SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විතණ්ඩවාදීන් වනාහි ක්‍රි.පූ. පස්වන සියවසේ ග්‍රීසියේ සිටි දාර්ශනික කණ්ඩායමකි.

නම් වලින් හඳුනා ගතහොත් ප්‍රොටගෝරස්, ජෝර්ජියාස් හා ත්‍රැසිමැකස් වැනි අය ය. ඔවුහු ග්‍රීක පුරවැසියන් ඇද බැඳගන්නා ආකාරයට කතා කළහ; අලංකාරෝත්ති ඉදිරිපත් කළහ. ව්‍යාජාලංකාර සහ අතිශෝක්ත්‍යාලංකාර ඉදිරිපත් කළහ.

 

 

අනෙකා තමන්ට නම්මවා ගැනීම ඔවුන්ගේ ප්‍රධාන උත්සාහය විය. ඔවුහු සමස්ත පුරවැසියන්ට අධ්‍යාපනයක් දෙනවා වෙනුවට එක් එක් පුද්ගලයන්ට තමන්ගේ සේවය ලබා දීමට ඉදිරිපත් වුහ. ඔවුහු යම් පරමත්වයක්, සත්‍යයක් තහවුරු කරනවා වෙනුවට සාපේක්‍ෂක මත (relativism) ඉදිරිපත් කළහ. පුද්ගලයන්ව තමන්ගේ වාසියට හරවාගැනීම (manipulation) ඔවුන්ගේ නිරන්තර උත්සාහය විය. ඔවුහු ආත්මීයවාදයන් (subjectivism) දේශනා කළහ. වාස්තවිකත්වයට විරුද්ධ වූහ. සොක්‍රටීස් මොවුන්ට විරුද්ධ වූයේ ඔවුන් සත්‍යයගරුක නොවීමත්, සද්ගුණය සෙවීම ඔවුන්ගේ උත්සාහය නොවීමත් නිසා ය.

 

ප්ලේටෝ තමන්ගේ සංවාද තුළ සොක්‍රටීස් විතණ්ඩවාදීන්ගේ තර්ක අභියෝගයට ලක් කිරීම සම්බන්ධයෙන් ගෞරවාන්විතව කතා කර ඇත. ප්ලේටෝ විතණ්ඩවාදීන් දැඩි ලෙස විවේචනය කළේ ඔවුන් මුදල් සහ සමාජයේ කැපී පෙනෙන්නට උත්සාහ ගත් පිරිසක් වීම නිසා ය. ප්ලේටෝ කියා සිටියේ මොවුන් ඇත්ත වශයෙන් ම දාර්ශනිකයන් පිරිසක් නොවන බව ය. ඔවුන් වැරදි අධ්‍යාපනයක් විකුණමින් සිටින්නන් ය. ඔවුන්ට අවශ්‍ය වූයේ පොහොසතුන්ගේ අවධානය දිනා ගැනීම ය. ප්ලේටෝ කියා සිටියේ විතණ්ඩවාදීන් වනාහි තරුණයන් සහ මුදල් දඩයම් කරන්නන් බව ය. ව්‍යාජ ඥාණයක් දෙන වෙළෙන්දන් බව ය. වචන වලින් ක්‍රිඩා කරන්නන් බව ය.

 

මොවුන් කළේ ප්ලේටෝගේ ඇකඩමිය සමඟ ගැටළු ඇති කරගැනීම ය. ප්ලේටෝට අනුව විතණ්ඩවාදීන් කියා දුන්නේ හරි දැක්මක් නො වේ. ඔවුන්ට අවශ්‍ය වූයේ දැනුම ගොඩනැගීමටත් දැනුම අනෙකා සමඟ හුවමාරු කර ගැනීමටවත් නො වේ. ඔවුන්ට අවශ්‍ය වූයේ සල්ලිකාරයන් ඇසුරු කරමින්, බොරු තර්ක නගමින් කීයක් හෝ සොයා ගැනීම ය. ඔවුන්ගේ ඉගැන්වීම පදනම් වූයේ දේවල් පිළිබඳ හිතට දැනෙන සතුවිලි (opinions of things) ඉදිරිපත් කිරීම ය.

 

ප්ලේටෝට අනුව ඔවුන්ගේ විධික්‍රමය දාර්ශනික එකක් නො වේ. ප්ලේටෝට අනුව විතණ්ඩවාදීන්ට අවශ්‍ය වූයේ ඔවුන්ගේ සිසුන්ට දැනුම ලබාදීම වෙනුවට මහජන මතය විශ්වාස කිරීම ය. ප්ලේටෝ දුටු ආකාරයට විතණ්ඩවාදීන්ට කිසිදු සදාචාරාත්මක වගකීමක් තිබුණේ නැත. ඔවුන් කළේ හැමවිට ම සදාචාරාත්මක දෙයට පහර ගැසීම ය. ඔවුන් ඉගැන්වූයේ පොදු විශ්වාසයන් (doxa) නැත්නම් ජනප්‍රිය සිතුවිලි ය. ඔවුන් කළේ අනෙකා තමන්ට නම්මවා ගැනීම ය (persuasion). එහි දී ඔවුන් සාධාරණීයත්වය ගණන් ගත්තේ නැත.

 

 

ප්ලේටෝගේ කාලයේ ඩයෝජීනස් යනුවෙන් දාර්ශනිකයෙක් සිටියේ ය. ඔහු නරුමවාදී චින්තකයකු (Diogenes the Cynic) විය. ඔහු සම්ප්‍රදාය ප්‍රශ්න කළ අනෙකාව ප්‍රකෝප කරවන සුළු පුද්ගලයෙකු විය. ඔහු සමාජයක පිළිගන්නා මූලධර්මයන් ප්‍රශ්න කළේ ය. ඔහු ජීවත් වූයේ බල්ලන් සමඟ බැරල් එකක් ඇතුලේ ය. ඔහු හෙලුවෙන් පාරවල්වල ඇවිද්දේ ය. පුරවැසියන්ගේ ඇඟට මුත්‍රා කළේ ය. ප්‍රසිද්ධියේ ස්වයං මෛතුනයේ යෙදුණේ ය. ප්ලේටෝ වැනි ප්‍රසිද්ධ දාර්ශනිකයන්ට පරිභව කළේ ය. ප්ලේටෝගේ ඇකඩමිය අපිරිසිදු කළේ ය.

 

 

මේ කාලයේ ග්‍රීසියේ චින්තන සම්ප්‍රදායන් දෙකක් පැවතිණි. ඇපලෝනියානු (Apollonian) සහ ඩයනීසියානු (Dionysian) වශයෙනි. මේ දැක්මවල් දෙක ජනප්‍රිය කළේ ෆෙඩ්රික් නීට්ෂේ ය. මේ ප්‍රවේශයන් දෙක තුළ නියෝජනය වූයේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දැක්මවල් දෙකකි. කලාව, සාහිත්‍යය සහ දර්ශනය නම් ක්‍ෂේත්‍රවල මේ ප්‍රතිවිරුද්ධ ධාරාවන් දැකගත හැකි විය. ඇපලෝනියානු සම්ප්‍රදාය ග්‍රීක දෙවි ඇපලෝ සමඟ සම්බන්ධ ය. එයින් නියෝජනය කළේ තර්ක බුද්ධිය, පිළිවෙළ, පැහැදිලි බව, සුසංවාදය, සංයමය, ආකෘතික බව, ව්‍යුහාත්මක බව, පාලනමය බව ය. ඩයනිසියානු සම්ප්‍රදාය ඇසුරු කළේ ඩයනිසස් නම් දෙවියා ය. මේ දෙවියන්ට බැකස් (Bacchus) යැයි ද කීවේ ය. මේ සම්ප්‍රදාය ගණුදෙනු කළේ ප්‍රමෝදය, වියවුල, හැඟීමල ප්‍රාථමික ආශාවන්, අතාර්තික බව සහකඩා බිඳදැමීම සමඟ ය.

 

 

සමකාලීන ලංකාව තුළ දාර්ශනික විතණ්ඩවාදීන්, ඩයෝජීනස්ලා සහ ඩයනීසියානු චින්තකයන් බිහි වී ඇත. ඔවුන්ට පරම අදහසක් නැත. පිළිවෙළක් නැත. තම තමන්ට සාපේක්‍ෂ දේ සත්‍ය වශයෙන් ගනිති. සතර අතේ අනෙකාට පහර දෙති. තමන්ගෙන් එළියේ වාස්තවික ලෝකයක් තිබෙනවා යැයි නොගනිති. තම තමන්ගේ ආත්මයත්, පුද්ගලභාවයත් උත්කර්ෂයට නංවති. ඔවුහු මුදලට දර්ශනය විකුණති. අතිශෝක්තියෙන් තමන්වත්, තමන්ගේ කැමැත්තත් වග වර්ණනා කරති. තමන්ගේ වාසියට දාර්ශනික මතවාද පාවිච්චි කරති. අනෙකාගේ ආකර්ශනය දිනා ගැනීමට ඕනෑම බොරුවක් කියති. වචන සමඟ ක්‍රිඩාකරති. ඇකඩමියාව සමඟ ගැටුම් ඇති කර ගනිති. ප්‍රසිද්ධියේ දාර්ශනික හස්ත සේවනයේ යෙදෙති. ඔවුන් හැසිරෙන්නේ නරුමාවාදීලෙස ය. කරන්නේ බලු වැඩ ය. ඔවුන්ට අවශ්‍ය වන්නේ අතාර්කිකත්වය හා අරාජික බව ය. නිරවුල වෙනුවට වියවුල ය. ඔවුන්ට කිසිදු සදාචාරාත්මක වගකීමක් නැත.

 

 

2022 අප්‍රේල් 5 වන දින kinihiraya.org වෙබ් අඩවියේ මා විසින් ඵල කළ ව්‍යාජ හෙගලියානුවාදීන් සහ විපරීත දර්ශනවාදීන් නම් ලිපිය අනාගතයේ දී සිදුවිය හැකි ප්‍රවණතාවක් ගැන සිහි තබා ගනිමින් ලියන ලද එකකි. නම් වලින් සඳහන් නොකළත් අනාගතයේ දී බිහිවියහැකි දාර්ශනික විපරීතයන්, දාර්ශනික චණ්ඩීන් ගැන සිතෙහි තබාගෙන ලියන ලද්දකි.

 

එම ලිපියේ දී මා ප්‍රධාන වශයෙන් ප්‍රශ්න කළේ දීප්ති කුමාර ගුණරත්න ය. එහි දී දීප්ති කුමාර ගුණරත්නට ප්‍රතිචාරයක් දක්වන ලද්දේ ඔහු කරමින් සිටින දේශපාලන දාර්ශනික විචාරයේ අවුල සහ විකාර සහගත බව හෙළිදරව් කිරීම අවශ්‍ය වූ නිසාත් මාගේ නම සම්බන්ධ කරමින් විවිධ අවස්ථාවල දී 3mana වෙබ් අඩවියේ සහ තවත් තැන්වල මතු කළ විවේචන, අවලාද, මඩ ගැසීම්ල බොරු සහ නොමග යැවීම්වලට පිළිතුරු දීම අවශ්‍ය වූ නිසාත් ය.

(දීප්ති කුමාර ගුණරත්න සම්බන්ධයෙන් මා ලියූ දෙය මෙසේ සංක්‍ෂිප්ත කළ හැකි ය.)

 

@Saman Pushpakumara Fb