සම්මානයක් කියන්නේ උගුලක්.
ඒක ගන්න කෙනත් දන්නවා. දෙන කෙනත් දන්නවා. සංවිධානය කරන අයත් දන්නවා. උගුල සාමූහික වැඩක්.
උගුලට විශාල සමාජ බලයක් තියෙනවා. සම්මානයකින් සිවිල් වෙන්න පොර වෙන්න පුළුවන්. සම්මානයකින් බැබළන්න පුළුවන්. සම්මාන ලැබුණා ම ඒ කලා නිෂ්පාදනය තවත් විකුණන්න පුළුවන්. අදාළ සම්මානලාභියාට හොඳට විකිණෙන්න. සම්මානයක් නිසා තමන්ගේ මිල වැඩි කරන්න පුළුවන්. සම්මාන නිසා තව අලුත් වැඩ එන්න පුළුවන්.
සම්මාන කියන්නේ මොරාල් එකක් ඩ්රයිව් එකක් හදන වැඩක්. ඒ නිසා මේ උගුල හරි වැදගත්. සම්මානය ප්රොපයිල් පින්තූරෙට දාන්න පුළුවන්. උත්සවේකදි සම්මාන ලේඛනය ම කියවලා වේදිකාවට නඟින්න පුළුවන්. ගෙදර එන අයට පේන්න සම්මාන රාක්කයක් හදන්න පුළුවන්. බඩගින්නේ හිටියත් සම්මාන දිහා බලාගෙන සතුටු වෙන්න පුළුවන්. සම්මාන පෙන්නලා ගඩු බහන්නත් පුළුවන්.
මේ සම්මාන උගුල පට්ට මාර්කටිං පොසිටිව් වැඩක්. ඉවෙන්ට් එකක්. මං මේ පෝස්ට් එක දාන්නේ ඒ උගුලට මං අහු නොවන කේන්තියෙන්. දුකෙන්. මම මේ උගුලට අහුවෙන්න ආසයි. ඇයි ඒ කියලා උඩ ලියලා තියෙනවා.
වී කරල් දාල පොත් විකුණන්න, වී කරල් දාල ෆිල්ම් මාර්කට් කරන්න, උඹල තැප්රොබේන් ආවා ම පෙන්නන්න, පත්තරෙන් ටීවී එකෙන් සම්මුඛ සාකච්ඡා වැඩිවෙන්න, මටත් උගුලට අහුවෙන්න සිරාවටම ආසයි.
නවකතා 20 ක් විතර ලීවා...
සින්දු 150 විතර ලීවා....
අවුරුදු 30 ක් ටියුශන් කරා...
මෙච්චර යූටියුබ් ප්රොගැම් කළා..
මටත් උගුලක් අටෝපල්ලකෝ. උගුලක් තියා උගුලේ මඟුල් උත්සවේට මට ඉන්වයිට් කරන්නේ වත් නෑ. සුමති බුකී කොලේක හරි, රයිගම් දෙවෙනි බතක හරි ඔතලා ඕකක් දීපල්ලා. ලක්ස් නැත්නම් සවරින් බාර්වලින් හරි නාන්නම්. කැලින් නැත්නම් හාර්පික් හරි ගාන්නම්.
මට නම් විනිශ්චය ගැන ජූරිය ගැන කිසි විවේචනයක් නෑ. මීට පස්සේ උඹලා ඔක්කොම හරි හොඳ මිනිස්සු කියලා යූටියුබ් එකේ කියන්නම්. කුහක නැති කපටි නැති ලස්සන ම මිනිස්සු ඉන්නේ සාහිත්යය කලා සිනමා ගුරු වෘත්තියේ බව කියන්නම්. බණ්ඩක්කා පතෝල වගේ වෙන්නම්.
මටත් සම්මාන උගුලට අහුවෙන්න ආසයි.
ඒකට මාව අහු නොවෙන නිසයි මේ අඳෝනාවා.
@Upul Sannasgala fb PAGE