SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

70 දශකයේ සිනමාවේ ස්වර්ණමය යුගය සහ පමාවූ ධනවාදයේ ප්‍රේමයේ උත්කර්ෂය!

1971දී බලවට පත් උනේ සමගි පෙරමුණු රජයක්. වාමාංශිකයින් බහුතරයක් පාලනයට සම්බන්ධ වූ එම රජය මගින් චිත්‍රපට කර්මාන්තය කෙරෙහි යම්කිසි පාලනයක් ඇතිකිරීමට උත්සාහ ගත්තා. ඒකෙදි චිත්‍රපටයක් නිශ්පාදනය කරන්න කලින් සම්පූර්ණ කල යුතු මූලික අවශ්‍යතා ඉදිරිපත් කරල තිබුණා.


මේ කාලයේදී, නිදහස් දක්ෂතාවන් පිළිබිඹු කරමින් ඉදිරියට ආ සිනමාව, බාල වානිජ චිත්‍රපට ගලා ඒම නිසා පසුබෑමකට ලක් විය. ඊට හේතුව අලුතින් ක්‍රියාත්මක කරන ලද චිත්‍රපටකරුවන්ට ලබාදුන් රජයේ ණය දීමනාය.

 

ටයිටස් තොටවත්තයන් හා ලෙස්ටර් ජේම්ස් පීරිස් යන දෙදෙනා කලාත්මක චිත්‍රපට නිපදවීම පිළිබඳ ප්‍රධාන තැන ගත්තෝ වූහ.

තොටවත්තයන් හාර ලක්ෂය, සිහසුන, සාගරිකා සහ මංගලා යන චිත්‍රපට නිපදවා තාක්ෂණික දියුණුව සමග සම්මිශ්‍රණය කර ප්‍රධාන ප්‍රේක්ෂක ආකර්ෂණය ඩැහැගත් අතර, රජයේ යම් තහංචි මධ්‍යයේ ලෙස්ටර් ජේම්ස් පීරිස් ඔහුගේ වැදගත් නිර්මාණ මෙම අවධියේදී නිපදවීමෙන් වඩාත් සාර්ථකත්වයට පත් විය.

1972 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාකරුවා විසින් නිපැදවූ

‘නිධානය’ චිත්‍රපටය අවුරුදු 50ක් ඇතුලත නිපදවූ විශිෂ්ඨතම චිත්‍රපටය ලෙස රජයේ මණ්ඩලයක් විසින් විනිශ්චය කරන ලදී. එහි ගාමිණී ‌‌‍ගේ සහ මාලිනී රඟපෑම් කුසලතා පරිපූර්ණ වූ අතර, ලෙස්ටර්ගේ අධ්‍යක්ෂණයද අතිවිශිෂ්ඨ විය.

 

cinama 6


ලෙස්ටර් ‌ජේම්ස් පීරිස්ට එය ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවූවක් වූ අතර, වැනීසියේදී පවත්වන ලද ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී සිල්වර් ලයන් ඔෆ්

සෙන්ට් මාර්ක් සම්මානය (Silver Lion of St. Mark Award) දිනාගැනීමට හැකිවූ අතර, එම වසරේදීම ජනප්‍රියම චිත්‍රපටය බවටද පත්විය.

නිධානය චිත්‍රපටයට ලන්ඩන් චිත්‍රපට උළෙලේදී ඩිප්ලෝමා සහතිකයක් ලද අතර, ඔහු මේ කාලසීමාව තුළ නිෂ්පාදිත සියළුම නිර්මාණ අති සාර්ථකත්වයට පත් විය. ඒ්වා අතර දෑස නිසා, මඩොල් දූව යන චිත්‍රපට සුවිශේෂී විය.


සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කථාවෙහි වැඩ කළ ධර්මසේන පතිරාජ, ඔහුගේම අධ්‍යක්ෂණයක්වූ අහස් ගව්ව සමගින් 1974දී උත්පත්තිය ලැබීය. එයට නාගරික තාරුණ්‍යයේ ජීවය අල්ලා ගැනීමට හැකිවූ අතර, සිරිල් වික්‍රමගේ වැනි රංගනවේදීන්හට වඩා හොඳ කළාත්මක කෘති වලට සම්බන්ධවීමේ හා ඒතුළින් තම හැකියාවන් ඔප් නැංවීමට අවස්ථාව ලැබින.

 

cinama 2


වසන්ත ඔබේසේකරද මේ සමානවූ තේමාවක් යටතේ වල්මත්වූවෝ නිර්මාණය කරන ලද අතර මේ සියලු සිනමා නිර්මාණ අගනා නිර්මාණ ලෙස ප්‍රෙක්ෂක හදවත් වැළද ගත්හ.

විවෘත ආර්ථිකය සමග නැවත වරක් සිනමාවේ පිබිදීමක්ද? නැගිටීමක්ද?

1977 මැතිවරණයත් සමගින් ධනවාදී පක්ෂයක් බලයට පැමිණි අතර සිනමා නිර්මාණ සම්බන්ධව පනවා තුබූ සමහර තහනම් ඉවත් කරන ලදී.

සුමිත්‍රා පීරිස් 1978 දී කරුණාසේන ජයලත්ගේ නව කතාවක් ඇසුරෙන් නිපදවූ ගැහැණු ළමයි චිත්‍රපටය සමගින් ඇගේ සිනමා අධ්‍යක්ෂණයේ සම්ප්‍රාප්තිය සනිටුහන් කළාය. එය ග්‍රාමීය ගැහැණු ළමයකු කෙරෙහි ඇති නැති පරතරය සමග වූ සමාජ බලපෑම් කෙළෙස ඇතිවන්නේද යන්න පෙන්වූ අතර, එය වසරේ හොඳම චිත්‍රපටය බවට පත්විය. වසරේ හොඳම චිත්‍රපටය වූවා පමණක් නොව එය ප්‍රේක්ෂක ජනප්‍රියතාවට මෙන්ම ආදායම් වාර්තා අතරටද පත්වූ අතර, පසුව එය ලන්ඩන් චිත්‍රපට උළෙලට ඉදිරිපත් කෙරීය.


එමෙන්ම කාර්තගේ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී (Carthage International Film Festival) ජූරියේ සම්මාණයටද පත්විය. වසන්ති චතුරානි ඇගේ ප්‍රථම චිත්‍රපටයේම ප්‍රධාන චරිතයෙන් දක්වන රඟපෑම සම්භාවනාවට පාත්‍ර විය.

 

cinama 3


ලෙස්ටර්ගේ මී ලඟ චිත්‍රපටය වූයේ 1980 නිෂ්පාදිත bගඟ අද්දර චිත්‍රපටයයි. මෙය ලාංකීය ප්‍රේක්ෂකයින්ගේ සිත් සතන් බැඳගත්, රට තුල වාර්තාගත සියළු ආදායම් අභිබවා ගිය චිත්‍රපටියක් බවට විය. සිනමා විවේචකයන්ගේද ප්‍රසංශාවට භාජනයවූ මෙම චිත්‍රපටය සඳහා ජාතික සම්මාණයන් කිහිපයක්ම දිනාගැනීමට සමත්වූ අතර, දකුණු ආසියාතික චිත්‍රපට උළෙලේදී ඩිප්ලෝමා සහතිකයක්ද හිමිකර ගත්තේය.


මෙම කාලය තුල ධර්මසේන පතිරාජ සිනමාවේදියා ඉතා ක්‍රියාශීලීව, එයා  දැන් ලොකු ළමයෙක් 1977දීද, බඹරු ඇවිත් 1978දීද, පොන්මනී සහ සොල්දාදු උන්නැහේ 1981දීද අධ්‍යක්ෂණය කරන ලදී.


බඹරු ඇවිත් ඔහුගේ ප්‍රධානම නිර්මාණය වූ අතර, ධීවර සමාජයේ සහ නාගරික තාරුණ්‍යයේ සමාජීය ආතතිය පිළිබඳව විවරණයක යෙදෙන ලදී.

පතිරාජගේ පොන්මනී චිත්‍රපටය දමිල භාශාවෙන් නිෂ්පාදනය වූවකි. දමිල සිනමාව රටතුල වර්ධනය කිරීමේ අදහසින් එම චිත්‍රපටය කරන ලදී.

 

cinama pathiraja

 

කෙසේ වෙතත් දමිල ප්‍රේක්ෂකයින් මෙම චිත්‍රපටය නොසලකා හැරියේ සිංහල අධ්‍යක්ෂවරයා කෙරෙහි විශ්වාසය නොතැබූ නිසා බවයි ඒවක විචාරකයින්ගේ මතය වූයේ.

සොල්දාදු උන්නැහේ, පැරණි සොල්දාදුවකුගේ, ගණිකාවකගේ, මත් පැන් සොඬකුගේ හා සොරෙකුගේ ජීවිතයන්හි ඉරණම කෙරෙහි වෙනත් මානයක සිට ආලෝකයක් පතිත කිරීමට දැරූ උත්සාහයකි.

1979දී වසන්ත ඔබේසේකරයන් ඔහුගේ ඉතාමත් අගය කල චිත්‍රපටය වූ පළඟැටියෝ නිර්මාණය කරන ලදී. එමගින් නාගරික තාරුණ්‍යයේ ගැටළු සහ අපහසුතා ගැන කථා කරන ලදී.

ඔහුගේ ඊලඟ චිත්‍රපටයවූ 1983දී නිශ්පාදිත දඩයමට ද අතිවිශාල ප්‍රතිචාරයක් ලැබිණි.


පළඟැටියෝ හි ප්‍රධාන නළුවා වූ ධර්මසිරි බණ්ඩාරණායකයන් 1980 දී ඔහුගේම සම්ප්‍රධායක් අනුගමනය කළ හංස විලක් චිත්‍රපටයෙන් අධ්‍යක්ෂකවරයකු ලෙස චිත්‍රපට නිපැයුමට පා තබන ලදී.

1978 ලංකාවේ රෝපනය කළ විවෘත ආර්ථිකයේ උණුසුම පළගැටියෝ තුළින් එක් මානයකිනුත් හංස විලක් තුළින් තවත් මානයකිනුත් පිළිබිඹු කෙරිනි.

 

සිරිමලී.