට සීල් තැබිය යුතුයි.

එහෙම කළ යුතු වුණේ කන්‍යාභාවයේ සහ ගුණදහමේ සාක්ෂියක් විදිහට යි.

මංගල රාත‍්‍රියේදී සැමියා බ්ලේඞ් තලයක් හෝ පිහියක් ගෙනැල්ලා තමංගෙ බිරිඳට බලාත්කාරකම කරන්නට පෙරාතුව මේ සීල් තැබූ තැන කපල විවෘත කරනව.

අනික මේ විදිහට චර්මඡේදනය නොකළ ගැහැණු ළමයෙකුට විවාහ වෙන්නට අවසර නැහැ.

ඒකෙ ප‍්‍රතිඵලයක් විදිහට, ඇයව ඇගේ ගමෙන් නෙරපා හරිනව විතරක් නෙවෙයි, ඉන්පසුව ගණිකාවකගේ මට්ටමට සමාන කොට සලකනු ලබනව..

මෙහෙම දෙයක් කුරානයේ ලියා නැති වුණත්, මෙම පුරුද්ද තවමත් දිගටම පවතිනව.

මේ විදිහට උදාසීන කරදැමීමේ ප‍්‍රතිඵලයක් විදිහට, කාන්තාවෝ මුළු ජීවිත කාලයම මානසිකව හා ශාරීරිකව රෝගී වන බව පිළිඅරන් තියෙනව.

මේ කාන්තාව ම යි, අප‍්‍රිකාවේ කොඳු නාරටිය.

මම බේරුණා,

ඒත් මගේ සහෝදරියන් දෙදෙනා බේරුණේ නැහැ.

මේ විදිහට විකෘති කළාට පස්සේ සොෆියා ලේ වැගිරී මිය ගියා.

ඒ වගේම අමිනා දරු ප‍්‍රසූතියේදී මිය ගියේ ඇයගේ කුසයේ දරුවා එක්කමයි.

මේ අසංවේදී සහ අනුවණ චාරිත‍්‍ර අහෝසි කළහොත්, අපේ මහාද්වීපය කොයිතරම් නම් ශක්තිමත් එකක් වේවිද?

අපේ රටේ හිතෝපදේශයක් තියෙනවා පෝලිමේ ඉන්න අන්තිම ඔටුවත් පලවෙනි එකා වගේම ඉක්මනට වැඩ කරනව කියල.

ඉතිං අපෙන් අඩුම පුද්ගලයන් ප‍්‍රමාණයකට මොනව හරි සිද්ධ වෙනව නම්, එය අපි හැමෝට ම බලපානව.

මට මතකයි මං පොඩි කාලේ කිව්වා, මට ගෑනියෙක් වෙන්න  ඕන නෑ කියලා.

ඇයි, ... ගෑනියෙන් වෙන එක හරිම, ඉතා වේදනාකාරී හා අසතුටුදායක එකක් හින්ද.

ඒත් දැන් මම ලොකු වෙලා.

ඒ නිසා මම කවුද කියන එක ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා.”

(https://web.facebook.com/watch/?v=1690481948052735)

 

මගේ මිතුරා ඒ එක්කම ලියල තිබුන කාරණය තමා වඩාත් වැදගත්. ඔහු කියනවා ලංකාවේ ඉස්ලාම් කාන්තාවන් දැන් ඉදිරියෙන් සිටින බවත්, උද්ඝෝෂනයක් සංවිධානය කළාම මුස්ලිම් කාන්තාවන් වැඩියෙන් සහභාගී වන බවත්. එක් දිනක් මෙගා ෆෝනය රැගෙන වැඩසටහන හොඳින් සංවිධානය කළ බවත්.

 

මගේ අදහස උනේ ඒ වෙනස උදාකරල තියෙන්නෙ ධනේෂ්වර ක්‍රමය පවත්වාගෙන යෑමට කියලයි. වඩාත් හොඳින් වෙළඳපොලකරණය සිද්ධ වෙන්න නම් මේ යුගය තුළ ලිංගමය, වර්ණමය වෙනස කටුගාන්න අවශ්‍යයි ක්‍රමයට. ඉන් පස්සෙ වඩා හොදින් ලාභය මූලික කරගත් ධනේෂ්වර වෙළඳපොල ක්‍රමය පවත්වාගෙන යා හැකියි. ලංකාවේ වම හිතනවා මේක තමයි විප්ලවීය වෙනස කියල.

 

වාරිස් ඩිරී ගැන නැවත මතක් කලොත් මෙහෙමයි.

වාරිස් ඩිරී යන්තම් නව යොවුන් වියේ සිටියදී, නූගත් සහ දිළිඳු ඇය, අප්‍රිකානු කාන්තාරයේ ඇගේ පීඩාකාරී ජීවිතයෙන් පලා ගියේ, ඇගේ නමට ඉරුණු සළුවක් හැර වෙන කිසිවක් නොමැතිව යි. ඇය තනියම භයානක සෝමාලියානු කාන්තාරය හරහා Mogadishu වෙත ගමන් කළා. ඇය ගෘහ සේවිකාවක් ලෙස සේවය කළ ලන්ඩනයට ගෙන යන අපූරු ගමන පළමු අදියර වන අතර ඉන් අනතුරුව ඇය ජාත්‍යන්තරව පිළිගත් විලාසිතා නිරූපිකාවක් ලෙස ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ප්‍රසිද්ධ උනා. අවසානයේ ඇය නිව් යෝර්ක් නගරයට ගිය අතර එහිදී ඇය එක්සත් ජාතීන්ගේ ‘කාන්තාර මල් ‘ සඳහා මානව හිමිකම් තානාපතිවරියක් බවට පත්උනා. මේ  ඇගේ අසාමාන්‍ය කතාවයි. එහෙත් අප්‍රිකානු කාන්තාරයේ ස්ත්‍රියගේ මෙන්ම පිරිමියාගේත් සෝචනීය ඉරණම ඉන් විසඳී නැත. 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි