SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පොතක් කියන්නේ ජීවිතය දකින්න පුළුවන් තවත් තැනක්. මිනිස්සු තමන් නොදුටු ජීවිත ගැන අනුන්ගේ ඇස්වලින් දකින වචන ගොන්නක එකතුවක් විදියට පොත් හඳුන්වන්න පුළුවන්. පොත් කියවන සීසන් එක ළඟ ළඟම එන නිසා ඔබේ පොත් ගුලට එකතු කර ගන්න පුළුවන් තවත් පොතක් ගැනයි මේ කියන්න හදන්නේ.

“සන් – ට්සු” කියන්නේ ක්‍රි:පූ: 490 දි “වූ” රාජධානියේ විසූ පුද්ගලයෙක්. ඔහු පිළිබඳව තොරතුරු සොයා ගැනීමට මූලාශ්‍රයන් පවා ඉතාම අඩුයි. නමුත් ක්‍රි:පූ: 100දී පමණ සු -මා-චියෙන් නම් ඉතිහාසඥයා ඔහුගේ චරිතාපදානය රචනා කරනු ලබනවා. සු – මා- චියෙන්ට අනුව වූ නම් පෞද්ගලික නාමයෙන් හඳුන්වන සන්-ට්සූ චී රාජ්‍යයේ වැසියෙක්. පරිච්ඡේද 13කින් සමන්විත ඔහුගේ “යුද කලාව” නම් කෘතිය නිසා ඔහු රජුගේ අවධානයට ලක් වෙනවා. රජු ඉදිරියේ ඔහුගේ සටන් උපක්‍රම පිළිබඳව පරික්ෂණ සනාථ කිරීම්වල ප්‍රතිඵලයක් විදියට ක්‍රි:පූ: 512 දි වූ රාජධානියේ සේනාධිපති තනතුරට පත් වෙනවා. එතැන් සිට මේ කෘතිය අත්පොත කර ගනිමින් මෙහෙයවූ බොහෝ සටන්වලින් ජයග්‍රහණය කිරිමට හැකි වෙනවා. දශක දෙකක් ඇවෑමෙන් සන් -ට්සූ මිය යන අතර වූ රාජ්‍යයේ රජු ” හෝ -ලූ” රජු ද ක්‍රි:පූ: 496දී සටන් බිමේදී මිය යනවා. කෙසේ වෙතත් “සන් -ට්සූ” හා “හෝ -ලූ” රජුගේ මරණයෙන් පසුවත් කෙටි කලක් යනතුරු ඔහුගේ “යුද කලාව” ගුරු කොට ගත්තත් පසුකාලීනව ඔවුන් ඒ උපදෙස් නොතකා හරිනවා. එහි ප්‍රතිඵලයක් විදියට ක්‍රි:පූ: 473දී වූ රාජ වංශයේ හමුදා සටනේදී පරාජයට පත් වන අතරම රාජධානිය ද සම්පූර්ණයෙන් ම විනාශයට පත් වෙනවා.

මීට වසර 2500ට  පෙර රචනා වූ මේ අපූරු කෘතිය නැපෝලියන් සිය සටන් සඳහා ද යොදා ගත් බව සඳහන් වෙනවා. ඒ වගේම සෝවියට් දේශයේ දේශපාලන හා හමුදා නිළධාරීන්ට  මෙම කෘතිය අනිවාර්ය කර තිබුණා. මාඕ සේතුං ගේ සියලුම යුද්ධ උපක්‍රම හා න්‍යායන් සඳහාද මේ කෘතිය උපයෝගී කරගෙන තිබෙනවා.

” ඔබේ සතුරා හඳුනා ගන්න. ඔබ හඳුනා ගන්න. එවිට විනාශයක් නොවී සටන් 100ක් වුවද ඔබට ජය ගත හැකි වේවි”   

වර්ෂ 1702දී ප්‍රංශයේ ජෙසුයිට් නිකායික ඇමියෝ නම් පූජකයා විසින් මේ කෘතිය ප්‍රංශ භාෂාවට පරිවර්තනය කරනු ලබනවා. “යුද කලාව”  ඉංග්‍රීසි බසට පෙරළෙන්නේ 1905දීයි. ඒ පී.එෆ් කල්ට්ත්‍රොප් විසින්.  19010 දී එහි දෙවන පරිවර්තනය ලයනල් ගිල්ස් විසින් සිදු කරනවා. චීන ක්‍රමයට සටහන් තබා ඇති මේ කෘතියේ සිංහල පරිවර්තනය ලයනල් ගිල්ස්ගේ ඉංග්‍රීසි පරිවර්තනය අනුව යමින් මාලිනි ගෝවින්නගේ මහත්මිය විසින් සිදු කර තිබෙනවා.

අද වෙද්දි ව්‍යාපාර ක්ෂේත්‍රයේ තරඟකාරීත්වයට සාර්ථකව මුහුණ දීමට ව්‍යාපාර පරිපාලන හා මෙහෙයුම් ක්ෂේත්‍රවල නියුක්ත වූවන් මේ කෘතිය පරිශීලනය කරනවා.

ඉතින් ජීවිත කලාවට යුද කලාවෙන් උගත හැකි දේ බොහොමයි. අභියෝග ජය ගැනීම, සතුරා ට මුහුණ දීම, අවශ්‍ය වෙලාවේදී බසු බැසීම, ස්ථානෝචිත ප්‍රඥාව වැනි මේ සියලු ආයුධ මේ පොතේ සටහන් වී තිබෙනවා.

 

 ‍‍|භාග්‍යා වීරකෝන්                                                                                                                                                                                                 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.