SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

(අරවින්ද හෙට්ටිආරච්චි විසින් රචිත Lankan-SouthAsian හෙවත් ”ලක්දේසේ දකුණු-ආසියානුවා” නම් පොතෙන් උපුටා කොටස් වශයෙන් පලකරනු ලබන

ප‍්‍රාග්ධන ගෝලීයකරණයට සමාන්තර ලක්වැසි දකුණු-ආසියානුවාගේ නිදහස් අරගලය උදෙසා නව-නූතන ප‍්‍රකාශනය)

 

Pic 01 Gautham Buddha

මේ වන විට ගෞතම බුදුන්ට අනුරූ වන්නේ යැයි සලකන පිළිම රුවක්)

 

ඉන්දියාවේ උතුරු-නැගෙනහිර ඉමෙහි වත්මන් බිහාර් ප‍්‍රාන්ත රාජ්‍යයෙහි පවතින කුඩා හුදෙකලා කඳුගැට සහිත මිනිස් සැලසුමකට හසු නොවූ තරම් වන රාජඝ‍්‍රිහා නැමති (වර්තමානයේ රාජ්ගීර් ලෙසින් හඳුන්වන) සිද්ධාර්ථයන්ගේ පිත් රජුගේ අග-නගරය පිහිටි ඉම්-පෙදෙසට ආසන්නව පැවති නිස්කලංක ගල් ලෙනක් තෝරාගත් බුදුන්ට පටිසෝතගාමී වූ නිර්භවීය වහන්සේලා විසින් හර්යන්ක රාජ වංශයට අයත් ලෞකික රාජ්‍ය පාලක අජාතශාස්තෘ හෙවත් අජාසත්ත රජුගේ පොදු-පහසුකම් අනුග‍්‍රය ද ලබමින් නමුත් ඔහුගේ මතවාදී මැදිහත්වීමකට හසු නොවී බුදු-දහමට සිදු වූ ලෞකික උපකල්පන, ප‍්‍රති-අර්තකථන, නවාර්තදැක්වීම් සහ වරදවා නිර්වචනය කිරීම් කෙරෙන් බුදු දහම සුද්ද කොට නොකිලිටි කරගැනීමේ යහපත් අරමුණ පෙරදැරිව ක‍්‍රිස්තු පූර්ව 483නේ එක්තරා දවසක බුදුන්ට අනුරූ වූ නිර්භවීය මහකස්සපයන් වහන්සේගේ සභා-මූලිකත්වය අනුදකිමින් පළමු ධර්ම-සංගායනාව අභ්‍යාස කළෝහ.

 

Pic 02

7වන සහ 8වන සියවස කාලයේ දි කැටයම් කළා යැයි සැලකිය හැකි, චීනයේ මොගාවෝ ගල් ලෙනෙහි තිබී හමුවූ ගෞතම බුදුන්ගේ අගසව් වී යැයි සැලකෙන මහාකාශ්‍යප රහත් තැණැන්වහන්සේට අනුරූ කරන්නට ගත් මූර්-තියක හිස 

 

ඉන්දියාවේ මේ පළමු ධර්ම-සංගායනාව සිදුවන විට ලක්දේශය පසුකරමින් සිටියේ පූර්ව-අනුරාධපුර-යුගය (Pre-Anuradhapura Era) හෙවත් අනුරාධපුරය අගනගරයක් වීමට පෙර යුගය යි. අනුරාධපුරය අගනගරය වීමට පෙර යුගය දැනහැඳින ගැනීමේ දී අපව යම් විශ්ලේෂනාත්මක උගුලකට හසුවීමට විෂයමය ඉඩ අවකාශයක් පවතී. එයනම්, අපට අනුරාධපුර යුගයට පෙර යුගය වැඩි වශයෙන් හෙළිදරව් කරගන්නට සිදුව ඇත්තේ, අනුරාධපුර යුගයට පසු බිහි වූ පුරාවෘත හෝ වංශකතා ලේඛන ඇසුරින් වීම යි. ඒ ලේඛන බොහොමයක භාෂා-සංකේත-වියමන් විසින් ලක්දේශයේ පූර්ව අනුරාධපුර යුගය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත්තේ, පසු-අනුරාධපර යුගයේ මතවාද සහ දේශපානාර්ථිකයන්ට පක්ශපාතීව යි. එනම්, අනුරාධපුර යුගයට පසුව බිහිවූ කතිකාවන් තුළ පිහිටා කළ අර්ථකථන අනුව යි. එහිදී, අදවන විට ඒවායින් සමහරක් නිරායාසයෙන් ම ප‍්‍රබන්ධාර්ථකතන බවට ද පත්වී ස්වභාවික කයිකතන්දර ලෙස ද පවතින අයුරු නිරික්සිය හැකි ය. 

 ඒ නිසා එබඳු ප‍්‍රබන්ධාර්තකථන වල ඇති සත්‍ය-අසත්‍යභාවය කිරා මැන බැලීමට අප සතුව පවතින්නේ, පුරා-විද්‍යාත්මක සාධක සහ මානව-වංශ-විද්‍යාත්මක සාධක ය. එහිදී පූර්ව-අනුරාධපුර යුගය පිළිබඳ පුරාවෘත් හෝ වංශකතා හෝ ජනප‍්‍රවාද විසින් කියාපාන තොරතුරු සමඟ නූතන මානව-වංශ-විද්‍යාත්මක සහ පුරා-විද්‍යාත්මක තොරතුරු එකිනෙකට පරස්පර වන අවස්ථා බොහොමයක් අපට හමුවෙයි.

උදාහරණයක් ලෙස, පූර්ව-අනුරාධපුර යුගයේ දී ගෞතම බුදුන් ලක්දේශයට පැමිණි බව පුරාවෘත්ත සහ වංශ කතා වලින් කියා පෑව ද, පුර්ව-අනුරාධපුර යුගයේ දී එවැන්නක් සිදුවූ බවට පුරා-විද්‍යාත්මක සාධක ලෙසින් ගැණිය හැකි සමහරක් තොරතුරු පවා පසුකාලීනව ගොණු කර පැවතිය ද, ඒ පිළිබඳ සාධාරණ මානව-වංශ-විද්‍යාත්මක සාධක සොයා ගැනීමට නොමැත. 

ඒ නිසා, බුදුන් ලක්දේශයට වැඩම කළාය යන මෙම ප‍්‍රවාදය, අනුරාධපුර යුගයෙන් පසු කතිකාවක් විසින් ගොඩනංවන ලද්දක් බව තේරුම් ගත යුතු අතර, එම කතිකාවේ යථා භෞතික සත්‍යාසත්‍යතාවය තවමත් විවාදිතව පවතින්නක් බව ද කිව යුතුය. නමුත් ඒ කතිකාවන් නිසා සියවස් ගණන් පැවත ආ කයිකතන්දර අපගේ ජීවිත තුළ තවමත් ඉවත් නොවී පවතී. පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේශණය වෙමින් ද පවතී. ඒ නිසා මෙකී කතිකා විවාදිත බව හඳුනාගැනීමට පෙළඹුක් ඇතිකර ගැනීමට පවා සමාජමය බාධක තිබීම මේ රට තුළ පවතින සාමාන්‍ය සමාජ යථාවකි. නමුත් මේ පිළිබඳ වන කතිකා හෝ වෙනත්  ඕනෑ ම කතිකාවක් ලද සැනින් විශ්වාස කරනවාට වඩා, ඒවා සොදිසි-පරීක්ෂාවට බඳුන් කළ යතුව පවතී. මන්ද, ගෞතම බුදුන් ම වදාළ ප‍්‍රඥාවන්තයින්ට අදාළ බුද්ධිමය ස්ථාවරයක් වන ”ඒහිපස්සික” හෙවත් ”ඇසු පමණින් නොවී, තමන් ම නිරීක්ෂා කර බලා දැක විවරණය කරගැනීම” කියන විද්‍යාත්මක ප‍්‍රවේශයට අනුව ද එය නිවැරදි වන නිසා ය.       

 ඒ අනුව, ලක්දේශයේ පූර්ව-අනුරාධපුර යුගයට අදාළ වුවත් නැතත්, යටකී කතිකාවට අදාළ කයිකතන්දර අනුරාධපුර යුගය සහ පසු-අනුරාධපුර යුග විසින් බුදු දහම උත්කර්ශයට නැංවීමේ අරමුණින් “පූර්ව-අනුරාධපුර යුගය තුළ ද රටේ බුදු දහම පැවති” බව හඟවන්නට කළ ප‍්‍රබන්ධයන් වීමට විශාල ඉඩකඩක් පවතී. සුනිල් ආරියරත්න ලියා ඇති “දෙමල බෞද්ධයා” නැමති තොරතුරු ග‍්‍රන්ථයේ ද මීට සමාන්තරව බුදුන් ලක්දේශයට වැඩි බවට විද්‍යාත්මක සාධක නොමැති බව හඟවන අදහසක් දක්වයි. 

තවද, ඉන්දියාවෙන් පැමිණි විජයගේ සුළුතර ඉන්දීය ප‍්‍රජාවන්ට සාපේක්ෂව හෝ බුදු-දහම ලක්දේශයට ගෙන ආ මිහිඳු තෙරුණ්ගේ අති-සුළුතර ඉන්දීය ප‍්‍රජාවට සාපේක්ෂව හෝ පූර්ව-අනුරාධපුර යුගයේ ජීවත් වූ ලක්දේශීය යක්ක, නාග ජන ප‍්‍රජා ඇතුළු අනෙක් ජන ප‍්‍රජාවන් අශිෂ්ට සහ අශුද්ධ ප‍්‍රජා ලෙස පැවතියේ යැයි පැවසීම ද, අනුරාධපුර යුගයෙන් පසු කතිකා යන්ත‍්‍රයන් විසින් බිහිකරන ප‍්‍රබන්ධ ප‍්‍රවාද මිසක ඒවා පූර්ව-අනුරාධපුර යුගයේ පැවති කතිකා යන්ත‍්‍රයක් විසින් උපුටාගත් අදහස් ලෙස සැලකීමට සාක්ෂි නොපවතී. මන්ද දැනට පවතින පුරාවෘත්ත ග‍්‍රන්ථ සියල්ල ම වාගේ පසු-අනුරාධපුර යුගය නියෝජනය කරන ග‍්‍රන්ථ වන අතර, ඒවායින් පූර්ව-අනුරාධපුර යුගවල විද්වතුන් හෝ පොදු ජනයාගේ ස්වීය කටහඬ නියෝජනය වන්නේ යැයි සැලකීම පසු-අනුරාධපුර යුගයට පාර්ශවවාදී ය.

 

Pic 03

පුත්තලම දිස්ත්‍රික්කයේ විල්පත්තුව නම් වියලි කලාපික වනාන්තරයේ පිහිටි කුවේනියගේ මාලිගාව පැවතියා යැයි සලකන ස්තානයේ ඇති ගල්කණු පැරණි ශිෂ්ටාචාරයක ලකුණු පෙන්නුම් කරයි.

 

එය හරියට විජය ලක් වෙරළට ගොඩ බසින මොහොතේ කුවේනි ඇතුළු ඇයගේ යක්ක සනුහරය විජය රජුට වඩා අශිෂ්ටව පැවති සනුහරයක් ලෙස ගම්‍ය කරනවා තරම් ම ඒය අසාධාරණ ය. දැනට සපයාගතහැකි  අසීරු දූෂමාන තොරතුරු සලකා බැලූවත්, සොරෙකු නිසා පිටුවහල් කරන ලද විජය කුමරු ලක් වෙරළට ගොඩබසින මොහොතේ කුවේණිය හිඳ ඇත්තේ නූල් කටිමිනි. එනයින් ඒ නවිටත් ලක්දේශය තුළ සළුපිළි නිෂ්පාදන ක‍්‍රම-පද්ධතියක් තිබී ඇති බව අනුමාන කළ හැකිය. සළුපිළි නිෂ්පාදනය යනු ජන ප‍්‍රජාවක ශිෂ්ටත්වය මැන බැලිය හැකි මහා මාපකයිකි.        

අනුභූතිකව ගත්ත ද, ක‍්‍රිස්තු පූර්ව 543දී ඉන්දියාවට සොරෙකු වූ විජය ලක්දේශයට පැමිණෙන විට යක්ක ජන ප‍්‍රජාව නියෝජනය කරමින් තම්බපන්නී වෙරළ ඉමේ සිටි කුවේනිය අත රෙදි-වියන-යන්ත‍්‍රයක් තිබුණාය යන තොරතුර අප තේරුම් ගත යුත්තේ කෙසේ ද? අනික් අතින් ලක්දේශයට ආවේනික රෙදි විවීම් කළ තලගුණේ නැමති ප‍්‍රජාවන් හා කුවේණි අතර සබඳතාවක් නොමැත්තේ ය කීමට ද අප ඉක්මන් විය යුත්තේ ඇයි? පූර්ව-ඓතිහාසික යුගයේ දී ඉන්දියාව තුළ රෙදි විවීම් සිදුව ඇති සේ ම, ලක්දේශය තුළ ද ලක්දේශයට ආවේනික රෙදි-විවීම් සහ ඊට අදාළ අත්කම් යන්ත‍්‍ර පැවතී ඇති බව අනුමානික ය. 

 

මෙහිදී, විජය පැමිණි නිසා ලක්වැසියෝ ශිෂ්ට වූවාය යන ප‍්‍රවාදයේ කොටසක් අනුරාධපුර යුගය පාර්ශවීය ලේඛන වල තොරතුරුවලින් ම බිඳ වැටේ. විජය පැමිණීමට පෙර පවා ලක්වැසියන්ට විලි වසාගෙන ජීවත් වන ශිෂ්ටාචාරයක් පැවති බව ඉතා පැහැදිලි ය. අනෙක් අතින් මිහිඳු තෙරුන් විසින් දේවානම් පියතිස්ස නම් ලක්රජුගෙන් අසන පැනයන්ට ඔහු දුන් බුද්ධිමත් පිළිතුරු අනුව සැලකුවත්, පූර්ව-අනුරාධපුර යුගයේ පවා ඉන්දියාවෙන් ස්වාධීන වූ බුද්ධි සම්ප‍්‍රදායක් ලක්දේශය තුළ පැවතී ඇති බව හඳුනාගත හැකි ය.

 

 

Pic 04

විජය රජු ගොඩබසින විට කුව්ණිය නූල් කටිමින් සිටියා යැයි සලකන කුදිරමලේ වෙරළ ඉම් පෙදෙස. මෙම පෙදෙසෙ ආශ්‍රිතව ක්‍රිස්තු පූර්ව 1වන සියවසේ සිට මිනිස් ජනාවාස පැවති ඇති බව පුරාවිද්‍යා කැණීම්වලින් තහවුරු වී ඇතැයි සැලකේ.

 

තවත් මානයකින්, හුදු අනුගාමිකයිනක් 700ක් රැගෙන ආ පමණින් ලක්දේශයේ බහුතර ජනයා හදිසියේ විජය සහ පිරිස වැනි ආර්-යානු යජ්නයන් බවට පරිවර්තනය වු බව පිළිගැනීම ද විද්‍යානුකූලව නිවැරදි නොවේ. විජය සහ පිරිස සහ එකල ලක්දේශයේ පූර්වජ ලක්වැසියන් අතර යම්කිසි සුළු ජානමය මිශ‍්‍රවීමක් සිදුවන්නට ඇති බව නම් පිළිගත හැකි ය. විජය සහ කුවේණිට දාව උපන් දරුවන් පිළිබඳ කතාව ඊට කේන්ද්‍රීය-සංකේතයක් ය. 

නමුත් එයින් යක්ක හෝ නාග ප‍්‍රජාවන්ගේ ජාන මුළුමනින් හැඳි ගෑවී ගොස් ලක්දේශයේ සමස්ත ජාන-තඨාකය (Gene Pool) හිදිසි ආර්-යන් යජ්නයින්ගේ ජාන-තඨාකයක් බවට විපරිවර්තනය වුණාය යන්න ඉන්දීය බලපෑමක් මත ගොඩනංවන ලද කතිකාවක් ලක්දේශයේ පුරාවෘත්ත තුළට ඇතුළු වීමක් ලෙසින් අනුමාන කිරීම සාධාරණ ය.

 

Pic 05

අමතර පිළිම මූර්-ති සටහන - (කුවේනි සිටියා යැයි සැලකෙන ක්‍රිස්තු පූර්-ව 500 ආසන්න කාලයෙන් වසර 200ට පමණ පසුව උදාවන ක්‍රිස්තු පූර්-ව 300ත් ක්‍රිස්තු වර්-ෂ 300ත් අතර වසර 600ක කාලය අතර පැවැති දකුණු ඉන්දියාවේ සංගම් යුගයේ දි් ලක්දේශයේ පුත්තලම කුදිරමලේ පෙදෙස තම අග-නගරය කරගෙන ලක්දේශයේ බටහිර සහ උතුරු වෙරළ පෙදෙස්හි රජකම් කරමින් ජීවත් වූවා යැයි සැලකෙන පාණ්ඩ්‍ය රජෙකුගේ දුවණියක වන අල්ලි රාණි හෙවත් අල්ලි අරසි ලෙසින් හැඳින්වෙන රැජිනගේ යැයි සැලකෙන තැනැත්තියකට අයත් ඉන්දියාවේ මධුරාපුරයෙන් හමුවන පිළිරුවක්.

 

ගුරුකුලයකින් සටන් කලාව උගත් මැය මීනාක්ෂි සහ කන්නකි හෙවත් පත්තිනි යන දේවතාවියන්ගේ නැවත ඉපදීමක් ලෙස සැලකෙන අතර, මදුරාපුරයේ රැජින වන්නට පෙරාතුව ලක්දේශයේ සුත්‍රීන්ගේ ම හමුදාවක් සහිතව පිරිමින් ස්ත්‍රීන්ගේ යටත්වැසියන් වශයෙන් පාලනය කළ මාතෘමූලික පාලිකාවක් බව සඳහන්. මැය හදුනාගැනීමෙන් කුවේණිය ද මාතෘමූලික රැජිනක්ව සිටින්නට ඇතැයි උපකල්නය කරන්නට තාර්-කික ඔත්තුවක් ලැබේ. නමුත් මේ යා කිරීම සාධනය කිරීමට අදාළ පුරාවිදයාත්මක සාධක හෝ මානව-වංශ-විද්‍යාත්මක සාධක රචකයාට හමු නොවිණි.)     

 

 

මන්ද, ලක්දේශයේ ස්වභාවධාර්මික විවිධත්වය සහ සස‍්‍රීකත්වය අනුව සලකා බලන කළ ලක්දේශය තුළ යක්ක සහ නාග ජන ප‍්‍රජා සහ අනෙකුත් අවශේෂ ජන ප‍්‍රජා වල සාමාජිකයින්ගේ මුළු එකතුව 700කට වඩා කිහිප ගුණයකින් වැඩි විය යුතුවා මිසක ඊට අඩු නොවන බව නූතන විද්‍යානුකූල විෂය ශික්ෂණ ප‍්‍රවේශයන් හරහා බැලූ කල පවා නිගමනික ය. එනයින් ලක්දේශිකයින් බහුතරය විජය රජු අයත් ආර්-යන් යජ්න ජන ප‍්‍රජාවන්ගෙන් පැවත එනවා යන්න භාෂාමය නාමකරණ මත පදනම් වූ ප‍්‍රභන්ධයක් මිසක ජාන සංයුතිය පදනම් කරගත් ප‍්‍රවාදයක් නොවන බව පැහැදිලිය. බොම්බායට ආසන්නව පවතින වංග දේශයේ ආර්ය ජනයාගේ දේහ ලක්ෂණ සලකා බලන කළ ද, ලක්දේශයේ ජන ප‍්‍රජාවන්ගෙන් සුළුතරයක් අතර අතරින් පතර එවන් දේහ ලක්ෂණ පැවතිනවා මිසක, ලක්දේශයේ බහුතර ජනයා ආර්-යන්වරු නොවන බව ප‍්‍රතයක්ෂ සත්‍යයකි.       

ඒ නිසා බහුතර යක්ක, නාග සහ අනෙකුත් ප‍්‍රජා ඉක්මවා සහ යටත්පත් කොට විජය ඇතුළු ආර්-යන් යජ්නයින් පිරිසකගේ ජාන සංයුතිය වත්මන් ලක්දේශයේ පවා බහුතර ජාන සංයුතියක් වූවාය යන නිගමනය ප‍්‍රත්‍යක්ෂ සාක්ෂි වලින් තොර ප්‍රබන්ධයක් බව සැලකිය හැකි ය. (නමුත් එයද අපගේ ජීවිත තුළ නිදන්ගත සැබෑ යැයි පිළිගන්නා තොරතුරක් ලෙස තවම පවතී.) 

එනයින් එය, යම්කිසි කලාපීය බලදේශපාලන උවමනාවක් අනුව ගොඩනගන ලද ප‍්‍රබන්ධයක් පමණක් බව සාධාරණව උපකල්පනය කළ හැකිය. අදටත් ආර්-ය යන නාමකරණයන් යටතේ වෙසෙන සහ ඊට කැමති බොහොමයක් ලක් ජනයා යනු ආර්-යමය ජානමය පදනමක් නොමැති යක්ක, නාග සහ අනෙකුත් ලක්-කොදෙව් ජාන පදනම්වලින් බිහිකර දෙන දේහ ලක්ෂණ සහිතව ජීවත් වන්නන් බව පැහැදිලි ය. 

විජය අනුගාමික සුළුතර හත්සිය දෙනා නිසා ලක්දේශ ප‍්‍රජාවන් සියල්ල මුළුමනින් ආර්-යකරණයට ලක්වූවා යන්න සත්‍යයක් නම්, ඊට වඩා ආසන්න අත්දැකීමක් වන වසර 500කට වැඩි කලන් ලක්දේශය යටත් කරගෙන සිටි සුදු හම ඇති යුරෝවන්ට ලක්දේශයයේ පොදුජන තලෙළු හෝ කළු හම මුළුමනින් වඳකර නැතිකර එය සුදුකර දමන්නට පවා පුළුවන්කම තිබිය යුතු නොවන්නේ ද කියා පැනයක් අසන්නට පුළුවන් විය යුතු ය. 

නමුත් එංගලන්තක, ලන්දේසි හෝ පෘතුගීසීන්ගේ ශුක‍්‍ර සෛල වලට ලක්දේශයේ ජාන-තඨාකය සුළුතර පමණකින්වත් ආක‍්‍රමණය කර ගැනීමට තව ම හැකිවී නැත. ඒ නිසා සුදු අධිරාජ්‍යවාදීන්ට ලක්දේශයේ ස්ත‍්‍රී සැපයීමේ පිම්පි ක‍්‍රියාව හෙවත් ”හාමු” කිරීමේ ක‍්‍රියාව කිරීම නිසා ප‍්‍රාදේශික වලව් හිමිකරගන්නට හැකි වූ හාමුලාට ලක්දේශයේ බහුතර ජාන සංයුතිය වෙනස් කිරීමට හැකි වී නොමැති බව පෙනේ. ඒ අනුව චෞර විජයට ද එසේ කරන්නට හැකි වුණා යැයි පිළිගැනීම විද්‍යා විෂය විරෝධී සහ යථා-විරෝධී ප‍්‍රබන්ධ අරුතක් නිසා හටගත්, අප විසින් බැහැර කළ යුතු සිතුමක් (Signified) බව රචකයාගේ කල්පනාව යි. 

ඒ නිසා ලක්දේශිකයින් ආර්-යන් යජ්නයාලාගෙන් පැවත එන බව සනිටුහන් කරන ”ආරිය-සිංහල” යන්න ජාන ඉංජිනේරු විද්‍යාවන්ට පටහැනි ප‍්‍රලාප ශබ්ද සංකේතයකි. ලක්වැසියෝ මුළුමනින් විජය රජුගේ ආර්-ය ජාන සංයුතියෙන් පැවති එන්නන් යැයි පැවසීම ද ප‍්‍රලාපයකි. අනෙක් අතින්, ”ආර්-ය” යන ශබ්ධ-සංකේතයට අදාළ නිරුක්තිය උරුමය ඇති ශබ්ද-සංකේතය වන්නේ ”ඉරාන්” යන්න යි. ”ඉරාන්” යන්නට අපට ඇති ජානමය සම්බන්ධයක් නොමැත. මුල් ම සම්භවීය ආර්-යානුවන් වන ඉරාන ජාතිකයෙකුගේ පෙනුම ඇති අය ලක්දේශයේ නොමැතිය කීවත් නිවැරදියි. ඉදින්, ”ඉරාන්” නියෝජනය කරන ඉරාන වැසියන්ගේ කහ පැහැයට හුරු සුදු-සම පැහැය සහිත පෙනුමක් ඇති උදවිය ලක්දේශය තුළ වන්නේ නම්, ඒ අති සුළුතරයක් පමණි. එයින් ම, ලක්වැසියන් වන අප, ආර්-ය යජ්නයාවරුන්ගේ ප‍්‍රජා සංයුතියක් නොවන බව ප‍්‍රත්‍යක්ෂ සාධකයකි. 

මහා වංශයේ එන ”සිංහබාහු” නැමති පුරාවෘත ප‍්‍රබන්ධ කතාව පිළිගන්නා තෙක්, ලක්සමාජය තුළ නාග සහ යක්ක ජානයන් පිළිබඳ ප‍්‍රත්‍යක්ෂ සත්‍යය මතුකර ගැනීම අසීරු කටයුත්තකි. මන්ද ”සිංහබාහු” කතාව පූර්ව-අනුරාධපුර යුගයේ ගෙතූ කතාවක් නොවන අතර, එය අනුරාධපුර යුගයෙන් පසුව බිහිවූ පූරාවෘත ග‍්‍රන්ථ සහ වංශකතා ග‍්‍රන්ථ විසින් පසු-අනුරාධපුර යුගයට සාපෙක්ෂව සහ එහි දේශපාලනාර්ථික අරමුණුවලට පක්ෂව ගෙතූ අන්-යුගික-ප‍්‍රබන්ධයකි (Fiction of else Era). ඒ නිසා එම කතාවේ පසුබිම, අදාළ පූර්ව-අනුරාධපුර යුගයේ සබෑ ද සාධක සමඟින් කිසිදු සම්බන්ධයක් නොදක්වන බව නිගමනය කළ හැකි ය. අනෙක් අතින් මෙම ප‍්‍රබන්ධ කතාවට අදාළ ”සිංහපුර” යන ශබ්ධ-සංකේතයෙන් නාමකරණය කළ පෙදෙසක් ඉන්දියාවේ පැවති බවට ඓතිහාසික පුරාවිද්‍යාත්මක හෝ මානව-වංශ-විද්‍යාතක්මක සාක්ෂි නොමැති බව ද පැහැදිළිය. එහිදී, මෙම ප‍්‍රබන්ධ රචකයින් ඊට අනුරූප වෙනත් ඉන්දීය දේශයක විකල්ප ඉම් පෙදෙස් නාමයන් ලෙස ඉදිරිපතකරනවා දැකිය හැකි ය. 

මෙම මහාවංශ ප‍්‍රබන්ධය සාධාරණීකරණය කිරීමට හදන උදවිය, මේ ”සිංහර-පුරය” විටෙක වර්තමානයේ ඔදීෂා නමින් හඳුන්වන කාලිංඝ දේශයේ ඉම් පෙදෙසක් විය හැකි බවත්, තවත් විටෙක අන්ද්‍රා ප‍්‍රදේශයේ උතුරු ඉම්පෙදෙස විය හැකි බවත්, තවත් විටෙක බටහිර බෙන්ගාලයේ සින්ගූර් පෙදෙස විය හැකි බවත් පවසන අතර, සෙනරත් පරණවිතාන මෙය කාලිංඝ රෙජීමයකට අයත් ගුජරාටයේ සිහෝර් නම් පෙදෙසේ විය හැකි බවත්, මැන්දිස් රෝහණදීර එය සිං-බූරි පෙදෙස වියහැකි බවත් යනාදී ලෙස පවසමින් අසන්නාව (The Listener) අතරමං කරවයි. 

අනෙක් අතින් මේ ”සිංහපුර” කතාව දරාගත් සමාන්තර පුරාවෘත, හෝ වංශකතා හෝ ජනප‍්‍රවාද හෝ නියෝජනය කරන භාෂා-සංකේත වියමන් කිසිවක් ඉන්දීය ඉම් පෙදෙස්හි හෝ සමත් දකුණු ආසියානු හෝ නැගෙනහිර ආසියානු ඉම් පෙදෙස් කිසිවක හෝ පවතින බවට කිසිදු ඉන්දීය හෝ වෙනත් වංශකතාවක තොරතුරක් ලෙසින්වත් සොයා ගැනීමට නැත. එයින් ම මෙය මහාවංශයේ ගත්කරුගේ හෝ ගත්කරුවන්ගේ ප්‍රබන්ධයක් වන බව නිගමනය කිරීම අපහසු නැත ය.

 

Pic 06

කිසිදු පුරාවිද්‍යාත්මක හෝ මානව-වංශවිදයාත්මක හෝ සාධකයක් හෝ නැති මහාවංයේ අකුරු  ටිකක් සහ මිනස් කටවල් වලින් පිටවන වචන ටිකක් සහ සරච්චන්ද්‍රගේ නාටකයක් ලෙස පමණක් පවතින සිංහබාහු.

 

තවද, ජාන ඉංජිනේරු ශිල්පයට අනුව, සිංහයෙකුගේ ශුක‍්‍ර වලින් මනුස්ස ස්ත‍්‍රියක් තුළ ජීවියෙක් පිළිසිඳ ගැනීම නොවිය හැක්කක් බව පිළිගැනීම මත ම මේ කතාව ජෛව-භෞත-රසායනිකව ම නිෂ්ප‍්‍රභා වී යයි. ඒ කතාව පමණක් ප්‍රබන්ධයක් ලෙස සලකා ඊට අනුයුක්ත සැබෑ මනසුස්ස චරිත හිටියේ ද යන්න ගැන කිසිදු සමාන්තර ග්‍රන්ථයකින් හෝ අවම තරමින් මූර්-තියක් වැනි පුරාවිද්‍යාත්මක සාධකයකින් හෝ මෙය ඔප්පු කරගැනිම මඟක් නැත. එක්කෝ, මෙය විජය නැමති මුහුදු මංකොල්ලකරුවෙකු කුවේණි රවටන්නට ගොතා කී කතාවක් ප්‍රචලිත වීමේ ප්‍රතිඵලයක් ය. නැතිනම්, මෙය, අනුරාධපුර යුගයෙන් පසුව ලක්දේශය තුළ ”සිංහල” යනුවෙන් කිරීටයක් නිමවා ගැනීමට ගෙතූ ප‍්‍රබන්ධ කතාවක් ලෙස ද සැලකිය හැකි ය.

භෞතික සත්‍යය නම්, මේ සිංහල කිරීටයේ චින්තනමය හරය කිසිදු ආර්-යන් පදනමක නොපිහිටා, සිංහල, ද්‍රාවිඩ, මුස්ලිම්, මැලේ, මෞර්ය, පාණ්ඩ්‍ය යන ආර්-යන් සහ නිර්-ආර්-යන් සියලූ නියෝජනයන්ට විවෘත්ත වූ යක්කයින්ගේ සහ නාගයින්ගේ ජාන සංයුතිය ඇති බහුජන පදනම කරගත් කිරීටයක් වූ බව ය. මොවුන්ගේ මේ වාර්-ගික විවෘතභාවය නියෝජනය කරන්නේ මත්‍යා ප්‍රබන්ධයක් හෝ ගොත්‍රික ඇදහිල්ලක් නොව වාදයකි. ඒය ථේරවාදය ය. 

එක ම වෙනස නම්, කුමන යම් හෝ බල-දේශපාලනයක අවැසිතාවයකට මහාවංශ ග‍්‍රන්ථය පාදක කරගත් කතිකා යන්ත‍්‍රය ක‍්‍රියාත්මක වී සිංහබාහු නැමති ප‍්‍රබන්ධ කතාව ස්ථාපිත කර, ඒ මත පිහිටා ”යක්ක” සහ ”නාග” යන ශබ්ධ-සංකේත යටපත් කොට අඥාත කර දමා ඔවුන් සුළුතරය යැයි හුවා දක්වා, කැලෑබද සුළු ජන පිරිස ඔවුන් යැයි පවසා, ඉන්දීය ආර්-යකම හා සමඟින් පෑහෙන්නට උත්සහ කර තිබීම යි. නමුත් පුරාවෘත්තයක වචන හරහා හෝ සිතිවිලි හරහා කළු හෝ තළෙලු පැහැ පිරිමියෙකුට කහ-සුදු පැහැ සමක් සහිත ආර්-යයෙක් වන්නට බැරි ය.

මහාවංශයට ලක්දේශයට ආවේනික සම්භවීය ශබ්ද සංකේත 02ක් වූ ”යක්ක” සහ ”නාග” යන්න අවශේෂ කිරීම හෝ අඥාත කිරීම පිටුපස එකල දකුණු ඉන්දීය බල දේශපාලනය හා ලක් කිරීටයේ පසු-අනුරාධපුර බල දේශපාලනය අතර සමාන්තර අභ්‍යාස හේතු වන්නට ඇතැයි අනුමාන කළ හැකි ය. තවද, යක්ක සහ නාග ප‍්‍රජාවන් අතර ඇදහිලි සහ පිළිවෙත් අතර යම් වෙනස්කම් පැවතුනා වුව ද, මොවුන් එකම භෞමිකත්වයක් භුක්ති විඳිමින් සිටි උදවිය නිසා ජාන-සංයුතියෙන් මේ දෙපාර්ශවය අසමාන වන්නට හේතුවක් නොපැවතී ඇති බවට ද තාර්-කිකව නිගමනය කළ හැකි ය.    

                          

නමුත් විජය ලක්දේශයට පැමිණීමට පෙර සිදු වූ පළමුවන බොදු ධර්ම-සංගායානාව ඉෂ්ට වූ ක‍්‍රිස්තු පූර්ව 483නේ දී ලක්දේශයේ (එකල ලංකාපුරය යන නම තිබුණා යැයි සැලකිය හැකි) බුදු දහම පවතින්නට හේතුවක් වී නම්, එය යම් නිර්භවීය වහන්සේ කෙනෙකු හෙවත් රහතන්-වහන්සේ නමක් අහම්බයකින් ඉන්දියාවේ උතුරු-නැගෙනහිර හිමාලයේ දකුණු දිග බෑවුමේ පිහිටි නේපාලයේ සිට සැතපුම් 1434කට වැඩි ප‍්‍රමාණයක් පසුකර ලක්දේශය වෙත සපැමිණීම නිසා සිදුවිය යුත්තක් බව තේරුම්ගත යුතු ය. ක‍්‍රිස්තු පූර්ව 483 වසර සමයෙහි දී ඉන්දියාව සහ ලක්දේශය අතර සාගරයේ ගැඹුර අදට වඩා නොගැඹුරුව තිබුණා යැයි උපකල්නය කළ හැකි වුව ද, සැතපුම් 1400කට වැඩිදුරක් චාරිකා කිරීම සඳහා තිිබුණ වූ අවම ප‍්‍රවාහන පහසුකම අස්ස කරත්ත සහ ගොන් කරත්ත හෝ පයින් ම ඇවිද ඒම පමණය ය. මෙයිනුත් බහුලව සිදු කෙරුණේ පයින් ගමන් කිරීම ය. ඒ නිසා සුවිශේෂී මහා දූත මෙහෙවරික හේතුවක් නොතිබෙන්නට, සුවිශේෂි රාජ්‍ය අනුග්‍රහයක් ද නොතිබෙන්නට නිර්භවීය තැණැන්වහන්සේ නමක් ස්වේච්ඡාවෙන් ලක්දේශය බැහැදැකීමට පැමිණීම නොසිදුවිය හැකි තරම් යැයි සැලකිය හැකි ය. බුදුන් ලක් දේශයට අහසින් වැඩියාය කියන ප‍්‍රාතිහාර ප‍්‍රබන්ධය පිළිබඳව ද යථා-ඇහැකින් බලන්නට මේ සැතපුම් 1400 නැමති භෞතික ප‍්‍රවාහන පහසුකම් සාධකය ම ආධාර කරගත හැකි ය.

 

සියවස් කිහිපයකට පෙර තිබූ ප‍්‍රවාහන මන්දගාමීත්වය පවා කෙතරම් වී ද යත්, උත්තර ඉන්දීය ඉම් පෙදෙසේ සිට ලක්දේශයට යමක් හෝ යමෙක් පැමිණෙන්නට පෙර එය පළමුව දකුණු ඉන්දියාවට පැමිණිය යුතු ම වූ බව අවබෝධිත ය. දකුණු ඉන්දියාවට බුදු දහම චලනය වුණේ ක‍්‍රි. පූර්-ව 250 දී මගධයේ තුන්වැනි මෞර්ය වංශික අධිරාජයා වු අසෝක රජ සමයේ දී ම යි.

දෙවන ශත වර්ෂයේ දී ලියැවුණු දකුණු ඉන්දීය පුරාවෘත වූ සිලප්පත්තිකාරම් සහ මනිමේඛලායි යන ග‍්‍රන්ථ වලට අනුව, අසෝක අධිරාජයා මිහිඳු රහතන්වහන්සේ ලක්දේශයට එවූ ගමනේ අතර මග තාවකාලිකව නැවතී සිටි දකුණු ඉන්දියාවේ චෝල බල ප‍්‍රදේශයට අයත් කවීරපට්ටිමාන් පෙදෙසේ තාවකාලිකව නැවතී සිටි බවත්, එසමයෙහි, එපෙදෙසෙහි බොදු විහාර කිහිපයක් කරවූ බවත් සඳහන්. 

 

Pic 07

තමිල්නාඩුවේ නාගපට්ටිනම් පෙදෙසේ පවතින බොදු පංසලක්.

 

එලෙස ම එකල ලක් රජු වූ දේවානම්පියතිස්සගේ ඥාති මාමා කෙනෙකු වූ අරිට්ටාහ හරහා දකුණු ඉන්දියාවේ මදුරාපුරයේ පෙදෙසක් පාදක කරගෙන බුදු-දහම පතළ කළ බවත්, ඔහු එම පෙදෙසේ ගල්ගුහාවක විසූ බවත් සඳහන්. අදවන විට මධුරාපුරය තුළ අරිට්ඨපට්ටි යනුවෙන් බොදු සම්භවයක් සහිත ගම්මානයක් පවතින අතර, එහි ඇති බොදු ලක්ෂණ කෙමෙන් වියපත් වී යමින් පවතින බව ද දැකිය හැකි ය.

මෙයින් පසු කලෙක, චෝලයේ රජ කළ කිල්ලිවලාවන් නැමති ද්‍රාවිඩ රජු විසින් මණිමේඛලා යන බෞද්ධ භික්ෂුණියකගේ ඉල්ලීමකට අනුව සිරගෙයක් බොදුණු පාලි සහ පූණ්‍ය ආයතනයක් බවට පත් කර ඇති අතර, බොදු භික්ෂූණ් විසින් අන් ආගම්වලට සාපේක්ෂව බුදු-දහමේ ඇති උස්වූ ස්වභාව තාර්-කිකව විදහාපෑම නිසා කවේරිපට්ටිනම් පෙදෙසේ පැවති ශිව දේවාලයක් ද බොදු සිද්ධස්ථානයක් බවට පත්කර ඇති බව සඳහන්. 

මෙලෙස  දකුණ ඉන්දියාවේ බොදු දහම අභ්‍යාස කරන සංඝාවාස, පුන්‍යාතන, පාසල් සහ සිද්ධස්ථාන බිහි වූ ඉතිහාසයක් පවතින නමුත්, දැනට පවතින සාක්ෂි අනුව පැහැදිලි වන්නේ, මේ සියල්ල ලක්දේශයට බුදුදහම ගෙන එන අතරතුර එම චාරිකාවේ ම අතුරුඵලයන් ලෙස සිද්ධ වූ බවයි.

ඒ අනුව දකුණු-ඉන්දියාවට බුදු දහම පැමිණියේ ද ලක්දේශයට බුදු-දහම පැමිණි අශෝක අධිරාජයාගේ මැදිහිත් වීම සිදුවූ ක‍්‍රිස්තු පූර්ව 250දී වන නිසා 03 වන ධර්ම සංගායනාව පසුවන තුරු ම ලක්දේශයේ කිසිවෙකු බුදුන් කියා තැණැන්වහන්සේ කෙනෙක් සිටියා ද කියාවත් දැනහිඳින සිටි බවට කිසිදු ඉතිහාස-විද්‍යාත්මක සාක්ෂි සාධක නොමැත. ඒ නිසා විජය රජු පැමිණි සමයේ හෝ, ඊට පෙර හෝ, විශේෂයෙන් පළමුවන ධර්ම සංඝායානාව සිදුවන සමයේ ලක්දේශය තුළ ගෞතම බුදුන් ආභාෂිත බොදු අභ්‍යාස පැවතී තිබුණා ද නොතිබුණා ද යන්න අතිශය විවාදිත ය.

හින්දු-දහම, යුදා-දහම. බුදු-දහම, කිතු-දහම සහ ඉස්ලාම් දහම යන විශාල පරිමාණයේ ආගම් බිහිවීමට පාදක වූ ධර්මයන් සියල්ල ක‍්‍රිස්තු පූර්-ව 1200 සිට ක‍්‍රිස්තු වර්ෂ 700 අතර පවතින වසර 1900ක කාලාන්තරයක් තුළ බිහි වූ ඒවා ය. ඒ නිසා ම ක‍්‍රිස්තු පූර්-ව 1200ට පෙර මේ කිසිදු දහමක් ලොව නොපැවතිණි. ඒ නිසා ඒවා පාදක කරගත් ආගම් ද නොපැවතිණි. ඒ නිසා නිසා ක‍්‍රිස්තු පුර්ව 1200ට පෙර ලක්දේශයේ ද එකී ආගම් කිසිවක් නොතිබූ බව නිරායාසීව ම ප‍්‍රත්‍යක්ෂ වෙයි. පුරාවෘත කතා, වංශ කතා හෝ ජනප‍්‍රවාද වල එසේ තිබුනාය යනුවෙන් පවසනවා නම්, ඒවා හුදු උපකල්පිත ප‍්‍රබන්ධයන් මිසක, සබෑ ඓතිහාසික යථාවන් නොවන බව තේරුම්ගත යුතු ය. 

මේ අනුව, හින්දු සහ ජුදා ආගම ක‍්‍රිස්තු පූර්ව 2000 දී ද, බුදු-දහම, කොන්ෆියුසියස් දහම සහ තා ඕ-දහම ක‍්‍රිස්තු පූර්ව 500දී ද, කිතු දහම ක‍්‍රිස්තු වර්ෂ 100 දී ද, ඉස්ලාම් දහම ක‍්‍රිස්තු වර්ෂ 622 දී ද බිහි වී ඇති බව දැනට ලොව පුරා නිර්-දේශිත දැනුම ය. මේ බොහොමයක් ධර්ම සංස්ථාපිත ආගම් ලෙස ස්ථාපිත වන්නේ අවම තරමින් සියවසක් පමණ කාලයකට පසුව ය. සියවසක් තරම් වන වසර ප‍්‍රමාණයකට පෙර පැවතියේ හුදෙක් ඒ ශාස්තෘවරුන්ගේ අප‍්‍රසිද්ධ දෛනික ජීවන භාවිත සහ ප‍්‍රකාශ අනුගමනය කරන කුඩා අවයාජ කන්ඩායම් විදිහට පමණ යි. ඒ නිසා ඒ ඒ ධර්මයන් ආගම් ලෙසින් ස්ථාපිත වීමේදී ද එහි මුල් ශාස්තෲවරයාගේ දහමේ හරයෙහි යම් හෝ ප‍්‍රතිසැකැස්මක් හෝ වෙනස්කම් සිදුවන්නට ඇති ඉඩහසරක් ඇති බව ඓතිහාසික සත්‍යයකි. එලෙස ම, එයින්, ඒ දහමික හරයන් මුළුමනින් වෙනස් වූවා යැයි ප‍්‍රකාශ කිරීම ද සත්‍යය නොවේ. 

නමුත් ලොව බහුතර ජනයාට මේ දහම් මාදිලීන් විශාල වශයෙන් බලපාන ලැබුවේ පසුකාලීනව ස්ථාපිත වූ ඒවායේ ආගමික ආකෘතීන් හරහා ය. ඒ නිසා, අද දවසේ එම දහම් ගණනය කරන්නට සිදුව ඇත්තේ මෙවන් ආගමික පදනමක පිහිටා ය.

 

pic 08

එක ම වූ දෙවියන්වහන්සේ අදහන යුදා දහම අඩංගු ටෝරා ධර්ම-ග්‍රන්ථයෙහි පුරාතන අකෘතිය        

 

 

හින්දු ආගම සහ යුදා ආගම  ක‍්‍රිස්තු පූර්ව 2000දී බිහිවූ ලොව ආදිත ම ආගම් දෙක ලෙස සැලකිය හැකි ය. සිද්ධාර්ථ ගෞතමයන් හින්දු පවුලක උපත ලදැයි ප‍්‍රකාශ වීමෙන් ම බුදු දහමට වඩා හින්දු දහම ඉපැරණි ආගමක් ලෙස පිළිගැනීමට සිදුවෙයි. නමුත් හින්දු ආගමට අදාළ වේද ග‍්‍රන්ථ වසර 5000කට වඩා ඉපැරණිය යන මතකයක් ද පවතී. කෙසේ නමුත් හින්දු ආගම තුළට බ‍්‍රහ්ම-විෂ්ණු-ශිව යන ත‍්‍රිමූර්-තිය ඇතුළු වූයේ බුදු-දහම බිහිවීමෙන් ද බොහෝ කලකට පසුව බව හෙළිදරව් වී ඇත. ඒ නිසා ක‍්‍රිස්තු පූර්-ව යුග නියෝජනය කරන බුදු දහම බිහිවී බොහෝ කලකට පසුව, අවම තරමින් කාලිදාසයන්ගේ ”කුමාරසම්භව” (”යුධ දෙවියන්ගේ උපත”) නැමති කාව්‍යය ලියැවී ප‍්‍රචලිත වුණු ක‍්‍රිස්තු වර්ෂ 4වන සහ 5 වන සියවසේ පමණ මෙම බ‍්‍රහ්ම-විෂ්ණු-ශිව නැමති ත‍්‍රිමූර්-තිය හින්දු ඇදහිල්ල තුළ වැඳ-පිදීම ඇඹෙන්නට ඇතැයි අනුමාන කළ හැකි ය. 

 

Golden Brahma

හින්දු දහම තුළට පැමිණි බ්‍රහ්ම-විෂ්ණු-ශිව නැමති ත්‍රිමූර්තික දෙවියන්

 

 

එලෙස ම, ක‍්‍රිස්තු වර්ෂ 04 වන සහ 12වන සියවස අතරතුර කාලයේ දී වේද සම්ප‍්‍රදාය පසුකර සහ ‌වේද දහම් ඉක්මවා යන ආගම් බිහිවීමත් සමඟ හින්දු ආගම ද ඒ හා පෑහෙන්නට යෑමෙන් යම් කෘතිම ස්වභාවයක් ගත් බව ද සඳහන්.

කෙසේ නමුත්, පළමුවන බොදු ධර්මසංඝායනාව සිදු වූ ක‍්‍රිස්තු පූර්ව සමයේ බ‍්‍රහ්ම-විශ්ණු-ශීව නැමති දේව-ත‍්‍රීමූර්-තිය සහිත සහ වේදික බලපෑමට හසු නොවූ හින්දු දහමක් ඉන්දියාවේ පවැතී තිබී නැති බව නිගමනය කළ හැකි ය. ඒ අතර, එය ම දකුණු ඉන්දියාව හරහා ලක්දේශයේ උතුරු සහ නැගෙනහිර පෙදෙස්වල විසූ නාග ප‍්‍රජාවන් අතර ප‍්‍රචලිතව පවතින්නට ද ඇති බවට උපකල්පනය කළ හැකි විෂය අවකාශමය ඉඩක් පවතී. කෙසේ නමුත් ඒ යුගයේ ලක්දේශයේ කුමන සමාජ පිළිවෙතක් පැවතුණේ ද යන්න තවමත් ගවේශණාත්මක-විශ්ලේෂණයකට විවෘත්ව පවතින විෂය-බද්ධ ඉම් පෙදෙසකි.    

ගෞතම බුදුන් පිරිනිවී සියවස පසුකර යන ක‍්‍රිස්තු පූර්ව 383 ගෙවෙන සමයේ දවසක අද බිහාර් ප‍්‍රාන්තය ලෙස හඳුන්වන වෛශාලි නම් පෙදෙසේ වාලූකාරමය නම් බොදු ආරාමයක දී, වෛශාලි භික්ෂූන් අනුගමනය කළ ලිහිල් විනයත්, අනෙක් භික්ෂූන් අනුගමනය කල තිරසර විනයත් අතර විනය-පිටකමය මතභේදය නිසා ඇති වූ විවාදිත තත්වය හරහා මතු වූ සංඝ-භේදය පාදක කරගෙන දෙවන බොදු ධර්මසංඝායනාව (The great Second Buddhist Council) සිදුකළ බව සඳහන්. 

 

pic 10

බොදු ධර්ම සංඝායනාවක්

 

සභාකාමී නම් තෙරුණ්වහන්සේ කෙනෙකුගේ නායකත්වය යටතේ පැවැත් වූ මෙම දෙවන සංගායනාව, සිසුනාග රාජ වංශයට අයත් කාලාසෝක රජුගේ ලෞකික අනුග‍්‍රහය ද ලබමින් සිදුකරන්නට හේතු වූ බව සඳහන්. මේ සංඝායනාව අවසන වෛශාලී භික්ෂූන්ගේ ස්ථාවරය බැහැර කෙරී, මහාසාංඝික ධර්ම-භාෂා-වියමන් Doctrinal Language Texts of Maha Sangha) බුදුන්ගේ සම්භවීය දහමට අදාළ ධර්ම-විනය-වියමන් නොවන බව තෙරුණ්වහන්සේලා විසින් ප‍්‍රකාශයට පත්කළහ.

කෙසේ නමුත් මේ දෙවන බොදු ධර්ම-සංඝායනාවෙන් පසුව බොදු සංඝය ප‍්‍රධාන කුලක 02ට බෙදුණි. එක් පාර්ශ්වයක් දෙවන ධර්ම සංඝායනාවේ අවසන් විනිෂ්චය ප‍්‍රකාශයට පත් කළ තෙරුන්ලාගේ ථේරවාදී සංඝය වූ අතර, අනෙක සංඝායානාවෙන් බැහැර කරනු ලැබූවන් මහායාන සංඝය විය. මෙයින් ථේරවාදී සංඝයා ගෞතම බුදුන්ගේ සම්භවීය අධ්‍යාත්මය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පෙනී සිටි කුලකය ලෙසින් සැලකිණි. දෙවැන්න වූ මහායාන සංඝයා බුදුන්ගේ ඉගැන්වීම් පිළිබඳ වඩා නිදහස්කාමී කුලකය ලෙස ප‍්‍රචලිත විය. නමුත් ථේරවාදයට අනුව මෙය නිදහස්කාමී කුලකයට වඩා අයාලකාමී කුලකයක් වූ බව පැහැදිලි කෙරිණි. 

කෙසේ නමුත් අද වන විට මේ ථේරවාදී සහ මහායාන නිකාය කුලයන් මහා සම්ප‍්‍රදායන් දෙකක් බවට පත් වී පුළුල් දේශාන්තරයන් පවා නියෝජනය කරමින් පවතී. ඒ නිසා සියුම් කරුණු, සාධක සහ තොරතුරු සහිතව මෙයින් කුමක් නිවරදි ද යන්න හෝ, දෙකින් කොයික භාරගත යුතු ද හෝ, මේ දෙකේ ම සාධනීය අංග විතරක් සහිත නව-සම්ප‍්‍රදායක් ගොඩනගා ගත යුතු ද යන්න  බොදු ජනයා විසින් අනාගතය තුළ සියළු පිළිපන් විද්‍යාවන් අනුසාරිතව සමාජ-විද්‍යාත්මකව තීන්දු කරගත යුත්තකි. මන්දයත්, මේ වන විට මේ සංඝ සම්ප‍්‍රදායන් 02ටම අයත් සංඝයන් තුළ අරහත් තත්වයට පත් නිර්භවීයවහන්සේලා වැඩවසනවාද නැතිද යන්න අතිශය විවාදිත ය.

කෙසේ නමුත්, මේ දෙවෙන සංඝායනාව සිදුවන සමයේ දී ද, පළමුවන ධර්මසංඝායනාව සිදුවන සමයේ දී සේ ම ලක්දේශය තුළ ගෞතම බුදුන් ආභාෂිත බොදු අභ්‍යාස හෝ සංස්ථා පැවතියා ද යන්න අතිශය විවාදිත බව බව නිගමනික ය. ඒනිසා බුදු-දහම ආශ‍්‍රිතව වූ මේ බෙදීම පූර්ව-අනුරාධපුර යුගයේ බහුතර ලක්වැසි ජනයා නොදැන සිටි බවත්, එයනයින්, මේ බෙදීම, එකල ලක්දේශය තුළ විසූ ලක්වැසි ජනයාගේ එවක කුමනව හෝ ආගමීකත්වයන්ට කිසිදු බලපෑමක් සිදුනොකළ බවත් අනුමාන කළ හැකි ය.

 

(තව කොටසක් ලබන සතියේ)

@අරවින්ද හෙට්ටිආරච්චි