SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රෝහල් ආරංචි මාර්ගවලට අනුව නම් කියවෙන්නේ  ශ්‍රී ජයවර්ධනපුර රෝහල මේ වන විට විශාල

මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බවය. ඒ ගැන පහුගිය දවස්වල කෝප් කමිටුව හරහා ද එළිදරව් වුනේය.

 

 

මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ, පරිපාලන අරමුදලට විශාල දායකත්වයක් දැක්වූ හිස ආශ්‍රිත ශෛල්‍යකර්ම සිදුකරන 18 වන වාට්ටුව වසා දැමීම ලුය. අන්තිමේ බැලුවහම රෝහල් පරිපාලනය වැඩිම මුදලක් උපයා ගෙන තිබී ඇත්තේ ඒකෙන් ලුය.

 

අධ්‍යක්ෂ ඉල්ලා අස්වීමට හේතුව කුමක්ද?

වත්මන් ආණ්ඩුව විසින් පත් කරන ලද ජ'පුර රෝහල් අධ්‍යක්ෂවරයාට මෙම අභියෝගයට මුහුණ දීමට නොහැකි වීම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෙත ලිපියක් මගින් සිය ධූරයෙන් ඉල්ලා අස් උනාලු ය.

ඒ බව කියන්නෙත් රෝහලේ කනිං කොනෙන් ඇහෙන කතා අස්සේ ය.

 

අර්බුදයට තුඩුදුන් ප්‍රධාන හේතු

රෝහල් ආරංචි මාර්ග නම් පවසන්නේ මෙම අර්බුදයට ප්‍රධාන හේතුව,ජපුර රෝහලේ විශේෂම අංශයක් වූ ස්නායු වෛද්‍ය ඒකකයේ ස්නායු විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ 18 වන වාට්ටුවත් ප්‍රමිතියෙන් අඩු ඉන්දියානු හා චීන වෛද්‍ය උපකරණ භාවිතයට අකමැත්ත පළ කරමින් රෝහලෙන් ඉල්ලා අස් වූනා යැයි අනුමාන කෙරෙන විකලාංග ශල්‍ය විශේෂඥ වෛද්‍ය කෞෂල්‍යා කරුණාරත්නගේ 11 වන වාට්ටුව ජුනි මාසයේ සිට ක්‍රියාත්මක නොවීම ලුය. රට්ටුන්ගේ කතා එහෙම උනත් ජයවර්ධනපුර රෝහලට ආදායමක් එන්නේ එතනින් විතරක්ද කියලත් සමහරු කවුන්ටර් ඇටෑක් කරනවා ය.

 

මූල්‍ය අලාභය කෙතරම්ද?

ඒ මොක උනත් රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු නම් කියන්නේ, තාවකාලිකව අත්හිටුවන ලද 18 වන වාට්ටුවෙන් 2025 ජනවාරි සිට 2025 ජුනි දක්වා රුපියල් මිලියන 80 ක පමණ ආදායමක් ලබා  ඇති බවත්, එයින් රුපියල් මිලියන 43.2 ක පමණ ශුද්ධ ලාභයක් රෝහලට ලැබුණු බවත්ය.

 

එමෙන්ම, ප්‍රමිතියෙන් අඩු වෛද්‍ය උපකරණ භාවිතයට විරෝධය පළ කරමින් ඉල්ලා අස් වූ විශේෂඥ වෛද්‍යවරියගේ  වාට්ටුව හරහා පසුගිය මාස 6 තුළ රෝහලට රුපියල් මිලියන 40 ක පමණ ආදායමක් ලබාගෙන ඇති බවත් , එයින් රුපියල් මිලියන 18.5 ක පමණ ශුද්ධ ලාභයක් ලැබී තිබෙන බවත් ය.

 

කතාව ඒකනම් මේ වාට්ටු තවදුරටත් වහගෙන තිබීම රෝහලට, රටේ ආර්ථිකයට වගේම මේවායෙන් සේවා ගත් රෝගීන්ටද කරන්නේ බරපතල වරදක් ය.

 

අල්ලස් කොමිසම විසින් වෛද්‍ය මහේෂි අත්අඩංගුවට ගැනීමෙන් පසු තත්ත්වය

මේ අතර පහුගිය ජුනි 17 වන දින වෛද්‍ය මහේෂි අත්අඩංගුවට ගැනීමෙන් පසුව, හිඟවී ඇති ඖෂධ සහ වෛද්‍ය උපකරණ පිටස්තර පුද්ගලයන්ගෙන් ලබා ගෙන ශල්‍යකර්ම සිදු කිරීමට ඇති බිය හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් තම ආරක්ෂාව වෙනුවෙන් විවිධ හේතු පවසමින් ඉල්ලා අස්වී යාමට හා අදාළ රාජකාරිවලින් බැහැර වෙමින් තිබෙනවාය කියලත් වාර්තා වෙනවාය. ඒක නම් රජය මැදිහත් වී කඩිනමින් විසඳාගත යුතු ගැටලුවක්ය.

 

ඒ හින්ඳා උද්ගත වෙලා තියෙන මේ  තත්ත්වය ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඉදිරියේදී දැඩි අභියෝගයක් වනු ඇති බව රෝහල් ආරංචිමාර්ග පවසනවා ය.

 

අපි අහන්නේ මේ දොස්තරවරු හැර වෙනත් මහේෂීලා, කෞශල්‍යලා නැද්ද කියාය. 

 

#Pure Gossip

 

නවතම ලිපි