SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාව ඇතුළු රටවල අපනයන සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද තීරු බද්ද අද (01 වැනිදා) සිට ක්‍රියාත්මකය.

 

 

වෙළෙඳ හිඟය මග හරවා ගැනීමට මෙලෙස අපනයන සඳහා අන්‍යෝන්‍ය තීරු බදු පනවන බව ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේය.

 

ඇමරිකා එක්සත් ජනපදය විසින් මෙරට අපනයන සඳහා ඉකුත් අප්‍රේල් මාසයේදී සියයට 44 ක තීරු බද්දක් පැනවූ අතර, පසුව එය දින 90 ක් දක්වා කල් දැමීමට තීරණය කරන ලදී.

 

එරට විසින් මෙරට අපනයන සඳහා මීට පෙර අයකරනු ලැබුවේ සියයට 10 ත් 12 ත් අතර තීරු බදු ප්‍රතිශතයකි.

 

ඇමරිකා එක්සත් ජනපදය තීරු බදු ඉහළ දැමීමෙන් පසුව ශ්‍රී ලංකාව එරට වෙළෙඳ නියෝජිත කාර්යාලය සමග නියෝජිත කණ්ඩායමක් ගොස් සාකච්ඡා කළේය. එමෙන්ම, ජනාධිපති අනුර කුමාර දිසානායක ද තීරු බදු අඩුකර ගැනීම සඳහා සාකච්ඡා කළේය.

 

කෙසේ නමුත්, මෙරට අපනයන සඳහා සියයට 30 ක තීරු බදු ප්‍රතිශතයක් නියම කර තිබේ. ඒ අනුව, එය අද සිට ක්‍රියාත්මකය.

 

එක්සත් ජනපදය විසින් ඉන්දියාවට සියයට 25 ක අන්‍යෝන්‍ය තීරු බද්දක් පනවා ඇති අතර, ශ්‍රී ලංකාවට පනවා තිබෙන සියයට 30 ක තීරු බද්ද මෙරට ඇඟලුම් සඳහා ඇති ඉල්ලුමට බලපෑමක් ඇති කරනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් කියා සිටිති.

 

නවතම ලිපි