SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සිනමාවේදී අශෝක හඳගම විසින් අධ්‍යක්ෂණය කළ නවතම සිනමා කෘතිය "ඇල්බොරාදා".

මෙය නිර්මාණය වන්නේ සුප්‍රකට චිලී කවියකු වූ පැබ්ලෝ නෙරුදා මෙරට චිලියානු තානාපති ලෙස ගත කළ කාලය මුල් කරගෙනයි.  


"ඇල්බොරාදා" තිස් හතරවෙනි ටෝකියෝ අන්තර්ජාතික සිනමා උලෙළේ අන්තර්ජාතික තරඟකාරී අංශය සඳහා ප්‍රකාශිත ආරාධිත චිත්‍රපට ලැයිස්තුවට ද මේ වනවිට සුදුසුකම් ලබා තිබෙනවා.
මෙම චිත්‍රපටය මෙම වසර අගදී හෝ එළඹෙන වසරේ දී තිරගත කිරීමට කටයුතු සුදානම් කරමින් සිටින බවයි වාර්තා වන්නේ. 

 

 

මේ ගැන අශෝක හඳගම සිය මුහුණු පොතේ මෙහෙම සටහනක් යොදා තිබුන.

 

පැබ්ලෝ ලංකාවට ඇවිත් සහභාගී වන මුල්ම සාදයේ දී ඔහුට යුරේසියානු සම්භවයක් ඇති යුවතියක් මුණ ගැහෙනවා. ඇගේ නම පැට්සි. ඇය තමන් ව පැබ්ලෝ ට හඳුන්වා දෙන්නේ පැබ්ලෝගේ ම කවි පන්තියක දෙපදයකින්.

“ප්‍රේම කරමි මම, සේලරුවන් ගේ ආදරයට.

මුව සිප, ඊළඟ මොහොතේ නික්මී යන..”ම් ගැන අශෝක හඳගම සිය මුහුණු පොතෙ

චිලී රටේදී තමන් අතින් පබැදුනු “සමුගැනීම” කවි පන්තියේ එන දෙපදයක්, ඈත පෙරදිග ලංකාවේ දී අහන්න ලැබෙයි කියල පැබ්ලෝ හිතන්න නැතුව ඇති. හමුවුන පළමු රැයේ දීම දෙන්නා කුළුපග වෙනවා.

 

asoka 2

 

තැන තැන යන සේලරුවන් ගේ ආදරය තාවකාලිකයි. තොටුපලින් තොටුපල පෙමින් බැඳෙන ගැහැණු! පැට්සි, පැබ්ලෝ ගෙන් ඒ තාවකාලික ඇසුර ට වඩා යමක් බලාපොරොත්තු වන්නේ නැහැ. රූකාන්ත ගුණතිලක ගායනා කරන "බොල් පිණි වෑහෙන වෙලාවේ.." ගීතය තවලම් කරුවන් ගේ ආදරය ගැන කියවෙන එකක්. ඒ ගීතයේ අත්දැකීම පැබ්ලෝ ගේ “සමුගැනීම” කවියේ එන සේලරුවන් ගේ ආදර අත්දැකීම ට සමානයි නේද කියලා මතක් කරලා දුන්නේ ඇල්බොරාදා සිංහල උපසිරසි වෙනුවෙන් කවි පරිවර්තනය කරදුන් ලක්ෂාන්ත අතුකෝරල.

මේ ඉන්නේ පැට්සි…

ඇල්බොරාදා චිත්‍රපටයේ පැට්සි ගේ භූමිකාව රඟ පාන්නේ නිමායා හැරිස්. ලාංකීය ඉංග්‍රීසි වේදිකාවේ රංගන අත්දැකීම් ඇති නව යොවුන් රංගන ශිල්පිනියක්. නිමායා ගේ පළමු සිනමා රංගනය- පැට්සි.

 

asoka 1

 

(Soon after arriving in Ceylon, Pablo attends a party hosted by Colombo colonial elites. At this party he meets a Eurasian girl, named Patsy. She introduces herself to Pablo by reciting a part of one of Pablo’s poems

“I love the love of sailors

Who kiss and leave….”

Pablo did not expect to meet in a faraway Eastern island, a person who is aware of the poem “Farewell” that he wrote in Chile.

They became intimate friends from the first night they met.

The love of the sailors who sail from one port to another is temporary; they fall in love with women wherever they go. Patsy doesn’t expect from Pablo a type of relationship beyond such a temporary one. There is a similar meaning and sentiment in Rukantha Gunathilaka’s song on caravan-people’s love “Bolpini vahena velave..”. Lakshantha Athukorala, who did the Sinhala translation of Pablo’s poems for Alborada, pointed out this to me.

Here is Patsy.

The character of Patsy is performed by Nimaya Harris in Alborada. Extremely talented young actor, Nimaya, is a known theatre personality in Sri Lanka. Alborada is her debut performance in cinema)